Tuesday, August 14, 2012

132 සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.

මට සෙට් වුන අපූරු ජොබ් කිහිපයක්!
ඔබටත් මෙවැනි ජොබ් හමුවී තිබුනා වන්නට පුළුවන් තවත් සමහරක් දැනටමත් එම රැකියාවන් හි නියැලෙනවා වෙන්නටත් හැක!

මම තාම ජොබ්ලස් කොලුවනේ ඒ කිව්වේ විරැකියාවෙන් පෙලෙන්නෙක් අපේ අම්මා නම් කියන්නේ මේ ජොබ් කරලා පහළොස් දාහක් විසි දාහක් හොයලා කවදාවත් ඉතිරියක්‌ නම් කරන්න වෙන්නේ නැහැ කියලා.මගේ ජීවිතේ ගැන හැම තීරණයක්ම ගන්නේ අම්මා නිසා එහෙනම් ඕන මඟුලක් කොරගන්ට කියලා මම මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා.

අම්මාගේ ට්‍රයි එක නම්
කොහොම හරි මාව රට පටවන්න එකත් ටිකක් පොෂ් රටක් තමා හොයන්නේ.මැද පෙරදිග යවන්න කැමතිත් නැහැ ඒත් මම නම් අර ගිලෙන්න යන එකා තුත්තිරි ගැහෙ හරි එල්ලෙන්න හදනවා වගේ ඕන මොකක්ද එකක් ප්‍රීති වෙසක් වගේ මොන රටක් හරි කමක් නැහැ යන්න තියෙනවා නම් හොඳයි කියලා තමා හිතන් ඉන්නේ.

ඒත් මගේ යටි හිතේ කැමැත්ත නම් මේ රටේම රස්සාවක් කරගෙන ඉරිදට නිවාඩුවක් අරගෙන අනිත් දවස් වල බස් වල කෝච්චිවල එල්ලිලා වැඩට ගිහින් මාසේ අන්තිමට කීයක්‌ හරි මගේම කියලා සල්ලියක් අතට අරගෙන බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න.ඒත් මම මටවත් අයිති නැති නිසා ඔන්න ඔහේ ඕන මොකක්ද එකක් කියලා දුකසේ සිනාසිලා පිස්සෙක් සේ ඉන්නවා.

ඒත් මම පහුගිය දවස් වල ජොබ් කට්ටක් හොයන්නත් පොඩි ට්‍රයි එකක් දුන්නා,යාළුවො කිහිප දෙනෙක්ටත් කිව්වා එච්චර අමාරු නැති හොඳ පඩියක් හම්බෙන ජොබ් එකක් හොයලා දෙන්න කියලා.ඔන්‍න‍ ඔහොම කියලා තියෙද්දී මට යාලුවෙක් දවසක් කිව්වා හන්දියේ සෝමදාස මාමලාගේ හෝටලේ ජොබ් කට්ටක් තියෙනවා පොඩ්ඩක් බලපන් කියලා.දැන් ඔයාලා හිතයි වේටර් ජොබ් එකට වෙන්ටෑ කියලා.අපෝ නැහැ මම යයි වේටර් වැඩේ කොරන්ට.යාළුවා කිව්වේ නම් වෙන හොඳ ජොබ් එකක් කියලා.

ඉතින් මම පහුවෙනිදම ගියා සෝමදාස මාමලාගේ හෝටලේට.මම යද්දී සෝමේ මාමා හෝටලේ බරටම වැඩ කැෂියර් කූඩුවේ ඉඳගෙන.

මාමේ මට සංජීව කිව්වා මාමලාගේ කඩේ ජොබ් එකක් තියෙනවා කියලා?.

ආහ් ඔව් පුතේ ඔය එළියේ පැත්තේ කුස්සිය පැත්තට ගිහින් ඉදපන්කෝ මම ටක් ගාලා එන්නම්!.

මම ඉතින් සෝමේ මාමා කිව්ව විදියට එලිය පැත්තෙන් ගියා හෝටලේ කුස්සිය පැත්තට.යද්දී ඇතුලේ ඩබලක් උයනවා දාඩිය පෙරාගෙන.මම ඉතින් ඇතුලට නොයා එලියට වෙලා හිටියා.ඔහොම ඉද්දි මම දැක්කා පොඩි වැලි ගොඩක් තියෙනවා මම ඉතින් ඕක උඩින් පෝර උර කෑල්ලක් දාලා වාඩිවෙලා හිටියා සෝමේ මාමා එනකන්.ඔන්‍න‍ ටික වෙලාවකින් සෝමේ මාමා එනවා.

ළමයෝ ළමයා මීට කලින් කොහේ හරි වැඩ කොරලා තියෙනවද?

අපෝ නැහැ මාමේ අපේ අම්මා මට යන්න දුන්නේ නැහැනේ.

හරි මේ ළමයට වැඩේ දෙන්න නම් පුළුවන් හැබැයි හරියට කොරන්න ඕන.

හා මාමේ මොකක්ද ජොබ් එක?

හාල් ගරන්ඩ!

ආච්චිටද? කියලා අහන්න හිතුනත් මම ඇහුවේ නැහැ.
හාල් ගරන්ඩ?

ඔව් ළමයෝ කලින් වැඩ කරපු එකා ගියානේ ගමේ ඒක නිසා දැන් හෝටලේ හාල් ගරන්න එකෙක් නැහැ.

ඈ මාමේ මාමගේ හෝටලේ හාල් වල එච්චර ගල් තියෙනවා ද?

ඔව් කොලුවෝ මම හෝටලේට හාල් ගේන්නේ අපේ මලයාගේ ගමෙන් නේ.කිලෝ එක 45යි හැබැයි හරියට ගල්.උඹ ඔය ඉඳං ඉන්නෙත් ගිය මාසේට එකතු වුන ගල්,වැලි ගොඩේ!

එදා වැඩට එන්නම් කියලා ආවත් මම නම් ආයේ ගියේ නැහැ.

පස්සේ මට සෙට් වුනා ආප්ප දාන යසෝ නැන්දා ගාව ජොබ් එකක් ඒකෙ කරන්න තිබ්බේ ආප්ප වලට හිල් විදින එක.යසෝ නැන්දා දාන ආප්ප වල හිල් නැහැ ඉතින් ඒ ආප්ප වලට හිල් විදින්න තමා අපිට තියෙන්නේ ඒත් මම ඒකට ගියෙත් නැහැ පඩි අඩු නිසා.

ඔය හිල් සීන් එකයි පඩි මදි කතාවයි මම අඳුරන අයියා කෙනෙක්ට කිව්වම ඌ කිව්වා "මල්ලි පඩි අඩු එකනේ කේස් එක?මම උඹට පඩි වැඩි ජොබක් සෙට් කරලා දෙන්නම් මැලිබන් එකේ" කියලා

මැලිබන් එකේ නම් ඉතින් අවුලක් නැහැනේ? මම ඉතින් ඉහවහා ගිය සන්තෝෂයෙන් ඇහුවා මොකක්ද අයියේ කරන්න තියෙන්නේ කියලා.

ඌ කිව්වා මාරි බිස්කට් වලට හිල් විදින්න කියලා.

මම ඒකට ගියෙත් නැහැ සහෝදර සහෝදරියනි.ඒ ඇයි දන්නවද ඕවාට හිල් විදින්න ගිහින් අතේ ඇනුනොත් එහෙම අතත් හිල් වෙයි.පව් මගේ අත ඔච්චරණේ මට තියෙන්නෙත්.

බලන බලන එක ජොබක් වත් හරියන්නේ නැති කොට මම ආයේ පාඩුවේ ගෙදරට වෙලා හිටියා ඔන්න එතකොට කතරගම නැවතිලා වැඩ කරන එකෙක් නිවාඩුවට ගෙදර ඇවිත්.මමත් ගියා උන්ගේ ගෙවල් පැත්තේ.

ආහ් මචන් කොහොමද

හොඳයි බං උඹ කවද්ද යන්නේ?

දවස් තුනකින් විතර යනවා බං එහෙ හරියට වැඩ මම මේ බලෙන් වගේ නිවාඩුවක් අරන් ආවේ.

මේ ඒක නෙවේ මටත් සෙට් කරපංකෝ උඹ ජොබ් කරන තැනම ජොබ් එකක්.

අයියෝ සුළු දෙයක් බං දෙන්නම්කො උඹටත් මම වැඩ කරන තැනම ජොබ් එකක්.

අන්න එතකො‍ට මට ටිකක් සතුටු හිතුනා කතරගම වුනත් යාලුවෙක් වැඩ කරන තැනමනේ.ප්‍රශ්නයක් වුනොත් මූත් ඉන්නවනේ.

අනේ ගොඩක් පින් බං මොකක්ද බං ජොබ් එක?

කතරගම වඳුරන්ට ජංගි මහන එක බං.

නෑහ්හ්හ්?

ඔව් බං වරෙන් යන්න අනිද්දට මා එක්කම

හාකෝ හාකෝ
කියලා මම එතනින් ආවට අනිද්දා ගියේ නැහැ හරිද?.

ඊට පස්සේ මට අපේ මාමා කෝල් කරලා කිව්වා තැපැල් කන්තෝරුවේ ජොබ් එකක් තියෙනවා කියලා.මාමා කියන්නේ මොනා වුනත් හොඳ එකා,කලින් උන් වගේ සාටර් ජොබ් නැතුව හොඳ ජොබ් එකක් මේ යකා සෙට් කරයි කියලා මම දන්නවා.

පහුවදාම මම ගියා මාමලාගේ ගෙදර

මොකක්ද මාමේ අර කිව්ව ජොබ් එක?

මෙහෙමයි පුතේ තැපැල් කන්තෝරුවේ ජොබ් එක තියෙන්නේ.දිගටම අල්ලන් ඉඳපන් කවදාහරි පෙන්ෂන් එකත් ගත්තැකිනේ?.

හරි මාමේ මොකක්ද ඉතින් කරන්න තියෙන්නේ?

කරන්න තියෙන්නේ හිටන් ඉන්න එක?

හෑ? අපෝ ලේසිනේ!

ඔව් ලේසියි හැබැයි කෙළ නැත්තම් ගෙදර එවනවා!

මොකා? කෙළ?

ඔව් උඹට තියෙන්නේ දිව දික් කරන් තැපැල් කන්තෝරුව ඉස්සරහා හිටන් ඉන්න.ලියුම් දාන්න එන එවුන් මුද්දර උඹේ දිවේ ගාලා ලියුම් කවරේ අලොගනියි.හැබැයි උඹේ කටේ කෙළ හිඳුනොත් එහෙම ජොබ ඉවරයි.

අනේ මේ මාමේ උඹේ !!@#$$%   @$%^ #$%% ඉදිං මම යනවා යන්න.




132 comments:

  1. ලොක්කා අළුත් ඇදුමක් ඇදලා තියෙන්නේ.. එල ආහ්!

    පට්ට ජොබ සෙට් එක.. ඉස්සර නං මම ටිකිරි මාරි වල හිල් විදින්න යන්නමයි හිටියේ. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාරි නැති වුනාට උඹ තාමත් හිල් විදින්න ට්‍රයි කරනවා කියලා එදා කිව්වේ? :)

      Delete
    2. තාම බැරිවුනාලු...

      Delete
    3. හිලක් විදගන්නද?

      Delete
    4. නම වෙඩික්කාරය උනාට මූ තාම තුවක්කුව පාවිච්චි කොරල නෑ එතකොට! ;D

      Delete
  2. මමත් ඔය එහෙ මෙහෙ ඉන්නකොට ඔයවගේම ජල්තර ජොබ් වලට අහුවෙලා තියනවා. මැලිබන් බිස්කට් වල හිල් විදින සීන් එකටත් අහුවෙලා තියනවා. තැපැල් කන්තෝරුවේ හිටන් ඉන්න එකටත් අහු වෙලා තියනවා. තව එකක් තියනවා එලිෆන්ට් හවුස් එකේ ! එකේ පොස්ට් ඒක නම් කියන්න මොකක්ද මොකක්ද වගේ බං !! අඩේ උඹ සිරි ලංකාවෙන් සමුගන්නවද මඩියෝ ?

    ReplyDelete
    Replies
    1. එලිෆන්ට් හවුස් සීන් එක මොකක්ද බං?
      ලංකාවෙන් සමුගන්න එක ගැන නම් කියන්න දන්නේ නැහැ බං දෛවය අනුව තමා හැමදේම.

      Delete
    2. අලියො නෑවීම

      Delete
  3. අර යසෝ නැන්දගෙ ජොබ නරක නැද්ද??????
    ආප්ප දානකං බලං ඉදලා ෂේප් එකේ එකක් දෙකක් කන්නත් පුළුවංනේ..

    ReplyDelete
  4. මටත් බැරිද මච ඔය වගේ ජොබ් එකක් සෙට් කරලා දෙන්න. උබට බැරි උනාට මට පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන් බං කතරගම එක සෙට් කරලා දෙන්නද?

      Delete
  5. shoi job tika nishan ayya....... :)

    ReplyDelete
    Replies
    1. ෂෝයි තමා හැබැයි මට සෙට් වෙන්නේ නැහැ ඕනනම් ඔයාට සෙට් කරලා දෙන්නද?

      Delete
    2. apo matanam owa hari yanne ne......anika api tama scle yana lamai.......

      Delete
    3. ස්කූල් ගියාට කමක් නැහැ පාට් ටයිම් කරන්න පුළුවන්නේ

      Delete
    4. ethakota homework karanne oyada???

      Delete
    5. හා මං කරලා දෙන්නම් හැබැයි පඩි ගෙවන්න ඕන.මේ ඔයා කීය වසරේද ඉන්නේ?

      Delete
    6. ita wada hodai a tika mama ma karaganna eka. :) mamada?mama inne................................12 wasare.

      Delete
    7. ඈ 12 වසරේද? ම හිතුවේ 7 වසරේ වෙන්න ඇති කියලා :)

      Delete
    8. ah......mama echchara chutiy wageda penne?(mama itin 12 wasare unata tama chutiy tama.)

      Delete
    9. අපොයි ඔව් 12 වසරේ ඉන්න ගෑනු ළමයි කොහොමත් හදන්නේ තමන් පොඩියි කියලා පෙන්වන්න තමා :D

      Delete
  6. හා හා.මේ දවස් වල කැම්පස් ළමයිනුත් ඕවා තමා කර කර ඉන්නේ.
    අපරාදේ ඔයාට යන්න නේ තිබුනේ ;)

    ReplyDelete
    Replies
    1. මාත් හිතුනොත් යනවා ඔයත් එනවද? :)

      Delete
  7. දෙක හොඳයි නේ.. ආප්ප වල හිල් විදින්න.
    ඔහේටත් මර ජොබක් තමා සෙට් වෙන්නේ... හික්ස්
    බැලුවේ නැද්ද රැකියා විරහිත උපාධි සංගමේ පියන් වැඩක් එහෙම..?

    ReplyDelete
    Replies
    1. හිල් විදින්න හරි ආසයි වගේ :)
      පියන් ජොබ් එක බැලුවා එකේ පඩි නැහැ සෙල්ෆ් සර්විස් :D

      Delete
  8. අලුත් තීම් එක මාරු ,
    මගේ ලගත් ජොබ් එකක් තියෙනවා එනවද ?

    ReplyDelete
    Replies
    1. තීම් එක අගය කලාට බෙහෙවින් ස්තුතියි. :)
      මොකක්ද ජොබ් එක? :D

      Delete
    2. වැටෙන් ඊතල අහුලන්ඩ වෙන්න ඇති... :-)

      Delete
    3. කීයක්‌ දෙනවද? :)

      Delete
    4. // වැටෙන ඊතල අහුලන්ඩ වෙන්න ඇති. //

      මළා. මම හිතුවෙ වෙන එකක් කියල. :D

      Delete
  9. ගොබ්බසේන8/14/12, 10:45 PM

    උඹ ඕවා කිය කිය අනුන්ට හිනා වෙවී හිටපන්කෝ.කළ හොද පස්සෙන් ඵනව කියල අහල නැද්ද?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු හිය ගොබ්බසේන
      කව්ද බං හිනා වුනේ? මට අඩන්න වෙලා තියෙන්නේ දැන්

      Delete
  10. මරු ජොබ් ටික නේ !
    ඒක නෙමේ මලයා. එතකොට බොලා හිතන් ඉන්නේ රට යන්ඩ දෑ.. එහෙනම් අර කිව්වත් වගේ පොෂ් රටකට යන්ඩ.. මැද පෙරදිග එහෙම යන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. ලබා උපන් හැටියට නොවෑ අයියේ බබා වැනෙන්නේ? බලමුකෝ ඉස්සරහට වෙන දේවල් මමවත් දන්නේ නැහැ

      Delete
  11. හිල් විදින්ඩ තියනවනම් අතක් ගැන හිත හිත ඉන්නෙ ? පලයන්...

    මේකෙ තියන හැටියටනම් උඹ කවදාවත් රස්සාවක් කරන එකෙක් නෙමේ කියලා තමා මට හිතුනෙ..

    රට යන්නම් වාලෙ යන්ඩ එපා බන්.. එතකොට තමා දෙලොවටම නැතුව ආත භූත වෙන්නෙ.. ඉස්සෙල්ලම, එක්කො ඔහෙ මොකක් හරි රස්සාවක් කරලා පළපුරුද්දක් අරගන ඒ ඔස්සෙ යන්න බලපන්.. නැත්තම් මොනවා හරි ඉගනගන ඒ පැත්තෙන් යන්න බලපන්..( cඋදා : හෝටල් කෝස්.. ) උඹ ස්පොර්ට් මීට පොර හින්දා තව වැඩක් පුලුවන්.. සිනෙක් එකේ කෝස් එකක් කරලා නැවකට සෙට් වෙන්ඩ බලපන්.. හැබයි ටිකක් සල්ලි ඕනා..

    ReplyDelete
    Replies
    1. හිල් වගේද මෙච්චර දවසක් තිබ්බ අත :)

      මට රස්සාවක් කරන්න පුළුවන් ඒත් නිදහසේ තීරණයක් ගන්න බැරි එකයි සහෝ අවුල.මම ඇත්තටම රට යන එකට වඩා කැමති මෙහෙ ජොබ් එකක් කරන්න.අනික සිනෙක් වගේ කෝස් කරන්න අපිට සල්ලි නැහැ සහෝ.

      Delete
    2. මොන මගුලක්ද බන්.. නිදහසේ තීරණයක් ගන්ඩ විදිහක් නැද්ද උඹට ? මම දන්න මගෙ යාලුවෙකුත් හිටියා ඔය වගේ අම්මගෙ දඬු අඩුවට අහු වෙලා...

      Delete
  12. විහිළුවක් වගේ උනාට ඕක විහිළුවක් නෙවි බං. මටත් ඕන ජොබ් එකකට වඩා නිදහසේ ඉන්න. ඒ නිසා මම හුඟක් අවස්ථාවන් අතෑරියා ගෙදරින් කුණු බැනුම් අහගෙන. දැන් මම සුළුවෙන් ගානක් අතට අරන්, මට ඕන තැනක හිතුනු වෙලාවක යනව, කනව-බොනව, නානව, නිදාගන්නව, වැඩිය සෙනඟ ඉන්න තැන්වල මහන්සිවෙන්නෙත් නෑ පොතක්, පත්තරයක්, බ්ලොග් එකක් කියවගෙන ජොලියෙ ඉන්නව. හොඳයි කියල සම්මත ජොබ් කරන්න දැඟලුවනම් මමත් කිසිම නිදහසක් නැතුව ආතතියෙන් පෙලෙමින් ඉන්නව. ඒ නිසා මචං ජොබ් එකක් තෝරගනිද්දි තමන්ට කැමැත්තෙන් කරන්න පුළුවන්, අනිත් අය කියන නිසා නැතිව තමන්ට හොඳයි කියල හිතෙන එකක් තෝර ගනිං. මුදල්වලට වඩා වැදගත් දේවල් ලෝකෙ තියෙනව.

    ReplyDelete
    Replies
    1. අමතක වුනා. අළුත් ඇඳුම ලස්සනයි. ඇහැට පහසුයි වගේ.

      Delete
    2. හ්ම්ම් ඇත්ත අයියා ඔයාගේ කතාව මාත් ආස සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඒත් මේ ලෝකේ හරිම කුරිරුයි.මම කිසිම බවයක ආයේ මේ වගේ ලෝකයක කාලකන්නියෙක් වෙලා උපදින්න නම් පතන්නේ නැහැ.

      ස්තුතියි ඇදුම ගැන කිව්වට ඇත්තටම ඇහැට පහසුයි.

      Delete
    3. එහෙම හිතන්න එපා මචං. මට තේරුම් ගන්න පුළුවන් උඹ ඉන්න මානසිකත්වෙ. ඒ වුනාට හැමදේම ඉක්මනින් හරියාවි. එතකන් සුභවාදීව හිතපන්. උඹට ජය !

      Delete
    4. DDT ගෙ කමෙන්ට් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ. ඇත්ත කතාව. අපි ඉතිරිකරපු දේකුත් නෑ, නමුත් ආතතිය කියන එකේ සීමාවක් නෑ. හිතේ සතුටකුත් නෑ. බැඳගත්ත බෙරේ ගහනවා.

      නිශාන්ට ඉක්මනින්ම මොකක් හරි සෙට් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙදර ඉන්න එකම දරුවා නිශාන්ද? එහෙම ඇහුවෙත් අම්මත් අසනීපෙන් ඉන්න නිසා නිශාන් ඈතක ගියොත් කොහොමද කියලා.

      ඔය Senna කියන එකෙත් ගත යුත්තක් තියෙනවා. අම්මටත් පොඩ්ඩක් කතා කලානම් හරි ටිකෙන් ටික හරි විදියට. මොකද අම්මගෙ තියෙන්නෙ උඹ ගැන අසීමිත ආදරයක්. ඕක පස්සෙ උම බැන්ද දවසක පොඩි කොස්සක් වෙන්න බැරි නෑ. දැම්ම ඉඳන්ම කරුණු වටහලා දුන්නා නම් හරි නිශාන්.

      අර ලිස්ට් එකට තව ජොබ් එකක් කියන්න හිටියෙ, සත්තු වත්තෙ වඳුරන්ගෙ මැක්කො කඩන ජොබ් එකක් ගැන. ඒ විහිලුවට.

      සිරාවටම ඔය DDT යා කියලා තියෙන දේ ගැන තව පාරක් හිතපං නිශාන්.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. සුභ වාදීව හිතාගෙන තමා මෙහෙමවත් ඉන්නේ.මේ අවුරුද්දේ අන්තිමට ලෝකේ විනාශේත් එනවනේ ඒක ආවොත් මරේ මරු :)

      Delete
    6. ගෙ කොමෙන්ටුව 100 කට එහා අගයකින් එකඟයි... ජොබ් එක ලොකු වෙන්න ලොකෙ=උ වෙන්න පඩිය වැඩි වෙන්න වැඩි වෙන්න වගකීම් වැඩියි.. පෞද්ගලික ජීවිතයක් කියල දෙයක් නැති වෙනවා.. ඒ හින්දා ජීවත් වෙන්න පුළුවන් තරමට පඩියක් ගන්න පුලුවන් ( 2500 ක විතර ) ජොබක් කරගෙන පාඩුවෙ ඉන්න තියෙනවනම් හොන්දයි,.... හැබැයි ඔය කියන විදියට ජීවත් වෙන්න හිතන එකෙකුට විවාහය කියන්නේ අකැප දෙයක්

      Delete
    7. // හැබැයි ඔය කියන විදියට ජීවත් වෙන්න හිතන එකෙකුට විවාහය කියන්නේ අකැප දෙයක් //

      :D

      උඹ කොහොමද හරියටම හිතුවෙ. ඇත්ත මචං, මම හම්බකරන ගානෙන් මට බොහොම සනීපෙට සැප පහසුවට ජීවත් වෙන්න පුළුවන්. ඒත් මම විවාහයක් කරගත්තොත් දුකසේ ජීවත් වෙන්න පුළුවන්. දෙන්න තුන්දෙනා වුනොත් ඉතිං හොම්බෙන් තමා යන්න වෙන්නෙ. මගේ කම්මැලිකම නිසා තව දෙතුන් දෙනෙක් දුක් විඳින්නෙ මොකටද? ඒ නිසා දැනට නම් මගේ අදහස ඔන්න ඔහේ ඉතුරු ටික කාලෙත් මේ හිටිය වගේ ඉන්නව කියල. කොහොමටත් මට බොස්ලත් එක්ක වැඩ කරන්න අමාරුයි. කොයි වෙලාවක හරි හොම්බට හැටක් අනින්න හිතෙනව. ඒ නිසා කොහොමත් මට ජොබ් කිරිල්ල හරියන්නෙ නෑ. අනෙක මට බිස්නස් වුනත් ගැලපෙන්නෙ නෑ. ව්‍යාපාරයක් ගොඩදාගන්න තරම් කැපකිරීමක් කරන්න මට හිතෙන්නෙ නෑ. අවුලක් නෑ, මම ඉස්සර ඉඳලම හිතන්නෙ ඔය වගේ විකාර විදියට. ඒක මගේ ක්‍රමේ. හැබැයි නිශාන්ට නම් මම එහෙම කියන්නෙ නෑ, මම ඌට කිව්වෙ අකමැත්තෙන් කවුරුත් හොයල දෙන රැකියාවක් අතෘප්තියෙන් කරනවට වඩා තමන් කැමති ක්‍ෂේත්‍රයක කැමති ජොබ් එකක් කරන එක හොඳයි කියල.

      Delete
    8. මටත් ලොකු බලාපොරොත්තු නම් මට නිදහසේ ඉන්නයි ඕන.බිස්නස් ගැන නම් ලොකු අකමැත්තක් තියෙන්නේ DDT අයියට වගේ මටත් ඕවාට කැප වෙන්න බැහැ.

      Delete
  13. මම නම් කැමති මැලිබන් එකේ වැඩේට..මොනා වුනාත් නම හරි තියෙනවා නේ..හික්ස්..

    ReplyDelete
    Replies
    1. නම වගේද අතේ කටුව ඇනුනොත් :D

      Delete
  14. ජොබක් කියන්නෙත් .... තිබිලත් බෑ නොතිබිලත් බෑ

    ReplyDelete
    Replies
    1. නොතිබිලා නම් කොහොමත් බැහැ

      Delete
  15. හී..මමත් මේ ටිකේ ඔය වගේ එව්වා තමා කොරන්නේ ඈ!

    ReplyDelete
    Replies
    1. වඳුරන්ට ජන්ගිත් මහනවද බං? :D

      Delete
  16. ඇයි විද්‍ය්‍රත් නාලිකාවල විකාශ නිමාව වුනාට පස්සේ ‘සූ..සූ...‘ ගාන ජොබක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹ කරන්නෙත් ඒකද? :)

      Delete
  17. උඹට මම බේකරියක ජොබක් සෙට් කරන්නද ?අමාරු නෑ

    කිඹුලා බනිස් වලට සීනි ඉහින්න තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. ඉහිනවට වඩා බාගයක් මගේ කටේ තියෙයි :)

      Delete
  18. හෙහ්... මැලිබන් එක නෙමයි.. මන්චි එක තියෙන්නේ අපේ ගෙවල් ලගම.. එකේ මාරි වල හිල් විදින්න සෙට් කරලා දෙන්නද?

    මිඩිස්ස වෙනස් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මැලිබන් වුනත් මන්චි වුනත් දෙකේම හිල්නේ විදින්න තියෙන්නේ :)

      මිඩිස්ස නෙවේ මඩිස්ස :)

      Delete
  19. මම නම් ඇත්තටම කැමති පරණ තීම් එකට නිශාන්.ඒකෙ හොඳ පිළිවෙලක්,පෙනුමක් තියනවා.,මේකත් හොඳයි හ්ම්ම් :) පෝසට් එකට නම් ඔන්න හිනා ගියා..:)

    ReplyDelete
    Replies
    1. එකේ අලුතෙන් කෝඩ් දාද්දි පරණ කෝඩ් හයිඩ් වෙනවා.ඒත් ඔයාට ඕන නම් ඒක ආයේ දාන්නම්!

      Delete
  20. මලා මේ මෙන්න මෙහෙ එන්න .. ජොබ් තියනවා... ඇඹිලිපිටියේ.. මඩියා වැඩි පෙනුමක් නැති එකේ පුණ්‍ය වන්ත කටයුත්තක් වන මල් බිස්නස් එකටවත් හවුල් කරන්න කියලා ;)

    ReplyDelete
    Replies
    1. මගේ පෙනුමක් නැද්ද බං? :(
      මට බැහැ උඹ වගේ ගංජා මුදලාලි කෙනෙක් වෙන්න

      Delete
  21. මේක ඇත්තට වුනාද? හිනා යන කතාව :D

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත සැටිෆිකෙට් ට්රූ

      Delete
  22. //පස්සේ මට සෙට් වුනා ආප්ප දාන යසෝ නැන්දා ගාව ජොබ් එකක් ඒකෙ කරන්න තිබ්බේ ආප්ප වලට හිල් විදින එක.යසෝ නැන්දා දාන ආප්ප වල හිල් නැහැ //

    මොකටද බං අප්ප වලට හිල්..?

    ReplyDelete
    Replies
    1. නැත්තම් ඒවා රොටි වගේනේ බොල

      Delete
  23. මටත් හෙන ආසයි ඔය හිල් විදින ජොබක් කරන්න , අම්මපා කරන ‍ජොබ් එක දාලා දුවගෙන එනව එහෙම එකන් සෙට් උනොත්

    අළුත් ඇදුම පිලිඹද බලවත් සන්තෝශය .... ඇහැට පහසුයි !

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි දෙන්නම යමු හිල් විදින ජොබ් එකකට :d

      ඇඳුම ගැන සටහන් කරාට තුති මචන්

      Delete
  24. මන්චි එකේ ජොබක් තියෙනව සෙට් කරල දෙන්නද?... මන්චි නයිස් එකේ වටේ දැති කපන්න තියෙන්නෙ... එහෙම නැත්තන් කිස්ට් එකේ තියෙනව අඹ ගස් වලට පොලු ගහන්න ජොබ් එකක්....


    /* අමාරු නැති හොඳ පඩියක් හම්බෙන ජොබ් එකක් */ උඹට ඕන ඔහොම එකක් නම් දේශපාලනේ කරපන්...

    ReplyDelete
    Replies
    1. අඹ ගස් වලට පොලු ගහලා ගුටි කාලා තියෙන නිසා ආයේ නම් ඒවගේ එකක් බැහැ.

      කිව්වත් වගේ දේශපාලනේ ගැන හිතලා බලන්න ඕන,එහෙම වුනොත් සපෝට් එකක් දෙන්න එනවනේ? :)

      Delete
  25. පට්ට ජොබ් ටික මටත් බැරිද දන්නේ නැහැ. මාරි බිස්කට් වල හිල් ගහන්න යන්න හැබැයි මැලිබන් එක බංකොලොත් උනොත් මම වගකියන්නේ නැහැ ඕන්

    ReplyDelete
    Replies
    1. හිල් විදිල්ල එච්චරටම දරුණුද? :D

      Delete
    2. නැහැ මාරි කාල මොකද මම හිල්විදිනවට වැඩිය මාරි කාවි ලොල්

      Delete
    3. :D බලන් ගියාම මම වගේම මාරි පෙරේතයෙක්නේ

      Delete
    4. මාරි දෙනවනම් පොඩ්ඩෝ ඕනේ දෙයක් කරයි නැද්ද මලේ? මම නම් ගොඩක් ආසයි මළගෙවල් වල නයිට් ගහන්න යන්න වැඩි වැඩියෙන් මාරි කන්න. කන්නෝ දිනන්නෝ ලොල්

      Delete
  26. පට්ට ජොබ් ටික.. තව එකක් ලගදි සෙට් උනා එක සෙට් කරල දෙන්නද? හැබැයි රෑ වැඩ.. ගුවන්විදුලි සංස්තාවෙ රැට විකශය ඉවර උන තැන ඉදන් උදේ වෙනකම් "ටීටීටී" ගාගෙන ඉන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඩ එකෙක් සෙට් කරලා දෙන්න හැදුව ටීවී නාලිකා වල රෑට ස්ස්ස්ස්ස්ස්ස් ගගා ඉන තියෙන ජොබ් එකක් :D

      Delete
  27. ඇත්තටම නිශාන් තාම ජොබක් නැද්ද ? ඔයා ඔච්චර ඉන්ටනෙට් එකේ ඉන්න එකේ සීවී ටිකක් දාල බලන්නකො ඔයා ආස ඒවට, හරි හමන් එකක් ලැබුණොත් අම්ම උනත් රට යවන අදහස වෙනස් කර ගනීවිනෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයාට බැරිද එකක් හොයලා දෙන්න? හැබැයි ගොඩක් අධ්‍යාපන සුදුසු කම් නම් නැහැ

      Delete
  28. මාර ජොබ් ටිකක් නේ සෙට් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  29. උළුදු වඩේ වල මැද හිල් ගහන ජොබක් තියෙනවා ඕනද?

    ReplyDelete
    Replies
    1. හිල් කොහොමද බං ගහන්නේ? ඇගිල්ලෙන්ද හාරන්න තියෙන්නේ? :D

      Delete
  30. මොනා වුනත් උඹ මාමට බැනලා තියෙන විදිය නම් කැතයි... බලපං එතෙන කුණුහරුපම කීයක්ද කියලා... :D

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ මාමාට මාමලා වදින ගාථාව කියන්න කියලද :D

      Delete
  31. උබට හරියන ජොබක් තියනවා කෙත්තාරාමේ ග්‍රවුන්ඩ් එකේ...

    වැවෙන තණකොළ කන්න විතරයි තියෙන්නේ.... වර්ග මීටර් ගානට ගෙවනවා

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      "වැවෙන තණකොළ කන්න විතරයි තියෙන්නේ.... වර්ග මීටර් ගානට ගෙවනවා"

      :D

      Delete
    2. @මී
      හරි හරි උඹ මාව හරකට සමාන කරානේ :(

      Delete
  32. තව ජොබක් නම් තියෙනවා. මරදාන කෝච්චි යාඩ් එකේ රෝද වලට හුලං ගහන්න. රෝද ගානටයි ගෙවන්නේ. සෑහෙන ගානක් හොයන්න පුළුවන්. එක කෝච්චියකම රෝද කීයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. :) අන්න ඒක නම් නියමයි වගේ
      මම ඒකට කැමතියි පුලුවන්ද සෙට් කරලා දෙන්න.

      Delete
    2. මං කිව්වා කියලා ගිහින් යාඩ් එකේ ලොකුම ලොකු මහත්තයා හම්බ වෙලා අහන්න. ටක් ගාලා සෙට් කොරලා දෙයි. මං කියලා තියෙන්නේ මගෙ යාළුවෙක් එනවා කියලා...

      Delete
    3. හෙටම යනවා ලොකු උදව්වක් කරේ බොහොම පින්.
      ප්‍රදීප් සහෝත් එතනද වැඩ? :)

      Delete
    4. කාලයක් කොලා... පස්සෙ ලෙඩේ වැඩි වෙලා අංගොඩට මාරු කලා නෙව...

      Delete
    5. ඔහ් කාලයක් යද්දී පිස්සු හැදෙනවද?
      දැන් හොදද? ඔය කොමන්ට් කරෙත් එහෙ ඉඳන්ද?
      මටත් හැදෙයිද දන්නේ නැහැ ඕකේ වැඩ කරලා?
      :D

      Delete
    6. //ඔය කොමන්ට් කරෙත් එහෙ ඉඳන්ද?// නැත්තං. දැන් නං හොදයි. යන හැමෝටම හැදෙන්නෙ නෑ. විස්තර දැනගන්න අපේ පැත්තෙ ඇවිත් යන්නකෝ.

      Delete
    7. :) හා හා වෙලාවක මම එන්නම්කෝ බලලා යන්ට.

      Delete
  33. මරු ජොබ් ටික මචං.මේ කියෙව්වම මට සෙට් උන ජොබ් එකක් මතක් උනා.මං එක ගැන පොස්ට් එකක් දැම්මා :)

    ReplyDelete
    Replies
    1. මම කියෙව්වා ඒක
      ඒකත් පට්ට ජොබ් එක බං :D

      Delete
  34. අපේ පැත්තෙ ළහිරු බේකරියෙ මාලු පාන් වලට කෙළවල්ලො මාලු කපන ආතල් ජොබක් තියෙනවා සැට් කරලා දෙන්නද ?

    ReplyDelete
    Replies
    1. :D සිරාත් එකේද වැඩ?

      Delete
  35. ඈ බං මඩියො...ඔය යසෝ නැන්ද ආප්ප දාන්නෙ තනියෙන්ද....නෑ මම මේ නිකමට ඇහුවෙ...ආප්පයක් කන්න ඒ පැත්තෙ එන්න හිතාගෙන...

    ReplyDelete
    Replies
    1. තනියෙන් නෙවේ බං ඇන්ටිගේ පොඩි දුවත් එක්ක :D
      ආප්ප කනවා නම් වරෙන් මම සෙට් කොරලා දෙන්නම්

      Delete
  36. අඩේ උඹ පික්සු කොල්ලෙක් නේ ;ඩ්
    අඩෝ මම කලින් බ්ලොග් එක තිබ්බ විදියට කැමතියි බං :/

    ReplyDelete
    Replies
    1. කලින් තිබ්බ විදියට මාත් කැමතියි බන් ඒත් ටෙම්ප්ලේට් එකේ පොඩි අවුලක් නිසා මාරු කරන්න වුනේ.

      Delete
  37. අමුතුම ආරකට ලියන බ්ලොග් සටහන් :-)

    මේක යුනීක් ස්ටයිල් එකක්

    කොහොමත් දැන් දිගටම එනව කියවන්න - බලමු තව ඉස්සරහට

    - ජය -

    ReplyDelete
    Replies
    1. ලියන ආරේ ගැන සටහන් කිරීමට මම ඉතා ස්තුති වන්ත වෙනවා.

      අර කිව්ව ස්ටයිල් එක ගැන නම් පැහැදීමක් නැහැ?.

      ඔබගේ පැමිණීම මට සතුටක් දිගටම මේ පැත්තේ එන්න මහත්මයා :)

      Delete
  38. මට නම් මේ ටෙම්ප්ලේට් එක ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කැමතියි මේ ටෙම්ප්ලේට් එකට.ඒ වගේම තව කට්ටියක් පරණ එකටත් කැමතියි.කොහොම වුනත් දිගටම මේකම තියන්න තමා මගේ බලාපොරොත්තුව :)

      Delete
  39. ඕන ජොබ් එකක කට්ටක් තියෙනවා විවිදාකාර.
    අලුත් ඇදුම ගොඩක් කල එලියයි වගේ..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කට්ටක් නැතුව ජොබ් කරන්න බැහැ.
      එහෙම කරන්න නම් ව්‍යාපාරයක්ම තමා කරන්න වෙන්නේ.

      ටෙම්ප්ලේට් එක ගැන සඳහන් කරාට ස්තුතියි.

      Delete
  40. මුලින්ම ඇඳුම එළ
    ඊළඟට විග්‍රහය
    මට ( ආච්චිට ) හාල් ගරන්න බැරිය
    ආප්ප සීන් අපිට අදාල නැත
    මගේ කටේ කෙල තියා ඇඟේ ලේ බින්දුවක් නැත
    වඳුරෝ මහා ජරා සත්තු වෙති
    අඩේ මම යනවා මාරි බිස්කට් වල හිල් විදින්න මොනවා වුනත් මන්චී ටිකිරි මාරිනේ

    තව එලිෆන්ට් හවුස් එකෙත් ජොබ් එකක් තියනවලු ඕන් මට යාළුවෙක් කිව්වා

    හොකෑස් විය !!
    ජය!!!!

    ReplyDelete
    Replies
    1. අඩේ 100 වෙනි කොමන්ටුව මගෙන් !

      Delete
    2. 100 වෙනි කුජීත කොමෙන්ටුව වෙනුවෙන් මාරි වලට හිල් විදීමේ ජොබ ඔබ හට තෑග්ගක් වශයෙන් පිරිනැමේ.හෙට සිට වැඩට පැමිණෙන්න අල්පෙනිත්තක් සමඟ.විදින බිස්කට් ගණනට වඩා බඩට යන බිස්කට් ගණන වැඩි වුවහොත් අතින් ගෙවීමට සිදු වෙන බව සලකන්න :D

      Delete
  41. මෙන්න ජොබ්

    සත්තුවත්තේ - පොට්ට රිලව් දොට්ට එක්කන් යන්න.
    සත්තුවත්තේ - නියපොතු නැති බැබුන්ලගේ පස්ස (කුප ) කහන්න
    කෘෂිකර්ම අමාත්‍යාංශයේ - බිත්තර පැල වලට බෙහෙත් ගහන්න

    යනවනම් පලයන්, මයේ මොකෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ - උම්බලකඩ පැල වලට පෝර දාන්න

      Delete
    2. සත්තු වත්තේ ජොබ් ටික නම් නියමයි සහෝ.
      කෘෂිකර්මේ ජොබ් වලට නම් ආස නැහැ :)

      Delete
  42. ජොබ් එකක් සෙට් කොරලා දෙන්නද? :)

    ReplyDelete
  43. මරු ජොබ් ටික බං.දාමුද ජොබ් බෑන්ක් එකක්. :D

    ReplyDelete
    Replies
    1. දාමු දාමු එකේ සිකුරිටි වැඩේට උඹව තමයි ඕන් ගන්නේ :D

      Delete
  44. ලෝලේ ලොල් , හිල් විදිල්ල නම් , අපේ අම්ම අහනව මොකද මේ රෑ තනියම හිනා වෙන්නේ කියල :D

    අඩේ මාරි වල සිරවටා අතින් හිල් විදිනවද බන් :ඔ

    ReplyDelete
    Replies
    1. උඹ අම්මට කියන්න එපැයි අම්මේ මම ජොබ් එහෙකට යන්න හදන්නේ කියලා :)

      ඔව් බං මාරි වලට අතින් හිල් විදින්නේ නැතුව මැෂින් එකේ ඈ?

      Delete
  45. ඊයෙ කියෙව්වෙ පෝස්ට් එක විතරයි. කමෙන්ට් ටික කියෙව්වෙ අද. තීම් එක හොඳටි. ඉක්මනට ලෝඩ් වෙනවත් තමා. අවුල් යන්නෙත් නෑ නේද මේ වගෙ ටෙම්ප්ලේට් වල.

    ජොබ් ගැන නම් කියන්න තියන්නෙ මචෝ වැඩිය හිතන්නෙ නැතුව සතියකට එක නිවාඩුවක් වත් තියන එකකට පලයන් සාමාන්‍ය පඩියක් තියේ නම්. එහෙම නිවාඩු නැති ඒවත් තියනව නෙ. එතකොට නම් ලිඳෙ ඉන්න ගෙම්බ වගේ වෙනව. වෙන කිසිම දෙයක් කරන්න ලැබෙන්නෙ නෑ. මම කලින් වැඩ කලා එහෙම තැනක එපා වෙනව ඒ වගෙ ජොබ් නම්.

    …අර වගේ සාමාන්‍ය එකකට ගිහින් ඒකෙ ඉන්න ගමන් වෙන එකක් අහු වුනොත් මාරු වෙන්න පුලුවන්. අනික මචං තමන්ගේ කියල මොකක් හරි කර ගන්න පුලුවන් නම් ඒක තමා හොඳම.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ වගේ තීම් වල එඩිට් කරන්න කෝඩ් හොය හොයා ඉන්න ඕන නැහැ ඒ අතින් ලේසියි.

      අනිවා නිවාඩු තියෙන ජොබකට විතරයි මං ගියොත් යන්නේ.

      ඔව් බං තමන්ගේ කියලා ව්‍යාපාරයක් කරොත් ගොඩ හැබැයි මම එහෙම එකක් කරොත් කරන්නේ අවුරුදු තිහත් පැන්නට පස්සේ.එතකන් ආතල් එකේ ඉන්න එපැයි බං.

      Delete
  46. සාමාන්‍යයෙන් පඩි කොහොමද බං ඕවගෙ??

    ReplyDelete
    Replies
    1. පැය ගානට බං ගෙවන්නේ :)

      Delete
  47. මම කියන්නං උ‌‌බට හොද රස්සාවක්....නිකම් කකා බිබී සිටීම

    ReplyDelete
    Replies
    1. හෙට ඉඳං හරි කරන්න පුළුවන් සෙට් කරලා දියන්කෝ :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!