Tuesday, October 23, 2012

111 මෙන්න නයෙක්!!

මම දැන් මෙන්න නයෙක් කියලා හෙඩිම දැම්මම කට්ටිය ටක් ගාලා දුවන් එනවා කව්රු හරි ඇරපු නයෙක්ට මඩක් කියලා හිතාගෙන.එතකොට මට ට්‍රැෆිකුත් වැඩි වෙනවා.ඒත් මම මේ ටික උඩින්ම දැම්මේ සින්ඩි වල පේන්න මේක මඩක් නෙමේ කියලා ඈ.


කට්ටිය අහලා තියෙනවා නේද ගැරඬියා කියලා සතෙක් ගැන?
අර තෙල් තෙල් වගේ දිලිසෙන ඉතාමත් පිළිකුල් සහගත නිර්විස සර්පයා? ආ ආ අන්න ඌ තමා ඔය සර්පයා බොහොම සුලබයිනේ.ගමේ ගොඩේ වත්තේ පිටියේ හැමතැනකම වගේ ඉස්සර හිටියා.දැන්නම් ටිකක් අඩුයි.

ඔය ගැරඬි සංහතියටම එකෙක් ලෙස සලකා මම ඌ කියන්නම්.මේ ගැරඬින්ටයි මටයි අතිතේ ඉඳන්ම සබඳකම් තියෙනවා.ඔව් මම පොඩි කාලේ ඕකුන්ට හෙන බයයි දැන්නම් බය නැහැ ඒත් දැනුත් ටිකක් බයයි.ඉස්සර මම පොඩි කාලේ මුන් හරියට හිටියා අපේ ගෙවල් පැත්තේ.මීයෝ අල්ලන්න ගෙට එනවා.දවසක් පොත් මේසේ උඩ තව දවසක් ඇඳේ තවත් දවසක අල්මාරිය උඩ.හිතාගන්න පුළුවන්නේ මම කොච්චර බය වෙන්න ඇතිද කියලා ඒ කාලේ පොඩි එකෙක්නේ.අනික දිලිසි දිලිසි ඉද්දි හෙන අප්පිරිය ගතියක් තමයි මට නම් එන්නේ.මම මේ කියන ඔය මගේ පොඩි කාලේ ගැරඬි සතියකට පාරක් වත් ගෙට එනවා.ඕකුන් ආවම මම එලියට දුවලා ගෙට එන්නේ හවස් වුනාම.කව්රු හරි භූමිතෙල් ටිකක් ගහලා එලෙව්වොත් ඌ යනවා ඇහැට දැක්කොත් විතරයි මගේ බය නැතුව යන්නේ.නැත්තම් දවසක් දෙකක් යනකන්ම හිතට හරි නැහැ.

අපේ ගෙදර ඇඳ යට බඩු කෝටියයි.ඕක අස්සට ගැරඬියා රිංගුවොත් එහෙම ආයේ එලවනවා බොරු.ඉතින් රෑටත් පන බයයි ගැරඬියා ඇඳ යට ඇති කියලා.ඒත් ලොකු වෙද්දී තමයි තේරුම් ගත්තේ ගැරඬි එක තැනක ඉන්න සත්තු නෙවේ කියලා.

පොඩි කාලේ මම ඕවා දන්නේ නැහැනේ.ඒත් දැනන් හිටියා ගැරඬි බල්ලෝ වගේ හපනවා කියලා.අම්මෝ කොහොමද කෑවොත්?හැබැයි ඇත්තද දන්නේ නැහැ ගැරඬි කෑවොත් වෙන කිසිම සර්පයෙක් කන්නේ නැහැලු.ගැරඬියා පහත්ම කුලේ සර්ප ගණයෙලු ඒක නිසා උගේ බයිට් එකට ලක්වෙන මිනිස්සුන්ව වෙන සර්පයෝ කන්නේ නැහැල්ලු අප්පිරියයි කියලා.

පස්සේ කාලේ මම ගැරඬි ගෙට ආවම භූමිතෙල් ටිකක් ඌ ඉන්න පැත්තට ගහලා දුවනවා හැතප්මයක් විතර.භූමිතෙල් නිසි ඉලක්කයකින් තොරව විසි වෙලා ඌට නොවැදුනත් ඒ ගඳට ඌ යනවා.තවත් ටිකක් ලොකු වුනාම භූමිතෙල් ගහලා හැතැප්ම බාගයයි දිව්වේ.ඊටත් පස්සේ මීටර් සීයක් දෙසීයක් වගේ තමයි මතක විදියට දිව්වේ හරියටම මනින්න බැරි වුනා.ඊටත් පස්සේ භූම්තෙල් ගහලා පුටුවක් උඩට නැගලා ගැහි ගැහි හිටියා මතක විදියට දැනුත් එහෙමද කොහෙද.

හැබැයි දැන්නම් නාගරීකරණය වෙමින් පවතින නිසා අපේ පැත්තේ ගැරඬි අඩුයි.ඉඳලා හිටලා එන්නේ.ඉස්සර ආවා තඩි සයිස් ගැරඬි උන් නාකි වෙලා උන්ගේ පැටව් ආවා මාව බලලා යන්න.ඒ පැටවුත් ලොකු වෙලා තඩි සයිස් වෙලා එනවා.එත් දැන් අඩුයි විශ්වාස කරන්න දැන් ගැරඬියෙක් ගෙට එන්නේ මාස දෙක තුනකට පාරක්.

ඔය ගැරඬි ගැනත් අමුතු අමුතු කතා තියෙනවා.අර මම කිව්වා වගේ හපන්නේ කළු ගැරඬි,දුඹුරු පාට වුන් අහින්සකයිලු,කහ ගැරඬි ගෙට එන්න හොඳ නැහැලු ගෙදරට කරදරයිලු.ඔය වගේ විවිධ කතා තියෙනවා.දැන් කියන්න එපැයි අද කතාව.

මේ ඊයේ පෙරේදත් මට ඇහුනා වලන් මැස්සේ වලන් පෙරලෙන සද්දයක්.මම ගිහින් බැලුවා මොකෙක් වත් පේන්න නැහැ දිග ලීයක් අරන් වළඳක් දෙකක් හොල්ලලා බැලුවා අම්මිට සිරි මෙන්න ගැරඬියෙක් කළු පාටට හුරුවට.මම තනි තැන බය වෙලා දුවන්නත් හදලා කකුල් දෙකට පුරුෂ ශක්තිය අරගෙන දිව්වද? නැහැ

මම දිව්වේ නැහැ මට මන් ගැන හෙන ආඩම්බරයි ඈ.මම ලිප ගාව තිබ්බ භූමිතෙල් බෝතලේ අරගෙන මූඩියට ටිකක් දාලා ගැරඬියට ගහලයි දිව්වේ.වැඩිය දුර දිව්වේ නැහැ ටික දුරයි.පස්සේ මම ආයේ ඇවිත් බැලුවා මූ කොහෙට හරි ගිහින්.

මාත් ගෙට ඇවිත් ටීවී බල බල ඉද්දි ඔන්න මූ ආයේ එනවා බිත්තිය උඩින් අයියෝ මල වදේ මට ටීවී බලන්න දෙන්නෙත් නැහැනේ කියාගෙන මම දුවලා ගිහින් භූමිතෙල් බෝතලේ ගෙනත් ප්ලාස්ටික් පුටුවක් උඩට නැගලා ක්ෂෙනික මූඩියට ටිකක් දාලා ගැහුවා.මොකද ගෙයි ඇතුල් පැත්තට බැස්සොත් වැඩ ගොඩයිනේ මූව එලවන්න.එත් ගෙයි ඇතුල් පැත්තට බහින්න කලින් එලිය පැත්තටම එලෙව්වම මාර සැනසීමයි හිතට.

පලවෙනි භූමිතෙල් පාර අහලකටවත් වැදුනේ නැති නිසා මෙන්න මූ ස්ස්ස් ගාලා පිඹලා මට පෙනේ පිප්පුවා.හිතන්න ඇති මාව බය කරන්න හුහ් ගැහුවා තවත් භූම්තෙල් පාරක්.ඔන්න ඒකනම් ඇඟට නොවැදුනත් ළඟටම ගිහින් ඌට භූමිතෙල් ගද දැනුණ නිසාද කොහෙද හරි හදිසියෙන් වගේ එලිය පැත්තටම බැස්සා.හම්මේ දැන්නම් සැනසීමයි.

එත් අනේ මන්දා හිතට අප්සෙට් මූ මට පෙනේ  පිප්පුවනේ ඉස්සර ගැරඬි නම් එහෙම නැහැ උන් හරි හිතවත් එත් අද ආපු එකා.මම හොඳට කල්පනා කරා ඌද මට පෙනේ පිප්පුවේ මමද ඌට පෙනේ පිප්පුවේ?.හොඳටම ෂුවර් ඌනේ පෙනේ පිප්පුවේ.හෑ ගැරඬි කවද්ද බොලේ පෙනේ පිප්පුවේ?හුටා මම නැගලා හිටිය පුටුව නිකන් වෙවුලනවා වගේ දැනුනා නැතුව මගේ කකුල් නෙවේ වෙවුලුවේ.පොඩ්ඩක් චූ බරකුත් හැදුනා වගේ.පිස්සුද චූ ගියේ නැහැ කෑ ගහගෙන දිව්වා ඉස්සරහ ගෙදර අයියාව එක්කන් එන්න.ගිහින් ඌට සීන් එක කියලා එක්කන් ආවා.පෙනේ පුප්පපු ගැරඬියා ආහ වැරදුනා නයා බැස්ස බිත්තිය පැත්තේබැලුවා.ඒ පැත්තේ නැහැ එහෙනම් ඌ එහෙම්ම අල්ලපු වත්තට පැනලා.

අල්ලපු ගෙදරට ගිහින් ඒ අංකල්ට සීන් එක කිව්වම ඒ අංකල් අපිට පොඩ්ඩක් බලන්න කියලා එයා ගියා දනිස්ස ලඟටම කවර් වෙන බූට් දෙකක් හොයන්න.එයානම් කිව්වේ එයාගේ වත්තේ බෝතල් කටු තියෙනවා ඒවා කකුලේ ඇනෙයි කියලා බයටලු බූට් දෙක ගේන්න යන්නේ.

අපි ගිහින් ඒ වත්තේ හෙව්වා අපි කිව්වේ ඉස්සරහ ගෙදර අයියට හොඳේ.මුළු වත්තම පීරුවත් හම්බුනේ නම් නැහැ සමහර විට ඌ ඒ වත්තෙනුත් එහා වත්තට පැනලා යන්න ඇති.මම මේ සීන් එකෙන් පාඩමක් ඉගෙන ගත්තා භූමිතෙල් වලට ගැරඬි විතරක් නෙවේ නයි වුනත් එලෙව්වහැකි කියලා..තව පොඩි කුජීත සීන් එකක් තියෙනවා ලියන්න එත් දිග වැඩි වෙයිද මන්දා.එහෙමයි කියලා පස්සේ දවසක ලියන්නත් බැහැ එතකොට අවුට් ඔෆ් ටොපික්.

ඔය අල්ලපු ගෙදර අංකල් කාරයට මාව දිරවන්නේ නැහැ මට ඌව දිරවන්නේ නැහැ.ඒකට හේතු ගොඩක් තියෙනවා ගොඩක්ම මගේ කුප්ප කම නිසා වෙච්ච දේවල් තමා.

දවසක් ඔහොම ආපු ගැරඬියෙක් එලෙව්වා මම එදත් ඔය කියන වත්ත පැත්තට තමා ඌ ගියේ.මම ඒ පැත්තට ගිහින් බලද්දී ඔන්න අංකල් කාරය ඉන්නවා.ඌ බලන් ඉන්නේ මම මොකද කරන්නේ කියලා.මම විහිලුවටත් එක්ක අංකල් ඔන්න ඔය පැත්තට නයෙක් ආවා ඔලුවේ පයන්නකුත් තිබ්බා කියලා.

මම බොරුවක් කිව්වේ කියලා දැනගෙන මෙන්න මූ මගෙන් අහනවා පයන්නට යටින් කයන්නක් තිබ්බේ නැද්ද කියලා.මන් තනි තැන කුජීත වුනා.මට පයන්නයි කයන්නයි කපාගෙන මැරෙන්න හිතුනා ලැජ්ජාවට.මම ඊට වඩා මුකුත් කිව්වේ නැහැ.අංකල් කාරයා හෙන කින්ඩි හිනාවක් දැම්මා.

දවස් දෙක තුනකට පස්සේ ළඟ ගේක බන ගෙයක් තිබ්බා.බන ගෙදර වැඩ කටයුතු කරලා බන පටන් ගත්තට පස්සේ කොල්ලෝ ටික බුලත් විට හප හප කට්ටියම වාඩි වෙලා හිටියා.එවෙලේ මාතෘකාව වුනේ බණ කියන්න ආපු හාමුදුරුවෝ සර්ප වෙදකම් කරනවා කියලා.ඔය අස්සේ අර අංකල් කාරයත් පැත්තකින් වාඩි වෙලා අතර මැද්දට හොම්බ දාලා මාව කුජීත කරන්න අර පයනු කයනු සීන් එක කිව්වා.එවෙලේ කට්ටියම මට හිනා වුනා

මට ආයෙත් කුජීත ගතියක් දැනුණා.එත් මගේ තියෙන කුප්ප ගතිය එවෙලේ මතු වෙලා කට්ටියම ඉස්සරහ මම අංකල්ට කිව්වා
ඔව් අංකල් ඒ නයාගේ පයන්නට යටින් කයන්නකුත් තිබ්බා අංකල්ට නැති වුනාට කියලා.කට්ටියම මහා හඬින්  හිනා වුනා.අංකල් ක්ෂෙනික නැගිටලා යන්න ගියා.

111 comments:

  1. අපෝ...මම නම් ඔය සරපයෝ කෝකටත් මාරම බයයි. බයට වඩා අප්පිරියයි. දකිද්දි බඩ දඟලනවා... ඒ උනාට ගැරඬියට භූමිතෙල් දාන එක නම් මහ පව් වැඩක්. උගේ ඇඟට මොන තරම් දැවිල්ලක් දැනෙනවා ඇතිද...ඒකනෙ ඔය පණ කඩාගෙන දුවන්නේ....

    /ඔව් අංකල් ඒ නයාගේ පයන්නට යටින් කයන්නකුත් තිබ්බා අංකල්ට නැති වුනාට //

    අන්කල්ගෙ රෙදි ගැලවෙන්න ඇති...අන්කල් පව්ලු
    ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අක්කා එත් මම ගහපු භූමිතෙල් පාරක් කවදාවත් ඕකුන්ට වැදිලා නැහැ :).

      අංකල් නම් අදටත් වැඩිය මා එක්ක කතා නැහැ :D

      Delete
    2. යන්ට http://nikamage-veda.blogspot.com/ ඉක්මනට

      Delete
    3. අඩා, නිකමා මේ බොලොග නැහැනෙව,

      Delete
  2. දෙයියනේ නිශානයා භූමිතෙල් බෝතල් 20ක විතරක ගැරඬි එලොලනේ...
    අන්කල් නම් පවු

    ජය

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බන් ,,, සැහෙන්න වියදම් යන්න ඇති නිශානයට..
      දැන් හරි ලාබයි නේ භූමිතෙල්

      Delete
    2. අපරාදේ තමා බන් භූමිතෙල් නම් කවදාවත් හරියට වැදිලා නැහැනේ :)

      Delete
    3. පෝස්ට් එක හරියට කියවලා නෑ වගේ,අහවල් දේකටද බෝතල් 20 ක්...? "මූඩියට ටිකක්" දාලා ගැහුවම කොහොමද බෝතල් ගණන් ඉවරවෙන්නෙ. අනික ඒවා සතාට වදින්නෙ කොහොමද...? මගදිම වාෂ්ප වෙනවා. :)

      Delete
    4. මුංන්ට මෝල් නෙවැ 'සුමිත්'අයියා......අමතක වුනාද පෝස්ටුවේ 'නම'.....?

      Delete
    5. මෙන්න නයෙක් :D

      Delete
  3. පට්ට සීන් එක ...
    මන්නම් සර්පයින්ට පට්ට බයයි කාටවත් කියන්න එපා හොදේ ..... :) ;)

    ReplyDelete
    Replies
    1. කට්ටියම දැක්කා ඈ මේක :D

      Delete
  4. මම දැනන් හිටියෙ නෑ නෙ උඹ ඔච්චර සල්ලි කාරයෙක් කියලා. නිකන් බොරුවට අපිව අන්දන්ඩ කියනවා අනේ අපි හරි දුප්පත්, අරවයි, මේවයි...කියලා..

    මමත් මාරාන්තික බයයි සර්පයන්ට ( බොරුවට හිරිකිතයි කියන්නෑ හොඳේ ).. බය වැඩි කමටම දුටු තැන ප්‍රහාරය එල්ල කරනවා ඌ ඉස්සරවෙන්ඩ කලින්.. ( ගැරඩින්ට හැර )

    ReplyDelete
    Replies
    1. මන් කොහේ හරි ලියලා තිබ්බද මම පෝසත් කියලා??.
      අපෝ මම නම් සර්පයන්ට බය නෑ පිස්සුද :P

      Delete
    2. යකෝ ලියන්ඩ ඕනයැ, ඔහොම භූමිතෙල් ගහන්ඩ පුළුවන්ද අවසේස පොරකට...

      Delete
    3. පිස්සුද සෙන්නා අයියා මේ සමුපේ භූමිතෙල් ලාබයි :P

      Delete
  5. අඩේ මචෝ අසරණ සර්පයොන්ට කවදාවත් භූමිතෙල් ගහන්න එපා ඈ!
    පවු බං අර මනුස්පයා! ;)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් බන් එත් කවදාවත් මගේ හදිසිය නිසා භූමිතෙල් වැදිලා නැහැ උන්ට.

      Delete
  6. උබේ නයා ඉන්නවද බලන්ට වෙන්ටැති මයෙ හිතේ ඌ එන්ට ඇත්තේ.. :P

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ හිටහන් අහලා කියන්නම් :P

      Delete
  7. මටනං පට්ට හිනා ඔයි අන්කල්ගෙයි උබෙයි ටෝක්ස් වලට .... මේ එක නෙවෙයි උබ කොහොමද දන්නේ අන්කල්ට අර අකුරු දෙක නෑ කියලා

    මට පෙන්නන්න බැරි ජාතියක් බං ගැරඬි .. මම සුට්ටන් කාලේ පරවියෝ හැදුවනේ.. ආ උබ වගේ තාරවොත් හැදුවා .. මුන් එනවා පැටව් කන්න .. සමහර දවස වලට උන් පැටවුන්ව කනවා.. සමහර දවස්වලට මම තාත්තාගෙන් ගුටි කනවා සත්තු මරනව කියලා

    ගැරඩින්ට භූමිතෙල් ගහන්න එපා කියලා අපේ උඩ ගෙදර සීයා නිටරම කිව්වා මටකයි.. ඒක හෙන පවක්ලු.. අපිට අසිඩ් වැදුන වගේලු උන්ට භූමිතෙල් .. ඔය අහිංසක සත්තු ගෙම්බෙක් මීයෙක් අල්ලන යන්න යයි .. පුතා පාඩුවේ ඉන්න කියල තමයි සීයා කියන්නේ .. ( සීය කියයි. මුන් මගේ පරවී බිත්තර පැටව් කෑවහම එකේ දුක දන්නේ මමනේ බං )

    ReplyDelete
    Replies
    1. ඔය අංකල් කාරයා පොර ටෝක්ස් වුනාට ඇන්ටිට හෙන බයයි ඒකයි මම එවෙලේ කින්ඩියට එහෙම කිව්වේ නැතුව ඌට ඒ අකුරු දෙක නැතුව නෙවේ :).

      අපොයි ඔව් මගේ කුකුල් කොටුවකටත් එක පාරක් ගැරඬියෙක් පැනලා රක්කන්න තිබ්බ බිත්තර කාලා.භූමිතෙල් ගහන එකනම් වැරදියි තමා එත් අපි උන්ට බයේ ගැහි ගැහි ඉන්නවට වඩා මොනා හරි කරලා එලවන එක හොඳයිනේ.අනික මම ගහපු භූමිතෙල් පාරක් කවදාවත් හරියට වැදිලා නැහැ :)

      Delete
  8. පයන්න ණයන්න තමයි තව ටිකෙන් නැතිවෙන්නේ!

    ReplyDelete
    Replies
    1. නැහැ මම පුටුව උඩනේ හිටියේ :)
      කකා මේ පැත්තේ එද්දී සතුටුයි ඈ

      Delete
  9. //ගැරඬියා පහත්ම කුලේ සර්ප ගණයෙලු ඒක නිසා උගේ බයිට් එකට ලක්වෙන මිනිස්සුන්ව වෙන සර්පයෝ කන්නේ නැහැල්ලු අප්පිරියයි කියලා//

    කවා ගන්නවනං ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකක සර්පයෙක්ටම කියලා කවා ගන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව හොඳම බ්‍රෑන්ඩ් එකෙන් කවාගන්න ඕන :)

      Delete
    2. යා....යා මිස්ටර් හයිඩ් Mister Hyde "it just like cobra or viper.... isn't....?

      Delete
  10. මාත් පට්ට බයයි බං ඔය සර්පයන්ට.. :(

    ගැරඩි එළවන්න මිරිස් කරල් පුච්චන සීන් එකකුත් තියෙනවා.අපේ ගෙදර ළගදි ඒ වැඩේ කරා එකෙක්ව යවන්න.

    ReplyDelete
    Replies
    1. ගැරඬි විතරක් නෙවේ බන් නයි වුනත් එලවන්න මිරිස් තමයි පුච්චන්නේ.

      Delete
  11. "ගැඩරියෙක්" :) මචන්, ගැරඩියා වනාහි අතීත යුගයක.... එක්කොත් ඕනේ නෑ. :)
    මං දවසක් ගැරඩියෙක් කියල හිතල නයෙකුට බුමිතෙල් ගහල ඌ මට ප යන්නයි ක යන්නයි දෙකම පෙන්නුවා අඩි දෙක තුනක් උඩට ඉස්සිලා.
    ගැරඩියා ගේ වල්ගේ හරියට වදින්න ඕනි බුමිතෙල්. එතකොට උන් "දුවනවා" පණ එපා කියල.
    ගැරඩියා සම්බන්ධ ලස්සන ප්‍රස්ථා පිරුළක් තියනවා. හරියට මතක නෑ නේ.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම නයාට රැවටිලා ගැරඬි කියලා
      හරි කුජීතයි නෙහ්?

      Delete
    2. මචං චන්දන,
      ගැරඩි සම්බන්ධ පිරැලක් නං මං මේතෙක් අහල නෑ....... මම හිතන්නේ උඔ ඔය කියන්නේ අර 'නයි' සම්බන්ධ පිරැල වේන්ඩ ඕන, ඒ 'නයි කයද රොස් පං' කියන එකද..., ඈ...........?

      Delete
  12. ගැරඬින්ට භූමිතෙල් තමයි හොඳම බේත..ඒත් දවසක් අයියා කෙනෙක් කීවා සර්පයින්ග පොඩි කොරපොතු ඇතුලට භූමිතෙල් ගියහම උන් දවස් ගානක් වේදනාවෙන් ඉන්නවා කියලා..එදා ඉඳන් මන් දන්නෙ කෙනෙකුටවත් භූමිතෙල් දාන්න දෙන්නෙ නෑ..උන්ට හොඳට කම්පනය තේරෙනවා බිත්තියක් ඉන්නව නම් ..බිත්තියට ගහන්න උන් හෙමිහිට එතනින් යනවා !

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ එහෙම කරන්නම් අයියා.

      Delete
  13. හි.. හි.. නයි ඒ උනාට පව් අප්පා.

    ReplyDelete
    Replies
    1. හිහි මොකෝ දුක හිතුනේ නයි ගැන?

      Delete
  14. මම නම් සියලුම ආකාරයේ සරුපයන්ට පට්ට බයයි.. එත් සමහර වෙලාවට නෝන්ඩි වෙන්න බැරි නිසා උන්ව එලවන මිෂන් වලට සපෝට් එක දීල තියෙනව.. අපේ තාත්තව සූටි කාලෙ ගැරඩියෙක් කාල තියෙනවලු. දන්න තරමින් එදායින් පස්සෙ තාත්තව සර්පයෝ නම් කාල නෑ.. හැබැයි ඊට කලිනුත් කාල නෑලු..
    භුමිතෙල් ගහන එක නම් පව් තමයි.. ඒත් ඉතින් කෑ ගහල එලවන්නයැ..

    ReplyDelete
    Replies
    1. මාත් එලවන මිෂන් වලට වැඩර් වගේ සපෝට් කරලා තියෙනවා :).
      සහතික ඇත්ත කතාව

      Delete
  15. ඈ බං නයිත් දුවනවද භූමිතෙල් වලට? ගැරඬින්ගෙන් මල වදේ බං මෙහෙත්. කොහොමත් සතියකට පාරක් උන් එක්ක සෙල්ලන් කරන්න වෙනවා භූමිතෙල් එකත් අරං. හෙඩිම දැක්ක ගමන් මාත් හිතුවේ මඩක් කියලා තමයි! :D

    ReplyDelete
    Replies
    1. ඔව් නයිත් දුවනවා නයි විතරක් නෙවේ සර්පයෝ ජාති ගොඩක් භූමිතෙල් බෙහෙතට බයයි.

      Delete
  16. උඹෙ කතාව කියවද්දී මම කියන්න හිතපු දෙයක් දෙතුනෙ දෙනෙක්ම කියලා,
    සරොඅයන්ට කොයිම වෙලාවකවත් භූමිතෙල් ගහන්න එපා,
    අපිට මේක කියලා දුන්නේ ලංකාවේ සර්පයන් සම්බන්දයෙන් ඉතා ප්‍රවීන පේරදෙනිය විශ්වවිද්‍යාලයේ මහතෙක්, මට නම නම් මතක නෑ, ගූගල් දෙයියෝ ගෙන් හොයලා බැලුවොත්නම් එතුමා ගැන දැන ගන්නත් පුළුවන් වෙයි.
    එතුමා අපිට කිව්වේ, භූමිතෙල් ගහන්න එපා, ඊට වැඩිය හොදයි ඌ එකපාර මරණ එක කියලා. සර්පයාගේ කොරපොතු භූමිතෙල් වලින් දියවෙනවා, එතකොට ශරීර අභ්‍යාන්තරය පිටතට නිරාවරණය වෙනවා. ඒක කොහොම වේදනාවක් වෙනවද කියලා අහන දෙයක් නෑ නේ. අන්තිමට මේ සර්පයින් දුක් විදලා මැරෙනවළු.

    උඹල ඔය ගහලා තියන භූමිතෙල් කන්දරාවට සත්තු ඉතිරිවෙයිද බන්

    ReplyDelete
    Replies
    1. එච්චර භූමිතෙල් කන්දරාවක් ගැහුවේ නැහැ ඉතින්.අනික ඕවා හරියට වැදුන දවසකුත් නැහැ :)

      Delete
    2. මේකනේ 'මුදියන්සේ', අපේ මේ 'නිශාන්' ලොක්කා හරි ඒම් එකට උන්ට ඇගට වදාන්න භූමිතෙල් ගැහුවේ නැතිඑනේ.....(මඩියෝ..... සර්පයන්ට නම් ඒම් එක වරදුනා කියල උඔට ලොකු හානියක් වේන්නෙ නෑ පුතෝ...අනිත් ඒවාට හරියට ඒම් කරපන් ඈ.................!)

      Delete
  17. මමත් පට්ට විදියට සර්පයන්ට භයයි... ඒ උනාට කවදාවත් සර්පයින් මරන්නෙ ස භූමි තෙල් වලින් ගහන්නෙ නෑ

    මුදියන්සෙ මාමා මම කියන්න හදපු දේ කියලා තියෙනවා... භූමිතෙල් වැදුනාම ඒ සත්තුන්ට පුදුමාකාර වේදනාවක් දැනෙනවලු... ඒ නිසා මීට පස්සෙ ඔය පව්කාර වැඩේ කරලා පව් පුරෝ ගන්න එපා කොලුවො... වත්ත පිටිය ටිකක් සුද්දෙට තියාගනින් එතකොට නිතර සර්පයො එන්නෙ නෑ... ගැරඩි නිතරම එන්නෙ මීයො සහ ගෙබ්බො හොයාගෙන...

    ReplyDelete
    Replies
    1. දැන්නම් වත්තේ පිටියේ රොඩු බොඩු නැහැ අයියා හ්ම්ම් ආයේ භූමිතෙල් නොගහ ඉන්නම්කෝ.

      \\ගැරඩි නිතරම එන්නෙ මීයො සහ ගෙබ්බො හොයාගෙන...//
      ගෙම්බා කිව්වේ මටද? :/

      Delete
  18. හා.. මාත් කියන්න ආවේ ගැරඬින්ට භුමිතෙල් ගහන්න එපා කියන්න... මං ගැහුවාට තාම නං වැදුනේ නෑ කියලා නීශානයා ඔලුව බේරගෙන තියෙන්නේ... ඒ නොදැනනේ බං.. දැං ගහන්න එපා...

    මම පොඩි කාලේ දවසක් හොඳටම දැක්කා භූමිතෙල් ගැවුණු ගැරඬියෙක් වින්ද වේදනාව...හරි පවු.. මම නම් කවදාවත් ඒ වැඩේ කරන්න දෙන්නෙ නෑ කාටවත්...

    මේ ළඟදි දවසක් මම එළියට බැහැගෙන හිටපු වෙලාවක දැක්කා ගැරඬියෙක් ඇවිත් ගේ ඇතුළට ඔලුව දාලා බලනවා... මට ඒ වෙලාවේ බයකට වඩා හිතුනේ හයියෝ මේ යකා ගේ ඇතුලට ගියොත් මාර ගේමක් දෙන්න වෙනවනේ එළවන්න කියලා... ඒ පාර මම ඒ කිට්ටුවට ගිහින් අ‌ෙත් තිබ්බ පොල්ලකින් බිත්තියට හයියෙන් ගැහුවා... ඌ ගියා... හැබැයි මම හිතුවේ ගෙයි සිමෙන්තිය හොඳටම රත් වෙලා තිබ්බ හින්දයි ඌ ගේ ඇතුළට ගියේ නැත්තේ කියලා...

    බැරි වෙලා හරි ඌ ගේ ඇතුළට ගියා නං අපේ මහත්ත්යා ගෙදර එනකං මං එළියට වෙලා ඉන්නවා... හි හි....

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරටත් හිටපු ගමන් තඩි නයි එනවා... ටයිල් පොලොවෙ අමාරුවෙන් බඩගාගෙන ගිහිල්ලා...හෝම් තියටර් සිස්ටම් එක අස්සෙන් රිංගලා...අම්මා අලුතෙන්ම ගත්ත මයික්‍රොවේව් අවන් එක ලගින් හැරිලා මල්ලි අලුතින්ම ගත්ත Toshiba Lap එක දිහාවත් නොබලා American Standard gadget තියෙන බාත්රූම් එක ලගින් තියෙන මොණර කැටයම කපපු කොස් අරටුවෙන් හදපු දොර යටින් ඇදිලා එළියට යනවා...

      Delete
    2. අම්මෝ....... ඒකා නං තඩිම තඩි නයෙක් බං.... ඇති කරන්න එපැයි.....

      ( මේ සිරාවටමයි කියන්නේ.. ඔය කියපු ටික ඒ විදියටම තියෙනවා.. අර මොණර කැටයම් දොර ඇරෙන්න.. අපේ නැන්දම්මගේ අළුත් ගෙදර... හි හි...)

      Delete
    3. @හිරු
      ගැරඬියා ඔලුව දාලා බලලා තියෙන්නේ හිරු අක්කව.කොහොමද ගැරඬියාගේ වලත්ත කම :D

      @සිරා
      ඌ නම් හෙන දිග නයෙක් නේද අයියා? :)

      Delete
    4. ඒ වගේ වෙලාවට තමයි නයා ඇරියා කියන්නෙ මලේ... පොඩි විහිලුවක් කොලේ...

      Delete
  19. කැපිටල් කයන්නද බං?

    අපේ ගෙදර නම් ගැරඩි ආවහම එලාම් එකක් වදිනවා. ඒ අපේ අම්මා කෑගහන සද්දේ !

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර එලාම් එක මගේ සද්දේ බන් :)

      සිම්පල් කයන්න

      Delete
  20. එවන්ඩද ගැරඬියා....
    ඇත්තටම උඹ කොහොමද දන්නෙ අර අංකල් කාරයගෙ පයන්නයි කයන්නයි නෑ කියල. :D

    ReplyDelete
    Replies
    1. ඇන්ටිට පීචන් වෙන හැටියට ඕක ආයේ දැනගන්න දෙයක් නැහැ සහෝ :)

      Delete
  21. යකඩෝ මලේ මමත් ඔය කියන ගති බය ඒ විදියටම විඳලා තියෙනවා මම ඉස්සර අම්බලන්ගොඩ ආච්චිලාගේ ගෙදර යන්න හරි බයයි එහෙ ගැරඬි එනවා කියලා. බුමිතෙල් ගැලුම් ගණන් මමත් ඉවර කරනවා ඕකුන්ට ගහල. හැබැයි මලේ අන්කල් කාරයව කූජිත කරපු එකනම් ලොකු දෙයක්. හිකිස්

    ReplyDelete
    Replies
    1. අපි එක බෝට්ටුවේ අයියා :)
      අපරාදේ භූමිතෙල් ඇත්තට :)

      අංකල් දැනටත් මා එක්ක වැඩි බජනයක් නැහැනේ

      Delete
  22. සර්පයෙක් උනත් අපට කරදරයක් නැති නම් අපිත් කරදර කරන්න හොඳ නැ.වෙඳනාව පණ තියෙන ඕනම සතෙකුට එකයි.මිනිසා ඇතුළුව.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ වුනාට උන් ගෙට රින්ගුවම එලවන්න සෑහෙන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.

      Delete
  23. අංකල් ගෙ "ප" යන්නට යටින් "ක" යන්න කතාව තමයි නියම හරිය..
    අංකල් ට දීපු රිටර්න් එකත් ආයෙ කියල වැඩක් නෑ ඕයි...
    හැබැයි සේරම නයි නේද ඉතින්....

    ReplyDelete
    Replies
    1. අඩේ නැහැ නැහැ සේරම සිරා සීන්

      Delete
  24. නියම නයි කතාව මචෝ. ඒ කාලෙ හිටියනේ නයි පටෝන අයත්.

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කව්ද නයි පටවන්නේ? :D

      Delete
  25. ඒ අංකල් කාරය පු යන්නයි ක යන්නයි කපාගෙන මැරුනද දන්නෙ නෑ හිකිස්

    ReplyDelete
    Replies
    1. එකේ කපන්න දෙයක් නැහැ බන් ලෑල්ල වගේ :D

      Delete
  26. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් මම නයින්ට බය නැති හොඳ ළමයෙක්..:)ඔය සත්තුන්ට ශේප් එකේ කිව්වොත් අනතුරක් කරන් නැතුව යනවා නේද හ්ම්ම්?? මම නම් දන්න තරමට එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් නයින්ට කියන්න ඕන අනේ මගේ සුදු රන් කැටියෝ මෙතනින් යන්න සත්තලන් කියලා,එතකොට යනවා

      Delete
  27. උඹට කියන්න මඩියෝ අපේ දිහාට ගැරඬියෙක් අවිල්ලා එක විනාසයි, මාමා රට ඉඳන් එවපු එල්සීඩී ටීවී එක උඩින් ගිහින් මල්ලිගේ ලැප් එක උඩ දරන ගහගත්තා, පස්සේ මම චිප් චිප් කිව්වට උ ගියේ නෑ, උඹ වගේ ලාම්පුතෙල් ටිකක් අරන් ගැහුවා අරුට. ලැප් එකට වැටුනට කමක් නෑ අල්මාරියේ ඕනේ තරම් ලැප්, මෙන්න යකෝ ලාම්පුතෙල් සැරට මු රිංග ගත්තනේ බං අර අල්මාරියට. මම එයාර් ෆ්රෙශ්නර් එකේ සුවඳ වතුර ටික අයින් කරලා ලාම්පුතෙල් දාලා විද්ද අල්මාරිය පුරාම. ලැප් හයක් තනිකර විනාසයි, ඔන්න පස්සේ මු එතනින් ගියා ඇඳ උඩ තිබ්බ ඇපල් අයිෆෝන් එක ගාවට. මම ඇඳේ රෙද්ද අයිෆෝන් එක පිටින්ම ගුලිකරලා විසික් කළා. ලැප් ලොරියකුයි අයිෆෝන් ලොරියකුයි නැවට පැටෙව්වා කියලා විනාඩියක් විතර ගියාට පස්සේ ලොකු අයියා කෝල් කරලා කිව්වා ලෑන්ඩ් ෆෝන් එකට.

    ReplyDelete
    Replies
    1. ඒ නයා හෙන දිගයි නෙහ් බන් ඇනකොන්ඩා වගේ.

      Delete
  28. ඔය සර්පයින්ගෙන් ආරක්ෂාවට බූට් දාන්න ගිය අපේ යාළුවෙකුට බූට් එක ඇතුලෙ ඉදලා ගෝනුස්සෙක් කෙළියා.

    ReplyDelete
    Replies
    1. හුටා වදින්න ගිය දේවාලේ කකුලට කඩන් වැටිලා.

      Delete
  29. උන්ට භූමිතෙල් ගහන්ඩ එපා බං... කාගෙන් හරි අහල බලපන් භූමිතෙල් සර්පයෙක්ගේ ශරීරයට හරියට වැදිලා කොරපොතු ඇතුලට ගියාම මොකද වෙන්නේ කියලා..

    එයිට වඩා හොදා පොල්ලකින් ගහලා මරලා දාන එක.. ගැරඩියෙක්නම් ගලක් විසි කරපන් ..පන එපා කියලා දුවනවා උන් හරි බයයි..

    ReplyDelete
    Replies
    1. ආයේ එහෙම කරන්නම්කො එහෙනම් හැබැයි එත් ගියේ නැත්තම් උඹව ගෙදර එක්කන් එනවා ඈ ගැරඬියා එලවන්න

      Delete
    2. භූමිතෙල් වැදුනම වෙන දේ අහල බලපන්කො කාගෙන් හරි..
      ඒවා කොරපොතු ඇතුලට ගිහින් උන්ව තුවාල වෙනවලු විෂට.. ඊට පස්සේ එතැන කුණු වෙනවලු ඊට පස්සේ උන්ට බඩගාගෙන යන්න බැරුව එකතැන දුක් විද විද දවස් ගානක් ඉදලා කුබී කාලලු මැරෙන්නේ...

      මාව එක්ක එන්න එනකොට ගැරඩියට කියලා වරෙන් ටිකක් ඉන්න කියලා..නැත්නම් ඌ යයි ..

      Delete
    3. උඩත් කිහිප දෙනෙක් දාලා තියෙනවා නේද භූමිතෙල් ගැන..දැනුයි දැක්කේ (මම හිතුවේ මම විතරයි ඔය සිද්දිය දන්නෙ කියල...හිකිස් ලැජ්ජයි ඈ )

      Delete
    4. ඔව් බන් මටත් අපරාදේ කියලා හිතුනා භූමිතෙල් සීන් එක ලිව්වේ.ඒක මගහැරලා ලියන්න තිබ්බේ. :)

      Delete
  30. අංකල්ට කියපු දේට , ඔන්න බලහං ඌ උඹට භූමිතෙල් ගහනව ....... :D

    ReplyDelete
    Replies
    1. ඌ දැන් මගේ මූනවත් බලන්නේ නැහැ බන්

      Delete
  31. පව් වැඩ කරන්න එපා යකෝ....
    පව්කාරයා!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  32. අන්කල්ටම ගැලපෙන සනා :ඩී

    ReplyDelete
    Replies
    1. අංකල්ට මුකුත් කියන්න එපා හරිද අඩෝ? :D

      Delete
  33. උඹට තේරෙනවද නිශාන් මෙතන විදේශ කුමන්ත්‍රණයක් තියෙන බව. හැම එකාටම දුක ගැරඬියට බූමිතෙල් ගහපු එක ගැන. අසරණ නිශාන් ගැන කාටවත් දුක නෑනෙ. පට්ට අසාධාරණයි!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒකනේ එකෙක්ටවත් මන් ගැන දුක නැහැ.අඩුම තරමේ දොඩම් ගෙඩි දෙකක් වත් අරන් මාව බලන්න වරෙන් ඒත් නැහැ :(

      Delete
  34. ගැරඬි එන්නේ මීයෝ හොයාගෙන නම් පරිස්සමෙන් ඉන්න වෙයි. රෑට සරොන් එහෙම ඇඳන් නිදියන්නේපා.

    ReplyDelete
    Replies
    1. ඔව්..මියාව උපරිම පරිස්සම් කරපන්.. එළියේ චු කරන්න යන්නවත් එපා ..

      Delete
    2. හොඳ වෙලාවට මම රෑට සරන් අදින්නේ නැහැ.

      Delete
  35. අපේ ගෙදරත් එළාම් එක වදින එක නම් අනිවාර්යයි... අංකල්ට දීල තියනවා රිදෙන්නම..

    ‍ජය වේවා..

    ReplyDelete
    Replies
    1. එලාම් එක කවුද ඔයාද? :)

      Delete
  36. දන්නවද නිශාන්...ගැරඩි මිනිසුන්ව හපා කනවා පෑගුනාම එහෙම..හැබැයි බෙහෙත් කරන්නෙ..මී විසට..හේතුව මීයන්ව නිතර ආහාරයට් ගන්න නිසා.
    අපේ ගෙදර දවසක් හෙන ගේම මුගටි දෙන්නයි..ගැරඬියයි...මම පුල්ට්‍රයි එක දුන්න බේරන්න .මොන මුගටි අතහැරියෙ නෑ ගේම..ගැරඬියා පොල්ගහක නැගල..ඒත් මුගටි ඌව හපාකනව..පස්සෙන්ද බලනකොට ගැරඬිය කෑලිවෙලා හිටිය උදේ..!

    ReplyDelete
    Replies
    1. බෙහෙත් කරන්නේ මීයන්ට කියන ඒක නම් අදමයි ඇහුවේ සහෝ.බලන් ගියාම නුගටි වෛර නයි එක්ක විතරක් නෙවේනේ :!

      Delete
    2. යකෝ දැන ගනින් මුකටිය මිනිහගේ අහවල් එකත් කනවලු දැක්කොත්,,

      Delete
    3. හෑ දැන් මුගටි එතකොට මීයොත් අල්ලනවද? හුටා දැනගත්ත එක නම් ලොකු දෙයක් හික්ස්

      Delete
  37. ඒ ඇත්තටම :ක" යන්නක් තිබ්බද

    ReplyDelete
  38. මම සර්පයන්ට මාර ආදරෙයි.විශේෂයෙන්ම ගැරඬියන්ට.අප්පිරියා පෙනුම තමයි එකම අවුල.

    ReplyDelete
    Replies
    1. අපෝ මම නම් ආදරේ නැහැ උන්ව දැක්කමත් බයයි අප්පිරියයි.

      Delete
  39. කිව්වත් වගේ මාතෘකාව දැක්කම දුවන් ආවා..පොටෝ එක දැක්කම හිරිකිත ගතියකුත් ආවා..කෝමහරි මමත් දුවලා තියනවා දෙසැරයක්ම ගැරඩි දැකලා නම්..සැක්..එදා නම් උසේන් බෝල්ට් පරාදයි..

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඔලිම්පික් යවන්න තිබ්බේ :)

      Delete
  40. හම්මෝ, මමනම් ගැරඬි නයි ඩ්හෙගොල්ලොන්ටම බයයි.. ඒත් අපේ අම්මාත් ගැරඬින්ට වුනත් භූමිතෙල් ඇඟට වදින්න දාන්නෙ නෑ.. ලඟට තමා දාන්නෙ...

    ReplyDelete
    Replies
    1. අපි හොඳ ළමයිනේ නෙහ්? :D

      Delete
  41. ඉඳුනිල් ලහිරු10/27/12, 12:52 PM

    නයා කොහොම වෙතත් උඹ අන්කල්ට නම් රිදෙන්න ටොක්කක් ඇනල තියෙනවා...නියමය් මචන්

    ReplyDelete
    Replies
    1. ඌ තාම මා එක්ක වැඩිය කතා නැහැ බන් :)

      Delete
  42. භූමිතෙල් ගහන එක නම් උන්ට හුගක් වේදනා ඇති තමා මලයා,එත් ඉතින් විස ගොර සර්පයාදැක නැරු මෝඩයා කියල කතාවකුත් තියනවනේ .හැබැයි එහෙම තිබ්බ කියල අහිංසක විස නැති සර්පයෝ මරණ එකත් හෙනම පවු වැඩක් අප්පා..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව සැටිෆිකෙට් ඇත්ත

      Delete
  43. කොල්ලෝ.... නරකයි කියන්නේ උපරිමයි හොඳේ...
    කනෙන් අල්ලලා එල්ලන්න තිබ්බේ උඩ...
    ලස්සන කතාව.. ඒකත් කියන්නම ඕනෙනේ..
    අන්තිම ටික තමයි......... :P

    ReplyDelete
    Replies
    1. ඈ මොකක්ද සිතුවො නරක?
      කොමන්ට් එක මාරු වුනාද?

      Delete
  44. බුදු මචෝ උබ මතක් කොරපු එක හොදයි. ගිය සතියේ නයි පැටියෙක් අපේ වත්තෙ හිටිය. ඒ දවස් ටිකේ එලි පහලියට ගියේ පරිස්සමින්. රෑටත් මූන කට හෝදගන්න ටෝච් එකක් අරගෙන ළිඳට යන්න ගත්ත. අද ආපහු පරණ පුරුද්දට ටෝච් නැතුව නිකම්ම ගියා.

    කතාව සිරා. හැබැයි උබ නයි මරන්න එපා. එකෙක් මැරුවොත් දිගටම මරන්න වෙනව. නැත්නම් නයා අපිව මරනව.
    ප:ලි:- මරන්නම ඕනි නම් පෙනේ පුප්පනකොට ඔලුවටම ගහපන්. හොදම සිස්ටම් එක අදු කොළ ටිකක් වවපන්.

    ReplyDelete
    Replies
    1. මට නයෙක් තියා පනුවෙක්වත් මරන්න බැරි එකනේ බන් අවුල

      Delete
  45. මේක නම් විදේසීය කුමන්ත්‍රණයක්, භූමිතෙල් මිල ඉහළ දමන්ට කොරන, ඇයි බොල මෙහෙම භූමිතෙල් නාස්ති කරන්න දෙන්න පුළුවන්ද...

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!