හෙලෝ චතුරංග
ආහ් කසුන් කියපන්
මොනවද බන් මේ උඹලගේ තාත්තා ඇවිත් ඊයේ අපේ ගෙදර මට බැනලා ගිහින් තියෙන්නේ?
අනේ සොරි බන් මං තාත්තා එක්ක රණ්ඩු වුනා.මම උඹව ආශ්‍රය කරනවට තාත්තා එක එක ඒවා කිව්වා මාත් බැන්නා අන්තිමට තාත්තට මල පැනලා කොහෙද ගියා.මම පස්සෙයි බන් දන්නේ ඒ ගිහින් තියෙන්නේ උඹලගේ ගෙදර කියලා.
ඒ වුනාට බලපන්කො බන් අපේ ගෙදර ඇවිත් උඹලගේ තාත්තා කැත විදියටනේ මට බැනලා ගිහින් තියෙන්නේ.
මම එවෙලේ ගෙදර හිටියෙත් නැහැ අපේ ගෙදර මිනිස්සු මොනාද බන් මන් ගැන හිතන්නේ?.
අනේ සොරි බන් අයි ඇම් රියලි සොරි මචන්.මට ඒකට සමාව දියන් ආයේ කවදාවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
හරි කමක් නැහැ බන් ඒත් මට දුක උඹලගේ තාත්තා මම නැති වෙලේ අපේ මල්ලිට බැනලා ගිහින් තියෙන්නේ බන්.එයා කියලා තියෙන්නේ මම උඹව එක්කන් බොන්න යනවා කියලා.උඹම කියපන් මම කවදාවත් උඹව බොන්න එක්කන් ගිහින් තියෙනවද කියලා?.
නැහැ බන් නැහැ උඹයි මායි එදා කොළඹ ගිහින් එද්දී මම උඹ ගියාට පස්සේ ගෙවල් ගාව එකෙක් එක්ක බියර් එකක් බීලා ගෙදර ගියේ බන් තාත්තා හිතන්නේ උඹ එක්ක ගිහින් මම බිව්වා කියලා.
හරි අවුලක් නැහැ ඒ වුනාට ආයේ ඔහොම දෙයක් වුනොත් මම බනිනවා උඹලගේ තාත්තට මට මුකුත් කියන්න එපා හරිද?.
හරි බන් ආයේ එහෙම වුනොත් උඹ බැනපන් මට අවුලක් නැහැ.මම තාත්තා එක්ක තාම කතා කරන්නේ නැහැ බන්.එයාට පිස්සු බන්.
හරි දැන් උඹ කොහෙද ඉන්නේ චතුරංග?
මම දැන් එළියේ බන් ඉන්නේ.
කෝ දැන් තාත්තා?
ඔය කොහේ හරි ඇති බන් මොනවා හරි කර කර.
මම වෙලාවක එන්නම්කෝ උඹලගේ ගෙදර.මම අද බන් ගෙදර ආවේ ඊයේ නයිට් එකත් කරලා.එතකොටයි මල්ලි කිව්වේ උඹලගේ තාත්තා ඇවිත් කෑගහලා ගියා කියලා.
හ්ම්ම් උඹ අනිවා වරෙන්කො අපේ ගෙදර.කොහොමත් උඹට එන්නම වෙනවා.
ඒ මොකද මචන්?
නැහැ නැහැ බන් මම ෆෝන් එක තියනවා බායි.
මොහොතකට පසු කසුන්ගේ දුරකථනය නාද වේ.
හෙලෝ!
හෙලෝ මේ කසුන් ද කතා කරන්නේ?
ඔව් කසුන් තමා ඔය කවුද?
කසුන් මම චතුරංගගේ මාමා.
ආහ් මාමේ කියන්න ඇයි කෝල් කරේ?
පුතා චතුරංග නැති වුන එක දන්නවද?
මොකා චතුරංග නැති වුනා? ඒ කොහොමද?
ඊයේ චතුරංගගේ තාත්තා ඔයාලගේ ගෙදර ආපු වෙලේ චතුරංග එල්ලිලා මැරිලා පුතා.මට චතුරංගගේ අම්මා තමයි කිව්වේ පුතාට මේක කියන්න කියලා.
මොනවා චතුරංග ඊයේ ද නැති වුනේ එතකොට අද කතා කරේ ක..කවුද?
හ්ම්ම්ම් මෙ වගෙ දෙවල් ඇත්තටමත් වෙනවා..
ReplyDeleteඉතින් මේකත් ඇත්ත කතාවක්නේ
Deleteහෑ....... හැබෑ සිද්ධියක්ද....
ReplyDeleteමේක ගැන දැං හිතන්න බෑ ... මොළේ පෙඟිලා තියෙන්නේ හිරිකිඩට....
මේ හිරූවා මේටිකේ වැස්ස මාකට් කරනවා වැඩියි ඈ
Deleteහැබෑම සිද්දියක්
Deleteමොනවා හරි මාකට් කරන්නත් එපැයි බං... හි හි...
Deleteඋඹලත් හොල්මන් මාකට් කරපල්ලකෝ :)
Deleteමෙහෙම කථා කිහිපයක්ම අහල තියෙනවා ... මේ ඇත්තටම වෙච්ච දෙයක්ද නැත්තම් උබ ගොතපු එකක්ද
ReplyDeleteඇත්තටම වෙච්ච දෙයක් බන්
Deleteසිරා සීන් එකක්ද බං?
ReplyDeleteසිරා සීන් එකක් තමා මචන්
Deleteසිරාවටම මරු කතාව මචන්
ReplyDeleteතෑන්ක්ස් මචන්
Delete:( මොනවද අනේ... මම නිදියලා දැන් නැගිට්ටෙ.. කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.. හ්ම්ම් හැබැයි අපේ අම්මච්චි(අම්මාගෙ අම්මා) නැතිවෙලා අවුරුදු 3ට හරි 4ට හරි වගේ පස්සෙ දවසක් රෑ ඇවිත් මගෙ ඔලුව අත ගෑවා.. එදා ඉදන් මම ලයට් එක දාලා නිදියන්නෙ.. :/
ReplyDeleteඒකනේ මේ දේවල් බොරු කියන්න බැහැ
Deleteඇත්ත කතාවක්ද? :O
ReplyDeleteඔව් හසාරා
Deleteහප්පේ...මේ වැස්ස අස්සේ බය වෙන කතා මොනාට ලියනවද අප්පා... මේක ඇත්ත එකද්ද....හදපු එකද්ද....?
ReplyDeleteඇත්ත කතාවක් තමා අක්කා
Deleteඑල කතාවක් නේ
ReplyDeleteතෑන්ක්ස් අයියා
Deleteඇත්තටම ඇත්තක්ද?
ReplyDeleteඇත්තටම ඇත්තක් :)
Deleteසිරා කතාවද ????
ReplyDeleteපිස්සු හැදෙනවනේ ....
සිරා මචන්
Deleteඅඩෝ ... එතකොට මිනිහා සිරාවටම මැරිලද ????
Deleteමාර සින් එකනේ :(
ඔව් බන්
Deleteඋබ බය වෙන්න එහෙම නැතුව ඇති නේ ....,,, ;)
Deleteමෙහෙම දේවල් ඇත්තටම වෙනවා. සිද්ධි කීපයක්ම මම දන්නවා.
ReplyDeleteමේකත් ඇත්ත සිද්දියක් තමා අයියා
Deleteසික් මෙ වැස්ස වෙලාවටනෙ මුට බුත කතා ලියන්ඩ මතක් වෙන්නෙ.. සැක් සැක් මොන උනත් පව් වැඩේ..
ReplyDeleteමැරිච්ච හූනෙක්ටවත් බය වෙන්න එපා බොල මම ඉන්නකම්
Deleteකතාව ඇත්ත එකක්ද??? මට එහෙම මෙහෙම උනානම්.. මම මෙලහකටත් මැරිලා වැටිලා....
ReplyDeleteහික්ස්...
කොහොම උනත් ඔයා සෝයි එකට ඒක ලියලා හොඳේ....
ඇත්ත කතාවක් තමා
Deleteඔයා එච්චරටම ඕවාට බයද? :/
අඩේ මේකනම් ඇත්ත වෙන්න බෑ බොලං.ඇඟ කීරි ගැහිලා ගියා...
ReplyDeleteඇත්ත සීන් එකක් තමා බොල
Deleteඅඩේ..මෙහෙම ඒවත් වෙනවද ඈ????
ReplyDeleteමේ වුනේ බන්
Deleteහ්ම්ම්..කොහේහරි අහල තියනවා මෙහෙම කතාවක්..
ReplyDeleteඑකයි නෙවේ ඔය වගේ කතා කොච්චර තියෙනවද?
Deleteඋඹ මේ දවස්වල හොරර් ෆිල්ම් බලනව වැඩියි කොළුවෝ...............
ReplyDeleteනැහැ නැහැ මේ සිරා සීන් එකක්.
Deleteපිස්සු කොර බං .........
ReplyDeleteඅහපු සැනින් මගේ බඩත් රිදුනා
Deleteඅම්මෝ බං කෝල් ආන්සර් කරන්න බයයි දැන් !
ReplyDeleteවන් මිසඩ් කෝල් එක බැලුවමත් එහෙමයි.
Deleteමැරිච්ච අය තමන්ගේ හිතුවතුන් ඉදිරියේ තමන්ගේ මරණය දන්වන්න හදිස්සියේ පෙනී ඉන්නවා කියලනම් අහලා තියනවා, ඒත් මේවගේ කෝල් එකක්...? යකෝ ඒ කතාව පට්ට බං. මට "ඔහ් කියවුණා".. තව ටිකක් දික් කරලා ලිව්වා නම් හරි..."මොහොතකට පසු කසුන්ගේ දුරකථනය නාද වේ." මචන් මේ ටික නැත්තන් කතාවේ දෙබස් විතරයි. පට්ට බං.
ReplyDeleteඔව් බන් මටත් හිතාගන්න බැහැ මේ සීන් එක.අනික මම දන්නා කොල්ලෙක්.
Deleteමට ඕන වුනෙත් දෙබස් වලින්ම කතාවක් ලියන්න.ඒත් පොඩි කෑල්ලක් දාන්න වුනා බන්.
ඉතිං ‘මම ෆෝන් එක තියනවා බායි‘ කෑල්ලෙන් උඩ සංවාදෙ ඉවරයි කියල හැඟවෙන නිසා ඔය වාක්‍ය වෙනුවට නිකන් ‘ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං ...............‘ වගේ කෑල්ලක් දැම්මනම් හරිනේ.
Deleteට්‍රීන් ට්‍රීන් කියන්නේ දෙබසක්ද එතකොට? :D
Deleteම් ..... දෙබසක්ම නෙවෙයි තමා, ඒ වුනාට මැදින් වාක්‍ය දානවට වැඩිය ඒක හොඳයි කියල හිතුන.
Deleteහ්ම්ම් ඔව් නේද?
Deleteනියමයි මෙහෙම දේවල් සිද්ද වෙනවද අනේ මෙයා
ReplyDeleteඔව් අනේ මේ වෙලා තියෙන්නේ.
Deleteකියවල ඉවර වෙද්දි මාව කරන්ට් වැදිල ගියා... මම ගෙදර තනියම ලයිට් ඕෆ් කරගෙන මේක කියෙව්වෙ.
ReplyDeleteගෙදර තනියම ඉන්න එපා භූතයෝ එනවා.
Deleteraja rata peththe ekek sms ekak gahala lide penna kiyala nam ahuwa. me siddiya danne nam den
ReplyDeleteරජරට වගේද කොළඹ සීන් :)
Deleteබොට වෙච්ච එකක්ද...?
ReplyDeleteමාසයක් නින්දයන එකක් නෑ..!
මගේ යාලුවෙක්ට වුනු සීන් එකක් අයියා.
Deleteමගේ අම්මෝ !!!!!!! බුදු අයියේ.>>!!!!!!!!
ReplyDelete:( ඇයි දෙයියනේ අපි වගේ එවුන්ග්ව බය කොරන්නේ
හික්ස්
Deleteබය වෙන්න එපා බන් මම ඉන්නවනේ.
ඒ කියන්නෙ අර කොල්ල මැරුනෙ තාත්තා කරපු වැඩේට ඇති වෙච්ච ලැජ්ජාවෙන්.
ReplyDeleteෆෝන් එකෙත් ඔය කෝල් රෙකෝඩ් එක සටහන් වෙලා තියෙනවලුද, ආපු නොම්මරේ හෙම?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව් ලැජ්ජාවට තමා මැරුණේ.කෝල් එකනම් රෙකෝඩ් කරලා නැහැ.ඒත් ලෝග්ස් වල ආපු කෝල් එක තියෙනවා.
Deleteඑතකොට මේකේ බිල යන්නේ කාටද ?
ReplyDeleteකසුන්ට
Deleteඑයානේ කෝල් එක අරන් තියෙන්නේ.
අඩේ වන් මිස්කෝල් ෆිල්ම් එකේ වගේ.
ReplyDeleteඌ අන්තිමට කියලා තියෙන දෙයින් උගේ මලගම ගැනත් නොකියා කියලා
"හ්ම්ම් උඹ අනිවා වරෙන්කො අපේ ගෙදර.කොහොමත් උඹට එන්නම වෙනවා."
ප.ලි. - ඒක නෙමේ මලයා උබලෑ හරියට වැස්සෙන් ආපදාවක් නෑ නේ ? අපේ පැත්ත නම් ගන්ඩ හසරක් නෑ. මලයා දන්නවා නෙහ් පත්තන් වේල්ල දළුපිටිය පැත්ත. ඒ හරිය නම් ගන්ඩ හසරක් නෑ. පලාතම යට වෙලා. 900 බස් එකත් නවත්තලා තියෙන්නේ
Deleteවියලි ආහාට එහෙම ඕනද මධු?
Deleteහික්ස් :)
Deleteවියලි ආහාර උයන්න ක්‍රමේකුත් ඕන ! :)
වන් මිසෙඩ් කෝල් එකේ වගේ තමා.
Deleteඔව් ඒ සීන් එක දැන් මෙහෙ හරි ප්‍රසිද්ධයි.
වෙලාවට අපිට අවුලක් නැහැ අයියා.අපි මීට අවුරුදු12 කට කලින් පත්තන් වැල්ලේ හිටියා.අපෝ ඒ කාලේ වැස්ස කාලෙට අපේ ගේ ඇතුලේ මුට්ටි පාවෙනවා.මෙහෙට නම් ඒ ප්‍රශ්නේ නැහැ.
හෑ..හොල්මන් ද පොල් කොළ කිව්වලු.!!
ReplyDeleteතාත්තා බෝඩිමට ගිහින් දුවව එක්කරගෙන ගේ ලඟට ආවට පස්සේ අතුරුදහන් වෙච්ච කතාවක් මං අහල තියනවා. පස්සේ දුව ගෙට ගිහින් බලපුවම තාත්තා පෙට්ටියක සැතපිලා.
තව ඔහොම කතා ගොඩයි.
මාත් ඒ කතාව අහලා තියෙනවා බන්.
Deleteඅනේ මන්දා.... මට හිතෙන්නෙ මොහොතකට පසු දුරකතනය නාද විය නම් නෙමේ..... පැය කිහිපයකට පසු දුරකතනය නාද විය වෙන්න ඇති. එයා සිය දිවි නසා ගන්න කලින් දුන්න අන්තිම කෝල් එක වෙන්න ඇති. මැරුණ අයව පෙනෙන එක වෙනම කතාවක්, ඒත් ෆෝන් එකකින් කතා කරන්න පුලුවන්ද කියන එක ටිකක් හිතන්න ඕන දෙයක්.
ReplyDeleteඔයාගෙ යාලුව හොයල බලල නැද්ද, ඒ මැරුණ යාලුවගෙ ෆෝන් එකෙන් අන්තිමට කෝල් එකක් අරන් තියෙන්නෙ කීයටද කියලා....
නැහැ නැහැ චතුරංග ෆෝන් එක තියලා විනාඩි දහයකට විතර පස්සේ තමා මාමා කෝල් කරලා තියෙන්නේ.
Deleteඇත්ත සිද්ධියක්ද බන්... මේ වගේ සීන් වලට බෙල්ලෙ වැල දාගත්තා නම් මට මේ වෙද්දි සෑහෙන්න වාර ගානක් එල්ලෙන්න වෙලා...
ReplyDeleteතාත්තා එච්චරටමැ කේස් ද?
Deleteහ්ම්ම් මේක ඇත්ත කතාවක් අයියා.
හොල්මන්ද පොල්කොළ
ReplyDeleteඋඹ එහෙම මට කෝල් කරන්නේ නැහැ හරිය?
Deleteඅඩෝ මං උඹට ඒක කියන්න හිටියේ....අනේ උබත් මට කෝල් කරන්නෙපා...මොනවහරි කියන්න දෙයක් තියෙනවනම් ලියුමක් එවපන්
Deleteමන් මගේ කෙල්ලට්වත් ලියුන් දීලා නැහැ බන් :)
Deleteඕන්නම් ඊමේල් එකක් එවන්නම්.
අප්පා...මේ වෙලාවට ඔව කියවන්නත් බය හිතෙනවා. මම මේ බයේ ඉන්නේ කොයි වෙලාවේ අකුණක් ගහලා මාව පරලෝ සැපත් වෙයිද කියලා. හදිස්සියේ හරි මම මැරිලා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා තිබුනොත් උඹලා බය වෙන්න එපා.
ReplyDeleteමේ සීන් එක නම් සිරාම interesting. මේ පරීක්ෂණය ගැන හොයන්න මම වොට්සන්ව එවන්නම්. හැබැයි වැස්සොත් නම් බෑ හරිද?
හැබැයි ඕක කාගේ හරි හිනා යන්නේ නැති විහිළුවක්ද දන්නෙත් නෑ.
උඹ මැරිලා පෝස්ට් එකක් දැම්මොත් අපිටත් කියපන් මම ඊයේ මැරුණා කියලා හරිද නැත්තම් අපි දන්නේ නැහැනේ.
Deleteනැහැ නැහැ බන් මේක විහිළුවක් නෙවේ සිරා සීන් එකක් වෙලාවක වොට්සන් එක්ක වරෙන්කො.හැබැයි ස්කූබි විස්කෝතු ඉල්ලන්න එපා හරිය?
අඩේ සිරා කතාවක්ද
ReplyDeleteපිස්සු බම්ප් වේ
ආයිත් අහලා
Deleteසිරා කතාවක් බන්
http://theachcharuptuwa.blogspot.it/
ReplyDeleteඕක මම දන්නවනේ බන්?
Deleteහේතුවාදීන්ගේ සංගමයෙ ඩෑල් මේ හරියෙ නැද්ද කොහෙද
ReplyDeleteහිටියා නම් මොකා වෙන්නේ?
Deleteඇත්ත කතාවක්ද මලේ...? අදහාගන්නත් බැහැ. මෙහෙමත් දේවල් වෙනවද?
ReplyDeleteසහතික ඇත්ත කතාවක් අයියා මේක.
Deleteමගේ යාළුවෝ දෙන්නෙක් තමා මේ කතාවේ චරිත.
:O wow..... මලේ. එහෙමනම් විශ්වාසකරන්නම වෙනවා.
Deleteඅනිවා
Deleteපව් අනේ...:(
ReplyDeleteමමද?
Deleteමම මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැ. ඒත් මේක නියම කතාවක්.
ReplyDeleteස්තුතියි අයියා
Deleteමම නම් කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ....ඒත් කතාව ලස්සනයි.
ReplyDeleteසුමිත් අයියා කාලෙකින් නේද?
Deleteඇත්තට ම වුණ දෙයක්ද? අනේ මන්දා හිතාගන්නත් බෑ..
ReplyDeleteඇත්ත සීන් එකක් තමා බන්.
Deleteඔහොම ටෙලියක් ගියා මීට අවුරුදු ගානකට කලින්. නංගි ගෙදරින් පැනලා ගිහිල්ලා. අක්කා කොළඹ වැඩ කරන්නේ ගෙදරින් අක්කට එන්න කියලා පනිවිඩයක් අරිනවා ඒ එන අතර මගදි ලේ පෙරාගෙන ඉන්න නංගිව මුනගැහෙනවා නංගි අක්කට කියනවා තමන්ගෙ කොල්ලා පිහියෙන් ඇන්න බව. අක්කා බොහොම අමාරුවෙන් නංගිව එක්කගෙන එනවා ඒත් ගෙවල් කිට්ටුවදි අමරුවෙන් ඉන්න නංගි ගෙදර කාවහරි එක්කගෙන එන්න කියලා අක්කව යවනවා ඒ එනකොට නංගිගෙ දෙහය ගෙදර තියනවා . මෙකෙ අක්කට රඟපාන්නෙ සුසන්තා චන්ද්‍රමාලිද කොහෙද. අනිත්වනම් මතක නෑ
ReplyDeleteනාට්‍ය නම් බලලා නැහැ එත් ඔය වගේ කතාවක් අහලා තියෙනවා තාත්තයි දුවයි ගැන.
Deleteඅම්මෝ.... දැන් ෆෝන් එකෙනුත් හොල්මන් කරනවද??
ReplyDeleteබයේ බෑ...
ජය..
ඉන්ග්ලිෂ් ෆිල්ම් එහෙම බලන්නේ නැද්ද?
Deleteඅෑ..............ඇයි බන් මේ, මොකක්ද බං මේ....? දැන් උඔ කියන්නේ අපිට මේක trust කරන්න කියලද....? හපොයි.... යසට හිටපු උබට මොකද උනේ.....................????? :(
ReplyDeleteතව පොඩ්ඩෙන් මිස් වුනා නම් මගේ යාලුවන්ටත් මේකම තමයි.දැන් හිත හදාගෙන ඉන්නේ වොර්ල්ඩ් එන්ඩ් එක ළඟ එනවයි කියන නිසා. :)
Delete