දැකලා තියෙනවද යකඩ බඩු එකතු කරන්න එන දාඩිය දාගෙන අව්වට පිච්චිලා කළු වෙලා කරත්ත තල්ලු කරන් එන මිනිස්සුන්ව?.ගාමිණි අයියාත් එහෙම කෙනෙක් එයා දැනට අවුරුදු විස්සකට උඩදී නුවර පැත්තේ දුර ගමක ඉඳලා මෙහෙ ඇවිත් යකඩ එකතු කරන රස්සාව කරන්න අරන් තියෙන්නේ ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා හරියට ඉගෙනගෙන රස්සාවක් කරන්න බැරි වුන නිසා.
එත් මිනිහා හරිම උත්සාහ වන්තයි ඒකනේ නන්නාදුනන කොළඹට ඇවිත් ඒ වගේ රස්සාවක් කරන්නේ.මිනිහගේ පෙනුම අතින් වුනත් ගත්තාම ගොඩක් කලුයි ඇන්දෙත් කිලිටි වුන ඉරුණු ඇඳුම්.මෙයාගේ පෙනුම ද්‍රවිඩ ජාතිකයෙක් වගේ.ඔය රස්සාව කරන්නෙත් ගොඩක් ද්‍රවිඩයන් නිසා මෙයාව ඉස්සෙල්ලාම දකින හැම කෙනෙක්ම හිතුවේ මෙයත් ද්‍රවිඩයෙක් කියලා.
ඒ වගේම තමා ගාමිණි අයියා දැනට වුනත් හරිම කඩිසර මනුස්සයා ඉස්සරත් හොඳට හයිය හත්තිය තිබිලා තියෙනවා කොල්ලා කාලේ.ඔය යකඩ බඩු එකතු කරන්න යද්දී මිනිහා එක්ක එක ගේක නෝනා කෙනෙක් හිතවත් වෙලා තියෙනවා මේ නෝනා ගාමිණි අයියට අයින් කරන යකඩ කෑලි,බෝතල් වගේ ඒවා නිකනුත් දීලා.ගාමිණි අයියත් ඔය හරියෙන් යද්දී ඔය ගෙදරට ගිහින් පොල් ලෙලි ගහලා දර පලලා දීලා වගේ වැඩ කරලා කීය කීය හරි හොයාගන්නවා.
මේ ගෙදර නෝනාට ඉඳලා තියෙනවා දුවෙක් ගාමිණි අයියා මට කියපු විදියට ඒ දුව ඇහැට කනට පේන ඇත්තියක්.අනික හරි විසේකාර තරුණියක් පෑ විසේ කම් වලටයි හුරතල් කමටයි ගාමිණි අයියාට මේ කෙල්ලට හිත ගියා.ගෙදර නෝනා වගේම නෝනාගේ දුවත් ගාමිණි අයියට හරියට අනුකම්පා කරා අඳින්න ඇඳුම් දුන්නා.මේ අනුකම්පාව වැරදියට තේරුම් ගත්ත ගාමිණි අයියා හිතුවේ නෝනාගේ දුවත් ගාමිණි අයියාට කැමැත්තෙන් ඉන්නවා ඇති කියලා.
කොහොමින් කොහොමින් හරි දවසක් නෝනා පේන්න නැති වෙලේ ගාමිණි අයියා අර ඇත්තිගෙන් අහලා තියෙනවා බඳින්න කැමතිද කියලා.ඒ වෙලේ අර ඇත්තිත් මහා හයියෙන් හිනා වෙලා ගාමිණි අයියව කුජීතම කරලා දාලා.ඒ විතරක් නෙවේ ගාමිණි අයියට කියලා "ඔයා දෙමල කෙනෙක් වගේනේ මන් වගේ ලස්සන කෙනෙක්ට ඔයා වගේ දෙමළෙක් හරියන්නේ නැහැ ගාමිණි" කියලා.
ඒ වදන් වලින් හිත රිදිලා ගාමිණි අයියා කරත්තෙත් තල්ලු කරන් එතනින් ගිහින් තියෙන්නේ සිද්ද වුනු දෙයින් හිත රිදිලා විතරක් නිසාම නෙවේ ලැජ්ජාව නිසාත්.පස්සේ ගාමිණි අයියා ඔය ගේ පැත්ත පළාතේ ගිහින් නැහැ.ඒත් පොර රස්සාව උපරිමේටම කරගෙන ගියා ටික දවසකින් යකඩ බඩු එකතු කරන කඩයක්ම දාගෙන.තවත් අවුරුදු පහ හයකට පස්සේ ගැලපෙන ගෑනු කෙනෙක්වත් හොයාගෙන කසාදයකුත් බැන්දා.
ඔය ඔක්කොම දේවල් වෙලා තව අවුරුදු 15ක් විතර ගත වුනා.දැන් ගාමිණි අයියගේ දුවලා දෙන්නම ඉගෙන ගන්නේ OKI ජාත්‍යන්තර පාසලේ.තට්ටු දෙකේ සුපිරි ගෙවල් දෙකක් තියෙනවා එකක් තාම හදනවා.යකඩ බඩු කඩේ දැන් කොල්ලෝ විස්සක් විතර වැඩ.ගාමිණි අයියා කඩේට නම් වැඩිය එන්නේ නැහැ.
ඒ වුනාට තාම ගාමිණි අයියා යන්නේ නයින්ටියේ කොයි වෙලේ බැලුවත් බුලත් හපේ කටේ.බුලත් විතරක්ම නෙවේ කටේ තියෙන්නේ කාව දැක්කත් ලෝබ නැතුව පෙන්වන බුලත් කහට බැඳුනු දත් පෙන්වන හිනාවකුත් තියෙනවා.හරිම නිරහංකාර චරිතයක්,දන්සලක් එහෙම තියෙනවා ආධාරයක් දෙනවද ඇහුවොත් දන්සලට කලින් දවසේ එයාගේම ලොරියකින් හාල් මිටි දෙකක් ගෙනල්ලා බාලා මදි වෙන දේවල් ගන්න රුපියල් දෙදාහක් තුන්දාහක් දීලා යනවා.
මේ වගේ චරිතයක් සමහර විට සුලබ ඇති ඒත් මේ වගේ රත්තරන් මනුස්සයෙක් ගැන සටහනක් තැබුවේ නැත්තම් මම හරි ආත්මාර්ථකාමී චරිතයක් වෙනවා.
අඩේ! මෙන්න මිනිස්සු! බැරි වෙලාවත් මෙයා අර සක්කර වට්ටමට අහු උනානම් ඉවරයි!!!
ReplyDeleteඑහෙනම් බන් ඌ ඔහොම දැහැමින් සෙමින් පොරක් වෙන්නේ නැහැ.
Deleteපොඩියට පටන් ගත්ත වියාපාර ,, අන්තිමට දියුණු වෙලා ,,, ඒ මින්ස්සු පොහොසත් වෙලා තියනවා , හොදම උදාහරණය තමයි නවලෝක මුදලාලි ,, අද වෙනකොට එයා ගැන දන්නැති කෙනෙක් නැනේ ...
ReplyDeleteමේ වගේ ම්නිස්සු හම්බ වෙන්නේ හරි කලාතුරකින් ,,, ඒ වගේ අයට කවදාවත් වරදින්නේ නෑ ,,, හොද පොස්ට් එකක්
ජයෙන් ජය !!!!
ඒකනේ නේද මචන් අපිත් හිතුවොත් දියුණු වෙන්න පුළුවන්.ස්තුතියි මේ පැත්තේ ආවට.
Deleteහි හි... මම නං ඒ ගෑණු ළමයට වැරැද්දක් කියන්නේ නෑ.. මොකද කෙල්ල හා කිව්වා නම් මෙලහකට මේ මනුස්සයා වළදාපු තැන ගසුත් පැළවෙලා... ඒ විදියට කියලා කරලා තියෙන්නේ උදව්වක් කියලයි මට හිතෙන්නේ...
ReplyDeleteකොහොමත් හොඳ මිනිස්සුන්ට වරදිනවා අඩුයි ඉතිං... අනිත් එක මුල අමතක නොකිරීම...
හිරු අක්ක කිව්ව එකත් හරි ඒ කෙල්ල හා කිව්වනම් ඒ මනුස්සයට එහෙම වෙලා
Deleteඇත්ත කථාව. ඒකා නැත්නම් ගෙදරටවෙලා වෙන බඩු ආරක්ෂා කොරන්න එපෑ.
Deleteඑයා එදා ගාමිණි අයියට කැමති වුනා නම් අද සුර සැප විඳිනවා ඒත් එයා අන්ලකි.
Deleteඑයා හා කිව්ව නං අද ගාමිණි නිකම්ම නිකම් රෑකඩයක් වගේ මිනිහෙක් වෙන්නත් ඉඩ තිබුනා....
Deleteමේ වගේ වෙලාවට තමා හැමදේම වෙන්නෙ හොඳට කියලා හිතෙන්‌නේ...
උඹට විකාරද මඩියෝ, අර උඩින්ම 'නාඩියා' කියපුදේ හරි කියලයි මට හිතෙන්නෙත්......
Deleteඑහෙම වෙන්නත් පුළුවන් තමා බන්
Deleteඑහෙම මිනිස්සුත් ඉන්නවා බන්. හැබැයි අර කොළම සෙට් උනා නම් කථාව වෙනස් අකාරයකට ලියවෙන්න තිබුනා...
ReplyDeleteනැහැ බන් ඒ කෝලම සෙට් වුනා නම් අද සුර සැප විඳින්නේ ඒකි.
Deleteමුලින්ම හිරු අක්කා කියපු කතාවට මමත් එකගයි, 'ඒ වුනාට තාම ගාමිණි අයියා යන්නේ නයින්ටියේ කොයි වෙලේ බැලුවත් බුලත් හපේ කටේ.' මේ ටික මේ මනුස්සයගෙ නිරහංකාරකම කොයිතරම්ද කියලා කියන්න පුළූවන් සමහර අය ටිකක් දියුණූ වුනු ගමන් පටන් ගැන්මත් අමතක වෙනවනේ..
ReplyDeleteඒකනේ මම නම් කැමති මුල අමතක නොකරන අයට.
Deleteහපොයි මුල අමතක නොකරනව කියල නයින්ටියෙම යන්න ඕන නෑ. ඇයි කාර් එකක ගියොත් වැරැද්දක්ද? මුල අමතක නොකිරීම හොඳයි. විශේෂයෙන්ම තමුන්ට උදව් කල මිනිස්සු.
Deleteගාමිණි අයියා නම් උදව් කරපු නොකරපු ඕන එකෙක්ට දැන් උදව් කරනවා.
Deleteඒ කෙල්ල ගාමිණි අයියට ඒ වගේ ගැම්මක් දුන්න නිසා තමයි එයා අද ඔය තත්වෙ ඉන්නේ.
ReplyDeleteසමහර විට වෙන්න පුළුවන්
Deleteවසලයෙක් වෙන්නෙ කරන ක්‍රියාවෙන් නිසා.පළමු අද සමාජය දෙස බැලුවම ගාමිණි අයියා අගය කළ යුතුය.එහෙම නැතිව බඳින්න අහලා අකමැති උනාම වෙන ඉරණම් අද ශොචනීය යි.අනිත් කරුණ එවන් සිතන පතන තරුණියක් ගාමිණිට කොහෙත්ම ගැළපෙන්නේ නැ.ආදර්ශමත් කථාවක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඔව් එයාව එදා ගාමිණි අයියා බැන්දා නම් අද ගාමිණි අයියා දියුණු වුනත් සල්ලි වියදම් කරන්න දෙන එකක් නැහැ.
Deleteජීවිතේ කියන්නේ මේක තමයි අද සුරලොව හෙට අපාය මේ කෝකත් කාටත් වලංගුයි.මේ මට වුණත් .ඉතිරිවෙන්නේ මෙදා දක්වන මනුස්සකම විතරයි
ReplyDeleteඇත්ත කතාව
Deleteමේක හරි පුදුම ලෝකයක් බං. මිනිස්සු උස් පහත් වෙන්නෙ කරන රස්සාවෙන්වත්, සල්ලි නිසාවත් වත්කම් නිසාවත් නෙවෙයි. ඔය උඩ නලීන් අයියත් කියල තියෙනව වගේ මේ කැරකෙන ලෝකෙ මොනවද වෙන්න බැරි.
ReplyDeleteඒකනේ සමහර වෙලාවට සල්ලි දීලාවත් කරගන්න බැරි උදව් මිනිස්සු අපිට කරනවා.
Deleteමී කුණක් විකුනලා මිනිස්සු දියුනු වුනානම් .. යකඩ බඩු එකතු කරලා බැරි ඇයි....
ReplyDeleteඔෆිස් වල වැඩ කරන අපිට බැරි උනාට
යකඩ බඩු එකතු කරන උන්ට පුළුවන් නම් ඇයි උඹට බැරි?
Deleteඅම්මප මේක නම් නියම කතාවක්..අපේ පැත්තේ පොරක්ද බං????
ReplyDeleteඔව් බන් අපේ පැත්තේ එකෙක් තමා උඹත් දන්නවා ඇති.
Deleteඔය වගේ මිනිස්සු අඩුයි බං..!
ReplyDeleteඑක අතකින් ඌ කාල තියෙන්නෙ බූට් එකක්නෙ..
කොල්ලෙක් හැදෙන්න බූට් එකක් කන්නම ඕන.
දියුණු වෙන්න ඕන නම් බූට් එකක් කන්න ඕන :)
Deleteදියුණුවේ රහස ඇයද? :)
ReplyDeleteනැහැ මචන් උත්සාහය.
Deleteඅඩේ අෆ්ෆා.. මෙන්න මේ කොමෙන්ට් බොක්ස් එක දිගයි , මටත් ඕනේ මේ අයිටම් එක ,
ReplyDeleteකතාව සියල්ලෝම සතුටින් විසිර ගියෝය වගේ සිද්දියක් තමයි එහෙනම් ,
බුට් කන එවුන්ගේ මොලේ දියුණු වෙනවා :D
උඹත් බූට් කාලා බලපන් මන්නම් කාලා තියෙන්නේ එත් තාම දියුණුවක් නැහැ.
Deleteවටිනා කියන මිනිහෙක්...!!!!
ReplyDeleteමෙන්න මූ බ්ලොගර් ප්‍රොෆයිල් එකක් හදාගෙන හුරේ.........
Deleteහොද කතාවක් මචන්
ReplyDeleteතෑන්ක්ස් මචන්
Deleteගාමිණී අයියා ආදර්ශමත් කතාවක් වුනත්, එයා කන්න දීපු අත හපා කනවා වගේ වැඩක්නේ කරන්න හදල තියෙන්නේ.
ReplyDeleteඒක තමා ඒත් අනේ මන්දා තරුණ කාලේ දුර දිග හිතුවේ නැතුව ඇති.
Deleteතරුණ කාලෙ ඇතිවෙන ආදර හැඟීම්වලට සීමා මායිම් නෑනේ අයියා, හොඳ නරක යුතු අයුතු කම් හිතන්නෙ මොළෙන්, ආදරය ඇති වෙන්නෙ හදවතෙන්. සාමාන්‍යයෙන් ඔය වයසෙදි ඒ වගේ කාරණාවලදි ඉස්සර වෙන්නෙ හදවත. සමහරවිට මිනිහට සල්ලි ටිකක් හොයා ගෙන දියුණු වෙන්න ඕන කියන අධිෂ්ඨානෙ තදින්ම ඇතිවෙන්න ඇත්තෙත් ඔය සිද්ධිය නිසා.
Deleteආදර්ශමත් කතාවක්.....!
ReplyDeleteඅපි කොච්චර දියුණු වෙන්න ඕනද නෙහ්? :)
Deleteඅඩුවෙන් උනත්, දකින්න ලැබෙන නියම චරිතයක්.
ReplyDeleteඒක නම් ඇත්ත සහෝ
Deleteඋත්සාහ වන්ත මනුස්පයෙක්..
ReplyDeleteඅස්පයෙක් නෙවේනේ?
Deleteසිරා පොරක් නේ. අර කෙල්ලව සෙට් වුනා නම් ඔය තත්ත්වෙට නොඑන්නත් තිබුනා.
ReplyDeleteඔය තත්වෙට ආවත් සල්ලි වියදම් කරන්න දෙන එකක් නැහැ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබින්දුවෙන් පටන් අරන් ගොඩ ගිය මිනිස්සු අනත්තවත් ඉන්නවා. ඉතින් මතුරපු අබ ඉහලා හූනියම් කරලා හෙම පොරව බිම දාන්න කවුරුත් හැදුවෙ නැද්ද? ඒකනෙ අපේ සඟිස්කුරුතිය.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හික්ස්
Deleteසමහර විට ඇති එත් ඒ දේවල් ගාමිණි අයියා කාටවත් කියන්නේ නැහැ.
අදහන්න වටින බුවෙක්...හෙහේ
ReplyDeleteබුවෙක්? :D
Deleteනියම කොල්ලෙක් බන්, කලින් රාජ් කිව්ව කාරනයට මාත් එකගයි,
ReplyDeleteමුල අමතක කරන්නේ නෑ කියන්නේ නන්යින්ටියෙන් යනවා කියන එකමනම් නෙමෙයි.
බැරි වෙලාවේ අත දුන්න මිනිස්සුන් ගැන් දැනුත් බ්ලනවනම් එච්චරයි
ඒකනම් ඇත්ත තමා හැබැයි ගාමිණි අයියා කාටත් උදව් කරන් තමා ජීවත් වෙන්නේ.
Deleteකෙල්ලගෙ උත්තරේ වැරැද්දක් නෑ බන්... උඹ ඔය කෙල්ල උනානම් ඔය උත්තරේම තමා ඌට දෙන්නෙ...
ReplyDeleteඔයවගේම උත්සාහවන්ත චරිත අපේ පැතිවලත් ඉන්නවා... අපි අගය කරන්න ඕනෙ ඒ අයගෙ ධෛර්යය, උත්සාහවන්ත භාවය..
අනිවා
Deleteබැරි වෙලාවකවත් අර කෙල්ලව බැන්දා නම් ගාමිණිට මෙහෙම තත්වයකට එන්ඩ ලැබෙන්ඩත් ඉඩ අඩු වෙන්ඩ තිබ්බා. සෑහෙන සතුටුයි මේ වගේ මනුස්සයෙක්ගේ කතාවක් කියවන්ඩ ලැබිච්ච එකට.
ReplyDeleteOKI ඉස්කෝලේ කිව්වම ඉතින් අපේ ටවුමේ තියෙන ඉස්කෝලෙ තමා මතක් වෙන්නේ. අර ආගමේ නමක් තියෙන ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලයක් තියෙන්නේ.
මොකක්ද ඒ ඉස්කෝලේ?
Deleteමේක නම් වත්තල තියෙන එක.
ඒක වත්තල ශා. අන්තෝනි විද්‍යාලය. :)
Deleteඅපේ ඉස්කෝලේ.
හැබෑද? එතකොට මේ අන්තෝනි එකේ කොල්ලෙක් :)
Deleteඉස්සර අපේ ස්කූල් වෑන් එකේ එකේ ගෑල්ලමයි දෙතුන් දෙනෙක් ගියා.
මලයා එතකොට මොන ඉස්කෝලෙද ?
Deleteමම ගියේ ලක්ස්ප්‍රේ එක ඉස්සරහ එකට හැබැයි කරුනාරත්නෙට නෙවේ :)
Deleteබොහොම ආදර්ශමත් කථාවක්.. සිරාම පොරක් වගේ..
ReplyDeleteඅනිවා සිරා පොරක් තමා මචන්
Deleteගාමිණි කොලුවගේ වාසනාව, වෙන මොකක්ද ඉතින්.....
ReplyDeleteවාසනාව උත්සාහය ඔක්කොම.
Deleteඋත්සහාවන්තයා ජයගන්නවා කියන්නෙ ඒකනේ
ReplyDeleteඒක ඇත්ත අයියා.
Deleteඋත්සාහවන්තයා ජයගනී කියන කතාව බොරුවක් නෙමේ නේද...
ReplyDeleteනැහැ බන්
Deleteඒ මනුස්සයගේ ඉරනම් කාරී අර ඉස්කුරුප්පුව නොවෙන්න ඇති බං. අනික ඔය වගේ දෙයක් හිතට වැදුනමත් මිනිස්සුන්ට දැඩි ආත්මශක්තියක් ඇතිවෙනවා. තමනුත් හොඳ සමාජ තලයකට එන්න ඕන කියලා. ඔය තියෙන්නේ ඒ අධිෂ්ඨානයේ ප්‍රතිපල.
ReplyDeleteඋත්සාහය කැපවීම තියෙනවා නම් අපිට වුනත් ඕන දෙයක් කරන්න පුළුවන්.
Deleteසුපිරි මනුස්සයෙක් වෙන මිනිහෙක් නම් අර ලස්සනයි කියපු කෙල්ල කියපු දෙයින් ආත්ම විශ්වාසෙ නැති කරගෙන සිය දිවිහානි කරගෙන මෙලහකට. ඔහොම මිනිස්සුන්ට වරදින්නේ නෑ..
ReplyDeleteමන් වගේ ඩයල් එකක් නේද බන්? :)
Deleteඒ කෝමද බං මිනිස්සු එහෙම සල්ලිකාරයෝ වෙන්නේ??????????
ReplyDeleteයකෝ යකඩ බඩු කාරයෙක් කියන්නේ දැන් කාලේ එසේ මෙසේ ව්‍යාපාරිකයෙක් නෙවේ.
Deleteනෝනගේ දුවගෙ තත්වෙ දැන් කොහොමද..
ReplyDeleteඑයා ගැන මට කිව්වේ නැහැ ගාමිණි අයියා.
Delete"අනුකම්පාව වරදවල වටහගෙන.."
ReplyDeleteනිශාන් මේක මෙහෙම කී එක හොඳා - එදිනෙදා ජීවිතේ අමනාපකං ඇතිවෙන්න ලොකු හේතුවක්
ජය!!
වැරදි වැටහීම් නේද?
Deleteමේවගේ මිනිස්සු සුලබ නෑ බන්.. හරි විරලයි.. බහුතරයක් ඉන්නෙ පජාත පොරවල්.. කීය කීය හරි හම්ම්බෙන්න ගද්දි කුම්මහි කමට අට්ටි ගහන උන්.
ReplyDeleteමම හරි ආසයි බන් මේ වගේ උත්සහයෙන් දියුණු වුන මිනිස්සු ගැන කියවන්ඩ..
ඒකනම් ඇත්ත මාත් මේ වගේ මනුස්සයෙක් වෙන කොහෙවත් ඇත්ත ජීවිතයේදී දැකලා නැහැ.
Deleteහොදින්ම සිනහසෙන්නේ වැඩිපුරම කදුළු හෙලූ මිනිසුන්ය..))
ReplyDeleteමටත් කවදාහරි හොඳින්ම හිනාවෙන්න පුළුවන් එහෙනම් :)
Deleteනියම මනුස්සයෙක් මල්ලි. මනුස්ස ජීවිතේ එක එක කඩ ඉම එනවා. සමහරවිට අර ගෑනි මේ මනුස්සයව හෑල්ලු කලේ නැත්නම් මේ තත්වේ එයා නොඉන්න තිබුනා ඒ දේ උනේ ගාමිණි අයියගේ වාසනාවට හොඳ කතාවක්
ReplyDeleteහ්ම්ම් හැමෝටම කතාවක් තියෙනවනේ.
Deleteනියම කතාවක්... මේ වගේ මිනිස්සු ගැන අහන්නත් සන්තෝසයි....... :)
ReplyDeleteස්තුතියි සහෝදරි.
Deleteඅර කෙල්ලට ඊට පස්සේ මේ මනුස්සයව හම්බ උනේ නැද්ද...හදස්සියකට කඩේටවත් ඇවිත් දකින්න තියෙන්නේ....
ReplyDeleteඅනේ මන්දා බන් ඕවා නම් මට කිව්වේ නැහැ ගාමිනියා.
Deleteමහන්සිවෙලා ඉස්සරහට ආපු මනුස්සයෙක් තමන්ගේ මුල අමතක කරන්නේ බොහොම කලාතුරකින්/
ReplyDeleteඒකනම් ඇත්ත
DeleteI comment when I appreciate a article on a site or I have something to add to the conversation.
ReplyDeleteIt is triggered by the sincerness displayed in the post I looked at.
And after this article "නෝනාගේ දුවට ලව් කරපු ගාමිණි අයියා".
I was moved enough to leave a thought :-P I do have a couple of questions for you if it's allright. Is it simply me or do some of the remarks appear like left by brain dead folks? :-P And, if you are posting at other online sites, I'd like
to keep up with everything new you have to post. Could you make a list all of all your social pages like your Facebook page, twitter feed,
or linkedin profile?
My web site > how to make iphone apps
අනේ මන්දා මහන්සි වෙලා කඩ්ඩෙන් කෙටුවට මට මේක තේරුනේ නැහැ.
Deleteමහ ලොකු ලස්සන. ගෑනු අය ලස්සනට ඉන්නේ වැඩි වුනොත් අවුරුදු 25යි. එතනින් එහාට ගියොත් ඩක්කු. වැඩක් නෑ. අර කෙල්ලත් එයාඅගේ ලස්සන ඔලුවට ගහල හිටපු නිසා ඒඅ කෙල්ලට ගැමිනියව බඳින්න පින තිබ්බෙ නෑ..
ReplyDeleteසිරා බන් එදා එයා ගාමිණි අයියාව බැන්දා නම් අද සුරසැප විඳිනවා.
Deleteවෙලාව හොඳයි පොරගේ. සමහරු කොච්චර මොනවා කලත් උඩට එන්නේ නෑ. සමහරු නිරායාසයෙන් එනවා. තව සමහරු ඔය එන්නේ ඔය විදියට.
ReplyDeleteමේ මාත් එහෙම කෙනෙක්.
Deleteඔව්
what a shame bro........ oh...sorry sorry උඔට කඩ්ඩ අවුල් කියපුනිසාත් (මටත් චුට්ටක් අවුල් ඈ...)මම හිංගලෙන්ම කොටන්නංකෝ.... උබේ post එක නියමයි සහෝ...මේක පහලට scroll කරගෙන එනකොට මුලින් දාන්න හිටපු අදහසත් වේනස් උනට, උඔට සප්එකක් විදියට මොනව හරි කොටල යන එක මගේ habit එකනේ මචෝ...
ReplyDeleteඑල..ඈ.... ජය
:D :D
DeleteGreat weblog here! Additionally your website a lot up very
ReplyDeletefast! What web host are you using? Can I am getting
your associate link in your host? I desire my
website loaded up as fast as yours lol
Feel free to visit my web blog toledo
What's up, its nice post on the topic of media print, we all be familiar with media is a wonderful source of data.
ReplyDeletemy site; curler