Thursday, November 08, 2012

105 නෝනාගේ දුවට ලව් කරපු ගාමිණි අයියා

දැකලා තියෙනවද යකඩ බඩු එකතු කරන්න එන දාඩිය දාගෙන අව්වට පිච්චිලා කළු වෙලා කරත්ත තල්ලු කරන් එන මිනිස්සුන්ව?.ගාමිණි අයියාත් එහෙම කෙනෙක් එයා දැනට අවුරුදු විස්සකට උඩදී නුවර පැත්තේ දුර ගමක ඉඳලා මෙහෙ ඇවිත් යකඩ එකතු කරන රස්සාව කරන්න අරන් තියෙන්නේ ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා හරියට ඉගෙනගෙන රස්සාවක් කරන්න බැරි වුන නිසා.


එත් මිනිහා හරිම උත්සාහ වන්තයි ඒකනේ නන්නාදුනන කොළඹට ඇවිත් ඒ වගේ රස්සාවක් කරන්නේ.මිනිහගේ පෙනුම අතින් වුනත් ගත්තාම ගොඩක් කලුයි ඇන්දෙත් කිලිටි වුන ඉරුණු ඇඳුම්.මෙයාගේ පෙනුම ද්‍රවිඩ ජාතිකයෙක් වගේ.ඔය රස්සාව කරන්නෙත් ගොඩක් ද්‍රවිඩයන් නිසා මෙයාව ඉස්සෙල්ලාම දකින හැම කෙනෙක්ම හිතුවේ මෙයත් ද්‍රවිඩයෙක් කියලා.

ඒ වගේම තමා ගාමිණි අයියා දැනට වුනත් හරිම කඩිසර මනුස්සයා ඉස්සරත් හොඳට හයිය හත්තිය තිබිලා තියෙනවා කොල්ලා කාලේ.ඔය යකඩ බඩු එකතු කරන්න යද්දී මිනිහා එක්ක එක ගේක නෝනා කෙනෙක් හිතවත් වෙලා තියෙනවා මේ නෝනා ගාමිණි අයියට අයින් කරන යකඩ කෑලි,බෝතල් වගේ ඒවා නිකනුත් දීලා.ගාමිණි අයියත් ඔය හරියෙන් යද්දී ඔය ගෙදරට ගිහින් පොල් ලෙලි ගහලා දර පලලා දීලා වගේ වැඩ කරලා කීය කීය හරි හොයාගන්නවා.

මේ ගෙදර නෝනාට ඉඳලා තියෙනවා දුවෙක් ගාමිණි අයියා මට කියපු විදියට ඒ දුව ඇහැට කනට පේන ඇත්තියක්.අනික හරි විසේකාර තරුණියක් පෑ විසේ කම් වලටයි හුරතල් කමටයි ගාමිණි අයියාට මේ කෙල්ලට හිත ගියා.ගෙදර නෝනා වගේම නෝනාගේ දුවත් ගාමිණි අයියට හරියට අනුකම්පා කරා අඳින්න ඇඳුම් දුන්නා.මේ අනුකම්පාව වැරදියට තේරුම් ගත්ත ගාමිණි අයියා හිතුවේ නෝනාගේ දුවත් ගාමිණි අයියාට කැමැත්තෙන් ඉන්නවා ඇති කියලා.

කොහොමින් කොහොමින් හරි දවසක් නෝනා පේන්න නැති වෙලේ ගාමිණි අයියා අර ඇත්තිගෙන් අහලා තියෙනවා බඳින්න කැමතිද කියලා.ඒ වෙලේ අර ඇත්තිත් මහා හයියෙන් හිනා වෙලා ගාමිණි අයියව කුජීතම කරලා දාලා.ඒ විතරක් නෙවේ ගාමිණි අයියට කියලා "ඔයා දෙමල කෙනෙක් වගේනේ මන් වගේ ලස්සන කෙනෙක්ට ඔයා වගේ දෙමළෙක් හරියන්නේ නැහැ ගාමිණි" කියලා.

ඒ වදන් වලින් හිත රිදිලා ගාමිණි අයියා කරත්තෙත් තල්ලු කරන් එතනින් ගිහින් තියෙන්නේ සිද්ද වුනු දෙයින් හිත රිදිලා විතරක් නිසාම නෙවේ ලැජ්ජාව නිසාත්.පස්සේ ගාමිණි අයියා ඔය ගේ පැත්ත පළාතේ ගිහින් නැහැ.ඒත් පොර රස්සාව උපරිමේටම කරගෙන ගියා ටික දවසකින් යකඩ බඩු එකතු කරන කඩයක්ම දාගෙන.තවත් අවුරුදු පහ හයකට පස්සේ ගැලපෙන ගෑනු කෙනෙක්වත් හොයාගෙන කසාදයකුත් බැන්දා.

ඔය ඔක්කොම දේවල් වෙලා තව අවුරුදු 15ක් විතර ගත වුනා.දැන් ගාමිණි අයියගේ දුවලා දෙන්නම ඉගෙන ගන්නේ OKI ජාත්‍යන්තර පාසලේ.තට්ටු දෙකේ සුපිරි ගෙවල් දෙකක් තියෙනවා එකක් තාම හදනවා.යකඩ  බඩු කඩේ දැන් කොල්ලෝ විස්සක් විතර වැඩ.ගාමිණි අයියා කඩේට නම් වැඩිය එන්නේ නැහැ.

ඒ වුනාට තාම ගාමිණි අයියා යන්නේ නයින්ටියේ කොයි වෙලේ බැලුවත් බුලත් හපේ කටේ.බුලත් විතරක්ම නෙවේ කටේ තියෙන්නේ කාව දැක්කත් ලෝබ නැතුව පෙන්වන බුලත් කහට බැඳුනු දත් පෙන්වන හිනාවකුත් තියෙනවා.හරිම නිරහංකාර චරිතයක්,දන්සලක් එහෙම තියෙනවා ආධාරයක් දෙනවද ඇහුවොත් දන්සලට කලින් දවසේ එයාගේම ලොරියකින් හාල් මිටි දෙකක් ගෙනල්ලා බාලා මදි වෙන දේවල් ගන්න රුපියල් දෙදාහක් තුන්දාහක් දීලා යනවා.

මේ වගේ චරිතයක් සමහර විට සුලබ ඇති ඒත් මේ වගේ රත්තරන් මනුස්සයෙක් ගැන සටහනක් තැබුවේ නැත්තම් මම හරි ආත්මාර්ථකාමී චරිතයක් වෙනවා.


105 comments:

  1. අඩේ! මෙන්න මිනිස්සු! බැරි වෙලාවත් මෙයා අර සක්කර වට්ටමට අහු උනානම් ඉවරයි!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් බන් ඌ ඔහොම දැහැමින් සෙමින් පොරක් වෙන්නේ නැහැ.

      Delete
  2. පොඩියට පටන් ගත්ත වියාපාර ,, අන්තිමට දියුණු වෙලා ,,, ඒ මින්ස්සු පොහොසත් වෙලා තියනවා , හොදම උදාහරණය තමයි නවලෝක මුදලාලි ,, අද වෙනකොට එයා ගැන දන්නැති කෙනෙක් නැනේ ...

    මේ වගේ ම්නිස්සු හම්බ වෙන්නේ හරි කලාතුරකින් ,,, ඒ වගේ අයට කවදාවත් වරදින්නේ නෑ ,,, හොද පොස්ට් එකක්
    ජයෙන් ජය !!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද මචන් අපිත් හිතුවොත් දියුණු වෙන්න පුළුවන්.ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  3. හි හි... මම නං ඒ ගෑණු ළමයට වැරැද්දක් කියන්නේ නෑ.. මොකද කෙල්ල හා කිව්වා නම් මෙලහකට මේ මනුස්සයා වළදාපු තැන ගසුත් පැළවෙලා... ඒ විදියට කියලා කරලා තියෙන්නේ උදව්වක් කියලයි මට හිතෙන්නේ...

    කොහොමත් හොඳ මිනිස්සුන්ට වරදිනවා අඩුයි ඉතිං... අනිත් එක මුල අමතක නොකිරීම...

    ReplyDelete
    Replies
    1. හිරු අක්ක කිව්ව එකත් හරි ඒ කෙල්ල හා කිව්වනම් ඒ මනුස්සයට එහෙම වෙලා

      Delete
    2. ඇත්ත කථාව. ඒකා නැත්නම් ගෙදරටවෙලා වෙන බඩු ආරක්ෂා කොරන්න එපෑ.

      Delete
    3. එයා එදා ගාමිණි අයියට කැමති වුනා නම් අද සුර සැප විඳිනවා ඒත් එයා අන්ලකි.

      Delete
    4. එයා හා කිව්ව නං අද ගාමිණි නිකම්ම නිකම් රෑකඩයක් වගේ මිනිහෙක් වෙන්නත් ඉඩ තිබුනා....

      මේ වගේ වෙලාවට තමා හැමදේම වෙන්නෙ හොඳට කියලා හිතෙන්‌නේ...

      Delete
    5. උඹට විකාරද මඩියෝ, අර උඩින්ම 'නාඩියා' කියපුදේ හරි කියලයි මට හිතෙන්නෙත්......

      Delete
    6. එහෙම වෙන්නත් පුළුවන් තමා බන්

      Delete
  4. එහෙම මිනිස්සුත් ඉන්නවා බන්. හැබැයි අර කොළම සෙට් උනා නම් කථාව වෙනස් අකාරයකට ලියවෙන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. නැහැ බන් ඒ කෝලම සෙට් වුනා නම් අද සුර සැප විඳින්නේ ඒකි.

      Delete
  5. මුලින්ම හිරු අක්කා කියපු කතාවට මමත් එකගයි, 'ඒ වුනාට තාම ගාමිණි අයියා යන්නේ නයින්ටියේ කොයි වෙලේ බැලුවත් බුලත් හපේ කටේ.' මේ ටික මේ මනුස්සයගෙ නිරහංකාරකම කොයිතරම්ද කියලා කියන්න පුළූවන් සමහර අය ටිකක් දියුණූ වුනු ගමන් පටන් ගැන්මත් අමතක වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම නම් කැමති මුල අමතක නොකරන අයට.

      Delete
    2. හපොයි මුල අමතක නොකරනව කියල නයින්ටියෙම යන්න ඕන නෑ. ඇයි කාර් එකක ගියොත් වැරැද්දක්ද? මුල අමතක නොකිරීම හොඳයි. විශේෂයෙන්ම තමුන්ට උදව් කල මිනිස්සු.

      Delete
    3. ගාමිණි අයියා නම් උදව් කරපු නොකරපු ඕන එකෙක්ට දැන් උදව් කරනවා.

      Delete
  6. ඒ කෙල්ල ගාමිණි අයියට ඒ වගේ ගැම්මක් දුන්න නිසා තමයි එයා අද ඔය තත්වෙ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්න පුළුවන්

      Delete
  7. වසලයෙක් වෙන්නෙ කරන ක්‍රියාවෙන් නිසා.පළමු අද සමාජය දෙස බැලුවම ගාමිණි අයියා අගය කළ යුතුය.එහෙම නැතිව බඳින්න අහලා අකමැති උනාම වෙන ඉරණම් අද ශොචනීය යි.අනිත් කරුණ එවන් සිතන පතන තරුණියක් ගාමිණිට කොහෙත්ම ගැළපෙන්නේ නැ.ආදර්ශමත් කථාවක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් එයාව එදා ගාමිණි අයියා බැන්දා නම් අද ගාමිණි අයියා දියුණු වුනත් සල්ලි වියදම් කරන්න දෙන එකක් නැහැ.

      Delete
  8. ජීවිතේ කියන්නේ මේක තමයි අද සුරලොව හෙට අපාය මේ කෝකත් කාටත් වලංගුයි.මේ මට වුණත් .ඉතිරිවෙන්නේ මෙදා දක්වන මනුස්සකම විතරයි

    ReplyDelete
  9. මේක හරි පුදුම ලෝකයක් බං. මිනිස්සු උස් පහත් වෙන්නෙ කරන රස්සාවෙන්වත්, සල්ලි නිසාවත් වත්කම් නිසාවත් නෙවෙයි. ඔය උඩ නලීන් අයියත් කියල තියෙනව වගේ මේ කැරකෙන ලෝකෙ මොනවද වෙන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සමහර වෙලාවට සල්ලි දීලාවත් කරගන්න බැරි උදව් මිනිස්සු අපිට කරනවා.

      Delete
  10. මී කුණක් විකුනලා මිනිස්සු දියුනු වුනානම් .. යකඩ බඩු එකතු කරලා බැරි ඇයි....
    ඔෆිස් වල වැඩ කරන අපිට බැරි උනාට

    ReplyDelete
    Replies
    1. යකඩ බඩු එකතු කරන උන්ට පුළුවන් නම් ඇයි උඹට බැරි?

      Delete
  11. අම්මප මේක නම් නියම කතාවක්..අපේ පැත්තේ පොරක්ද බං????

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අපේ පැත්තේ එකෙක් තමා උඹත් දන්නවා ඇති.

      Delete
  12. ඔය වගේ මිනිස්සු අඩුයි බං..!

    එක අතකින් ඌ කාල තියෙන්නෙ බූට් එකක්නෙ..
    කොල්ලෙක් හැදෙන්න බූට් එකක් කන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. දියුණු වෙන්න ඕන නම් බූට් එකක් කන්න ඕන :)

      Delete
  13. දියුණුවේ රහස ඇයද? :)

    ReplyDelete
    Replies
    1. නැහැ මචන් උත්සාහය.

      Delete
  14. අඩේ අෆ්ෆා.. මෙන්න මේ කොමෙන්ට් බොක්ස් එක දිගයි , මටත් ඕනේ මේ අයිටම් එක ,
    කතාව සියල්ලෝම සතුටින් විසිර ගියෝය වගේ සිද්දියක් තමයි එහෙනම් ,
    බුට් කන එවුන්ගේ මොලේ දියුණු වෙනවා :D

    ReplyDelete
    Replies
    1. උඹත් බූට් කාලා බලපන් මන්නම් කාලා තියෙන්නේ එත් තාම දියුණුවක් නැහැ.

      Delete
  15. වටිනා කියන මිනිහෙක්...!!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ බ්ලොගර් ප්‍රොෆයිල් එකක් හදාගෙන හුරේ.........

      Delete
  16. ගාමිණී අයියා ආදර්ශමත් කතාවක් වුනත්, එයා කන්න දීපු අත හපා කනවා වගේ වැඩක්නේ කරන්න හදල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඒත් අනේ මන්දා තරුණ කාලේ දුර දිග හිතුවේ නැතුව ඇති.

      Delete
    2. තරුණ කාලෙ ඇතිවෙන ආදර හැඟීම්වලට සීමා මායිම් නෑනේ අයියා, හොඳ නරක යුතු අයුතු කම් හිතන්නෙ මොළෙන්, ආදරය ඇති වෙන්නෙ හදවතෙන්. සාමාන්‍යයෙන් ඔය වයසෙදි ඒ වගේ කාරණාවලදි ඉස්සර වෙන්නෙ හදවත. සමහරවිට මිනිහට සල්ලි ටිකක් හොයා ගෙන දියුණු වෙන්න ඕන කියන අධිෂ්ඨානෙ තදින්ම ඇතිවෙන්න ඇත්තෙත් ඔය සිද්ධිය නිසා.

      Delete
  17. ආදර්ශමත් කතාවක්.....!

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර දියුණු වෙන්න ඕනද නෙහ්? :)

      Delete
  18. අඩුවෙන් උනත්, දකින්න ලැබෙන නියම චරිතයක්.

    ReplyDelete
  19. උත්සාහ වන්ත මනුස්පයෙක්..

    ReplyDelete
    Replies
    1. අස්පයෙක් නෙවේනේ?

      Delete
  20. සිරා පොරක් නේ. අර කෙල්ලව සෙට් වුනා නම් ඔය තත්ත්වෙට නොඑන්නත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔය තත්වෙට ආවත් සල්ලි වියදම් කරන්න දෙන එකක් නැහැ.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. බින්දුවෙන් පටන් අරන් ගොඩ ගිය මිනිස්සු අනත්තවත් ඉන්නවා. ඉතින් මතුරපු අබ ඉහලා හූනියම් කරලා හෙම පොරව බිම දාන්න කවුරුත් හැදුවෙ නැද්ද? ඒකනෙ අපේ සඟිස්කුරුතිය.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හික්ස්
      සමහර විට ඇති එත් ඒ දේවල් ගාමිණි අයියා කාටවත් කියන්නේ නැහැ.

      Delete
  23. අදහන්න වටින බුවෙක්...හෙහේ

    ReplyDelete
  24. නියම කොල්ලෙක් බන්, කලින් රාජ් කිව්ව කාරනයට මාත් එකගයි,
    මුල අමතක කරන්නේ නෑ කියන්නේ නන්යින්ටියෙන් යනවා කියන එකමනම් නෙමෙයි.

    බැරි වෙලාවේ අත දුන්න මිනිස්සුන් ගැන් දැනුත් බ්ලනවනම් එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා හැබැයි ගාමිණි අයියා කාටත් උදව් කරන් තමා ජීවත් වෙන්නේ.

      Delete
  25. කෙල්ලගෙ උත්තරේ වැරැද්දක් නෑ බන්... උඹ ඔය කෙල්ල උනානම් ඔය උත්තරේම තමා ඌට දෙන්නෙ...

    ඔයවගේම උත්සාහවන්ත චරිත අපේ පැතිවලත් ඉන්නවා... අපි අගය කරන්න ඕනෙ ඒ අයගෙ ධෛර්යය, උත්සාහවන්ත භාවය..

    ReplyDelete
  26. බැරි වෙලාවකවත් අර කෙල්ලව බැන්දා නම් ගාමිණිට මෙහෙම තත්වයකට එන්ඩ ලැබෙන්ඩත් ඉඩ අඩු වෙන්ඩ තිබ්බා. සෑහෙන සතුටුයි මේ වගේ මනුස්සයෙක්ගේ කතාවක් කියවන්ඩ ලැබිච්ච එකට.

    OKI ඉස්කෝලේ කිව්වම ඉතින් අපේ ටවුමේ තියෙන ඉස්කෝලෙ තමා මතක් වෙන්නේ. අර ආගමේ නමක් තියෙන ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලයක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ ඉස්කෝලේ?
      මේක නම් වත්තල තියෙන එක.

      Delete
    2. ඒක වත්තල ශා. අන්තෝනි විද්‍යාලය. :)
      අපේ ඉස්කෝලේ.

      Delete
    3. හැබෑද? එතකොට මේ අන්තෝනි එකේ කොල්ලෙක් :)
      ඉස්සර අපේ ස්කූල් වෑන් එකේ එකේ ගෑල්ලමයි දෙතුන් දෙනෙක් ගියා.

      Delete
    4. මලයා එතකොට මොන ඉස්කෝලෙද ?

      Delete
    5. මම ගියේ ලක්ස්ප්‍රේ එක ඉස්සරහ එකට හැබැයි කරුනාරත්නෙට නෙවේ :)

      Delete
  27. බොහොම ආදර්ශමත් කථාවක්.. සිරාම පොරක් වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවා සිරා පොරක් තමා මචන්

      Delete
  28. ගාමිණි කොලුවගේ වාසනාව, වෙන මොකක්ද ඉතින්.....

    ReplyDelete
    Replies
    1. වාසනාව උත්සාහය ඔක්කොම.

      Delete
  29. උත්සහාවන්තයා ජයගන්නවා කියන්නෙ ඒකනේ

    ReplyDelete
  30. උත්සාහවන්තයා ජයගනී කියන කතාව බොරුවක් නෙමේ නේද...

    ReplyDelete
  31. ඒ මනුස්සයගේ ඉරනම් කාරී අර ඉස්කුරුප්පුව නොවෙන්න ඇති බං. අනික ඔය වගේ දෙයක් හිතට වැදුනමත් මිනිස්සුන්ට දැඩි ආත්මශක්තියක් ඇතිවෙනවා. තමනුත් හොඳ සමාජ තලයකට එන්න ඕන කියලා. ඔය තියෙන්නේ ඒ අධිෂ්ඨානයේ ප්‍රතිපල.

    ReplyDelete
    Replies
    1. උත්සාහය කැපවීම තියෙනවා නම් අපිට වුනත් ඕන දෙයක් කරන්න පුළුවන්.

      Delete
  32. සුපිරි මනුස්සයෙක් වෙන මිනිහෙක් නම් අර ලස්සනයි කියපු කෙල්ල කියපු දෙයින් ආත්ම විශ්වාසෙ නැති කරගෙන සිය දිවිහානි කරගෙන මෙලහකට. ඔහොම මිනිස්සුන්ට වරදින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මන් වගේ ඩයල් එකක් නේද බන්? :)

      Delete
  33. ඒ කෝමද බං මිනිස්සු එහෙම සල්ලිකාරයෝ වෙන්නේ??????????

    ReplyDelete
    Replies
    1. යකෝ යකඩ බඩු කාරයෙක් කියන්නේ දැන් කාලේ එසේ මෙසේ ව්‍යාපාරිකයෙක් නෙවේ.

      Delete
  34. නෝනගේ දුවගෙ තත්වෙ දැන් කොහොමද..

    ReplyDelete
    Replies
    1. එයා ගැන මට කිව්වේ නැහැ ගාමිණි අයියා.

      Delete
  35. "අනුකම්පාව වරදවල වටහගෙන.."

    නිශාන් මේක මෙහෙම කී එක හොඳා - එදිනෙදා ජීවිතේ අමනාපකං ඇතිවෙන්න ලොකු හේතුවක්

    ජය!!

    ReplyDelete
    Replies
    1. වැරදි වැටහීම් නේද?

      Delete
  36. මේවගේ මිනිස්සු සුලබ නෑ බන්.. හරි විරලයි.. බහුතරයක් ඉන්නෙ පජාත පොරවල්.. කීය කීය හරි හම්ම්බෙන්න ගද්දි කුම්මහි කමට අට්ටි ගහන උන්.

    මම හරි ආසයි බන් මේ වගේ උත්සහයෙන් දියුණු වුන මිනිස්සු ගැන කියවන්ඩ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මාත් මේ වගේ මනුස්සයෙක් වෙන කොහෙවත් ඇත්ත ජීවිතයේදී දැකලා නැහැ.

      Delete
  37. හොදින්ම සිනහ‍සෙන්නේ වැඩිපුරම කදුළු හෙලූ මිනිසුන්ය..))

    ReplyDelete
    Replies
    1. මටත් කවදාහරි හොඳින්ම හිනාවෙන්න පුළුවන් එහෙනම් :)

      Delete
  38. නියම මනුස්සයෙක් මල්ලි. මනුස්ස ජීවිතේ එක එක කඩ ඉම එනවා. සමහරවිට අර ගෑනි මේ මනුස්සයව හෑල්ලු කලේ නැත්නම් මේ තත්වේ එයා නොඉන්න තිබුනා ඒ දේ උනේ ගාමිණි අයියගේ වාසනාවට හොඳ කතාවක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හැමෝටම කතාවක් තියෙනවනේ.

      Delete
  39. නියම කතාවක්... මේ වගේ මිනිස්සු ගැන අහන්නත් සන්තෝසයි....... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරි.

      Delete
  40. අර කෙල්ලට ඊට පස්සේ මේ මනුස්සයව හම්බ උනේ නැද්ද...හදස්සියකට කඩේටවත් ඇවිත් දකින්න තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන් ඕවා නම් මට කිව්වේ නැහැ ගාමිනියා.

      Delete
  41. මහන්සිවෙලා ඉස්සරහට ආපු මනුස්සයෙක් තමන්ගේ මුල අමතක කරන්නේ බොහොම කලාතුරකින්/

    ReplyDelete
  42. I comment when I appreciate a article on a site or I have something to add to the conversation.
    It is triggered by the sincerness displayed in the post I looked at.
    And after this article "නෝනාගේ දුවට ලව් කරපු ගාමිණි අයියා".
    I was moved enough to leave a thought :-P I do have a couple of questions for you if it's allright. Is it simply me or do some of the remarks appear like left by brain dead folks? :-P And, if you are posting at other online sites, I'd like
    to keep up with everything new you have to post. Could you make a list all of all your social pages like your Facebook page, twitter feed,
    or linkedin profile?
    My web site > how to make iphone apps

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මහන්සි වෙලා කඩ්ඩෙන් කෙටුවට මට මේක තේරුනේ නැහැ.

      Delete
  43. මහ ලොකු ලස්සන. ගෑනු අය ලස්සනට ඉන්නේ වැඩි වුනොත් අවුරුදු 25යි. එතනින් එහාට ගියොත් ඩක්කු. වැඩක් නෑ. අර කෙල්ලත් එයාඅගේ ලස්සන ඔලුවට ගහල හිටපු නිසා ඒඅ කෙල්ලට ගැමිනියව බඳින්න පින තිබ්බෙ නෑ..

    ReplyDelete
    Replies
    1. සිරා බන් එදා එයා ගාමිණි අයියාව බැන්දා නම් අද සුරසැප විඳිනවා.

      Delete
  44. වෙලාව හොඳයි පොරගේ. සමහරු කොච්චර මොනවා කලත් උඩට එන්නේ නෑ. සමහරු නිරායාසයෙන් එනවා. තව සමහරු ඔය එන්නේ ඔය විදියට.

    ReplyDelete
    Replies
    1. මේ මාත් එහෙම කෙනෙක්.
      ඔව්

      Delete
  45. what a shame bro........ oh...sorry sorry උඔට කඩ්ඩ අවුල් කියපුනිසාත් (මටත් චුට්ටක් අවුල් ඈ...)මම හිංගලෙන්ම කොටන්නංකෝ.... උබේ post එක නියමයි සහෝ...මේක පහලට scroll කරගෙන එනකොට මුලින් දාන්න හිටපු අදහසත් වේනස් උනට, උඔට සප්එකක් විදියට මොනව හරි කොටල යන එක මගේ habit එකනේ මචෝ...
    එල..ඈ.... ජය

    ReplyDelete
  46. Great weblog here! Additionally your website a lot up very
    fast! What web host are you using? Can I am getting
    your associate link in your host? I desire my
    website loaded up as fast as yours lol

    Feel free to visit my web blog toledo

    ReplyDelete
  47. What's up, its nice post on the topic of media print, we all be familiar with media is a wonderful source of data.

    my site; curler

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!