Sunday, November 18, 2012

70 අභිරහස් කාර් හොරා ස්තූති කතාව!

සභාවෙන් අවසරයි අද මා මෙතනට පැමිණියේ මෝඩ ආතල් එකක් ගැනීමටයි ස්තූති කතාවක් කිරීමටයි.
ඇත්ත වශයෙන්ම "අභිරහස් කාර් හොරා" නම් වූ ඉතාමත් අභිරහස් කතාව මගේ සිතේ ඇතිවූ චිත්ත රූප පෙළක් යටතේ බටහිර ශෛලියට ලිය වූවකි.ඇත්තටම කවුද හොරා?


කතාව ලියැවුණු අන්දමට නම් රෑන්ඩි නම් වූ නීතිඥයෙකුගේ පවුලේ පැරණි වාහනය අතුරුදහන් වීමත් එම වාහනය සොයා දීමට ඉදිරිපත් වූ පොලිස් පරීක්ෂකවරයෙකු හා එක්වී රෑන්ඩි කරන ක්‍රියාන්විතයයි.කතාවේ චරිත කිහිපයක්ම තියෙනවා ලිලියන් ස්ටීවන් රෑන්ඩිගේ මව,ජේම්ස් ස්ටීවන් රෑන්ඩිගේ පියා,රෑන්ඩි ස්ටීවන්,අල්ලපු ගෙදර මිස්ට සිල්වා,පොලිස් පරීක්ෂක හැරිස්,පාතාල සාමාජික ඩේවිඩ්.මේ අතරින් කව්රු වෙන්න පුලුවන්ද හොරා?

වැඩි දෙනෙක් කිව්වේ සිල්වා කියලා තවත් අය කිව්වා තාත්තා ජේම්ස් තමා හොර ගෙඩියා කියලා බොහොම සීමිත දෙනෙක් කිව්වේ අම්මා හෝ රෑන්ඩි හොරා විය හැකි බවයි.ඒ අතර එකෙක් කිව්වා මේක ලියන ගරු මඩිස්සලේ නිශානුත් හොරා විය හැකියි කියලා :/.

ඔය මතය කුමක් වුවත් හොරා කවුද කියලා දැනගන්න නම් අන්තිම කොටසත් පළකරනකම් ඉන්න වෙනවා.දැන් කට්ටිය බලනවා ඇති මූ ඒක නොදමා මොන මඟුලක්ද මේ ලියන්නේ කියලා.ඇත්තම කියනවා නම් මේක ලියන්න හිතුනේ නව හදුන්වා දීමක් වශයෙන්.ඔව් මේක නව හදුන්වා දීමක් වන්නේ කොටස් කිහිපයක් යුක්ත කතා බ්ලොග් රචකයෝ ලිව්වට අන්තිම කොටසට කලින් මේ වගේ ස්තූති කතාවක් කව්රුත් ලියලා නැතුව ඇති ඔන්න අද ඉඳන් හැමෝටම පුළුවන් තමා ලියන් යන කොටස් කිහිපයකින් යුක්ත කතා වලදී අන්තිම කොටසට කලින් මේ වගේ ස්තුති කතාවක් ලියන්න.

කෝ ඉතින් ස්තුතිය?
මෙච්චර කල් මේ කතාව කියවගෙන ආපු පාඨක ඔබ සැමට මාගේ මහත් ප්‍රාමාණය පිරිනමනවා.ඒ වගේම සහෝදරවරුනි මන් කියන්න කැමතියි මගේ කතාවට හොඳ කියපු සැමටම(උඹලා එක්ක බැහැනේ මට බනිනවනේ ඉතින් කතාව හරි නැහැ කියලා)ස්තුතියි.තුන්වෙනි කතාව කියවපු අය කිව්වේ කතාව අන්තිමට චිකාගෝ ස්ටයිල් එකට බැස්සා කියලා.ඔව් අන්න ඒක තමයි සහෝදරවරුනි  කතාවේ ත්‍රාසය කියන එක.ලව් සීන් එකක් මැද්දට ත්‍රාසය ගෙන ආපු තව නිර්මාණයක් තමයි ඉක්ලිප්ස් අන්න ඒ වගේ තමා මේකත්.ඒ වුනාට කට්ටිය හිතුවේ මන් මේක ඉවරකරන්න ටක්ගාලා ෆයිට් එකක් දැම්මා කියලා.එතකොට මදුරු නාශකයා ඇහුවා අන්තිමට කාර් එක හම්බ වුනාම සගයෝ දෙන්නා කාර් එකේ යද්දී කෝ ආපු කාර් එක කියලා? ඉතින් මන් කිව්වද උන් කාර් එහෙක ආවා කියලා?උන් ආවේ බස් එකේනේ හුහ්.ආහ් තව කවුද එක්කෙනෙක් ඇහුවා ව්‍යාකරණ වැරදියි නේද සමහර තැන්වල කියලා.පිස්සු ව්‍යාකරණ වැරදෙන්නේ කොහොමද මම ඒවා දන්නෙත් නැති කොට හුහ්..

එතකොට තවත් කවුද කිව්වා මාව දෙවෙනි වටයට තෝරනවා කියලා දෙවෙනි වටයට තෝරන්න මේක සුපර් ස්ටාර් ද යකෝ ආහ් සොරි සහෝදරවරුනි.ඇත්තටම කවුද හොරා? උදව්වක් වශයෙන් එක හෝඩුවාවක් දෙන්නම් ඒ මම නම් නෙවේ..

උත්සහා කරන්න කුතුහලය වැඩියි වගේ නම් පැනඩෝල් දෙකක් බොන්න කුජීතයි අප්පිරියයි වගේ නම් සමහන් එකක් කෝක් එක්ක බොන්න.අසා සිටි ඔබ සැමට ස්තුතියි මගේ කතාව මින් අවසානයි.අවසාන කොටස සතියක් ඇතුලත බලාපොරොත්තු වන්න! බායි!


මෙතෙක් කතාව නොකියවපු අයට Click Here


ප/ලි
බ්ලොග් ලෝකේ මීයා නම් වූ අයෙකු කිවේ මාව විශ්වාස නැති බවත් මා වටේ ගෙනගොස් මොකක්ද එකක් කරන්ට යන බවය.:D අලේ මන්දා මම නම් ඕවා දන්නේ නැහැ :)

70 comments:

  1. ඔය ඉතින්.. මැරුම් කන්න හදන්නේ.. :(

    ReplyDelete
    Replies
    1. හෑ පුදුම පති බක්තියක් ඇති උනා.. බොසාගේ.. බ්ලොගියේ.. දෙවෙනි පාරට පලවෙනි කොමෙන්ටුව දැම්ම.. උත්තරයක් දීලම.. යනෝ.. ඔය පොලිස් කාරය තමයි හොරා.. ලියන එකාගේ .. මෙවුව මෙවුව ව්ස්තෘත වෙච්ච ගලගම් වාදී.. පැදුරු චින්තනයට අනුව.. අන්න උ තමයි..

      Delete
    2. හෑ උඹලා දැන් හෙන දරුණු වෙලානේ අම්මෝ බයේ බැහැ.

      \\ පුදුම පති බක්තියක් ඇති උනා..// හුටා මේකේ තේරුම දනගෙනද බොල ලිව්වේ?.වෙලාවට මම තාම තනිකඩයා නැත්තම් මේවා පවුල් අවුල් වෙන වචන :D.

      මටත් සතුටුයි ඈ ගෝලයාගෙන් පළමු කොමෙන්ටුව ආවාම.(ඇත්තටම උඹ ද ගෝලයා? මට නම් හිතෙන්නේ මමයි ගෝලයා කියලා ) :)

      Delete
    3. හැ.. කුණු හරපයක්ද... බස් එකේ එනකොට ආච්චි කෙනෙක් සිය කෙන්ක්ට ඕක කියනවා මම අහගෙන හිටිය.. මම හිතුව,, මොකක හරි .. එල වර්ඩ් එකක් කියල...

      හෑ.. යකෝ. මුට ගුරා කිවුවටත් පාඩුයි .. මාරුවක් දාමු.. :P

      Delete
    4. අච්චිලාටත් ඕන නැති රෙද්දක් නැහැ උඹටත් ඕන නැති රෙද්දක් නැහැ :P

      Delete
  2. ඇයි යකෝ .... පදම වැඩි වෙච්ච එකෙක් මඟුල් ගෙදර ස්තූති කතාව කළා වගේනේ මේක.

    මදුරු නාශකයා? දැඩිව හෙළා දකිමි. :)

    මේ පාර නම් මූ චිකාගෝ ස්ටයිල් එකෙන් මාරයගෙ ස්ටයිල් එකට බැහැල.

    හරි හරි .. ඔච්චර හිත රිද්දව ගන්න ඕන නෑ. ඔන්න මම නම් මීට පස්සෙ උඹේ කතා කියවල මොකුත් කියන්නෑ, පස්ටයි කියල නිකම් ඉන්නව. ඒ උනාට තව කතා ටිකක් ඔන්නොහෙ ලියල දාපන් බං, අපි එනව කියවන්න. මතක ඇතුව ස්තූති කතාවත් දාපන්, ඈ .....

    ReplyDelete
    Replies
    1. දිසිස් මයි ස්ටයිල් බ්‍රෝ :)

      හරි හරි ඉතින් වීලුවක්වත් තේරෙන්නේ නෑනේ මෙයාට.අනිවා සෑම ස්තුති කතාවකටම මම බොලාව මතක් කරලා දානව :)

      Delete
  3. Replies
    1. මොකෑ මලේ හිහිහිහි ගාන්නේ? :)

      Delete
  4. තෝව කොටියම කාපිය. කතාව දාපිය මැරුම් නොකා. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න කොමන්ට් :)
      මුන් හෙන දරුණු වෙලානේ :D

      Delete
  5. හි හි හි.. එළ අයිඩියා එකක් දීලා.

    අන්තිම කොටස දාහන් බං ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. ඒවා මේ එහෙම ලේසියෙන් දාන ඒවා නෙවේ බොල වටිනා කියන ඒවානේ :d

      Delete
  6. පල පල ඩෝ යන්න... මම දෙකයි තුනයි දෙකම එකට කියවල කොමෙන්ට් එකක් දම්මෙ උබෙ හිත හැදෙන්න..
    මල්ලි සරම උස්සනකොට අපි දන්නවා රෙන්නද අහවල් එක කොරන්නද කියලා.. ටෝච් නයෙක් ඇරපු මට උබේ කෙරුවාව සීනි බෝල බං.. අවසාන කොටස දාද්දි කියල දාපං එතකොට ඇවිත් කියවන්නම් :

    ඉඳල හිටල පොර ටෝකක් දෙන්න ඔනෙ බොලල්ලා..

    ReplyDelete
    Replies
    1. රෙන්න ඇරෙන්න වෙන අහවල් එකටද අයියා සරම උස්සන්නේ?අනික අපි සරන් අදින්නේ නැහැ ඩො ඇන්දොත් ඒවා කඩන් වැටෙනවා,

      පට්ට කොමන්ට් එක මීයෝ :D

      Delete
  7. ඒ මොකක්ද බං මේ වෙන්නේ ,,, "මට නිකන් පිස්සු වගේ අනේ "
    කරකවලා අත ඇරියා වගේ

    ReplyDelete
    Replies
    1. ටක් ගාලා සමහන් එකක් බියන් කෝක් එක්ක :D

      Delete
  8. ඕං මන්නම් නෙමේ නිසානයා හොරා කිව්ව හොර ගෙඩියා.දැන්නම් උබමද හොරා කියලතථිතෙනව සිරාවටම.කතාව නොදා අපිව පික්සො කරන නිසා.ඉක්මනටදාපිිය ඉතිරිය

    ReplyDelete
    Replies
    1. ආ.... මේ ඉන්නේ මූ තමා මට හොලා කිව්වේ ඉන්දපියකෝ මම අම්මිට කියනකම් :D

      අන්තිම කොටස දාන්නේම නැහැ මට හොරා කිව්වට :)

      Delete
    2. හුහ්.මාත් අම්මට කියනව උබ අනිත් කොටස දාන්නෑ කියල

      Delete
    3. අම්මා කියයි කමන්නෑ මන් එතකන් මුල් කොටස් ටික කියවනවා කියලා :D

      Delete
  9. මලේ කතා වැඩ කරන්න එපා බොල...... :) කුතුහලයද මොකක්ද කියන මෙව්වා එක අවුස්සලා දැන් සතියක්ම ඉන්නද කියන්නේ

    ReplyDelete
    Replies
    1. කතා වැඩක් කරේ නැහැනේ ඉතින් මම?
      මම කතාවක් ලිව්වා විතරයි

      ඇත්තමයි අෆ්ෆා මට මාර ආසාවක් හිතෙනවා කට්ටියගේ කුතුහලය අවුස්සන්න ඉතිරි කොටස ලබන මාසේ දාලා වෙන කතාවක් පටන් ගන්න :D

      Delete
    2. අම්මප උබෙ ගෙදෙට්ට ඇවිත් අන්තිම කොටස කියෝනව දැම්මෙ නැත්තම්

      Delete
    3. අපේ ගේ තියෙන තැන දන්නේ නැහැනේ හූ හූ :)

      Delete
  10. රාගමනම් නෙමේලු ඉන්නෙ;)

    ReplyDelete
    Replies
    1. හිහිහි මම දැන් ඉන්නේ ලංකාවේ නෙමේ බන් :)

      Delete
  11. උබ කලින්ම ස්තුති කතාව කලේ. අන්තිමට දැම්මොත් කෙල වෙන කමෙන්ට් ටිකක් හම්බ වෙන බව දන්නා හින්දා. අපිට හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දත් තිස් දෙකම පෙන්වලා පොඩි හිනාවක් දැම්මා මොනිටරේට :)

      Delete
  12. වී කරලෙන් ගහන්නෙ...
    ඇයි යකෝ මල පනිනවනෙ..කතාව බලන් ඉන්නව අපි..මූ බයිල ගහනව.

    ReplyDelete
    Replies
    1. :D අපරාදේ වී නාස්ති කරගන්න එපා

      Delete
  13. හයියෝ හයියෝ... මදැයි හොරාව බලන්න ආවා..... දැන් හිටපන්කෝ තව සතියක්....
    ස්තූති කතාව අන්තිමට දැම්මනම් අහවරයිනේ.....

    ReplyDelete
    Replies
    1. එතකොට මට කට්ටියගෙන් ස්තුති කතාවට කුණුහබ්බ අහගන්න තමා වෙන්නේ :)

      Delete
  14. මමත් ආවේ හොරාව හොයාගෙන..
    මදෑ..
    ඉදපල්ලකෝ තා සතියක්.. සෙද්ද.

    කෝක වෙතත් උබේ කුතුලය මතු කිරීමේ ගුණාංගය අගය කරනවා ඈ..
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. සතියකට කලින් අනිවා දාන්නම් සහෝ :)

      Delete
  15. අඩෝ ඇඩ් එපා ඈ....
    හරිය...

    ReplyDelete
    Replies
    1. උඹලට විතරද ඇඩ් දාන්ඩ හොඳ? ඈ

      Delete
  16. උඹ බැනුම් අහන්න ඕච්චරම ආසද නිශාන්?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  17. කථාව දාපන් ඉක්මනට මොකද උනේ බලන්න...

    ReplyDelete
  18. මොකද බං කතිර යුද්දෙට වත් ඉදිරිපත් වෙන්න හිතා ඉන්නවද එන සැරේ.. :)

    ReplyDelete
    Replies
    1. උඹලා ජන්දේ දෙනවා නම් මම ඒ ගැන හිතලා බලනවා :)

      Delete
  19. කොටියම කාපිය ...!

    කට අරගෙන බලාගෙන උන්නා හොරා කවුද බලන්න...ෂැක් ...

    ReplyDelete
  20. කයිය ගැහුවා ඇති බොල කථාව දාපන්... නැත්නම් උඹවත් උස්සනවා බලාගනු...

    ReplyDelete
    Replies
    1. හම්මේ මෙයාලා හරි වසයිනේ :)

      Delete
  21. කොයිල් උනා බං !
    අඩේ ඉක්මනටම ලියහන්

    ReplyDelete
  22. අද උදේ ෂර්ට් එකක් නැතිව, දකුණු අතේ පච්චයක් ගහපු එකෙක් හිටිය මට හිතුන ඒකද හොරා කියල.

    ReplyDelete
    Replies
    1. ඒ කව්ද බොලේ?
      නළුවෙක්වත්ද?

      Delete
  23. මම බොට මුකු....ත් කියන්නේ නෑ. අන්තිමටම ඇවිත් කියන්න ඉතුරු කරනවා.,...

    ReplyDelete
  24. ඔය ඉතිං......... අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා.... තව සතියක් ඉන්නේ කොහොමද බොල?....ඉක්මණට දාපිය... නැත්තං අරගෙන ගිහින් දානවා ස්කොට්ලන්ඩ්යාඩ් එකේ කූඩුවකට.

    ReplyDelete
    Replies
    1. සතියක් යන්නේ නැහැ බොල පොඩ්ඩක් ඉවසන් හිටපන්.පොද්ද බැරිනම් කූඩුවේ දාන්න හදනවා උඹලා එක්ක බැහැනේ ඉතින් :)

      Delete
  25. අඩොව් ! අන්තිම එක විතරයි මම මෙගාවල බලන්නේ .. චික් විතරක්

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ බලලා තියෙන්නේ? :)

      Delete
  26. පට්ට කතාව

    ReplyDelete
  27. හික්ස්! කාපන්කෝ දැන් බුල්ටොත් එක්ක පාන්!!!

    ReplyDelete
    Replies
    1. නැට්ට පිටින් මිනි මැරෙන එකේ ඕවා මොනාද බන් :)

      Delete
  28. ela මචං අන්තිම කොටසත් ඉක්මනට දාන්න

    ReplyDelete
  29. Replies
    1. :O අක්කා දැක්ක කල්

      Delete
  30. යකෝ දෙවැටත් කඩාගෙන දුවගෙන ආවේ බොලාගේ කතාවේ හොරා කවුද කියලා බලන්න. මුට අන්දකයිප්පු කැවිලානේ. මගුලේ ස්තුතියක් කියවන්නේ. හා හා කතාව කතාව......!!

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩක් ලේට් වෙලා ආවානම් බලාගන්න තිබ්බ බන්

      Delete
  31. උඹත් මෙගා එකක් දැම්මද

    ReplyDelete
    Replies
    1. උඹ එකක්වත් කියෙව්වේ නැහැනේ?

      Delete
  32. අපෝ මොකද්ද බං?? මට තව සතියක් ඉන්න බෑ...කෝල් එකක් අරං වත් කියහන් මොකද්ද සීන් එක කියල... :\

    ReplyDelete
    Replies
    1. අන්තිම කොටසත් දැම්මට පස්සෙනේ උඹ මේක කියවන්නේ?

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!