Monday, November 12, 2012

78 අභිරහස් කාර් හොරා

හෙලෝ රැන්ඩි පුතා ඔයා දැන්ම ගෙදර එන්න මෙහෙ ලොකු ප්‍රශ්නයක් වෙලා!

ඒ මොකක්ද අම්මා තාත්තට අසනීපයක්වත්ද?

නැහැ පුතා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඔයා ඉක්මනට ගෙදර එන්න.

හරි අම්මා මට තව එක නඩුවක් තියෙනවා කතා කරන්න ඒක ඉවර වුන ගමන් මම එනවා.



ලිලියන් තම නීතිඥ පුතු ඇමතුවේ තම පුරුෂයා සතු වූ වසර 30 ක් පමණ පැරණි මයිනර් වර්ගයේ කාර් රථය අතුරුදහන් වීමෙන් කලබලයට පත් වීමෙන්ය.රැන්ඩිත් තම මවගේ කලබලකාරී ඇමතුම නිසා තරමක් තැති ගැනුනේ සිහිය ඉතාමත් අවුල් වූ තම පියාට අසනීප වී ඇතිදැයි කියා.නමුත් මව පියාට කරදරයක් නොවුනා කියා පැවසීම නිසා ඔහු ටිකක් සන්සුන් වී ඊළඟට තිබුණ නඩුවත් කතා කොට ඉක්මනින් ගෙදර ගියේය.

රැන්ඩි තම කාරය නිවෙසට ඇතුල් කරනවාත් සමඟම ලිලියන් සිදු වූ ඇබැද්දිය විස්තර කිරීමට දිව එමින් රැන්ඩි කාරයෙන් බැසීමටත් පෙර සිදු වූ දෙය කීවෝය.

පුතා බලන්නකෝ ඊයේ රෑ ගරාජ් එකේ නවත්වලා තිබ්බ තාත්තගේ මයිනර් එක නැහැනේ.මම පොලිසිත් ගිහින් ඇන්ට්‍රියක් දැම්මා.අල්ලපු ගෙදර මිස්ට සිල්වා කිව්වා ඊයේ රෑ අපේ ගරාජ් එකෙන් වාහනේ  කවුද අරන් යනවා දැක්කා කියලා.

නැහැ? මිස්ට සිල්වා දැකලද කාර් එක එළවන් ගිය මිනිහව?විශ්මයට පත් රැන්ඩි තම මවගෙන් විමසුවේය.

නැහැ පුතා එයා කළුවර නිසා ඇතුලේ හිටිය කෙනාව දැකලා නැහැ.

හරි අම්මා කලබල වෙන්න එපා අපි කාර් එක හොයාගමුකෝ මම දැන්ම ඉන්ස්පෙක්ටර් හැරිස්ට මේක දන්වන්නම් එයා අපිට උදව් කරයි.මම ගිහින් මිස්ට සිල්වාවත් පොඩ්ඩක් හම්බ වෙලා එන්නම්.

තම බිරියත් සමඟ වෙනම නිවසක පදිංචි වුනු රැන්ඩි මවවත් පියාවත් බලන්නට පැමිණියේ සතියකට දෙතුන් වතාවක් පමණි.ඔහුට සමාජයේ හොඳ සබඳතා ඇති නිසා ඔහු මේ කාරණයෙන් එතරම් කලබලයට පත් නොවිය.එහෙත් ඔහුගේ සිත තුල දැඩි වේදනාවක් විය.ඔහුගේ ළමා කාලයේ පියාත් සමඟ නැති වූ කාරයේ ගමන් ගිය හැටි.මාළු බාන්න ගිය හැටි එකින් එක රූප වශයෙන් මැවෙන්නට විය.

අල්ලපු ගෙදර පදිංචි මිස්ට සිල්වාව මුණගැහිමට ගිය රැන්ඩි ඔවුන්ගේ දොරේ ඇති බෙල් එක නාද වෙන බොත්තම එබිය.පැරණි කාලේ පියානෝ වාදනයක් මෙන් තරමක් මිහිරි සංගීත රාවයක් ගෙයි ඇතුලෙන් ගලා යන්නට විය.මොහොතකින් දොර විවෘත විය.

මේ අපේ රැන්ඩි පුතානේ කාලෙකින් දැක්කේ යි පවසමින් විවෘත වුනු දොරෙන් මිස්ට සිල්වා එලියට පැමිණියේය.

ඔව් අන්කල් පහුගිය දවස් ටිකේ අම්මලාව බලන්න ආවත් අහල පහල අයව හම්බවුනේ නැහැනේ.ඒක නෙවේ අංකල් මම මේ ආවේ ඊයේ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කතා කරන්න.

ඔව් පුතා ඊයේ ඔයාලගේ තාත්තගේ මයිනර් එක නැති වෙලා නේද?

ඒකනේ අංකල්! අංකල් රෑ දැක්කලු නේද කාර් එක අපේ වත්තෙන් එලියට යනවා?

ඔව් පුතා මම දැක්කා රෑ කාර් එක එලියට යනවා ඉඳලා හිටලා ලිලියන් ඕක ඩ්‍රයිව් කරන නිසා මම එවෙලේ එච්චර ගණන් ගත්තේ නැහැ මම හිතුවේ එවේලේත් ලිලි කඩේකට යනවා ඇති කියලා කෑම ගේන්න.

කමක් නැහැ අංකල් මම දැන් පොලිසියට යනවා අම්මත් උදේ ඇන්ට්‍රියක් දාලා තියෙනවා.ඒ වුනාට මම දන්න කෙනෙක් ඉන්නවා අපරාධ අංශයේ එයාට කියලා මොකක් හරි කරගන්න පුළුවන්.

ඕකේ සන් මම දෙවියන්ගෙන් ඉල්ලනවා ඔයාට ඒ පරණ කාර් එක ඩැමේජ් නොවී හම්බ වේවා කියලා.

තැන්ක්ස් අංකල් මම එහෙනම් ගිහින් එන්නම්.

පුතා තේ එකක්වත් බිව්වේ නැහැනේ නිකන්ම යනවා පොඩ්ඩක් ඉන්නවද මම ඇන්ටිට කියන්නම් තේ එකක් හදන්න කියලා.

නෝ තැන්ක්ස් අංකල් දැන් මට ඊට වඩා වැදගත් පොලිසියට යන එක.

__________________________________________________________________________________

හෙලෝ  මිස්ට රැන්ඩි ආෆ්ටර් ලෝන්ග් ටයිම්.

යෙස් මිස්ට හැරිස් ආෆ්ටර් ලෝන්ග් ටයිම් මම මේ ආවේ මිස්ට හැරිස්ගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුව.

ඔෆ්කෝස් මිස්ට රැන්ඩි ඔයාට උදව් නොකර මම කාට උදව් කරන්නද අනික ඔයා මට කරලා තියෙන දේවල් එක්ක බැලුවොත් මගෙන් ඔයාට ඕන කරන්නේ පොඩි උදව්වක් වෙන්න ඕන.

නැහැ හැරිස් මට ඕන කරන්නේ ලොකු උදව්වක්.

කියන්න රැන්ඩි ඕන උදව්වක් කරන්නම්.

මිස්ට හැරිස් මගේ තාත්තට තිබ්බා ටිකක් පරණ මයිනර් කාර් එකක් මේක මන් පොඩි කාලේ ඉඳන්ම තිබ්බ අපේ පවුලේ වාහනය.ඒත් බලන්නකෝ ඊයේ රෑ කව්රු හරි මේක හොරකම් කරලනේ ගරාජ් එකේ නවත්වලා තියෙද්දී.

හරිම අපරාධයක්නේ රැන්ඩි,ඔයාට දැන් කාව හරි සැකද මේ සම්බන්දව?

නැහැ හැරිස් ඊයේ රෑ මේක ගෙනියද්දි අම්මා නිදියන් ඉඳලා තියෙන්නේ තාත්තා නම් ඉතින් දන්නවනේ එයාට ටිකක් කල්පනාව අඩුයි.ඒ වුනාට අපේ අල්ලපු ගෙදර ඉන්න මිස්ට සිල්වා නම් දැකලා තියෙනවා රෑ කාර් එක අපේ ගේට් එකෙන් එලියට යනවා.

ඉතින් මිනිහා දැකලා නැද්ද ඩ්‍රයිව් කරපු කෙනාව?

නැහැනේ හැරිස් එයා හිතලා තියෙන්නේ අම්මා එවෙලේ එලියට ගිහින් කියලා.

හරි රැන්ඩි ඔයා කිසි දේකට සැලෙන්ඩ එපා මම මට පුළුවන් උපරිමේ කරනවා.ඔයා ඇන්ට්‍රි එකක් දාන්න ඉතිරිවා මම බලාගන්නම්.

අම්මා උදේ ඇන්ට්‍රි එකක් දාලා මෙහෙට ඇවිත් ආයේ මමත් එකක් දාන්න ඕනද?

නැහැ එහෙනම් ඕන නැහැ මම තව පැයකින් එන්නම් ගෙදරට බලන්න මට ටිකක් ප්‍රශ්න කරන්න ඕන අර කිව්ව මිස්ට සිල්වාගෙන්.

ඔකේ හැරිස් එහෙනම් මම යන්නම් මම හිතනවා ඔයාට පුළුවන් උපරිමේ මන් වෙනුවෙන් කරයි කියලා.

අනිවාර්යෙන්ම රැන්ඩි ඔයා යන්න මම එන්නම්.

____________________________________________________________________________________
කව්ද කාර් හොරා? ඉන්ස්පෙක්ටර් හැරිස් සමඟ එක්වී  රැන්ඩිගේ ක්‍රියාන්විතය!,හා එම ක්‍රියාන්විතය නිසා ඔවුන්ට නියම සොරා සොයා ගැනීමට හැකිවේවිද?,කාර් එක ඔවුන්ට හමුවෙයිද? දැනගන්න ඉතිරි කොටස හෝ කොටස් දෙකෙන්.


78 comments:

  1. නියම කතාව මේකටත් යන්න නිකමාගේ අටමගල සහ මේකටත් බිත්තර කටුව

    ReplyDelete
    Replies
    1. එළ මම ඒ පැත්තේ කලින් ඇවිත් තියෙනවා.මාත් ඉස්සර බ්ලොග් එක ලිව්වේ නිකමා කියන නමින් :)

      Delete
    2. උපුටා ගත්ත නම් ලින්ක් දාන්න පොතකින් ගත්තා නම් පොතේ පොටෝ එකක් ගහලා ඒක මෙතනට දාන්න.

      Delete
    3. @Anonymous11/12/12 5:49 PM
      සත්තකින්ම මේක මගේ ස්වනිර්මානයක්,ඉංග්ලිෂ් නම් ආදේශ කරේ සිංහල නම් ගම් යොදාගෙන මේ කතාව මට ගොඩ නගන්න බැරි නිසා රසවත්ව.

      Delete
  2. හිතා ගන්න අමාරුයි අපට නම්.ලබන සතියේ එන්නම වෙනවා හොරා බලන්න.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ලබන සතිය වෙනකම් ඉන්න ඕන නැහැ දවස් දෙක තුනකින් දාන්නම් ඉතුරු ටික.

      Delete
  3. [ma][co="blue"][si="80"]ඔයාගේ කමෙන්ට් වල ලින්ක් කලර් එක වෙනස් කරන්න.මොකද එකම පාට නිසා දකින අය හිතන්නෑ මේක ලින්ක් එකක් කියලා[/si][/co][/ma]
    [im]http://animated-gifs.org/wp-content/themes/frugal/graphics/cat/thank-you/thanks-tweety-bird-ag1.gif[/im]

    ReplyDelete
    Replies
    1. ඕකේ මම ඒ ගැන බලන්නම් සහෝ

      Delete
  4. [ma]මරු කතාව නියමයි[/ma]

    [si=''100'']මඩිස්ස[/si]

    ReplyDelete
  5. මේක උඹම ලියපු කතාවක්නේ නේද මඩියෝ...කතාව පට්ට.......මට නම් සැක මිස්ටර් සිල්වා.... ඉතුරු කොටස එක පාරෙන්ම ලියල ඉවර කරහන් හොඳේ ආයේ කියන්න තියන්න එපා හරිය ...!

    ReplyDelete
    Replies
    1. මමම ලියපු එකක් තමා බන් උඹටත් අර උඩ ඇනෝට වගේ සැකද මම මේක උස්සපු එකක් කියලා?

      Delete
  6. මාරු මලේ ලියන්න. ලියන්න. අපේ අලුත් නවකතාහැබැයි කොලුවෝ ලියන එකක් ඉක්මනින්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එතකොට තමා කුතුහලාත්මක මෙව්වා එකක් මෙව්වා වෙන්නේ :)

      Delete
    2. හයියෝ මලේ දන්නවනේද මගේ ඉවසන නහරේ නැහැ කියලා............ :P

      Delete
    3. අනිද්දාට අනිවා දාන්නම් :)

      Delete
  7. කඩ්ඩ කතාවක් වගේ. එලස්. !
    ඉතුරු ටිකත් ලියමු බලන්න. අපටත් ඕන කාර් හොරා කවුද කියලා දැනගන්න.

    ReplyDelete
    Replies
    1. නම් විතරයි කඩ්ඩ
      ඉවසගෙන ඉන්නකෝ ඉතුරු ටිකට

      Delete
  8. නියමයි මලයා හොඳට ලියල තියෙනවා. අපි එනවා කියවන්න.ජය
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  9. රැන්ඩිගෙ තාත්තට සිහිකල්පනාව අඩුය කිව්වනේ, මම හිතන්නෙ මෑන්ම වෙන්න ඇති ඔය කාරෙක කොහෙ හරි ගෙනිහින් දාන්න ඇත්තෙ. බලමු, ඉතිරි කොටස දැම්මම.

    ReplyDelete
    Replies
    1. හොඳ උපකල්පනයක් මේ වගේ උපකල්පන ටිකක් කට්ටිය ඇති කරනවා නම් මම කැමතියි.

      Delete
  10. අඩේ මරු කතාවක්නෙ.. මැරුම් නොකා..ඉක්මනට දාපන් ඉතුරු ටික හරිද ?

    ReplyDelete
    Replies
    1. අනේ මරන්න නම් එපා ඉක්මනට දාන්නම්කො.

      Delete
  11. රහස් පරික්ෂක කතාවක් වගේ. කතාව නං නියමයි. දිගටම ලියාගෙන යන්න. හෝම්සුත් එනවා කතාව බලන්න.

    ReplyDelete
    Replies
    1. යා යා රහස් පරීක්ෂක කතාවක් හෝම්ස්ටත් හරි නම් මේක විසඳන්න පුළුවනි.

      Delete
  12. මේ පිස්සු කෙලින්න එපා...හොදම තැනට ඇවිත් ඔහොම නවත්තනවද යකෝ...

    ReplyDelete
    Replies
    1. හිටපන් හිටපන් ඉතුරු ටිකත් දාන්නම්

      Delete
  13. මඩිය .. උබ එන පොට අල්ලන්නේ නෑ.. මේ උබ අපිව වටේ ගෙනිහින් ටොක්කක් අනින්න නේ හදන්නේ ... ලබන පාර කතාව කියවන්නේ කොමෙන්ට් කියාවලා

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා බොල ලිපිය කියවලා කොමන්ට් කියවපිය නැත්තම් කුතුහලාත්මක මෙව්වා එක එන එකක් නැහැ :)

      Delete
  14. ඉතුරු ටිකත් දාපන්කෝ බලන්න ... එහා ගෙදර ඒකා කාර් එක විකුනලා වත්ද ..

    ReplyDelete
    Replies
    1. අද කාලේ අල්ලපු ගෙදර එකා තියා ගෙදර ඉන්න සහෝදරයාවත් විශ්වාස කරන්න බැහැනේ බන්

      Delete
  15. බලමු බලමු අර මොලේ අස්පට් එකා මොකක් කරලද කියලා.....

    ReplyDelete
  16. මේ දවස්වල බ්ලොග් ලෝකයම රහස්පරීක්ෂක කතා මාලාවක් වෙලා වගේ....

    ඔය වගේ මයිනර් කාර් වලට මම හරිම ආසයි..ඒ උනාට මම නම් නෙමේ හොරකම් කලේ ඔන්න... :P

    ReplyDelete
  17. අම්මගේ මොකක්හරි ප්ලෑනක් වත් ද?
    _________________________________________________________________________

    තාරුණ්‍යයේ හදගැස්ම අඳුරන අපේ කොල්ලෙක් ලියන 'SHADY's TABERNA හෙවත් ශේඩියගේ තිප්පොල'. පිවිසෙන්න, විඳගන්න, වෙනස හඳුනාගන්න http://shady-taberna.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගැහැණුන්ව කවද්ද බන් ට්‍රස්ට් කරන්න පුළුවන් වුනේ බලමුකෝ.

      Delete
    2. මේ.... මූණ තාම හතරුස්ද.... අපි කට්ටිය එන්නද රවුම් කරලා දීල යන්න..... හි හි

      Delete
    3. හෑ මම නම් මුකුත් කිව්වේ නැහැ...

      Delete
  18. රහස් පරීක්ෂක කතාවක්.. එල මචන්. බලමුකෝ මොකාද හොරා කියල. මේ පැත්තෙත් මං දැක්ක ඔහොම කාර් එකක් යනවා කවුරුවත් මෙහාට අරන් ආවා වත් ද :)

    ReplyDelete
  19. අඩේ නිශාන් මල්ලි මොකාටද..මේ එන්න හදන්නෙ..!රහස් පරීක්ෂක කතා කතුවරයෙක්ද..?
    නියමයි බං..!
    ඉක්මනට ඉතිරියත් දාන්න.

    ReplyDelete
    Replies
    1. යා යා වෙනසකටත් එක්ක :)
      ඉවසන් ඉන්නකෝ තව කොටසක් දෙකක් ලියන්න තියෙනවා.

      Delete
  20. pasta ah, ikmanata ithuru tikath danna wei. Nethnam madissa ussanna wenawa. ;)

    ReplyDelete
    Replies
    1. අනේ මගේ අහිංසක මඩිස්ස උස්සන්න නම් එපා.

      Delete
  21. ස්ව නිර්මාණයක් නම් හොදින් ඒ කාර්යය කරලා තියෙනවා කියලා කියන්න කැමතියි... කාර් එක ඉස්සුවෙ නෑ... මේ කොල්ලගෙ තාත්තට කල්පනාව අඩුයි නොවැ... කොහෙ හරි නවත්තලා ... ඒ තැන මතක නෑ...

    ReplyDelete
    Replies
    1. \\ස්ව නිර්මාණයක් නම් හොදින් ඒ කාර්යය කරලා තියෙනවා කියලා කියන්න කැමතියි//
      තැන්ක්ස් අ ලොට් අයියා.හදිසි වෙන්න එපා තව චරිත එන්න තියෙනවා කතාවට

      Delete
  22. මෙන්නෝ මයිනර් එක උස්සලෝ...

    ReplyDelete
  23. මං දන්නවා කාර් එක උස්සපු මෑන් කවුද කියලා...

    ReplyDelete
    Replies
    1. හදිසි වෙන්න එපා බන් තව චරිත එන්න තියෙනවා කතාවට

      Delete
  24. හයියෝ. කුතුහලේ කියන එකත් මාර ලෙඩක්.
    ඉතුරු ටිකත් ඉක්මනින්ම දානවා නේද නිශාන් කොලුවෝ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දානවා දානවා අනිවා දානවා සර්.

      Delete
  25. මේක පරිවර්තනයක්ද නැත්නම් නිර්මාණයක්ද ?

    ReplyDelete
    Replies
    1. බටහිර ශෛලියට මගේ නිර්මාණයක්

      Delete
  26. නිශානයෝ ,, අර මී ගොඩයා කියනවා වගේ වැඩක්ද කරන්න යන්නේ :)

    ReplyDelete
  27. ඕක හොරකම් කරන්න ඇත්තේ රුන්ඩියමයි බං.... හි හි

    ReplyDelete
    Replies
    1. තව චරිත එන්න තියෙනවා කතාවට :)

      Delete
  28. සෑහෙන කාලෙකින් ආවේ.පටන් ගැන්ම එල.කියවන්න වෙලා නැති උනත් පස්සේ හරි ඇවිත් බලනවා ඉතුරු ටිකත් දාහන් මචන්

    ReplyDelete
    Replies
    1. ඕකේ මචන් අනිවා වරෙන් ඈ

      Delete
  29. මාත් හිතන්නේ තාත්තට කල්පනාව අඩු නිසා කොහෙ හරි නවත්තලා ආවද දන්නෑ.. ඉතුරු කො‍ටස දාන්නකෝ ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. බලමුකෝ තව චරිත එන්නත් තියෙනවා සහෝ.

      Delete
  30. හින්දි ෆිල්ම් එකක් වගේ.. හොල්මනක් කාර් එකට වැහිලා එළවන් යනවා.. :D :D

    ReplyDelete
    Replies
    1. ටාසන් ද වොන්ඩ කාර් ෆිල්ම් එක ගැනනේ ඔය කියන්නේ? :)

      Delete
  31. අලේ....ඒ පාර නිශාන් අය්යණ්ජියත් පටන් අරන් කුතුහලේ අවුස්සන්ට...ඉක්කනට ඉතිරි කොටන් දාන්ඩෝ....අපරාදේ මම ඉක්මනට කියවන් ගියා...
    ජය!!

    ReplyDelete
    Replies
    1. හලි හලී ඔන්න දෙවෙනි එකත් දැම්මා

      Delete
  32. එල මචො සැහෙන දවසකින් මෙ පැත්තට ආවෙ...

    ReplyDelete
  33. bos elayi aa.. mama itin හැමදාම පරක්කු වෙලා ඇවිල්ල බලලා යන කෙනානේ

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ මචෝ පරක්කු වෙලා හරි එනවනේ :)

      Delete
  34. පලවෙනි කොටස අද කියවන ලදී :D , දැන් යමි දෙවැනි කොටසට , කිසිදු පමාවකින් තොරව මට හිතේ හැටියට කියවීමට දැන් හැකිය ,
    ආ අමතක උනානේ විචරක් දෙන්න , (මම දන්නේ නෑ බන් ඒ වචනේ තේරුම වත් හරියට :D )

    ReplyDelete
  35. මෙහෙමත් එකෙක් :D

    ReplyDelete
  36. මං හිතන් හිටියේ රැන්ඩි කියල ඉන්නේ මම විතරය් කියලා.... :(

    ReplyDelete
  37. අනේ......... නිශාන්, මම අද තමයි ඔයාගේ මේ කතාව කියවන්න පටන් ගත්තෙ....

    ReplyDelete
    Replies
    1. එල අද හරි කියෙව්වනේ :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!