Wednesday, November 14, 2012

79 අභිරහස් කාර් හොරා (දෙවන කොටස)



පළමු කොටස


පොලිසියෙන් සමුගත් රැන්ඩි කෙලින්ම ගියේ ඔහුගේ කාර්යාලටය ඒ ඔහුගේ සේවාදායකුගේ නඩුවක් ගැන කතා කරගැනීමටය.මේ අතර ඉන්ස්පෙක්ටර් හැරිස් තම මිතුරාට හැකි උපරිමයෙන් උදව් කිරීමට සිතා පොලිසියේ ඇති වාහන සොරකම් පිලිබඳ සියලු වාර්තා නැවත වරක් පිරික්සන්ට විය.එමගින් ඔහුට නගරයේ නම ගිය වාහන සොරු ගැන හා පාතාල කල්ලි ගැන තොරතුරු රැසක් සොයාගැනීමට හැකි විය.තොරතුරු පරික්ෂා කිරීමෙන් අනතුරුව හැරිස් රැන්ඩිගේ මහා ගෙදර බලා පිටත් වන්ට විය.

මේ අතර රැන්ඩිගේ ජංගම දුරකථනය නාද විය.
හෙලෝ හැරිස් මම හිතනවා ඔයා මන් වෙනුවෙන් මේ වෙලාවේ මහන්සි වෙනවා ඇති කියලා.

ඇත්තෙන්ම රැන්ඩි මම ඔයාගේ වැඩේට බැහැලා දැන් ගොඩක් වෙලා.මම මේ දැන් එනවා ඔයාගේ ගෙදරට ඔයා ගෙදරද ඉන්නේ?

නැහැ හැරිස් මම දැන් පොඩි වැඩකට ඔෆිස් එකට ආවා ඔයා ගෙදරට යන්න අම්මා ඉන්නවනේ මම අම්මට කෝල් එකක් දෙන්නම්.

හොඳයි රැන්ඩි පස්සේ හම්බ වෙමු.

______________________________________________________________________________________

ට්‍රීන්................ට්‍රීන්...........ට්‍රීන්.............
කව්ද මේ බෙල් එක කඩන්න හදන්නේ පොඩ්ඩක් ඉන්න මම එනවා.ලිලියන් තරමක් ආවේගයෙන් තම නිවසේ බෙල් එක ගසනා තැනැත්තාට කෑගසුවාය.

මේ මිස්ට රැන්ඩිගේ අම්මා ලිලියන් වෙන්න ඇති?

ඔව් මම ලිලියන් තමා දරුවා ඔයා කව්ද?

මම ඉන්ස්පෙක්ටර් හැරිස් මැඩම්

ආනේ රැන්ඩි මට කිව්වා ඔයා දැන් ඒවි කියලා.ඒ වගේම ඔයා ආපු එකෙන් මම ගොඩක් සතුටු වෙනවා පුතා මම හිතනවා ඔයාට පුළුවන් වෙයි අපේ කාර් එක හොයලා දෙන්න.දෙවියන් ඒකට එවපු මිනිහා ඔයා වෙන්න ඇති.

ඔව් මම මට පුළුවන් උපරිමයෙන් කරනවා ආන්ටි.මම ඒක රැන්ඩිටත් කිව්වා ඔබ තුමිය බය වෙන්න එපා මේ කාර් එකේ රෝද හතරම මේ ටවුන් එකේ පාරක කැරකෙනවා නම් මම දෙවියන්ගේ නාමෙට පොරොන්දු වෙනවා ඒක හොයලා දෙන්න.

බොහොමත් ස්තුතියි දරුවා මොකද තාමත් එළියේ අනේ එන්න කරුණාකරලා ගෙට මම ඔයාට මිදී දාපු කේක් කෑල්ලක් දෙන්නම් හොඳ තේ එකකුත් එක්ක!

නැහැ ආන්ටි තේ බීලා කේක් කන්න පුළුවන් මට ඔයාලගේ කාර් එක හොයලා දුන්නට පස්සේ එතකන් මට මේ ගැන පරික්ෂා කරන්න ඕන.

ඔකේ පුතා ඔයාට මොනවද දැන් දැනගන්න ඕන?අනේ කරුණා කරලා වාඩි වෙන්නත් බැහැයි කියලා නම් කියන්න එපා එන්න වාඩි වෙන්න.

අනිවාර්යෙන්ම ආන්ටි.හැරිස් ගෙට ඇතුල් වී සුවපහසු සොෆාවක අසුන් ගත්තේය.

ආන්ටි මට කියන්න පුලුවන්ද කාර් එක නැති වෙන වෙලේ ඔයාට කිසිම ශබ්දයක් ඇහුනේ නැද්ද කියලා?

නැහැ පුතා මම ඩයබෙටික් වලට මෙඩිසීන් ගන්න නිසා මට ටිකක් තදේට නින්ද යනවා.ඒ වෙලාවට ලෝකේ පෙරලුනත් මට ඇහැරෙන්නේ නැහැ හාහ් හාහ් හා හාහ් හාහ්.තමන් සිටින තත්වය අමතක වී  ලිලියන් හඬ නගා සිනාසෙන්ට විය.ඇය දෙස තරමක් විශ්මය දනවන නෙතකින් බලන් සිටි හැරිස්ව දුටු විට ඇය සිනාව නවත්වා ඔහු දෙස බලාසිටියි.

හොඳයි ආන්ටි ඔයා දැනගත්තේ කොයි වෙලේද කාර් එක නැහැයි කියලා?

මම අද උදේ නැගිටලා ගාඩ්න් එකේ ගස් වලට වතුර දාන්න යද්දී දැක්කේ ගරාජ් එකේ දොර ඇරලා තියෙනවා.දෙයියනේ මම ඇරලා තිබුන දොරෙන් ඇතුල බලද්දී කාර් එක නැහැ.ඇය සුසුම් හෙලමින් විස්සෝප වෙයි.

ඊට පස්සේ මොකද කරේ?හැරිස් ක්‍රමයෙන් ඇයගෙන් ප්‍රශ්න කරති.

ඊට පස්සේ මම පාරට දුවන් ගියා පාරේ තියෙනවද බලන්න ඒත් නැහැ පස්සේ මම ගෙට ඇවිත්  බැලුවා අංකල් ජේම්ස් ඉන්නවද කියලා.එයා හිටියා බෙඩ් එකේ එවේලේත් ගොරව ගොරව නිදියගෙන.පස්සේ මම දුවලා ගිහින් අල්ලපු ගෙවල් දෙක තුනට විස්තරේ කිව්වා.ඔන්න ඔය අතරතුර තමයි අල්ලපු ගෙදර මිස්ට සිල්වා කිව්වේ ඊයේ රෑ 11ට විතර කාර් එක අපේ ගේට් එකෙන් එලියට යනවා දැක්කා කියලා.

හ්ම්ම් ඕකේ ආන්ටි මට හිතෙන හැටියට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි.

දෙවියන්ට ස්තුති වේවා.

මම මිස්ට සිල්වාව ටිකක් හම්බ වෙලා එන්නම් ආන්ටි යි පවසමින් හැරිස් අසුනෙන් නැගිට අල්ලපු නිවස බලා සක්මන් කලේ ය.
_____________________________________________________________________________________
මිස්ට සිල්වාගේ නිවසේ බෙල් එකේ පැරණි පියානෝ වාදනය නාද වෙති.නිවසට පැමිණියේ කව්දැයි බැලීමට මිස්ට සිල්වා දොර ඇරගෙන එලියට පැමිණෙයි.

ඔව් කියන්න ඔයා කව්ද?මිස්ට සිල්වා හැරිස්ගෙන් අසයි.

මම ඉන්ස්පෙක්ටර් හැරිස් මම තමයි මිස්ට රැන්ඩිලාගේ කාර් එක නැතිවීම ගැන පරීක්ෂණ පවත්වන්නේ.මම හිතනවා මිස්ට සිල්වා අපිට සහයෝගය දක්වයි කියලා.

ඔෆ්කොස් ඉන්ස්පෙක්ටර් හැරිස් මගෙන් මොනවද දැනගන්න ඕන?

ඇත්තටම ලිලියන් ස්ටීවන් කිව්වා ඔයා දැකලා තියෙනවලු මිස්ට ජේම්ස් ස්ටීවන්ගේ කාර් එක රෑ ගේට් එකෙන් එලියට යනවා?

ඔව් ඇත්තෙන්ම මම දැක්කා ජේම්ස්ගේ කාර් එක රෑ එලියට යනවා මම හිතුවේ ලිලි ඒක අරන් යනවා ඇති කියලා එලියට.

ම්හ්හ්ම්හ් එතකොට මිස්ට සිල්වා දැක්කෙම නැද්ද අඩුම තරමේ ජායාවක්වත් කාර් එක ඩ්‍රයිව් කරපු කෙනාගේ?

අනේ නැහැ ඉන්ස්පෙක්ටර් හැරිස් මම එවෙලේ කළුවර නිසා හරියට දැක්කේ නැහැ අනික අපි දැන් වයසක මිනිස්සු තරුණ ඔයාලා වගේ නෙවේ වයසක අයට ඇස් පෙනීම දුර්වලයි.

හොඳයි මිස්ට සිල්වා මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා ඔබගේ වටිනා කාලයෙන් බිඳක් මට ලබා දුන්නට.

ඕක සුළු දෙයක් ඉන්ස්පෙක්ටර් හැරිස්.

හැරිස් එතනින් පිටත් වන්ට විය.
___________________________________________________________________________________________
කාර්යාලයෙන් පිටත් වුන රැන්ඩි හැරිස්ව අවන්හලක් තුලදී  මුණගැසුණි.
හැරිස් ඔයා අපේ ගෙදර ගියාද?

ඔව් රැන්ඩි මම ඔයාගේ අම්මගෙනුත් ප්‍රශ්න කරා ඒ වගේම අර කපටි පෙනුමක් තියෙන මිස්ට සිල්වගෙනුත් ප්‍රශ්න කරා.

ඉතින් මොකක් හරි හෝඩුවාවක් හම්බ වුනාද?

නැහැ එත් මට හිතෙන්නේ මේක කරේ.....
_________________________________________________________________________________________
ඇත්තටම කව්ද හොරා? දැන්ම අනුමාන කරන්න එපා තව චරිත කතාව තුලට ඇතුල් වෙන්න නියමිතයි.නම් ගම් ටිකක් නුහුරු වුනාට මේක මගේ නිර්මාණයක් බටහිර ශෛලියට ඒත් සිංහල නම් දැම්මොත් කතාව පරිප්පු එක්ක මාරි බිස්කට් කනවා වගේ වෙනවා ඒක නිසා සමාවෙලා ඉතිරි කොටස් එක්කත් රැඳෙන්න.


79 comments:

  1. ආඃ... නම් ටික දැක්කම මම හිතුවේ කොල්ල පරිවර්තනයක් කරනවාදෝ කියලා. සිරා සිරා.. ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න!

    ReplyDelete
    Replies
    1. පලවෙනි කොටස නිසා ගොඩක් අය එහෙම හිතුවා.

      Delete
  2. අනිවා අපි ඉන්නවා...!

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම තෑන්ක්ස් අයියා

      Delete
  3. මටනං මචන් මේ ලියවිල්ල ගැන පොඩ්ඩක් සැකයි
    හැබැයි සිරාවටම මේක උඹ ලියන එකක්නං සුපිරිම තමා

    ReplyDelete
    Replies
    1. අඩේ සතුටුයි ඈ උඹේ කොමන්ට් එකට :)

      Delete
  4. කව්ද හොරා ,,?? බලමු ලබන සතියේ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මචෝ වේට්‌.

      Delete
  5. ඇත්තමයි බන් දැන්නම් කතාව සිරාවටම යනවා නැගලම යනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කියු අයියා :)

      Delete
  6. මිය යයිදෝ මන්දා......කුතුහලේ වැඩි හින්දා.....හයියූ... බලන් ඉන්න එපැයි දැන්..

    ReplyDelete
    Replies
    1. දැන් කොමන්ට් දාන්නෙත් කවිවලින් ඈ? :)

      Delete
  7. mama nam kiyowanne na , kathwa iwara una daata eka husmata kiyonawa, nathhtam anthimata call karalath ahai mokakada machn wenne kiyala :D

    ReplyDelete
    Replies
    1. :) ඔන්න ඔහේ කියවපන් බන් තව කොටස් දෙකයි තියෙන්නේ.

      Delete
    2. ඔන්න මම දැන් කියෝගෙන යන්නේ , :D , තෝ දැන් පුළුවන් නම් ඩිලීට් කරපන් ඉතිරි එක අද රැට මට නින්ද යන්නෙහ්ට් නැති වෙයි :D ,
      අඩේ මේ ලිලි ද කාර් එක පැන්නුවේ O.o ,

      මම යනවා තුවෙනි කොටස බලන්න,එතැනදී හම්බ වෙමු එහෙනම් ජය වේවා

      Delete
    3. හෆොයි කලින් දන්නවා නම් ඩිලීට් කරනවා ශක් අපරාදේ

      Delete
  8. නියමයි මඩිස්... මම දවසක් කිව්වෙ උඹ දස්සයෙක් කියලා..

    // හැරිස් එතනින් පිටත් වන්ට විය. //

    මෙන්න මේ වගේ කෑලි අඩු කරා නම් හොඳයි.. එතකොට නිකන් නාට්‍ය පිට පතක් වගේ පෙණුමක් එනවා.

    ReplyDelete
    Replies
    1. ඉතුරු කොටස් ලියලා ඉවරයි ඒවා වල ඕක හදන්නම්.

      Delete
  9. ඇත්තටම කතාව ගලායාම නම් හොඳයි. උඹේම නිර්මාණයක් විදියට මෙහෙම ලියන එක හුඟක් අගේ කරන්න ඕන වැඩක් මචං.

    හැබැයි උඹ තව ටිකක් ලිවීම ගැන අවධානය යොමුකරනව නම් හොඳයි කියල මම හිතනව. දැන් ඉන්ස්පෙක්ටර් හැරිස් මුලින්ම රැන්ඩිගෙ අම්මත් එක්ක තිබෙන දෙබස ගත්තොත් මම හිතනව වඩා තාත්විකයි කියල ඔවුන් ‘පුතා‘ ‘ආන්ටි‘ වෙන්නැතිව ‘ඉන්ස්පෙක්ටර්‘ ‘මිසිස් ස්ටීවන්‘ වුනානම්. මොකද මේක පුද්ගලික හමුවකට වඩා රාජකාරී ස්වභාවයක් ගන්න නිසා. අනෙක ඉන්ස්පෙක්ටර් හැරිස්ට නිතරම තමන්ව හඳුන්වා දෙන්නෙ වෙන්නෙ සමහරවිට ඔහු නිල ඇඳුමක් නොඇඳ ඉන්න නිසා වෙන්න පුළුවන්. (මම හිතන්නෙ ඔයා හිතෙන් මවා ගන්න ඇත්තෙ ඔය බටහිර චිත්‍රපටිවල ඉන්න ටයි කෝට් ඇඳගත්තු, පොලිස් වාහන නැතුව සාමාන්‍ය කාර්වල යන පරීක්‍ෂකයෙක් වෙන්න ඇති) අනෙක මේ දෙබස්වල ඒකාකාරී ගතිය නැතිකරන්න උඹට පුළුවන් මේ එක චරිතයක උච්චාරණය වගේ චුට්ටක් වෙනස් කරල ගන්න, අර හෙන්රි අයියා රෝල් ඩාල්ගෙ කතාව කියන්න ගිහින් කළා වගේ. අර අල්ලපුගෙදර මිස්ට සිල්වගෙ චරිතෙට ඒ වගේ සුළු වෙනස්කමක් කළා නම් කතාවෙ කුතුහලෙත් වැඩි කරන්න තිබුණ කියල මට හිතෙනව.

    කොහොම උනත් මම හොඳයි කියල නිකන් ඉන්නෙ නැතුව මෙහෙම කිව්වට තරහ වෙන්න එපා බං, මේක අඩුපාඩු පෙන්වාදීමක් නෙවෙයි, උඹට තව දුරටත් හිතන්න කාරණයක් එකතු කිරීමක් කියල මම හිතනව, මම මෙහෙම කියන්න බ්ලොග් ලියන අය හොඳ කතා රචකයො වෙනව කියන්නෙ කියවන්න එන අපි ඇරෙන්න වෙන කව්ද ඒකෙන් සතුටු වෙන්නෙ. උඹට හැකියාව තියෙනව මචං, පුළුවන් වෙලාවට තව තවත් ලියපන්, උඹට ජය !

    ReplyDelete
    Replies
    1. නිකන්ම නියමයි,පට්ට,හොඳයි කියනවට වඩා හිතට හිතුන දේ කෙලින්ම මෙහෙම කිව්ව එක අගය කරනවා අයියා.ඒකෙන් ඉස්සරහට හොඳ නිර්මාණ ඇති වෙන්න පුළුවන්.ඒ ගැන මම ස්තුති වන්ත වෙනවා.

      ඇත්තෙන්ම පොලිස් පරික්ෂකවරයා ගැන ඔබට හිතුන දේ හරි.ඔහු නිල ඇඳුම ඇඳන් ඉන්න කෙනෙක් නෙවේ. සි අයි ඩි එකේ වගේ සිවිල් පිට ඉන්නේ.මොකද මම මේක කතාවේ කලින් පරිච්ජේදේ සඳහන් කරා හැරිස් අපරාධ අංශයේ නිලධාරියෙක් කියලා.එතනින් මම හිතුවා කට්ටිය මවගනියි කියලා සිවිල් පිට ඉන්න නිලධාරියෙක්ව.

      Delete
  10. කලින් කොටසට වඩා හොදා..

    කාර් නිසා නැගල යනවා.. :)

    ReplyDelete
    Replies
    1. උඹේ කාර් එකත් පරිස්සම් කරගනින් :)

      Delete
  11. මම නම් නෙවෙයි හොලා...... බලමු කවුද කියල.

    ReplyDelete
    Replies
    1. :) ඉතුරු කොටසත් ඉක්මනට දාන්නම් අයියා

      Delete
  12. කතාව පට්ට. ඉක්මනට ෛතුරු කොටස් දාපන්.සලාක ක්‍රමේට දෙන එක අව්ලක් නෑ කියමු.මෙගා නාට්‍‍ය ක්‍රමෙටනන් ‍යන්න එපෝ.මොකද මන් බලන්ින්නවා නෙක්ස්ට් එපිසොඩ් එක එනකන්.ලිවීම හොදයි.ක්ලයිමැක්ස් එකත් පට්ට.දිගටම ඔහොම ලියමු (y)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මචන් මාත් මෙගා ක්‍රමේට කැමති නැහැ එත් හිතුවට වඩා කතාව දික් වුනා.තව කොටස් දෙකයි තියෙන්නේ දෙකම ලියලා ඉවරයි.ඔහොම ඉමුකො තව පොඩ්ඩක්.

      Delete
    2. එළම තමා.දැන්නම් ඔක්කොම හොරු වගෙ පේන්නෙ.රැන්ඩිද මන්ද හොරා.:p අපි කතාව ඉවර වෙනකම් ඉන්නෝ:D

      Delete
    3. එල පොඩ්ඩක් කුතුහලෙත් ඇවිස්සෙන්න එක්ක ගෙස් කරලා බලපන්.ඒ වගේම මම අර කොළ පාටින් ලිව්වා ටිකත් හිතලා බලපන්.තව චරිත එන්න තියෙනවා :)

      Delete
  13. සිල්වා තමා හොරා...කථාව ලස්සනයි බන්... හොදට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බලමුකෝ කව්ද හොරා කියලා :)
      තෑන්ක්ස් අයියා

      Delete
  14. අර අන්කල් කාරයා තමයි කාර් එක ගැරේජ් එකට හරි යාලුවෙක්ගෙ ගෙදරකට හරි ගිහින් දාල හොරාගෙඩියා වගේ නිදාගෙන ඉන්නේ.

    ReplyDelete
  15. නියමයිනේ.. ජය වේවා..!

    ReplyDelete
  16. ම්ම්ම්.... ම්ම්ම්..... නියම කතාවක්... අනිත් කොටසක් ඉක්මනින් දාමු......

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඉක්මනට දානවා.

      Delete
  17. කතාව ලියාගෙන යන විදිය අපූරුයි....හොරා රැන්ඩි වෙන්න බැරිද...මගේ හිතේ කුකුසක් ඇති වෙලා...

    ReplyDelete
    Replies
    1. නීතිඥ රැන්ඩි හොරෙක් වෙන්න පුලුවන්ද? බලමු

      Delete
  18. දැන් ඊ ගාවා කොටස එක්නකල් බලා හිටපංකො.
    නිශාන් අර "කපටි පෙනුමක් තියෙන මිස්ට සිල්වගෙනුත් ප්‍රශ්න කරා" කියන එක පාවිච්චි කලේ අපිව නොමග යවන්න කියලයි මට හිතෙන්නෙ.
    අර උඩ DDT කියලා තියෙන උපදෙස් වටිනවා නිශාන් ඊට අමතරව මෙන්න මෙතන පොඩි ක්ලෑෂ් එකක් මම දකිනවා.

    කව්ද මේ බෙල් එක කඩන්න හදන්නේ පොඩ්ඩක් ඉන්න මම එනවා.ලිලියන් තරමක් ආවේගයෙන් තම නිවසේ බෙල් එක ගසනා තැනැත්තාට කෑගසුවාය.

    ආනේ රැන්ඩි මට කිව්වා ඔයා දැන් ඒවි කියලා.

    ලිලියන් ඉන්ස්පෙක්ටර් හැරිස් ඒවි කියලා බලාපොරොත්තුවෙන් හිටියා නම් අර විදියට කෑ ගහයි කියල හිතන්න අමාරුයි නේද?

    මේක අදහසක් විතරයි නිශාන්. අර DDT කිව්වා වගෙ බ්ලොග් ලියන අය හොඳ කතා රචකයො වෙනව කියන්නෙ කියවන්න එන අපි ඇරෙන්න වෙන කව්ද ඒකෙන් සතුටු වෙන්නෙ. :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙම තමා කොටසෙන් කොටස ඇදලා ගන්නේ රබර් වගේ :).

      මිස්ට සිල්වා ගැන එහෙම ලිව්වේ පොලිස් කාරයෝ අපරාධ සම්බන්ද වලදී හැම කෙනෙක්වම සැක කරන නිසා.ඒක හැරිස් ට හිතිච්ච දෙයක් :).

      ලිලියන් ගැන එහෙම සඳහන් වෙද්දී හිතන්න බැරිද ලිලියන්ටත් ටිකක් කල්පනාව ටිකක් අඩුයි කියලා? :)

      කියවන්න එන අපි? :D

      Delete
  19. මොනවද අප්පා ඔයාත්.මදැ මේ පාරත් තුන්වන කොටසත් බලන්න ඒපාය.මට නම් නිදා සිටි අංකල් ජේම්ස් සැකයි.නෝනත් සැකයි.

    ReplyDelete
    Replies
    1. භාගයක් ඉවරයි තව ටිකයි ඉවසන් ඉන්න :)

      Delete
  20. හරි මම ඉස්සරලා කිව්වා වගේ අර පිස්සු ඩයල් එක තමයි මොකක් හරි විජ්ජුම්බරයක් නටලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඈ ඌ නිදියන්නේ බන් ඉන්නේ?

      Delete
  21. කතාවයි කොමෙන්ටුයි කියෙව්වම.. අනේ මන්දා.. අන්කල්වත් සැකයි.. ලිලියන්ට කල්පනාව අඩුයි කිව්වම එයාවත් සැකයි.. කොලපාටින් ලියපු ටික නිසා තවත් පැටලෙනවා..
    මොන මගුලකටද මම දගලන්නේ. ඉතුරු ටික ලියව්වහමම බලා ගන්නවා. ච්හ් ඒකත් කොටස් දෙකක්ලුනේ.


    ජය..

    ReplyDelete
    Replies
    1. :)
      ඉවසීමෙන් සැනසීම ලැබේ.

      Delete
  22. නියමයි මචං කතාව ලස්සනයි , පරිවර්තනයක් ආකාරයට බොහොම රසවත්ව ලියලා තියෙනවා , හොද නිර්මාණයක් ඉතිරි කොටසත් බලමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ අගේ කලාට.

      Delete
  23. කතාව ගලාගෙන යන විදිහ හොඳයි.
    කාර් හොරා කවුරු වේද ? කාර් එක දැනටම මස් කරලද ? මේ සියල්ලම දැන ගන්න තව ටිකක් ඉන්න වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. තව ටිකයි කියන්නේ ටිකම ටිකම ටිකයි කොටස් දෙකයි :)

      Delete
  24. ඔහොම යන්කෝ.. බලමු කවුද හොලා කියලා..

    ReplyDelete
  25. aneth ewwath liyala nam thiyenne age karanne nethuwa dapanko.

    Thaththa gena poddak hithanna wenawa, mata nikamata wage hithenawa car 1th ekka thaththath athurudahanda kiyala. Eya gena kisima sandahanak nehene.

    Monawa unath pasta kathawa ah.

    ReplyDelete
    Replies
    1. ලිව්වා කියලා ඔක්කොම එක පාර දාන්නද:)

      තාත්තා කාරයා ගෙයි ඉන්නේ පොර ටිකක් අසනීපෙන් නිසා :)

      තැන්ක්ස් වේවා.

      Delete
  26. එළ එළ! ඉක්මනට දාහන් ඈ :)

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ ඉක්මනට දානවා.

      Delete
  27. නියමයි මචන්... මට හිතෙන්නේ ලිලියන් තමයි කාර් එක කොහේ හරි ගිහින් දැම්මේ. කල්පනාව අඩුයි කියල පෙන්නන්න හදන්නෙත් බෙහෙත් පෙති බීලා නින්ද ගිහින් හිටියා කියන්නෙත් ඒක නිසා වෙන්න ඇති. ඉතින්.........
    " මඩිස්සලේ..ලේ..ලේ.. නිශාන් ලියන..න..න.. න.. කාර් හොරා..රා..රා.. රහස් පරීක්ෂක..ක.ක.. කතා මාලාවේ..වේ.වේ.. කුතුහලය.. පිරි..රි..රි..රි.. තවත් කොටසක්..ක්..ක්.. බලාපොරොත්තු වන්න..න..න..න.."

    මගේ ගානේ ඇඩ් එකක්. සෑහෙන්න මහන්සි වුනා. මට ගෙවපන් මේවට ඈ.. :D

    ReplyDelete
    Replies
    1. බලමු ඔහොම දේවලුත් වෙන්න පුළුවන් අපේ ලෝකේ :)

      ඇඩ් එකට තෑන්ක්ස් ඈ උඹට අනිවා ගෙවනවා මේකට රුපියක් පහක් :)

      Delete
  28. that momma's acting so suspicious for sure!!!!!!

    ReplyDelete
    Replies
    1. අම්මලා ගැන ඔහොම හිතනවද පුතා? :D

      Delete
  29. අනේ බං..
    දැනටමත් ඕක මස් කරලා පංචිකාවත්තේ විකිනෙනවා ඇත..
    ඔය හැරිසට කියපං පංචිකාවත්තේ සර්ච් එකක් දාන්න කියලා..
    හි හි..
    පට්ට ආ..
    අනිත් එකත් ඉක්කන්ට දාහං...

    ReplyDelete
    Replies
    1. අඩෝ මේ හැරිසා මේක හොයාගෙන මිසක් අතාරින්නෙ නැහැ බොල
      උඹ ඉස්සෙල්ලා එකේදී කිව්වේ උස්සපු එකාව දන්නවා කියලා? කව්ද ආ ඒ? හික්ස්.

      Delete
  30. සිරාවටම කියන්න මචන් සිරාවටම සිරා.අඩුපාඩු හදාගෙන ලියමු දිගටම මේවගේ හැකියාවන් හැංගිලා දෙන්න යන්න නරකයි. ඒවායින් මේවගේ ප්‍රොයෝජන ගන්න එක ඇත්තටම වටිනවා මඩියෝ...

    ගිය පාර පොස්ට් එක කියවල හිත හදා ගත්තේ ඊගාව පොස්ට් එකෙන් හරි කාර් හොරා ගැන හෝඩුවාවක් දෙයි කියලා.. දැන් ඉතින් තව සතියක් බලාගෙන ඉඳපන්කෝ.

    මට නම් හිතෙන්න වයසක යුවල පික්නික් එකක් ගිහින් කාර් එක මග දාලා ඇවිත් දැන් මතක නැතුව දඟලනවා කියලා මොකද දෙන්නටම මෙන්ටල් අප්සට් එකක් තියන පාටයිනේ

    ReplyDelete
    Replies
    1. ඉවසලා හිටු තව කොටස් දෙකයිනේ බන්.

      බලමු එහෙමත් වෙන්න පුළුවන් :)

      Delete
  31. ඔන්න ඕකනේ බැරි.. හුස්මක් කටක් ගන්නේ නැතුව.. කතා දෙකම කියෙවුව.. එත් මගුල.. එක ඉවර නැහැනේ..ඉක්මනට දාන්න ඈ

    ReplyDelete
    Replies
    1. එල බන් පොඩ්ඩක් ඉවසන් හිටු

      Delete
  32. දැන් නිශාන් අයියත් රහස් පරීක්ෂක කතාවක් ලියනවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දැන්ද දන්නේ? :)

      Delete
  33. නියමයි මචං........

    ReplyDelete
  34. මොකා උනත් පරණ කාර් උස්සන්න ලජ්ජා නැද්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ පන්සලේ පරණ සේරෙප්පුත් ඉස්සුවේ.

      Delete
  35. හා....හරි., ඔහොම යමු

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!