Friday, November 16, 2012

39 අභිරහස් කාර් හොරා (තෙවන කොටස)


පළමු කොටස
දෙවන කොටස


ඉතින් මොකක් හරි හෝඩුවාවක් හම්බ වුනාද?(රැන්ඩි)

නැහැ එත් මට හිතෙන්නේ මේක කරේ.....කාමෑෂ් ගැන්ග් එකේ අය වෙන්න ඇති!(හැරිස්)

මොකක්? ඇයි ඒ? එයාලට අපේ කාර් එකමද හොරකම් කරන්න ඕන වුනේ?

කලබල වෙන්න එපා රැන්ඩි මම අද පරණ රෙකෝඩ්ස් බැලුවා ටවුන් එකේ වාහන සොරකම් ගැන.කලින් වෙච්ච හැම සොරකමකටම ගෑවිලා තියෙන්නේ කාමෑෂ් ගැන්ග් එකේ අය!.

ඉතින් හැරිස් අපිට ඒක ලබාගන්න පුළුවන් වෙයිද?


ඔෆ්කෝස් ඒක එයාලා ගාව නම් මම පොරොන්දු වෙනවා කාර් එක ආයේ ඔයාට හිමි කරලා දෙනවා කියලා.

ගොඩක් ස්තුතියි හැරී ඔයා මේ කරන දේවල් වලට මම ඔයාට ණයයි.

නැහැ රැන්ඩි තාම ණය නැහැ ඔයා ඔය කතාව කියන්න කාර් එක හම්බ වුනාට පස්සේ.

මොවුන් දෙදෙනා මෙසේ කතා කරමින් සිටින විට රතු පැහැති මයිනර් රථය පාරේ යනවා අවන්හලේ කවුළුව තුලින් රැන්ඩි දකියි.

දෙයියනේ හැරිස් අන්න කාර් එක!

කෝ කෝ අපි ඒක පස්සේ යන් ඉක්මන් කරමු.

සගයන් දෙදෙනා කඩිනමින් එලියට දිව ආ මුත් කාර් රථය ගිය දිසාවක් සොයාගැනීමට ඔවුන්ට නොහැකි විය.එය ක්ෂේනික්යෙන් අතුරුදන් වී ඇත.

රැන්ඩි දැන් අපිට ටක්කෙටම විශ්වාසයි කාර් එක තාම මේ ටවුන් එකේ තියෙනවා කියලා අපි ඒක හොයාගමු.ඔයා දැන් එන්න මාත් එක්ක අපි යමු කාමෑෂ් ගැන්ග් එකේ අයව හම්බ වෙන්න .

හොඳයි හැරී මම කාර් එක හොයාගන්න අපායට වුනත් යන්න ලෑස්තියි.

------------------------------------------------------------------------------------------------------------------
ඔවුන් දෙදෙනා හැරීගේ රථයෙන්ම කාමෑෂ් පාතාල කල්ලිය සිටිනා ප්‍රදේශය වෙත ගොස් කාමෑෂ් පාතාල කල්ලියේ නායකයා ඩේවිඩ් ව මුණ ගැසුණි.

දෙවියනේ මේ අපේ දක්ෂ පොලිස් පරීක්ෂක හැරිස් මහත්තයා නේද? මොකද මේ අපිව බලන්න හිතුනේ?ඔච්චමට මෙන් ඩේවිඩ් හැරිස්ගෙන් ඇසුවේ පරණ අමනාප කම් අමතක නොකරමය.

ඩේවිඩ් මේ මගේ යාළුවා නීතිඥ රැන්ඩි ස්ටීවන්!මෙයාගේ පවුලේ වාහනය ඊයේ නැති වෙලා තියෙනවා මට ඒකට සැක ඔයාව ඩේවිඩ්.හැරිස් නොපැකිලව පවසයි.

 හාහ්හා හාහ හාහ් දෙයියනේ හැරිස් මේ අර ප්‍රසිද්ද නීතිඥ තුමා නේද?අර කතා කරපු නඩුවලින් බාගේට බාගයක්ම පැරදුනු?

ඩේවිඩ් අපි මෙතනට ආවේ ඔයා එක්ක විහිලු කරන්න නෙවෙයි.මගේ කාර් එක ගත්තා නම් කරුණාකරලා ඒක අපිට ආයේ ලබා දෙන්න නැත්තම් ඔයාට කරදර ගොඩකට මුහුණ දෙන්න වෙයි.රැන්ඩි තරමක් ආවේගව කතා කරේ තම මිතුරා ඉදිරිපිට ඔහුගේ ප්‍රතිරූපයට ඩේවිඩ් හානි කල නිසාවෙනි.

අනේ ඇත්තට නීතිඥ මහත්තයෝ ඔයා මට නඩු දානවද? අනේ එහෙම කරන්න එපා මම ඔයාට කාර් එකට දෙකක්ම දෙන්නම් හාහ්හා හාහ්හා.ඩේවිඩ් ඔවුන්ව විහිලුවකට අරගෙන මෙන් සැහැල්ලුවෙන් සිටියි.

රළු ගති ඇති හැරිස් කිපී තම සාක්කුවෙන් රිවෝල්වරය එලියට ඇද ඩේවිඩ් වෙත දික් කළේය.
ඩේවිඩ් මම මේ හොඳින් කියන්නේ කාර් එක අපිට දුන්නේ නැත්තම් මම දෙවියන්ගේ නාමෙට පොරොන්දු වෙනවා ඔයාට වෙඩි තියනවා කියලා.

ඩේවිඩ්ගේ සගයන් වහා ක්‍රියාත්මක වී හැරිස්ටයි රැන්ඩිටයි වෙඩි තබන්නට විය.ඊට පෙර කඩිසර වුනු හැරිස් තම මිතුරා රැන්ඩිවත් ඇදගෙන වාහනයකට මුවා විය.අතරින් පතර එබී ඔහුද පාතලා සාමාජිකයන්ට වෙඩි තැබිය.එම වෙඩි පහර වලින් පාතාල සාමාජිකයන් එකා දෙන්න මැරී වැටෙන්න විය.තවත් පාතාලයින් පැන දුවන්නට විය.මොහොතකට පසු වෙඩි ශබ්ද නතර විය රැන්ඩි මුවා වී සිටි වාහනය අතරින් එබී බලන්නට විය.පාතාල සාමාජිකයින් එකෙකුවත් පෙනෙන්නට නොවිය.

ලද අවසරයෙන් වහා සගයින් දෙදෙනා එම ස්ථානයෙන් නැගිට පාතාල සාමාජිකයින් සැඟවුණු ගොඩ නැගිල්ල පිටි පසට දිව ගියේය.පුදුමයකි රතු පැහැති කාර් රථය එම බිල්ඩිම පිටුපස පාක් එකේ නවතා ඇත.


දෙයියනේ හැරිස් ඔයා ඒක හොයලා දුන්නා මේ තියෙන්නේ ඒක.හූ........සතුටින් ඉපිලුන රැන්ඩි උඩ පනින්නටත් කෑගසන්නටත් විය.

තම මිතුරා සතුටු වෙන අන්දම සිනාහ මුහුණින් බලා සිටි හැරිස්.ඉක්මන් කරන්න රැන්ඩි අපි මේක ස්ටාට් කරගෙන මෙතනින් ඉක්මනට යමු අපිට අවශ්‍ය කරන ප්‍රමානෙට ආයුදත් නැහැ.

මිතුරාගේ දැනුවත් කිරීමෙන් රැන්ඩි වහා රියදුරු අසුන හැරිස්ට දී ඔහු අනිත් අසුනෙන් වාඩි විය.හැරිස්ද වහා කාර් එක පණගන්වා එලියට යාමට සැරසුනේය.එහෙත් ඇහිපිල්ලමක් ගහන වේගයකින් කොහේදෝ සිට පැමිණි වෑන් රථයක් මයිනර් කාර් රථය හප්පන්නට විය.එම පහරින් කාර් රථයේ බද තැලී ගියාය.එහෙත් අපරිමාන දහිරියකින් යුත් හැරිස් කාර් රථයෙන්ම කෙසේ හෝ පලායන්නට තැත් කෙරිය.

වෑන් රථය නැවතත් වේගයෙන් පැමිණ කාර් රථය හප්පා දැමුවාය.හැරිස්ට පාලනය කරගත නොහැකි අන්දමට කාර් රථය වටයක් පමණ කැරකි ගොස් අසල වූ ක්රෝන්ක්‍රීට් කණුවක හැපුනාය.

දැන් කාර් රථයත් වෑන් රථයත් මුහුණට මුහුණලා විය.හැරිස්ටත් රැන්ඩිටත් වෑන් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාව පැහැදිලි ලෙස පෙනෙන්ට විය ඒ වෙන කව්රුවත් නොව.
________________________________________________________________________________________


මතු සම්බන්දයි.....

39 comments:

  1. තරහත් යනවා දැන් ඔන්න... කාර් එක හම්බවුනා කියලා දැක්ක ගමන් දුවන් ආවා.. දැන් ඒ සැරේ හොරා දන්නෙ නෑ..සැක්..මට ප්‍රෙෂර් එක වැඩි වෙනවා මෙහෙම ගියොත් නම්..

    ReplyDelete
    Replies
    1. කාර් එක හම්බ වෙච්ච එකම මදැයි දැනට :).
      උණුසුම් සුභ පැතුම් නංගෝ එක වුනාට :D

      Delete
  2. එල එල ,, ඒ කියන්නේ තව කොටසක් තියනවා ...
    ඇත්තම කිව්වොත් මන් මීට කලින් රහස් පරීක්ෂණ කතා කියෙව්වේ නෑ මොකද මන් ආස කරේ නෑ ,,, ඒවාට ,, ඒත් ඇත්තම කිව්වොත් මන් මචන් උබේ කතාවට ආසයි,, එල ආ ... ඉස්සරටත් මේවගේ කතා ලියපන් ... ආ ...ආ ... ඊට කලින් මේ කතාව ඉවර කරන්න හොදේ .. :)

    ඇවිත් යන්න එන්න ,,"The අච්චාරු පිටුව "

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා තෑන්ක්ස් මචන්
      මේක ඉවර වුනාට පස්සේ තමා ආයේ මේ වගේ එකක් ලියනවාද කියලා හිතලා බලන්නේ.

      Delete
  3. තව එක වචනයක් දැම්ම නම් මොකෝ..
    එල එල.. නැගලම යනවා කාර් එකේ..
    ජය වේවා..

    ReplyDelete
  4. උඹ සමහර තැන්වලදි ඉක්මන්වෙනව වැඩියි වගේ බං, ඇයි දෙයියනේ මේක චිකාගෝ ස්ටයිල් එකටම බැස්සනේ සුටුස්ගාල.

    ආ ... අනෙක මෙතන හොරකම් කරල තියෙන්නෙ ඉඳහිට පාවිච්චි කරපු පරණ කාර් එකක්නේ බං, උඹ සමහර වාක්‍ය ලියද්දි ඒක අමතක කරනව. (එහෙම නැත්නම් ඒ කාර් එක එයාලට එච්චර වැදගත් ඇයි කියල පාඨකයොන්ට හඟවන්න ඕන කියල මම හිතනව.) අර නීතිඥයෙක් වෙන රැන්ඩි කාර් එක දැක්කම හැසිරීම ටිකක් අස්වාභාවිකයි කියල හිතුන. 18 කොල්ලෙක්ට නම් ඒක ගැලපෙනව. අනෙක ඔවුන් දෙදෙනාම ඒ කාර් එකට නැගල යන්න හදන්නෙ, එතකොට එතනට ඔවුන් ගිහිපු කාර් එක.

    මම මේ වැරදිම හොයනව කියල හිතන්න එපා බං, මම උඹේ කතාව රසවිඳින ගමන් හිතෙන දේවල් මේ කිව්වෙ, ඕක ඉතිං මගේ පුරුද්ද. :)

    ඉතුරු කොටසත් ඉක්මනට දාන්ට සනා.

    ReplyDelete
  5. කතාවනම් එල. ඒත් කොටස් කඩන කොට මීට වඩා ටිකක් සැලකිලිමත් උනොත් හොඳයි. විශේෂයෙන් මේකේ. (මන් තරු විනිශ්චයකාරයෙක් නෙවෙයි.... :) )

    කොල්ලගේ තාත්තට ඇල්ෂයිමර්ද බන්. ඔච්චර අමතක වෙන්නේ?

    ReplyDelete
  6. මේ DDT කියන ටිකත් සලකලා බලලා ඊළඟ වටයේදී හොඳට ලියන්න. කොහොම වුනත් අපි ඔබව දෙවන වටය සඳහා තෝරා ගන්නවා.

    ReplyDelete
  7. කාර් එකේ පින්තුරේ නම් නියමයි හෙහ්.

    ReplyDelete
  8. අදත් බැලුවේ ඉවරද කියල , කියෙව්වේ නෑ , ඉවර වෙනකම් මම ඕක කියවන්නෙත් නෑ , මුන්ගේ කොමෙන්ට් දැක්කම හැදෙන අමාරුව පේනවනේ , ඒ නිසා පස්සේ තමා :D

    ReplyDelete
  9. අනේ....මම හිතපු කෙනා නෙමේ වගේ කාර් හොරා .... එතකොට.... ??

    ReplyDelete
  10. අහවල් එකටද..අර කාර් එක කුඩු කරේ.. මරන්න තරඟ හිතයි.. සික්.. එල ලොක්කා එල ඈ

    ReplyDelete
  11. හොඳයිද මන්දා,කෝ පුතා මේකෙ ව්‍යාකරණ?අන්තිමට පොඩ්ඩක් බලන්න කොහොමද කියලා,කියවන්න පුලුවනිද?ටිකක් හිතන්න

    ReplyDelete
  12. හ්ම්ම්.....මචෝ මම ඇත්තම කියන්නම්....අද ගැලපිල්ල නම් එච්චර හරි මදි වගේ....
    එක පාරටම ගැටුමක් නිර්මාණය කරලා..හැබැයි එක ටික අස්වාභාවිකයි! අනිත් එක හොරෙක් හොරකම් කරපු කාර් එකක් ආයේ එලියට දායිද ඉක්මනටම??? ටිකක් තාත්ව්ක මදි වගේ...
    අනේ මන්දා.......

    ReplyDelete
  13. උබ කාර් එක හැප්පුවනේ යකෝ..
    දැං ඉතිං පන පිටිං ගියත් වැඩක් නෑනේ..
    චික් විතරක්...

    ReplyDelete
  14. ඊළඟ කොටස දෙමු කරකවලා මීටත් වඩා සුපිරියට.. ජය!!

    ReplyDelete
  15. හොඳ සිදුවීම් පෙළක් මත ලියවෙන කතාවක් වගෙයි..ඒත් කලින් අයත් කියල තිබ්බා වගේ කතාව ඉවර කරන්න හදිස්සියකින් වගේ ලියලා දාන්න එපා..එතකොට අපටත් අගමුල හොයාගන්න අමාරු වෙනවනෙ...ඊලඟ කොටස එනකල් බලාගෙන ඉන්නව ඔන්න.. සුබ පැතුම්.. :)

    ReplyDelete
  16. ah kadu fight ehemath theyanawa neh?
    Kotas 3k witharak balla kathawa gena comment karanna man nam kemathi ne.
    Saththarane anthima ekath daako ithin

    ReplyDelete
  17. ඕක දිගට ලියල ඉවර කරපන්කො..!

    ReplyDelete
  18. හ්ම්ම් හ්ම්ම්ම්... ඉතුරු ටිකත් ලියපන්කෝ.. මටනම් තාම උඹව සුවර් නෑ

    ReplyDelete
  19. නැගලම යනවා කාර් එකේ..

    ReplyDelete
  20. කවුද බං ඔය හොරා... අම්මමද

    ReplyDelete
  21. කවුද හොරා ඉක්මනින් ලියන්න මලේ

    ReplyDelete
  22. මගේ ගෙස් එකට කෙළ උනා.. අර මදුරු නාශකයා කියපු ටික මටත් හිතුනා.. ඒත් සූදීක අයිය කියපු විදියට දෙවනි වටේට තෝර ගන්නවා... හි හි

    ReplyDelete
  23. ඒ කවුරුත් නොව සිල්වාය...

    ඉතුරු කොටසත් ඉක්මනට දාපියෝ...

    ReplyDelete
  24. මට කලින් පොස්ට් දෙක මගහැරිලානේ නිශානයෝ....... කතාව මුල ඉදන්ම කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. මගහැරුණු ටිකත් කියෙවුවා නියමයි මචං ............. ඊලග කොටසත් ඉක්මනට් දන්න

      Delete
  25. මචන් කිව්වට තරහා වෙන්න එපා.. අද කොටස නම් ලාමකයි.. නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ.. උඹ මුලදි කතාව ලස්සනට ගොතාගන ආවා.. මෙතනදි අනා ගත්තා කියලයි මට හිතුනෙ.. අනිත් එක බටහිර ගතිය වැඩියි වගේ බන්.. අපේ විදිහට තිබ්බ නම් තව ටිකක් හිතට වදිනවා.. ඔය දෙවියන්ගෙ නාමෙට කියනවට වැඩිය ලස්සනයි "අම්මා පල්ල", "දෙවියන් පල්ල" වගේ එකක් දැම්ම නම්.

    ReplyDelete
  26. දැන් බලමුකෝ කවුද හොරා කියලා.....

    ReplyDelete
  27. එකපාරටම වෙඩි තියන්න පටන් ගත්තම මමත් භයවුණා. ලියන්නකෝ බලන්න ඉතුරු කෑල්ලත් හොරා කවුද කියලා බලන්න. හැබැයි මචං මෙතනදී උඹ කතාව ගෙතුවා ඉක්මන් වැඩියි. ඒත් කතාව නම් සිරා පාර...

    ReplyDelete
  28. ඔයාත් හරියට අර ජනප්‍රිය අධ්‍යක්ෂක කෙනෙක් වගෙයි.අපිව තවත් කුතුහලේට නතු කරනවා.කමක් නැ අප්පා කාර් එකවත් ලැබුණා නේ.

    ReplyDelete
  29. හපොයි බං කාර් එක තලාගෙන හිටියනෙ. දැන් හොයාපංකො ටිංකර් බාස්ලා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  30. මට මුලින්ම හිතුවේ ලලියගේ වැඩක් කියලා බලමු...

    ReplyDelete
  31. හොරා තමා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .කතුවරයා හෙවත් මඩිස්සේ නිසාන් හෙවත් හිටපු නිකමා :D

    ReplyDelete
  32. එතකොට කවුද හොරා ???

    ReplyDelete
  33. නොදකින් තෝ , ඇයි යකෝ මේ වගේ පට්ට කතාවක් දැන්ම ගේම දාල ඉවර කරන්නේ ,
    අනේ අදපන්කෝ බ්ලොග් පිටු තව අඩුම 50ක් වත් ,

    හොර ලිලි නෙමෙයි නේද ඒ කියන්නේ :/ ,
    එහෙනම් අර එහා ගෙදර අන්කල් වෙන්න ඇති

    ReplyDelete
  34. අපෝ මොනවද බං කොරන්නේ?? මං හිතුවා ඉවර කරය් කියල මේ කතාවෙන්...... :P

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!