Tuesday, November 20, 2012

67 අභිරහස් කාර් හොරා හම්බවුනෝ..කතාව ඉවරා...යි



පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
ස්තුති කතාව

කාර් රථයත් වෑන් රථයත් මුහුණට මුහුණලා විය.හැරිස්ටත් රැන්ඩිටත් වෑන් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාව පැහැදිලි ලෙස පෙනෙන්ට විය ඒ වෙන කව්රුවත් නොව ඒ ඩේවිඩ් ය.

ඩේවිඩ් වෑන් රථයේ ඇක්සලේටරය සැරින් සැරේ පාගයි.වහා ක්‍රියාත්මක වුන හැරිස්ද බොඩිය තැලුණ කාර් රථය නැවත පණගන්වා රේස් කරේය.වාහන දෙක මුහුණට මුහුණලාය.ඩේවිඩ් වෑන් රථය අද්දනවාත් සමඟම හැරිසුත් කාර් රථය අද්දන්නට විය.වාහන දෙක අධික වේගයෙන් මුහුණට මුහුණ පැමිණ හැප්පුනාය.

මයිනර් එකේ බොනට් එක කුඩු වී ගියාය.හැරිසුත් රැන්ඩිත් දොර පියන් හැර බොහොම අමාරුවෙන් එලියට බැස ගත්තේය.ඔවුන්ට ලේ ගලන තුවාල පෙනෙන්ට නොතිබුනත් ඇඟේ පතේ තැල්මවල් ඇති බව හැසීරීම් වලින් පෙනේ.ඔවුන් අමාරුවෙන් වෑන් රථය වෙත ගොස් එහි දොර ඇර බැලුවේය.ඩේවිඩ් සිහි මුර්ජා වී රියදුරු අසුන මතම වැටි සිටියි.


පොලිස්තානය වෙත අමතා තව කට්ටිය ගෙන්වා ඩේවිඩ් ව පොලිස් රැකවරණ යටතේ රෝහල් ගත කෙරුණි.රැන්ඩි පොලිස් කාර් රථයක බොනට්ටුව මත වාඩි වී ඉන්ෂුවරන්ස් එකෙන් පැමිණ මයිනරය ඇදගෙන යන සැටි බලා සිටියේය.ඔහුගේ හිතට සැනසීමකි වාහනය සතියකින් දෙකකින් යථා තත්වයට පත් කොට ගත හැකිය.
මේ හැම දේකටම ස්තුතියි හැරිස් ඔයා මන් වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බා.

අත ඇරලා දාන්න රැන්ඩි මම කරේ මගේ යුතුකම පොලිස් නිලධාරියෙක් හැටියට.

මම කොහොම ස්තුති කරන්නද මන්දා හැරි ඔයාට.ඔයා හෙට රෑට අපේ ගෙදර කෑමකට එන්න.

හොඳයි යාළුවා මම එන්නම් හෙට  දැන් ටිකක් රෑ වෙලා ඔයා ගෙදර යන්න,මහන්සිත් ඇතිනේ සටන් ජවනිකාවකටත් මුහුණ දීලා ඔහු සිනාසෙමින් පවසයි.



ඔහු මට දැන් ගොඩක් මහන්සියි ආහ් බඩත් ගිනියි නිදිත් මතයි රැන්ඩිත් සිනා සෙමින් පවසයි.
____________________________________________________________________________________

ගෙදර නොගොස් තම මහගෙදරට ගිය රැන්ඩි එහිම නිදියගන්නට විය.උදෑසන 9ට පමණ රැන්ඩි ස්ටීවන්ගේ පියා ජේම්ස් ඔහු අසලට පැමිණ ඔහු ඇහැරවිය.

පුතා පුතා නැගිටින්න මට කියන්න දෙයක් තියෙනවා.

තම පියාගේ බාධා කිරීම නිසා ඇඟමැලි කඩමින් නැගිට සිටි රැන්ඩි තාත්තා කියන්නට යන්නේ කුමක්දැයි බැලුවේය.

පුතා මම අපේ කාර් එක පෙරේදා අරන් ගියා ටවුමට එතැන තිබ්බ අර චන්ඩි ඩේවිඩ්ගේ පාක් එකේ කාර් එක නවත්වලා මම මාකට් එකෙන් බඩු වගයකුත් අරන් කාර් එක අමතක වෙලා පයින්ම ගෙදර ඇවිත් නිදියගත්තා එවෙලේ මට කාර් එක ගැන මතක් කරන්න ඔයාගේ මමිවත් ඇහැරලා හිටියේ නැහැනේ.අනේ බලන්නකෝ පුතා ඊයේ දවසෙම මට ඕක කල්පනාවක් වුනේ නැහැ.ඉතින් මම අද උදේ ගිහින් බලද්දී ඒක එතන නැහැ.ඔයාට ඒක හොයාගන්න පුළුවන් වෙයිද??



67 comments:

  1. මාර කේස් එකක්නෙ බං..හිකිස්...අපරාදෙ මහන්සිය...!

    ReplyDelete
  2. මම හිතුවා කාර් එක ගත්ත මිනිහා මූ තමයි කියලා. ඒ වුණාට මම කිව්වේ නෑ. නැත්තං අර කුතුහලයද මොකක්ද එක නැති වෙනවනේ. කතාව ඉවර කරපු හැටිනං මරු.... කතාව ඉවර කරලත් ස්තූති කතාවක් ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම දන්නවනේ උඹ ඒක දන්නවා කියලා :)

      Delete
  3. දැක්කනෙ.අන්තිමට හොරෙක් නෑ.හොරා තමා :D






























    නෑ නෑ මේ පාර නිසානය කියල කියන්නෑ.රැන්ඩිගෙ ඩඩා.ඕක ඩේවිඩ්ට විකුනලා අන්තිනට ඩේවිඩදිරේ ගියාම කියනව පචයක් :)

    ReplyDelete
    Replies
    1. හෑ....උඹට හොඳ නිර්මාණාත්මක මෙව්වා එකක් තියෙනවා ඈ :D

      Delete
  4. ඔක්කොම හරි. එකඟ නැත්තේ එක තැනකට විතරයි. ඉන්ෂුවරන්ස් ඇවිත් සතියෙන් හදලා දෙයි....මොන බොරුවත්ද මලයා උන් අපිව මරන් කනවා. ලැබිය යුතු දේත් කපා හරිනවා උන්. අත්දැකීමෙන් කියන්නේ ඒ ටික. ඒත් කතාවකනේ . කතාව සුපිරි මලයා

    ReplyDelete
    Replies
    1. හොඳ පරිප්පුවක් කාලා වගේ :)

      Delete
  5. උබ කොහොම හරි ඩෙවිඩ්වම ඇල්ලුවා නෙද ...

    ReplyDelete
    Replies
    1. නැහැ බොල ජේමිසාව :)

      Delete
  6. *I&^(*&^$%$ #^%$#@^ %$^(*&^)(*^)(*^( *&^%*( &^%$*&^$&^ %$&^%$#& ^% *& ^% (^% * 89*&^*%&^%* V*&^% :(

    ReplyDelete
    Replies
    1. මට ලාවට වගේ හිතෙනවා මේ කුනුහබ්බයක් කියලා :)

      Delete
    2. මටත් සුදු මලයා කියපු ටික තමා උබට කියන්න වෙන්නේ

      Delete
  7. හිතන්න දේවල් බොහෝ තියනවා. හිතන්න දේවල් අලුතෙන් ඇතිවෙන්නේ නිර්මාණපූර්ණ සාහිත්‍යාංගයක් නිසයි. ඔබේ ප්‍රතිභාව තවතවත් දියුණුවේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි මහත්මයා ඔබේ කොමන්ටුව මට සතුටක්.

      Delete
  8. එහෙමයිලු නේ අවසානය! එළ.
    තවත් මේ වගේ කතා ලියන්ට හැකියාව ලැබේවා! ජය!

    ReplyDelete
    Replies
    1. එලස් මචන් තැන්ක්ස්

      Delete
  9. අඩේ මාරයිනෙ බන්.. සුපිරි අවසානයක්... නිකමටවත් හිතුන්නෑ මෙහෙම එකක්...

    නියමයි නියමයි තව ලියපන් මේ වගේ ඒවා....

    ReplyDelete
    Replies
    1. මා මේ දකින්නේ ස්වප්නයක්ද? :)

      Delete
  10. නියමයි ... තව මේ වගේ ඒවා ලියමු..

    ReplyDelete
  11. හ්ම්ම්ම් ...
    එතකොට මෙහෙමනේ ඉවර වුනේ ,,,
    හොදා හොදා.....
    තව මේවගේ කතාවක් ලියන්න නිශාන් ... මගෙන් සුබ පැතුම්
    ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. එළ
      මුල ඉඳන් මා එක්ක හිටියට තෑන්ක්ස් බොක්ක

      Delete
  12. සුදීක අයියා දෙවෙනි පොස්ට් එකේදී හොරා අල්ලාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. ඊ ..... මම පළවෙනි දවසෙම කිව්ව සීන් එක. ඒත් මම හිතුවෙ නෑ අපේ නිශානය ඒ විදියට මේක ඉවර කරයි කියල. මොකද මම අරව මේව කිව්වය කියල ඌ මාත් එක්ක මලෙන් හිටියෙ. :)

      Delete
    2. සුදීක අයියා හපනා කියලා අපි දන්නවනේ :)

      අපෝ එහෙම නැහැ මදුරු නාශක අයියා අපේ හිතේ කහට තියාගන්නේ නැහැනේ :).මම දන්නවනේ ඔය කියන ඒවා ගැන.

      Delete
  13. ජය වෙඅව.......... දැන් ඉදපන් යේ මුලට ගිහින් ඔක්කම කියෝගන එන්න ඕනේ :D ,
    දැක්කනේ දැන් මට අනිත් එවුන් වගේ හිතේ අමාරුවක් නැතිව අද රැට නිදා ගන්න පුළුවන් , කතාව ඉවර නිසා :D

    ReplyDelete
    Replies
    1. තෝව කොටියාම කාපිය

      Delete
  14. man eda kiwwa wage thaththa gena wediya katha nokarapu nisa mehema awasanayak balaporoththu una. Eth man hithuwata wada wenas. Hoda awasanayak.
    Eka deyak, kathawa liyanne oya nisa kotas warin wara dana eka oyata asadaranayak. Oya liyana kathawe awasanaya api 1weni kotase indan comment walen kiyanna try karanawa. E athare aththatama oyage hithe thiyana awasanaya kauru hari kiwwoth, oyage kathawa gena oyata sehemakata pathwenna beri wei. E nisa kathawa wenas karannath hithei.

    Man danna hodama widihata hodai kiyanawa nam mata kiyanna thiyenne kathawa nam pasta.

    ReplyDelete
    Replies
    1. මන් කතාවේ කොටස් හතරම ලියලා ඉවර වෙලා තමයි පලවෙනි එක පබ්ලිෂ් කරේ.එත් අවසානේ ගැන කව්රුවත් හරියට කිව්වේ නැහැ.පෝස්ට් එඩිට් කරෙත් නැහැ.

      පස්ට කිව්ව එකට නම් ගොඩාක් තැන්ක්ස් සහෝ.

      Delete

  15. :( :( :( ,
    අනිත් එචුන් නම් සිරා කියන්න ඇත්තේ බොරුවට බන් ,
    කෙලින්ම කීවට අවුලක් නැහැනේ , (අහු උන දවසට මට මු මට ගහයිද දන්නෙත් නැහැ )

    ඒ බන් , අරව ටික කියවගෙන එද්දී මරු බන් , එත් අවසාන පාර්ට් එක මගේ හිතට මදි වගේ ,

    එක්කෝ මේකේ මොඩිෆයි වර්ෂන් එකකුත් ලියහන්කෝ , නත්හ්ටම් වෙන කතාවක් ලියහන් , බොට පට්ටට කතා ලියන්න පුළුවන් (මම කැමති විදියේ ඒවා)

    කොමෙන් හරි ජය වෙව !! , ඉස්සරහටත් මේ වගේ පට්ට අයිටම් එකක් බලාපොරොත්තු වෙන්ව :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා බන් DDT අයියත් නොකියා කිව්වේ ඕකම තමා ඒත් මට මේ කතාව ඇදන් යන්න කම්මැලි හිතුනා බන් අවුලක් නැහැ කතාව කෙටි වුනාට ලියන්න හිතාගෙන හිටපු කතාව ලිව්වනේ.තෑන්ක්ස් ආ දිගටම මා එක්ක හිටියට.

      Delete
  16. උඹ මේක නොහිතපු විදිහකට ඉවර කරලා. එල එල.. ඉදිරියටත් තවත් හොඳ විදිහට ලියමු. ජය!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන්
      උඹ සෑහෙන්න මහන්සි වුනානේ ඇඩ් එහෙමත් දාලා මන් වෙනුවෙන් :)

      Delete
  17. හි හී...අපරාදේ මහන්සිය....

    ReplyDelete
    Replies
    1. අපරාදේ නේන්නම් :)

      Delete
  18. චැක්.. අපරාදේ මගේ ගෙස් එක... හි හි...

    මාර අමතක වීමක් නේ .. ඊටත් හපන් මමි..... හි හි

    ReplyDelete
    Replies
    1. මිස්ට සිල්වා කියලා නෙහ් හිතුවේ :D

      Delete
  19. හා හා පටන් ගනින් තව එක ලියන්ඩ

    ReplyDelete
  20. උඹ මයිනර් ගැන දන්නෙ නෑ වගේ... මයිනර් කාර් එක හදලා තියෙන තහඩුවල ගේජ් එක වැඩි නිසා එහෙම ලේසියෙන් බොනට් එක කුඩු වෙන්නෙ නෑ... මයිනරේ වැදිච්ච අනිත් වාහනේ නම් කුඩු වෙන්න පුලුවන්.... අන්න එතන විතරයි මට තියෙන අවුල...

    ReplyDelete
    Replies
    1. හෆොයි මම ඒක දැනන් හිටියේ නැහැනේ
      කලින් කොටස් වලදී කියන්න එපැයි

      Delete
  21. මම සයිකලේ පිට්ටනියේ දාලා ආවා වගේ සීන් එකක් !
    අයියෝ යෝ යෝ... මදෑ කොලා. මේ යෝධයාට ඇස්සයිමර්ද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇස්සමයිමර් නිසා මයිනර් කුඩු :D

      Delete
    2. අනික ඉතින් මේ මකබාව (මයිනර් එක) කවුරු කියලා උස්සන් යන්ඩ ද

      Delete
    3. එහෙම කියන්න එපා මේ ලඟකදී හිල් මතු වෙච්ච මගේ පරණ සෙරෙප්පු දෙක පන්සලේදී කව්ද උස්සලානේ :)

      Delete
  22. මම කියවල නෑනේ මේ කතාව...

    ReplyDelete
    Replies
    1. එකනේ වැඩක් නැහැ :(

      Delete
  23. අයියෝ බං, හයියෙන් විදුලි කොටල ගොරවල වහින්නෙ නැතුව පෑව්ව වගේ. අන්තිම කොටස තව පොඩ්ඩක් අප්කරල ගන්න තිබුණෙ, හරි හරි පළවෙනි එකනේ, ඊළඟ එක කිරිටොයිය වගේ වැඩේ දෙමු ගානට.

    ReplyDelete
    Replies
    1. අමතක වුනා අහන්ට, වයසක පොරට අමතක වෙල දාලා ආව නම් අර රැන්ඩිටයි හැරිස්ටයි පෙනුනෙ පාරෙ යන වෙන වාහනයක්ද බං.

      Delete
    2. ඒක රෑන්ඩිගේ හිතේ කාර් එක ගැනම හිතන් හිටපු නිසා හිතේ ඇතිවූ මෙව්වා එකක්.ඒකනේ අන්තිමට එයාලට කාර් එක ගිය දිහාවක් හොයාගන්න බැරිවුනේ.එත් ඒ චින්තනය නිසා තමයි හැරිස්ට උනන්දුව වැඩි වුනේ :)

      Delete
  24. ස්තුති කතාවෙන් ව්‍යාකරණ ගැන තඹේකට මායිම් කරන්නේ නෑ කිව්වනේ..හෙහ් හෙහ් හෙහ්..මම නම් කියන්නේ පොඩ්ඩක් එව්වා ගැනත් හොයලා ලිව්වා නම් තවත් හොඳයි මඩියා..උඹට, මට, හැමෝටම වරදිනවා බන්. ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. වැරදි හදාගෙන ඉදිරියට යමුකෝ හෙමින්

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරණ කියන්නේ මොනාද බන් :P
      තැන්ක්ස් මචන්

      Delete
  25. කවුද බං ඩේවිඩ් කියන්නේ???????????

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්සරහ ගෙදර අංකල් බන්

      Delete
  26. නිසාන් පුතේ උඹ කතාව ලියන්න ගත්ත අදහසනම් මම හිතුවට වඩා එලයි සුපිරියි පට්ටයි. හැබැයි ලියද්දි නම් තැන තැන ටිකක් අවුල් තියෙනවා. grammar නම් අවුල් නේ! ( බොට කිව්වට ලියන්න ගියාම මටත් බැහැ) තව කතා දෙක තුනක් ලියහන්. එතකොට උඹේ ඇඟටම එයි ඕක. මාත් ආස සබ්ජෙක්ට් එකක්නේ ඕක. ලියහන් හොඳේ තව දෙක තුනක් කම්මැලිය නොවී!

    තෝව මරන් කන්න හිතුනේ කලින් පෝස්ටුව දාපු වෙලේ තමයි! :D

    ReplyDelete
    Replies
    1. හික්ස් ග්‍රැමර් නම් මොනාද නේ?
      ආයේ කොටස් කතා ලියන එක ගැන නම් හිතලා බලන්න ඕන

      Delete
  27. හුටා...දැනුය් මතක් උනේ මගේ ලැම්බෝගියත් අර ඩේවිඩ්ගේ පාක් එකේ...ඉකමනට යන්න ඕනේ..මෙතන බ්ලොග් කියව කියව ඉඳල හරියන්නේ නෑ..... :D

    ReplyDelete
    Replies
    1. ලම්බෝගිනිය කිව්වේ අර මලකඩ කාපු පුස් සයිකලේට නේද?

      Delete
  28. ඈ....ඒකත් එහෙමද....

    ReplyDelete
  29. පාන් කෑවොත් ඔහොමමයි....හික්....

    ReplyDelete
    Replies
    1. හෆොයි ඔයත් අපේ අම්මා වගේ ඉඳුවරී බලනවා නේද?

      Delete
  30. ආයෙ සුපිරියටම ලියල තියෙනව ඈ.. හා හා... දැන් තව එකක් පටන්ගනිං.. :D

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!