Friday, August 17, 2012

110 තුවක්කුව!

ඔහු මැගසින් එක ඇතුල් කොට ලෝඩ් කර ඉහලට ඔසවා වෙඩිල්ලක් තැබුවේය එය ටකා..ස් යන ශබ්දය නගමින් තහඩු වහලේ ගැටෙන ශබ්දය ඇසුනත් උණ්ඩය කොහෙට ගියා දැයි මා හට දැකගත නොහැකි විය.

දැක්කනේ මල්ලි බඩු නිකන් ගින්දර වගේ.

හරි අයියා තව කීයක්‌ හරි අඩු කරලා දෙන්න බැරිද?

අපෝ බැහැ මල්ලි අපිත් මේවා සුළු ලාබයක් තියාගෙන කරන්නේ අන්තිම 150/= ක් දෙන්නකෝ.

Tuesday, August 14, 2012

132 සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.

මට සෙට් වුන අපූරු ජොබ් කිහිපයක්!
ඔබටත් මෙවැනි ජොබ් හමුවී තිබුනා වන්නට පුළුවන් තවත් සමහරක් දැනටමත් එම රැකියාවන් හි නියැලෙනවා වෙන්නටත් හැක!

මම තාම ජොබ්ලස් කොලුවනේ ඒ කිව්වේ විරැකියාවෙන් පෙලෙන්නෙක් අපේ අම්මා නම් කියන්නේ මේ ජොබ් කරලා පහළොස් දාහක් විසි දාහක් හොයලා කවදාවත් ඉතිරියක්‌ නම් කරන්න වෙන්නේ නැහැ කියලා.මගේ ජීවිතේ ගැන හැම තීරණයක්ම ගන්නේ අම්මා නිසා එහෙනම් ඕන මඟුලක් කොරගන්ට කියලා මම මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා.

අම්මාගේ ට්‍රයි එක නම්

Sunday, August 12, 2012

98 උඳුරා ගැනීම!


අද ජුලි 17 මට කැලැන්ඩරය දෙස බලා ඉබේටම කියවුනි.මීට‍ අවුරුද්දකට කලින් අද වගේම දවසක නේද හර්ශිගේ බර්ත්ඩේ පාටි එක තිබ්බේ?ඔව් ගිය අවුරුද්දේ ජුලි 17 තමා.අවුරුද්දක් ගිය ඉක්මන මේ අවුරුද්දට මොන තරම් දේවල් වෙනස් වුනාද හ්ම්ම් ඇහිපිල්ලක් ගහන ක්ෂනිකයෙන් මගේ ජීවිතයම වෙනස් වුනා.

මීට අවුරුදු ගානකට කලින් ඉඳන්ම මම හර්ශිට ආදරේ කරේ ඒත් එයා මට වඩා අවුරුදු 4ක් බාල නිසා මම තවත් කල් යනකන් බලන් හිටියේ එයා තව ටිකක් ලොකු වෙනකන්.ඒත් මම මොන තරම් මෝඩයෙක්ද දෙවියනේ?.

Thursday, August 09, 2012

111 ඔයාලා ක්‍රොස් වෙද්දී බබෙක්ගේ රූපයක් කාමරේ ගහගෙන ඉන්න එපෑ?

අපේ ගෙවල් පැත්තේ ඉන්නවා වයස 65ක විතර මනුස්සයෙක් නෝමන් කියලා මෙයාට සහෝදරවරු/වරියන් 11 දෙනෙක් ඉන්නවා.ඒ කාලේ මෙයාගේ අම්මයි තාත්තයි මේ ළමයි එකොලොස් දෙනාටම දාලා තියෙන්නේ "න" යන්නෙන් පටන් ගන්න නම්.

අද කතාවේ නායකයා  නෝමන් මාමා.මේ යකා ගාව තියෙනවා පියාජෝ ත්‍රී වීල් එකක්.අර ලොකු ත්‍රී වීල් ගුජු ගුජු ගගා යන්නේ ඩීසල් වලින්?

Tuesday, August 07, 2012

137 අපේ අයට ඉන්දියාවේ එපාම කරපු 4 දෙනා(ජායාරූප සහිතයි )

අපේ රටේ මොන දේ කරත් ගොඩක් වෙලාවට අරහට හිටින්නේ ඉන්දියාව,මහා ලොකුවට අසල්වැසියා කිව්වට අපේ රටට ගොඩක් වින කරන්නේ ඔය ඉන්දියාවේ උන්ම තමා,ක්‍රිකට් වලින් ගත්තත් අපේ උන්ට දුවන්න ගහනවා ඉන්දියාවේ උන්,දේශපාලන අතිනුත් ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඔය වගේ කරුණු නිසා අපේ රටේ මිනිස්සුන්ට වැඩි පුරම පෙන්නන්න බැරි ඉන්දියානුවෝ ටික මම හොයාගත්තා.ඒ මදිවට ඉන්දියාවේ උනුත් අපේ එකෙක්ට කැමති නැහැ ඒ කව්ද කියලත් යටින් බලන්නකෝ.

Sunday, August 05, 2012

115 නයි (ද),හොරු (ද) සමඟින් මගේ අලුත් මෙව්වා එක!

මං දැන් අවුරුදු දෙකකට පෙර ගත්තා චයිනිස් ටීවී ෆෝන් එකක් ඔරිජිනල් ෆෝන් ගන්න සල්ලි නැහැනේ.ඒ දවස් වල ඒක මම ගත්තේ මෙමරි කාඩ් එකත් එක්ක රුපියල් 8000කට.පස්සේ ඕක ගොඩක් කල් පාවිච්චි කරා කිසි අවුලක් නැතුව ඒත් පරණ වෙන්න වෙන්න මේවායේ කොලටි ලොවෙත් නැහැ.

Wednesday, August 01, 2012

190 මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක!/අගනා රහස් කීපයක් නොමිලේම!

නවක බ්ලොග් කරුවන් හට අත දීම සඳහා ලියවන්නකි.


ඔබලා මේ ක්රේශ්ත්‍රයට පිවිසි පසු සෑම බ්ලොගයක ලිපි ලියවෙන රටාව හොඳින් අවධානය යොමු කරන්න.පසුව ඒ ඒ කාලවලට ජනප්‍රිය බ්ලොගය සමග රැඳී සිට ඔවුන්ගේ පෝස්ටු වෙත නිතරම නිතරම කොමන්ට් පළ කරන්න.පසුව එම පොස්ටුවන්හිම තවත් අය කර ඇති කොමන්ට් වලට ඔබ යටින් ඇති රිප්ලයි යන බටන් එක ඔබා ඔවුන්ට යම් යම් හිනා යන දේවල් වලින් උත්තර දෙන්න.එමඟින් ඔබේ බ්ලොගය වෙත පාඨකයින් ඇදී එනවා නිසැකයි.මන්ද දැනට සමහර ප්‍රවීණ බ්ලොග් කරුවන්ද ඔය පිළිවෙත අනුගමනය කරයි.


පසුව ඔබ ලියන ලිපි තුලින්