27වෙනිදායින් උදා වූ ඉරු දින ඉතාමත් ප්‍රීතිජනක ඉරිදාවක් වුනේ ලංකාවාසී සියලු බ්ලොග් කරුවන් ගම්පහදී රැස්වීම නිසාවෙනි.එදින පැමිණි හෝ එදින සිදු වූ දේවල් ගැන කියවූ සෑම කෙනෙක්ටම එය සදාකාලිකව මතකයේ රැඳී දිනකි.එසේ ඉතිහාසයට එක්වෙද්දී (බ්ලොග් ලෝකයේ) එදින සෑම කෙනෙක්ටම මතකයේ රඳවන සිදුවීමක් මා නිසා සිදුවුනි හා එදින ගැන විස්තර ලිවූ සෑම බ්ලොග් එකකම මා ගැනද සඳහන් වුනි.
Wednesday, January 30, 2013
Monday, January 28, 2013
137 ගම්පහ ගෙට්ටුවේ ආතල්!
ලේබල
Monthly Special,
ආදර්ශයට ගත හැකි ඒවා,
මගේ සීන්,
මඩ,
යථාර්තය,
ලොල්ය,
සත්‍ය පුවත්
මුලින්ම කියන්න ඕන දුක හිතුන කතාව.ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.
මම පරක්කු වුන නිසා කට්ටිය අඳුනා ගැනීම මඟ හැරුනා.ගේට්ටුව ගාවට එද්දී සමියයි,මාව කලින් දැකල තියෙන කම්මලයයි ටිකට් ටිකට් කඩනවා.ටිකට් එක දෙන්න සමියා මගේ නම හොයනවා ලිස්ට් එකේ.ඒ අස්සේ ඌ අහනවා මඩිස්සලේ කියන එකට මුලට එන්නේ මයන්නද කියලා.පස්සේ මන් මගේ නම හොයලා දීල ටිකට් එකත් ගද්දි සිරා එතනට ආපු නිසා සිරා අයියගේ ඇන්ටික් ස්කූටියේ නැගලා එන්න චාන්ස් එකක් හම්බ වුනා.

Wednesday, January 23, 2013
81 වල් බල්ලෝ!
හොඳ බල්ලොයි වල් බල්ලොයි කියලා ජාති දෙකක් ඉන්නවා.හොඳ බල්ලන්ව හොඳ කරෙත් වල් බල්ලන්ව වල් කරෙත් මිනිස්සුමයි.මිනිස්සු අතීතයේදී බල්ලෝ ජාති වලට බෙදුවේ නැත්තම් අද බල්ලෝ කියන්නෙත් එකම ජාතියක් වෙන්න ඇති.හොඳ බල්ලෝ කීකරු ගෙයි කැත නොකරන නිසා හොඳයි වල් බල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ වල් වැඩ ඔහේ තැන තැන බෙටි දානවා,නැත්තම් චූ කරනවා.
Tuesday, January 22, 2013
143 හලාල් නැති කරොත් වෙන දේ!
හරි ඒක එහෙමයි කියමුකෝ ඔන්න රිසානා ගැනත් කට්ටියට මාරම ආදරයක් ඇති වෙලා තියෙන්නේ බෙල්ල කපපු හින්දා.හැමෝම කියන්නේ මුස්ලිම් උන් කටක් ඇරියේ නැහැ ඒත් බලපල්ලකො අපි නම් නැහිගෙන රිසාන වෙනුවෙන් හඬක් නැගුවා කියලා.ඔව් හඬක් නැගුවා මැරුවට පස්සේ.ඒකත් හරියි කියමුකෝ පස්සේ දැන් කියන්නේ හලාල් නවත්වන්න ඕන.අපි සිංහලයෝ අපි මුස්ලිම් උන්ට වෙන් කරපු කෑම කන්න ඕන නැහැ.හලාල් සැටිෆිකෙට් ගත්ත කොම්පැනි වල නිෂ්පාදන භාවිත නොකර වර්ජනය කරමු කියලා.
හරි එහෙම කරමු නැත්තම් මගේ සහෘදයෝ
Monday, January 21, 2013
57 මඩියා කරළියට නැවතත්!
ලේබල
අනම් මනම්,
යථාර්තය,
සත්‍ය පුවත්
කාලෙකට පස්සේ ඔන්න ආපහු කුජීත කතා අරගෙන මඩියා ආවා ඈ එහෙනම්.හෆොයි කොම්පියුටරේ කැඩිලා එන්න වුනේ නැහැ මාසයක් විතර මේකට.චන්දනටයි මංජුල(අටම්පහුර) අයියටයි විතරයි මාව මතක් වුනේ.වෙන කාටවත් මාව මතක් වුනේ නැහැ මට දුකේ බැහැ ඒකට :'(
හරි අවුලක් නැහැ මන් ආයේ සුපුරුදු විදියට ලියන්න පටන්ගන්න ඕන.රැම් කාඩ් එකක් ගෙදට්ටම ගෙනල්ලා දුන්න මංජුල අයියට පින් පතනවා ඒත් ඒක වැඩ කරා නම් තවත් පින්!!!.
මතකද බෝවිටියා මල් ලියපු දම්මි අක්කව?
හරි අවුලක් නැහැ මන් ආයේ සුපුරුදු විදියට ලියන්න පටන්ගන්න ඕන.රැම් කාඩ් එකක් ගෙදට්ටම ගෙනල්ලා දුන්න මංජුල අයියට පින් පතනවා ඒත් ඒක වැඩ කරා නම් තවත් පින්!!!.
මතකද බෝවිටියා මල් ලියපු දම්මි අක්කව?
Monday, December 31, 2012
73 අලුත් අවුරුද්දේ මගේ පැතුම්!
ලැබුවාවූ 2013 වසර චොකලට් කිරියෙන් හා කිතුල් පැණියෙන් උතුරන කූඹි නොවසන පැණිම පැණි රස සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා!.
හැම හැමෝටම වගේ මටත් අලුත් අවුරුද්දේ පැතුම් කිහිපයක් තියෙනවා.ඒවා එකක් හරි ඉෂ්ට වේවා කියලා තමයි මන් ප්‍රාර්ථනා කරන්නේ!.
මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනා ටික තමයි.
1.පිණි බිඳුව වාෂ්ප වේවා නැත්තම් සොරොව්ව විවෘත වේවා!
2.මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!
3.රැවටිලිකාරයන්ට අසුවීම අඩුවේවා!
4.සිත් රිදවීම් අඩු වේවා!
5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!
6.මටත් කව්රුහරි කියලා ඉඳීවා!
ඔන්න ඔය ටික තමා :).ඒ වගේම ඔයාලගේ හිත් වලත් අහුමුළු වල තියෙන සේරම පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.

Monday, December 24, 2012
85 නත්තලට කලින්!
තව පැය කිහිපයකින් නත්තල.පොඩි කාලේ නම් නත්තල ලං වෙද්දී ෆුල් ආතල් ඉස්කෝලත් නිවාඩුනේ.ඉතින්
දවල් වෙනකම් නිදියලා ඇති තරම් සෙල්ලම් කරනවා.අම්මා අලුත් ඇඳුම් අරන් දෙනවා රතිඤ්ඤා අරන් දෙනවා සෙල්ලම් බඩු හම්බ වෙනවා.
ඒත් දැන් නත්තල ආවම එපා වෙනවා මට නම් පිස්සු හැදිලා තියෙන්නේ.ගෙවල් අස් කරන්නයි,මකුළු දැල් කඩන්නයි,තීන්ත ගාන්නයි,හැමදේම දැන් මට පැටවිලා :).අවුරුද්දට සැරයයි වුනාට හොඳ ගණන්.අද දවසට එක හුස්මට වැඩ ගොඩක් කරා ඒ මදිවට අම්මට නත්තල් ගහකුත් හදන්න ඕන වෙලා.ඔන්න ඒකත් හැදුවා.

Subscribe to:
Posts (Atom)