Tuesday, February 07, 2012

12 නිකමාගේ ප්‍රසිද්ද වීමේ පැලෑන

ඕන් නිකමා දවසක් ටැබ්ලොයිඩ් පත්තරයක් අරන් පලවෙනි පිටුව බැලුවලු ඈහ් ඒකෙ ෆස්ට් පේජ් ඒකෙ තියෙනවලු බිල් ගේට් මාමා ගැන.දෙවන පිටුවත් පෙරලුවලු ඈහ් ඒකෙ තියෙනවලු සචින් තෙන්ඩුල්කාර් ගැන.තුන් වෙනි පිටුව පෙරලුවම ඒකෙ තියෙනවලු මාකර් සකර්බර්ග් අයියා ගැන.



හප්පා මේක හරියන්නේ නැහැ මේකේ තියෙන්නෙම ප්‍රසිද්ද ඩයල් ගැනනේ කියලා නිකමා ගියාලු බ්ලොගේ පැත්තේ ඒකෙ තියෙනවලු ධනික සහෝ ගැන.තවත් තැනක ඩැඩි බෑන්ඩ් එක ගැන.මේකත් හරියන්නේ නැහැ.නිකමා ගියාලු බුකිය පැත්තේ ඒකෙ තියෙන්නෙත් ප්‍රසිද්ද කස්ටිය ගැනමලු.

දැන් නිකමා  කම්පනා කලාලු මාත් කොහොම හරි මේ වගේ ප්‍රසිද්ද ඩයල් එකක් වෙන්න ඕනමයි කියලා.ඒත්  ඉතින් නිකමාට විශේස හැකියාවකුත් නැහැනේ ප්‍රසිද්ද වෙන්න.ඔව් නිකමාට සින්දු කියන්නත් බැහැ.ක්‍රීඩා කියලත් මක්කක් කොරන්න ඈ??? හෑ..... බලන් ගියාම මුට ප්‍රසිද්ද වෙන්න ක්‍රමයක් ඇත්තේම නැහැ නොවැ!!!!

ඒත් නිකමා උත්සාහය අතාරින එකෙකුත් නෙවේනේ.මූ දැන් දස අතේ කම්පනා කරනවලු.රෑට නිදියන්නේ නැතුව කම්පනා කරනවලු දවල්ට නොකා නොබී කම්පනා කරනවලු.ලැට් එකට ගියහමත් කම්පනා කර කර පැයක් විතර ඉන්නවලු හප්පා මොනවා කොරත් කම්පනාව!!!

කොහොමින් කොහොම හරි මෙහෙම යද්දී නිකමාට ආවලු සුපිරි අදහසක්.ඒක සාර්ථක වුනොත් නම්  පොර මුළු ලෝකෙම ප්‍රසිද්ද පුද්ගලයෙක් වෙන්ට ඇහැකිලු.සැප සම්පතුත් හම්බෙනවලු.ලෝකේ වටේ ටුවරුත් ගියහැකිලු.
ඒ මොකක්ද දන්නවද?  නිකමාට ආපු අයිඩියා එක වුනේ අර ඇමෙරිකාවේ ජනාදීපති බැරක් ඔබාමාගේ දුවව   කසාද බදින එකලු.....(ලැජ්ජාවේ බැහැ අෆ්ෆා)..

කොහොමද පොරගේ අයිඩියා එක??.වැඩේ ගොඩ ගියොත් පොර මාර ෆේමස් වෙනවා නේහ්???
ඒත් දැන් නිකමාට තීන පුරස්නේ වුනේ කොහොමැයි මේක කොරන්නේ කියලා...මොකෝ ඔය ඔබාමාගේ දුව මාලියා ඈන්ව මූ දැකලවත් නැහැ නොවැ.
අනික මේ කෙලි පොඩිත්තටත් තාම 14නෙ .අෆ්ෆා මූ බාල අපරාදයක්වත්ද කොරන්න යන්නේ අපෝ නැහැ නිකමා හෙන අහිංසක පොරනේ ඉතින් ඕකා එහෙම එකක් නම් කරන්නේ නැහැ.

නිකමාගේ ප්ලැන වුනේ ඇමෙරිකාවට යන්න සල්ලි හොයන් අනිත් වැඩ කටයුතුත් කොරගෙන ලැහැස්ති වෙද්දී අවුරුදු 4ක් 5ක් වත් යන්නේ නැතෑ එතකොට මාලියාටත් වයස හරි ඇතිනේ කියලා(ලැජ්ජයි වගේ අෆ්ෆා).


  • (අවුරුදු 5කට පසු 2017දී)
දැන් මිනිහා ඉතින් නොකා නොබී හම්බෙන සල්ලි එක්කහු කොරන්.ජංජාලේ නොයා ඒ සල්ලිත් එක්කහු කොරන්,ඇදුම් ගන්න කැන්ඩි නොයා පේමන්ට් එකෙන් ඇදුම් අරන් ඒ සල්ලිත් ඉතුරු කරන්,රෑට ගෙදර ලයිට් වේලාසන නිවලා විදුලි බිල අඩු කරන් ඒ සල්ලිත් එකතු කරන් එම්බසියේ රස්තියාදු වෙලා බොහොම අමාරුවෙන් වීසා අරන් එහෙම  ගේමක් දීලා කොහොම හරි ඇමෙරිකා ගියාලු.

දැන් නිකමා ඇමෙරිකාවෙලු එහෙ ගිහින් මිනිස්සුන්ගෙන් පාර අහන් කොහොම හරි වයිට් හවුසෙට ගියාලු.
අෆ්ෆා එතන ඉන්න උස මහතා තඩි ආරක්ෂක අංශ ඈයෝ නිකමාට යන්න දෙන්නේ නැහැලු ගේට්ටුවෙන් ඇතුලට
.නිකමා ලේසියෙන් සැලෙන පොරක් නෙමේනේ.ඉතින් මූ මොට්ට කඩුව දාල අතින් පයිනුත් ඇක්සන් දාල (ගොලුවෙක් වගේ) විස්තරේ කිව්වලු අර උස මහතා තඩි ආරක්ෂක අංශ කස්ටියට!! උන් සීන් එක අහලා අඩන්න ගත්තලු.

නිකමා බැලුවලු ඈහහ් මොකෝ යකෝ මුන් අඩන්නේ කියලා.එතකොටම වගේ එක සුදු තඩි සයිස්
ආරක්ෂක අංශ පොරක් ඇවිත් නිකමා දිහා බලං  ''ඇඩෙනවා මචං උබට වෙච්ච දේ ගැන අහලා.ඔබාමා අයියා  දැන් බලු වෙලා ඉන්නේ උට දැන් ඇඩ්‍රසුත් නැහැ.අනික උගේ දුව අවුරුදු 16දීම වයිට් හවුසේ පොල් කඩන එකාගේ පුතාත් එක්ක පැනලා ගියානේ බං'' කියලා කදුළු පීද පීද කිව්වලු.

ඉතින් කස්ටිය හිතනවා ඇති නිකමාත් බිම පෙරලි පෙරලි ඇඩුවා කියලා.අපෝ නැහැ ඌ එවෙලේ හිතුවලු මොනම දෙයක්වත් දෛවයේ නැත්නම් මොන තරම් උත්සහා කරත් කැපකිරීම් කරත් බලාපොරොත්තු තියා ගත්තත් ලැබෙන්නේ නැහැයි කියලා.

එහෙම හිතලා මූ ගෙදර එන්න ආවලු ''ප්‍රසිද්ද නූනත් ආයේ මං ඔය වගේ මිරිගු පස්සේ දුවන්නේ නැතුව එහා ගෙදර නංගිට ටෝක් පාරක් දානවා'' කියාලා හිතාගෙන :P


සැ.යු
ස්ව නිර්මාණයකි :)
ඕනෑම වෙනස් කිරීමක් කොට වෙන වර්ෂන් එකක් කියා වෙන තැනක පල කිරීමට හෝ ගෙඩි පිටින් ඉස්සීමට අවසර දෙනු ලැබේ.:D

12 comments:

  1. අදයි මම මේපැත්තට ආවේ....

    හිකිස්...
    “ඔබාමා අයියා දැන් බලු වෙලා ඉන්නේ උට දැන් ඇඩ්‍රසුත් නැහැ.අනික උගේ දුව අවුරුදු 16දීම වයිට් හවුසේ පොල් කඩන එකාගේ පුතාත් එක්ක පැනලා ගියානේ බං'“

    මරු කතාව....:)

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ මේ පැත්තේ ආවට.

      Delete
  2. "එහෙම හිතලා මූ ගෙදර එන්න ආවලු ''ප්‍රසිද්ද නූනත් ආයේ මං ඔය වගේ මිරිගු පස්සේ දුවන්නේ නැතුව එහා ගෙදර නංගිට ටෝක් පාරක් දානවා'' කියාලා හිතාගෙන :ඵ්"
    ඒ එදිදි උන්දැත් ඊට එහා ගෙදර කොල්ලා එක්ක පැනලා ගිහින්ලු..


    මරු කතාව..මට මඟදිම හිතුනෙ උඹ සල්ලි හොයන් එනකොට ඔබාමා ජනපති නෙමෙයි කියලයි..කියන්නත් බෑ බොලේ ඔබාමා ව්‍යවස්තාව වෙනස් කොරලා තිබුනොත්...

    ReplyDelete
    Replies
    1. මලා අල්ලපු ගෙදර නංගිත් ඊට එහා ගෙදර එකා එක්ක පැනලා ගිහින් නම් ඉතින් සොරිම තමා අනේ මන්දා නිකමාට වුනොත් වෙන්නේ ඔය වගේ සීන් තමා හැබැයි.හිකිස්‌ ඔබාමා ගැන නම් කියන්න බැහැ අපේ රටේ වෙන දේවල් දිහා බැලුවම.

      Delete
  3. හරී ගෙ කොටසත් එකතු උනා නම් මරු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ද වෙන්න මොකෝ කරන්නේ කියලා කම්පනා කරපු නිසා වෙන මොකුත් කම්පනා වුනේ නෑ.නැත්තන් ඕකත් කමපනා වෙනවා නොවැ.

      Delete
  4. ඔන්න නිකමො මාත් අදමයි ආවෙ දිගටම එන්න හිතෙනවා ලියපු විදියට. මෙහෙම ගියොත් ප්‍රසිද්ද වෙයි වගෙ ...
    …මම
    ආතම්මගෙ පෙට්ටගමෙ
    ලොකු ජෝන්

    ReplyDelete
    Replies
    1. දැන් තමා හිතට සතුටට්ක් ආවේ.උබ කිව්වනේ මං ප්‍රසිද්ද වෙයි කියලා :P. තැන්කු ඈ මේ පැත්තේ ආවට.

      Delete
  5. හොද වෙලාවට මල්ලි ඔබාමා මාමාගේ දුවත් එක්ක යළු වෙන්න තියෙන අදහස අතෑරගත්තේ. මාලියා නංගි මේ වෙනකොට ලංකාවේ බ්ලොග් ලියන කොල්ලෙක්ට බහ දීලා ලු ඉන්නේ. මම නම කියන්නේ නෑ. මල්ලිම හොයාගන්ඩ !!!!

    හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඈහ්හ් ඒ කව්ද බොලේ??????
      මධුරංග කියන හාදයා වත්ද?

      Delete
  6. අදයි මේ පැත්තේ ආවේ මමත්.. දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචං

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!