Monday, February 20, 2012

26 එකට කෑවත් බොක්ක වෙනස් යාළුවො ඔබටත් ඉන්නවද?.

මං ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ මගේ පරණ ඉස්කෝලේ යාළුවො ඔක්කොම මට මගහැරුනා.ඊට පස්සේ මගේ හොදම යාළුවො වුනේ මගේ ගේ ඉස්සරහා ගෙවල් තුනේ ඉන්න යාළුවො 3න්
දෙනා.(මෙතනින් ඕනනං එයාල ගැන පොඩ්ඩක් දැනගත්තහැකි)


මේ 3න් දෙනාගෙන් ගොඩක්ම ෆිට් වුනේ ලහිරුයි හර්ෂයි මොකද අරවින්ද කරන ජොබ් එක අනුව පොර වැඩිය ගෙදර නැහැ.ඒක නිසා හැමතිස්සෙම මළ ගේක ගියත්,ක්‍රිකට් ගහන්න ගියත්,උදේට ව්‍යායාම් කරන්න ගියත්  ලහිරුයි,මායි,හර්ෂයි තමා සෙට් වුනේ. 


මටත් මුන් දෙන්නගෙන් තොර ලොවක් නැහැ මුන්ටත් එහෙමයි.(මං හිතන් හිටියේ).
ලහිරු කියන්නේ හරිම විවෘත කොල්ලෙක් මිනිහා ඕන කෙනෙක් එක්ක ටක් ගාලා යාලු වෙනවා.ඒත් හර්ෂ ටිකක් පණ්ඩිතයි එයා නොදන්න දෙයක් නැහැ.කොටින්ම කිව්වොත් මිනිහගෙන් ලංකාවේ ආර්ථිකේ ගැන ඇහුවත් මහා බැංකු අධිපතිටත් වඩා වැඩි දෙයක් කියයි.


ලහිරු මං වගේම ජොබ්ලස් ඒත් හර්ෂ හොද ජොබ් එකක් කරනවා ඒක ෆුල් අයිස් ජොබ් එකක් මොකද හර්ෂ උදේට ගෙදරින් යන්නේ 9.30ට  හවසට ගෙදර එන්නේ 5ට එතකොට හිතාගත්තහැකිනේ ඔයාලට?.


කලින් කිව්වා වගේ මේ දෙන්නා කොහොම වුනත් අපි තුන්දෙනා එකට හිටියේ.කෙලින්ම කිව්වොත් ඉදලා හිටලා බිව්වත් හොර ගමන් ගියත් අපි තුන්දෙනා එකට.ඒකයි මට හිතට අමාරු මේ සිද්දියෙන්.


මං ආගම් කාරයනේ ඉතින් නත්තලට මං ගානේ අපි ලොකු පාටියක් දැම්ම. අර දෙන්නම බෞද්දයෝනේ ඉතින් උන්ටත් දෙසැම්බර් මාසේ මෙහෙම පාටියක් හම්බුනාම මාර සතුටුයි.


හර්ෂ කොහොමත් ටිකක් ලෝබයි.එයා සල්ලි වලට ටිකක් කෑදරයි ඒක නිසාම මෑන් කර කර හිටිය ජොබ් ඒකෙන් අයින් වෙලා ඊට වඩා වැඩි පඩියක් හම්බෙන තැනකට යනවා කියලා තිබ්බේ.එයා දැන් කරන ජොබ් එකෙනුත් මාසෙට 30ක් විතර හම්බුනා.


කොහොම හරි හර්ෂගෙයි ලහිරුගෙයි වෙනස අදුනගෙන කව්ද හොදම යාළුවා කියලා දැනගන්න මට චෑන්ස් එක හම්බුනා.ඒ තමා මේ ඊයේ පෙරේද හර්ෂ අර ජොබ් එකෙන් අයින් වෙලා.මෙච්චර එකට හිටපු මටවත් කිව්වේ නැහැ.ඒත් හර්ෂ ඊයේ ලහිරුට කියලා තියෙනවා එය ජොබ් එකෙන් අයින් වුනා ඒක නිසා එයාගේ ඔෆීස් එකේ යාලුවන්ට පොඩි පාටියක් දෙනවා ඒකට ලහිරුට එන්න කියලා.මේ සීන් මොනවත් මං දන්නේ නැහැ.ලහිරු හිතලා තියෙන්නේ හර්ෂ මටත් එන්න කියලා ඇති කියලා.


ඒක නිසා ලහිරු ලැහැස්ති වෙලා ඉදලා හර්ෂ එනවයි කියපු වෙලාවට මායි හර්ෂයි එනකන් ගෙදරට වෙලා.


කියපු වෙලාවට හර්ෂ ලහිරුලාගේ ගෙදරට ගිහින් ලහිරුව අරන් යන්න.අල්ලපු ගෙදරනේ ඉතින්.


හර්ෂ තනියෙන් ආපු නිසා ලහිරු අහලා කෝ නිශාන් කියලා.එවෙලේ මගේ මේ යාළුවා හර්ෂ කියලා තියෙන්නේ ''නිශාන්ට කිව්වේ නැහැ බං අපි ඌට පස්සේ වෙලාවක වෙනම පාටියක් දෙමු.දැන් අපි දෙන්නා විතරක් යන් අනික නිශානයා ඔතන ගිහින් ඔය කොම්පියුටර් ගැනයි ඉන්ටර්නෙට් ගැනයි කියෙව්වොත් ඔෆීස් එකේ යාළුවො ඉස්සරහා හරි නැහැනේ බං'' 


මං කොහොමත් වැඩිය කතා කරන්නේ නැහැ.මං කතා කරන්නේ දන්න දේවල් ගැන විතරයි.හර්ෂ ඉන්න තැන්වල දේශපාලනය ගැන කතා කරන්න ගියොත් අපිට බඩුම තමා මොකද මෑන් හෙන පොර ටෝක්ස්නේ.ඒක ලහිරුත් දන්නවා.ඒක නිසා මං හර්ෂ ඉන්න තැන්වල කතා කරන්නේ මං දන්න දේවල් ගැන විතරයි.මං දන්නේ කොම්පියුටර් ගැනයි ඉන්ටර්නෙට් ගැනයි තමා ඒකයි හර්ෂ එහෙම කියලා තියෙන්නේ.


අනික ඔය ඩබලම කොම්පියුටර් වල ජංජාලේ වැඩක් කරගන්න ඕන වුනොත් එන්නේ මං ගාවට.මං දන්න දෙයින් එහෙම උදව් ඉල්ලන් ආපු මේ සහෘදයා මාව එහෙම පහත් කරලා කතා කරපු එක ගැන මට ඇත්තටම දුකයි.


එහෙම දුක් වෙද්දී මට සතුටු වෙන්න පුළුවන් කාරනෙකුත් තියෙනවා ඒ තමා එවෙලේ හර්ෂ එහෙම කිව්වම ලහිරු කියලා තියෙනවා නිශානයා එන්නේ නැත්තම් මාත් එන්නේ නැහැ කියලා.


ලහිරු එහෙම කිව්වම හර්ෂ ලහිරු එක්ක තරහ වෙලා වගේ එහෙමම යන්න ගියාලු.


ලහිරු වගේ යාළුවො ලබන්නත් මං පින් කරන්න ඕන.මේ ලිපිය මං ලිව්වේ හර්ෂගේ හැටි පෙන්වන්න නෙවේ.ලහිරුගේ කල්‍යාන මිත්‍ර කම පෙන්වන්න


ඔන්න ඔහොමලු එකට ඉන්න යාළුවො වුනත් අපිට සලකන විදි.අනික එකට කෑවත් බොක්ක වෙනස් යාලුවොත් අපි අතරේ ඉන්නවා.ඒගොල්ලන්ව අදුරගන්න අමාරුයි.ඒත් මහන්සි වෙලා හරි අදුරගත්තොත් ඔයාලටත් වාසියි.

26 comments:

  1. හ්ම්.........
    ඔයින් ගියා ඇති....ඒත් හිත ගොඩක් රිදෙනව නේද අයියෝ..??

    ReplyDelete
    Replies
    1. ඔව් ලගින්ම ඉන්න කෙනෙක් මෙහෙම කරාම ටිකක් අවුල් යනවා.ඒත් මිනිස්සුන්ගේ හැටි දැනගත්තනේ

      Delete
  2. හතුරෙක් පාරක් ගැහුවත් දුක නෑ කේන්තියක් මිසක් !! ඒත් එකට ඉන්න එකෙක් ඔහොම වචනයක් කිව්වම මාර දුකක් හිතෙන්නේ !

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඇත්තම කතාව

      Delete
  3. අයියෝ උඹල තාම පොඩි බබාල වගේනෙ.. ඒත් උඹව හැලුවනම් ඒක හරි වැරදි තමා.

    ReplyDelete
  4. ඕවා ගනන් ගන්න එපා බං

    ReplyDelete
    Replies
    1. ඔව් බං මං ගණන් ගත්තේ නැහැ ඕක ඒත් යාලුවෙක් නිසයි අප්සෙට් වුනේ

      Delete
  5. ඔය පොර වෙන්න රඟදෙන මාළුවො කොහෙද නැත්තේ. මිනිසුන් හඳුනා ගැනීමට හැකි වීම ගැන සතුටු වෙන්න. හර්ෂ නොදන්න දෙයනේ. එයාට වඩා ඔයා කැපිලා පෙනෙයි කියලා ඉරිසියාවයි එලියට පැන්නේ. එයාට වඩා හොඳ ජොබ් එකක් ඔයාට දවසක ලැබෙනවාමයි. මම නම් ඒ වගේ මුල මතක නැතිව නටන අයගේ පසු ඉරනම ගැන ගොඩක් දේ දැකලා තියෙනවා.
    මේ වගට,
    මිතුරු දම්මී

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහස් ලස්සනයිනේ.හොද අද්දැකීම් ලබපු කෙනෙක් වගේ.ස්තුතියි මේ පැත්තේ ආවට දිගටම එන්න.

      Delete
  6. මමත් මීට කාලෙකට උඩදි යාළුවෝ සෑහෙන්න විශ්වාස කරන් හිටියා.. ඒත් ලංකාවෙන් ආවට පස්සේ තමයි ගොඩක් දේවල් තේරුණේ..

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ හොද යාළුවො අදුනගන්න ලැබෙන්නේ දැන් කාලේ කලාතුරකින්.

      Delete
  7. ලහිරු වගේ හොඳ එක යාලුවෙක් තියා ගන්න. යාලුවො වැඩි වෙනව කියන්නෙ ප්‍රශ්න වැඩි වෙන එකට..එක් එක් කෙනා එක එක වර්ග වල...

    ReplyDelete
  8. දුක්වෙන්ට දෙයක් නම් නෑ. එකට කෑවත්, දෙන්නා දෙන්නෙක්නේ. ඒ ගැන තේරුම ගත්තාම ඉවරයි.:D

    ReplyDelete
    Replies
    1. අහලා නැද්ද ලෝකේ මොන නෑකම බිදුනත් මිත්‍රත්වය බිදෙන්නේ නැහැ කියල?.

      Delete
  9. නිකා කිටපන් බං ඔය එක එකාගෙ පාටි මොකටද?..ඇත්තම කිව්වොත් ඒකා පොල් බූරුවෙක් නැත්නම් ගේ ඉස්සරහා එකාට නොකියා පාටි දාන්න යයිද?...තරහ වෙන්න හබ කරගන්න ඕනෙ නෑ..දැන් හැටි දන්නවනෙ අතේ දුරින් ආශ්‍රය කරපන්...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ආයේ අතේ දුරින් තමා ඔකාව ආශ්‍රය කරන්නේ.

      Delete
  10. මටත් යාළුවෝ එපා වෙලා ඉන්නේ ආස්සරේ කරලා..පොඩි කාලේ ඉඳලා නෑදෑ අයියලා මල්ලිලා තමයි යාළුවෝ..පිට උංට හිටපු උං කරපු වැඩ වලින් යාළුවෝ එපා උනා....කොහොම උනත් මේ විදියට යාළුවව අඳුරගන්න ලැබිච්ච එක ලොකු දෙයක්.....සතූ‍ටු වෙන්න ඒක ගැන හිතලා.....

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ සමහර යාළුවො නිසා කලකිරෙන වෙලාවල් තියෙනවා

      Delete
  11. ලෝකය ගෝලා කාරයි . .
    මිනිස්සු විවිධාකාරයි . .
    ඔන්න ඔහොම හිතුවාම කිසිම අවුලක් නෑ . .

    ReplyDelete
    Replies
    1. ඔව් නේද?.එකින් එකාට වෙනස් ගතිගුණ තියෙන්නේ සමහර අයට හොද ගතිගුණ තවත් සමහර අය ඒකෙ අනිත් පැත්ත

      Delete
  12. යාළුවො මට තරම් කාටවත් නැතුව ඇති එහෙමයි යාළුවෝ කියන්නේ
    මොනවම හරි දෙයක් වෙන්න ඕනී යාළුවෝ කව්ද මාළුවෝ කව්ද කියලා අද්ර ගන්න

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා අපිට කරදරයක් නම් එකෙක් නැහැ ඒත් පාටියක් කිව්වොත් සීයක් විත‍ර පිරෙයි.

      Delete
  13. මම ඉගෙනීම ඉවර කරලා ජොබ් එකක් නැතිව අවු.3 කට වඩා උන්නා. මාත් එක්ක ඉස්කෝලේ ගිය ප්‍රියන්තිකා කියලා යා(මා)ළුවෙක් මාව දවසක් ගමට යන බස් එකේදි දැකලා "ආ..තවම ජොබ් නැද්ද" ඇහුවා, මම "නෑ" කීවාම "ඉගෙන ගෙන වැඩක් නෑ,ජොබ් නෑ කියලා" මාර කතිකාවක් දුන්නා. පැහැදිලිව මාව චා චා කිරමේ පරම පවිත්‍ර(ටු) චේතනාවෙන්. සෙනඟ පිරෙනකම් නවත්තලා තිබුන බස් එකේ උන් අහල ගම වල ගෑනුත් හෝ ගාලා "ඉගෙනීමේ මෝඩකම" පිලිබඳ අදහස් දැක්වූවා. විනාඩි 15 ක් විතර. මට ඇඩෙන්න ආවා. මම දුකින් සද්ද නැතිව ආවා
    ඊට අවුරුද්දකට විතර පස්සේ මට ජොබ් එක ලැබුනා. දවසක් එයා මාව හොයාගෙන වැඩ කරන තැනට ආවා. එයාගෙ දුවගෙ අධ්‍යාපන ගැටලුවකට කරන්නේ මොකක්ද අහන්න (එයා අවු.17න් විවාහ උනේ) මහත්තයා සලකන් නැතිලු, සල්ලි නැතිලු දරුවන්ට උගන්වන්න. මම වැඩේ කරන විදිහ කියලා දුන්නා. ඒත් මුදලින් උදව් කළේ නැත්තේ, එයා ඒ උදව්වත් මගේ නිවට කමක් යැයි හිතයි කියලයි.
    මේ වගට,
    ගමේ බස් එකේ චා උනු දම්මී

    ReplyDelete
    Replies
    1. එයා ඔයාගේ යාලුවෙක් කියලා ෂුවර් ද?

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!