Thursday, March 01, 2012

24 බුදි මතයි නිදි මතයි අතර වෙනස දන්නවද?.


නිදි මතයි බුදි මතය අතර වෙනස ඔයාලා දන්නවද? දන්න අයත් ඇති ඒත් නොදන්නා අයත් ඇතිනේ.සමහර කට්ටිය රෑට කියනවා බුදි මතයි කියලා.බුකියේත් රෑට චැට් කරද්දී සමහර යාළුවො කියනවා මචන් දැන්නම් බුදි මතයි හෙට සෙට් වෙමු කියලා.ඔය කතාව සම්පූර්නෙන්ම වැරදියි.



නිදි මත කියන්නේ රෑට හැදෙන එකනේ  එතකොට බුදි මත කියන්නේ දවල්ට හැදෙන එකද?ඔව් ටිකක් හරි ඒත් බුදි මත රෑට හැදෙන වෙලාවලුත් තියෙනවා.


නින්ද ගැන ඔයාල දන්නවනේ? පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදියට මිනිසෙක් දවසකට අනිවාර්යෙන්ම පැය 8ක් නිදියන්න ඕන කියලා.


නිදි මත:-
දවස තිස්සේ මහන්සි වෙලා රෑ වෙද්දී අනිවාර්යෙන්ම ඕන කෙනෙක්ට නිදි මත එනවා.ඒකට තමා නිදි මත කියන්නේ.එතකොට දවල් වෙලාවට නිදි මත එන්නේ නැද්ද?එනවා එනවා මගුල් ගෙවල් මල ගෙවල් එහෙම නැත්නම් ඔය නිදි මැරීමට හේතු වන කාරනා නිසා පහුවෙනිදා දවල් වෙලාවටත් නිදි මත එන වෙලාවල් තියෙනවා.


එතකොට බුදි මත කියන්නේ මොකක්ද?


බුදි මත:-
බුදි කියන වචනේ තේරුම මොකක්ද? අහලා තියෙනවද අපේ ගම්වල වැඩිහිටියෝ සහ වැඩියෙන් කෑම කන කෙනෙක් ආහාර ගන්න වෙලාවට සමහරු කියනවා බුදිනවා කියලා?ඒ කියන්නේ කෑම කන එකටම තමා.එතකොට බුදින එකයි බුදියන එකයි අතර සම්බන්දය මොකක්ද?බුදි මත කියන්නේ දවල් ආහාරය හෝ ප්‍රදාන අහාර වේලකට පසු එන අලස බාවයට හා මත් ගතියට.
ඔය පිරිමි උදවිය වැඩට ගියාම ගෙවල් වල ගෑනු කස්ටිය දවල්ට කාලා නිදියන්නේ බුදි මත නිසා සමහරක් ඔෆිස් වලත් සමහර මහත්තුරු ලන්ච් එකෙන් පස්සේ මේසේ උඩම පැය බාගයක් විතර නිදියන්නේ ඒකයි.


දැන් ඔයාල නිදි මතයි බුදි මතයි අතර වෙනස දන්නවනේ?.ඔයාලත් මීට පස්සේ ඔය වචන දෙක හරියට බාවිතා කරන්න.


අහ් තව එකක් රෑටත් බුදි මත එනවා රෑ කෑමෙන් පස්සේ ඉක්මනට නිදි මත එන්නේ ඒකයි.ඒ විතරක් නෙවෙයි මං ඔයාලට දෙන අවවාදය වෙන්නේ නිදි මත හැදුනම නිදියන්න ඒත් බුදි මත හැදුනම නිදියන්න එපා.මොකද බුදි මතට පුරුදු වුනොත් හැමදාම දවල්ට නිදි මත එනවා.තවත් කරුණක් වෙන්නේ ඔයාලගේ බඩ බුදි මතට බුදිය ගත්තහම වැඩෙනවා.


ඔයාල රෑට වුනත් කාපු ගමන් නිදියන්න එපා දැනටමත් ඔයාලගේ බඩ ලොකුවට ඇවිත් තියෙනවා නම් හොදට හිතලා බලන්න ඔයාත් කුමන හෝ ආහාර වේලකින් පසු බුදියනවද කියලා?.


(හෆෝයි මේක මට තුන් පාරක් ලියන්න වුනා.නෝට්පෑඩ් එකේ ලිය ලිය ඉද්දි දෙපාරක් කරන්ට් එක ගියා.මේ පාර ටිකක් අඩුවෙන් ලිව්වේ මට එපා වෙලා ඒත් ඕනම කරන ටික ලිව්වෝ)

24 comments:

  1. Nice Post, Thanks friend

    www.ceylonlanka.info

    ReplyDelete
    Replies
    1. නයිස් කිව්ව එකට තැන්කු වේවා සහෝ.

      Delete
  2. අද පින්තූර දාලා පෝස්ට් එක ලස්සන කරලා. කතාව සහතික ඇත්ත බවට මමත් උදාහරනයක්. අනේ ඒත් බුදි මත එනවානෙ. මොනවා කරන්නද?

    කම්මැලි, pot belly, dammiya

    ReplyDelete
    Replies
    1. අද දම්මි බොරු කියනවා වගේ.මං දන්නවා දම්මිගේ හැටි ඒක නිසා දම්මි කවදාවත් පොට්-බෙලි වෙන්න නම් බැහැ :)

      Delete
  3. ෆයර්ෆොx ෆ්ලගින් එක පාවිච්චි කරපන්කො...එතකොට ඩිරෙක්ට්ම හෙලුවෙන් ටයිප් කරෑකි...

    http://qsfox.mozdev.org/installation.html

    ReplyDelete
    Replies
    1. මං ක්‍රෝම් එකනේ බං පාවිච්චි කරන්නේ අනික IME එකෙන් ඩිරෙක්ට් තමා ටයිප් කරන්නේ.නෝට්පෑඩ් එකේ ගහන්නේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් ඉන්න ඕන නැති නිසා.

      Delete
  4. මටනම් වාසනාවකට වගේ දවල්ට නිදියන පුරුද්ද නෑ.. අසනීපෙකට නිදා ගත්තොත් ඇරෙන්න.. මම හිතන් හිටියේ ඔය වචන දෙකේ වෙනසක් නෑ කියලනේ..

    ReplyDelete
    Replies
    1. දවල්ට නිදියන අයට මං කැමති නැහැ.දැන් වචන දෙකේ තේරුම දැනගත්තානේ එහෙනම්.

      Delete
  5. මම නම් 100% පොට් බෙලි ගෙඩිච්චියෙක්මි. ඒ කෙට්ටු දම්මී කවරෙක්ද?

    ReplyDelete
    Replies
    1. දැන්නම් මාද අතර මං වී ඇත.ඇය ද දම්මි ඔබද දම්මි?.

      Delete
  6. නොටැපලෙනු මැන. මා වනාහී කමෙන්ටුවකට නමක් දා ගන්ට බැරි ලේලි දම්මී වෙමි.
    (අයියෝ මේ යාළු, මම වගේ අයට කැමති නෑළු)

    ReplyDelete
    Replies
    1. දම්මි යනු උසස් අදහස් ඇත්තියකි ඇය කෙසේද පෙට්-බෙලි වන්නේ?
      (එසේ නම් මා කැමති පරිදි වෙනස් වුව මැනව :D
      රෑට විතරක් නිදා ගත්තම මදිද?)

      Delete
  7. යාළු කම දැනෙන හදවතයි, හිතන ඔලුවයි තාම තාම ඉදිමිලා නෑනේ. ඒ මදිද යාළුවේ.
    දවල්ට බුදියන තරබාරුවන්ට ජය වේවා!
    නිශාන් යාළුටත් තර බාරියක් ලැබේවා!
    (ඔන්න මම කියන දේ වෙනවා. අනාගත ජොබ් එක වගේ තමා) :-D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔලුව ඉදිමෙන එක නම් එච්චර හොද නැහැ.
      :/ ආහ්හ් තර බාරියක්???අම්මෝ......හික්ස්

      Delete
  8. හපොයි....මමනම් කියන්න ආසමනැති වචනයක් තමයි බුදි මත කියන්නේ...:/

    ReplyDelete
    Replies
    1. කියන්න ආස නැති වුනාට බුදියන්න ආසයිනේ?:)

      Delete
  9. උඹ බණ කතා කරනවා.. දවල්ට කාලා පැයක්, දෙකක් නිදාගන ගන්න ආතල් එක ගැන උඹ මොනවද දන්නේ.. දැන්නම් දවල්ට නිදා ගත්තු කාලයක් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. ආතල් වගේද පුතා බඩ????? :) බඩ බස්සගන්න විදින්න ඕන දුක උබ දන්නවා නම් ඔය ආතල් කුඩු

      Delete
  10. ඒක තමා මගේ බඩ කලයක් වෙලා තියෙන්නේ. හොද වෙලාවට රස්සාවට යන නිසා දැන් නම් අඩුයි. අම්බෝ හොද වෙලාවට කිව්වේ !

    ReplyDelete
    Replies
    1. අයියලෑගේ පැත්තේ වෝකින් පාර්ක්‌ එක තියෙන හින්දා අවුලක් නැහැ.:)

      Delete
  11. බුදීමෙන් ඇතිවන මත නිසා නින්ද යන නිසා අපේ එකෙක් දවල් 1,2 වගේ lectures තියෙද්දී දවල්ට කන්නේ lecture එක ඉවර වුණාට පස්සේ. ඒත් බුවාට නින්ද යනවා. ඒක නම් නිදිමතම තමා :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් රෑ වෙනකම් ඇහැරන් හිටියමත් පහුවෙනිදට මාර නිදිමතක් දැනෙනවා සහෝ :)

      Delete
  12. වචන දෙක අහල තිබුනට ඔය දෙකේ වෙනසක් දැනන්හිටියේ නෑ ත්න්කු කිව්වා.

    ReplyDelete
    Replies
    1. මදෑ අද හරි දැනගත්තා :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!