කතාවක් තියෙනවනේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා.මගේ යාලුවෙක්නම් කියන්නේ අපි වලක් හෑරුවොත් ඒකටත් ගෙම්බෝ පනිනවා කියලා.මම හාරපු වලවල් වලට නම් ගෙම්බෝ පැනලා නැහැ ඒත් ජීවිතේ අනිත් අයට වඩා මොන දේ කරද්දී වුනත් මට වගේ ප්‍රශ්න ඇති වෙන අය ඉන්නවා ඇති.ඒ ප්‍රශ්න නිසා ජීවිතේ කොච්චර කළකිරුනත් පස්සේ කාලේදී අනිවාර්යෙන්ම ඒක හොද අත්දැකීමක් වෙනවා.ඒකටනේ ඉතින් ජීවිතය කියන්නේ නේද?
මට වඩා ජීවිතය ගැන දන්නා වැඩිහිටියෝ මේ බ්ලොග් අවකාශයේ ඕන තරම් ඉන්නවා.ඒත් අවාසනාවකට මඩිස්ස පැත්තේ නම් එන්නේ ඔබා මාමා විතරයි.එයත් කොල්ලා වගේ හින්දා අවවාදයක් උපදෙසක් ගන්න අමාරුයි.ඒත් සමවයසේ සහ පොඩ්ඩක් එහෙන් මෙහෙන් කොන්ඩේ සුදු වෙච්ච රාජ්ලා,සෑම්ලා වගේ අය ඉන්න හින්දා අවුලකුත් නැහැ මොකද මොනවා හරි කියලා යනවනේ.සමවයසේ ඉන්න බ්ලොග් කාරයෝ ටික සහ කාරිනියනුත් ඒ අතින් නම් හොදයි මොකද එයාලත් අනිවාර්යේන්ම මොනවා හරි කියලා හිත හදලා හිනස්සලා අඩවලා යනවා.
මේ ප්‍රශ්නේ නම් දැන් විසදිච්ච ප්‍රශ්නයක් කෙටියෙන් කිව්වොත් අර උඩ කිව්වා වගේ කවදාහරි දවසකට අත්දැකීමක්.මගේ ඥාති අක්කා කෙනෙක් මැයි 7 වෙනිදා යුග දිවියට පය තිබ්බා.ලොකු පාටියක් එහෙම දාලා තමා වෙඩිම සැමරුවේ.වෙඩිම තිබ්බේ දිවුලපිටියේ සෙනුරි කියලා හොටෙල් එකක.අපේ අම්මාත් එක එක ජාතියේ සුකුරුත්තන් එල්ලගෙන ලෙසටම ලෑස්ති වුනා.හරියට කොළඹ නෝනා කෙනෙක් වගේ.
මං නම් ඉතින් හරිම චාම් කොල්ලනේ මං ඔය අලුත් ස්ටයිල් දන්නෙත් නැහැ ඒවා පස්සේ යන්නෙත් නැහැ.මට ආවේනික විදියට මං ෂර්ට් එක යට කරලා ඇදලා කළු දිලිසෙන කලිසමකුත් ඇදලා තමා වෙඩිමට යන්න ලෑස්ති වුනේ.අපේ අම්මට ඕන වුනා මටත් කොහොමහරි තව මොනා මොනාහරි දේවල් ටිකක් එල්ලන්න
ඒත් මං ආසම නැති දෙයක් තමා රත්තරන් බඩු මං ආස නොවුනට අම්මට නම් ඕන වුනා මගේ අතට මුද්දක් දාන්න.මං එපා කියද්දීම අම්මා ගිහිල්ලා පිටිපස්සේ ගෙදර එකාගේ මුද්ද ඉල්ලන් ඇවිත් මට දුන්නා දාගන්න කියලා.මුද්ද මගේ ඇගිලි වලට පොඩියි හරියන්නේ පොඩි ඇගිල්ලට ඒත් ඒකට ටිකක් බුරුල්.
බැහැ කියලාත් බැහැනේ අම්මගේ ආසාවනේ ඒක නිසා දාගත්තා බුරුල් වුනත් පොඩි ඇගිල්ලට.ඒක නිකන් පොත්ත වගේ මුද්දක් එච්චර බරත් නැහැ.කොහොම කොහොම හරි තව එව්වා මෙව්වා පටලෝගෙන අම්මයි මායි ගියා ඔන්න අර කිව්ව හොටෙල් එකට.
අම්මා ගියා නැන්දලායි තව ගෑනු කට්ටියකුයි ඉන්න පැත්තට මං ගියා කොල්ලෝ ඉන්න පැත්තට ටික වෙලාවකින් හොටෙල් එකේ වේටර් කෙනෙක් මේසේ උඩින් ගෙනල්ලා තිබ්බා විස්කි බෝතලයකුයි,බියර් බෝතලෙකුයි,කෝක්,බයිට්,ටිෂූ වගේ කළමනා.
එක එකා වක්කරනවා ගහනවා මං නම් ඉතින් ඕවාට නැහැනේ ඒක නිසා මාත් ඉතින් ඒකම කරා :) ටික වෙලාවකින් බබර පදන් ඒ පදම ගැන කොල්ලෝ දන්නවා ඇතිනේ?.ඊට පස්සේ මියුසික් ගෘප් එකේ උන් අපිව නැටෙව්වානේ ඔය නටන අස්සේ මනමාලයාගේ පැත්තේ එකෙක් අපේ එකෙක් එක්ක ගුස්ටියක් ඇල්ලුවා.අපි ඉතින් දුවන්න ලැහැස්ති පිට පාරක් හරි ගහනවා කියලා හිතාගෙන ගියා.අන්තිමට නාකි සෙට් එක වලිය මැඩපවත්වමින් ගෝරිය ශේප් කරා ඒකෙන් අපි ගුටි නොකා බේරුනාද මන්දා? නැහැ නැහැ අපි බීලා හිටිය හින්දා වෙන්න ඇති එවෙලේ වැනුණේ :D
ඊට පස්සේ අපි ගිහිල්ලා කෑවා කාලා ඔන්න පාටිය ඉවරයි කියලා ජෝඩුව පිටත් කර හැරියා.අපිත් නැන්දලාගේ වෑන් එකකම ඔක්කොම ඥාති සෙට් එකත් එක්කම නැන්දලගේ ගෙදර ආවා.ඇවිල්ලත් අපි වෑන්
එකේ සෙට් එක දාලා නැටුවලු (හරියටම මතක නැහැ). කොහොම හරි ටික වෙලාවකින් මං අත දිහා බලද්දී පොඩි ඇගිල්ල හරි දුකකින් වගේ ඉන්නවා මං දැක්කා.
හෑ මේ මොකෝ මේ? මං කලපනා කළා හ්ම්ම් ම්ම් හරිනේ වැඩේ මුද්ද නැහැනේ .
අම්මේ මුද්ද නැහැනේ අම්මේ...
අම්මා ඔලුවේ අත තියාගත්තද කොහෙද?.ඔව් ඔව් තියාගත්තා.
මේක ඇහුණු ගමන් නෑයෝ සෙට් එක මං දිහා බලලා ඒක රත්තරන්ද?,මොන පාටද,කොහෙන්ද ගත්තේ,රවුන් එකක්ද,පවුම් කීයද? මේ වගේ දාහක් දේවල් ඇහුවා.මටත් නිකන් තරු විසික් වෙනවා වගේ.
අම්මා කිව්වා මාමා එක්ක ගිහිල්ලා ආයේ බලන්න කියලා.මාත් ටිකක් වැනි වැනි මාමා එක්ක ත්‍රී වීල් එකක නැගලා ආයේ ගියා හොටෙල් එකට.ඇන්ටි වයිරස් එකෙන් ස්කෑන් කරනවා වගේ මාමයි මායි ෆුල් ස්කෑන් එකක් කරා මුලින්ම බීපු තැන,දෙවනුව ගහගත්තා තැන,කාපු තැන,තව අර අතන,
හෙව්වා හෙව්වා නැහැනේ
හොටෙල් එකේ එකෙක් දෙන්නෙකුත් හෙව්වා ඒත් හම්බුනේ නැහැ :(
මායි මාමයි ආයේ ගියා ත්‍රී වීල් එකෙන්ම නැන්දලගේ ගෙදට්ට ගිහින් අම්මට සිද්දිය කිව්වා.අම්මා ඒ වෙනකොට මුද්ද ගැන මුද්දේ ජාතකේ ගැන,පාට ගැන නෑයෝ ටික දැනුවත් කරලා,
දැන් ඉතින් මොනවා කරන්නද රෑ වෙලා අපි ගෙදර ආවා.දැන් මුන්ට කියන්නත් බැහැ මුද්ද නැති වුනා කියලා එහෙම කියන්න මොකක්ද වගේ.අනික ඇත්ත කියලා අරන් දෙන්න ගියොත් මුන් පවුමක මුද්දක් කිව්වත් අරන් දෙන්න වෙනවනේ.ඉතින් අම්මා කිව්වා පහුවෙනිදට ගිහින් අපි ඒ වගේම මුද්දක් අරන් ඇවිත් දෙමු කියලා,
පහුවෙනිදා ගියා බොරැල්ලේ එදිරිසිංහ එකට.එකේ ඒ වගේ මුදු නැහැ තවත් ගෝල්ඩ් හවුස් කීපයකටම ගිහින් බැලුවා එකකවත් ඒ වගේ ඩිසයින් එකක් නැහැ.අන්තිමට එක ෂොප් එකකින් අපෙන් ඇහැව්වා සීන් එක.අම්මාත් ඇත්තම කතන්දරේ කිව්වා මං නම් බිම බලාගෙනමයි හිටියේ.ඊට පස්සේ ඒ ෂොප් එකේ ඕනර් කිව්වා ඩිසයින් එක මතක නම් ඒ වගේ එකක් පහුවෙනිදා හවස් වෙද්දී හදලා දෙන්නම් කියලා.අන්තිමට මට මීටර් විදියට මං ඇන්දා මුද්දේ කටු සටහනක් ඒකෙන් ඕනර් බුවා සෑහෙන්න අදහසක් ගත්තා මුද්ද ගැන.
හරි මාතයා අපි මේ විදියටම අදලා දෙන්නං හෙට එන්ඩකෝ.
මුන් මේක හදන්න බාරගත්තේ පවුම් කාලකට.ග්‍රෑම් වලින්නම් 2යි මිලි ග්‍රෑම් 500 ක් හිටින්න,සයිස් එහෙම හරියට දීලා අපි ආවා.ඒ වුනාට අම්මටයි මටයි දැන් මාර බයයි මොකද මුද්ද වෙන එකක් කියලා පිටි පස්සේ ගෙදර උන්ට තේරුනොත් එහෙම?.කියන්න තේරෙන්නේ නැති මාරම ටෙන්ෂන් එකකින් අපි එදා දවස ගෙව්වේ.
මට දුන්න මුද්දේ එහෙන් මෙහෙන් ඉරි ගහලා මාරම ඩිසයින් ටිකක් තිබ්බේ ඉතින් දැන් හදන මුද්ද ඒ වගේම එන්නේ නැහැනේ? පොඩ්ඩක් හරි වෙනස් වෙනවා කියලා මං දන්නවා ඒකයි මං බයෙන් හිටියේ ඒත් ඇත්ත කියන්න බැරි නිසාම පහුවෙනිදා වෙනකන් ඉදලා ගිහිල්ල අලුත් මුද්ද ගත්තා.මං ඇදලා දුන්න විදියටම ඒක හදලා සික් පැත්තක තිබ්බ ඉරි වගයක් වෙනස්,
මං උන්ට කිව්වා මේක පොඩ්ඩක් වෙනස් කියලා උන් කියනවා දීලා බලන්න ඕක පොඩ්ඩක් වෙනස් වුනාට ඒක ගානක් නැතිවෙයි කියලා.
අම්මත් කිව්වා ඔව් පුතේ අපි දැන් මේක වෙන එකක් කියලා දන්නා හින්දනේ බය? අපි ඕක දෙමු එයාලට ගානක් නැති වෙයි කියලා.මාත් ඉතින් ඒකට වෙන මුකුත් කියන්න නැති හින්දා 18500ක් දීලා උන්ට සමුදීලා ආවා.වෙඩිම තිබ්බේ මැයි 7,මුද්ද හදන්න දුන්නේ මැයි 8,එතකොට මුද්ද හදලා ගත්තේ මැයි 9,මුද්ද අයිතිකරුවන්ට ආයේ දුන්නේ මැයි 10
10 වෙනිදා උදේ මගේනම් පපුව බයෙන් ගැහෙනවා මොකද මීට කලින් මෙහෙම දෙයක් කරලා නැහැනේ.හැබැයි ඇත්ත දැනගත්තොත් බය වෙන්න දේකුත් නැහැ මොකද උන් මට කලින් දුන්න මුද්ද පොත්ත වගේ බරත් නැහැ ඒත් දැන් අපි දෙන මුද්ද හයියයි අරකට වඩා බරත් එක්ක.මොනවා හරි කිව්වොත් මුද්ද ආයේ අරගෙන උන් ඉල්ලන ගානක් දෙනවා කියලා මං හිතන් හිටියේ ඒත් මං ගාව සල්ලි නැහැනේ.ඒකයි බයෙන් හිටියේ ඔයාලා මොකද හිතන්නේ මුද්ද ගනීද? වෙන එකක් කියලා රණ්ඩුවට එයිද?
මුද්ද අරගෙන අම්මා ගියා මං එදා වෙරි මර ගාතේ අරගත්තා වෙඩින් කේක් කෑලි 6න් 2ක් අරගෙන තව මුද්ද ඉල්ලගත්ත එකාගේ පවුලගෙන් ඉල්ලා ගත්ත සුකුරුත්තන් වගයකුත් අරගෙන,මං ගෙදට්ට වෙලා හිටියා ලබ්ඩබ් ලබ්ඩබ් කියන සද්දෙත් අහගෙන.අම්මා ගියා ගියාමයි තාම නැහැ මාත් පිටිපස්සට ගිහින් පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා අම්මා එහෙ ඉදන් කයියක් දාගෙන ඉන්නවා.ඔන්න පැය බාගෙකට විතර පස්සේ අම්මා ආවා.
අවුලක් නැහැ පුතේ ඒක ගත්තා කිසි අවුලක් වුනේ නැහැ ******ශා අක්කට ඒක මතක නැහැ වෙඩින් කේක් සිහියෙන් ඒක අරගෙන ගිහින් අල්මාරියේ දාලා ඇවිත් ඔය කයිය ගගහා හිටියේ.
හම්මෝ ඇති යන්තම් ලොකු බරකින් නිදහස් වුනා වගේ දැනුනා.ආයේ නම් මගේ වෙඩිමටවත් මං කාගේවත් දේවල් ගන්නේ නැහැ :P
කොහොම හරි අපිට කෙලවුනා මිසක් මුද්දේ අයිතිකාරයට නම් අසාධාරණයක් වුනේ නැහැ.ඔන්න ඕකයි කවදාවත්ම අමතක නොවෙන අත්දැකීම !.ලිපිය ටිකක් දිගයි වගේ කියවන්න කාලය වැය කලාට බොහොම ස්තුතියි.
ඌ කවදහරි ආයේ මුද්ද දාපු දවසට උඹ ගස් පුතේ... :-)
ReplyDeleteඑහෙම වෙන්නේ කොහොමද? ඌට ඒක දැන් ගානක් නැති වෙයි බන්(එහෙමවත් කියපන්කො හිත හැදෙන්න)
Deleteමම නම් කියන්නෙ ඇත්ත සිද්දිය කියපන් කියල...
ReplyDeleteඅනිත් අතට මගේ අවවාධය තමයි වෙන තැන්වල සිහිනැති වෙනකම් හරි බීපන්... හැබැයි මගුල් ගෙවල් වල බොන්න එපා :)
(දිවලපිටියෙ වෙඩිමකට ගියා කිව්වෙ උඹත් ඉන්නෙ අපේ ඒරියා එකේමද?)
ඇත්ත කිව්වොත් ඌ පව්මක් කිව්වත් අරන් දෙන්න වෙනවනේ බන්.
Deleteමගුල් ගෙවල් වලයි අනිත් තැන්වලයි වෙනස මොකක්ද?
නැහැ මං රාගම
බාල්දි වැටීමේ සමභාවිතාවය ඉතාමත් වැඩී...
Deleteවයසක ඈයෝ කියන ඒවා ඇත්ත වෙන්න ඕන :)
Deleteඔය වගේ කෙටිකතාවකුත් තියනවා නේද...
ReplyDeleteකොහොම උනත් නැති පුරාජේරුව පෙන්නන්න හොඳ නෑ මචන්.. අනුන්ගෙන් ඉල්ලන් දාගන යනවට වැඩිය හොඳයි නිකම්ම යනවා.. දැන් පේනවනේ ආනිසංසේ...
අවුලක් වෙන එකක් නෑ...තේරුනත් උන් ඕක බලවලා සද්දෙ වහලා ඉඳියි.. දුන්න එකට වැඩිය වටින එකක් හින්දා..
කෙටිකතාව අර මාලයක් නැති වෙන එකනේ?
Deleteමෙන්න මිත්‍රයෝ තෑන්ක්ස් ඈ ඔහොම දෙයක් හරි කියලා හිත හදනවට :)
මේක කියවනකොට මටත් මතක් උනේ අර මාලෙ කතාව තමයි...
ReplyDeleteකෙටිකතාවේ මාලේ වගේද තාරා මගේ සිරා කතාවේ මුද්ද? :(
Deleteඑහා ගෙදර කෙනා ඔයාට දුන්නෙ රත්තරං මුද්දක්මයි කියලා ෂුවර් නේද?
Deleteහෑ :D ඔව්වොව්
Deleteඒත් ඔයා ඇත්ත කිව්වනම් තමයි අයියො හොඳ.....
ReplyDeleteඔන්න ඕකෙන් ඔයා පාඩම් දෙකතුනක්ම ඉගෙනගත්තනෙ....ආයෙ අමුතුවෙන් කියන්නෝනෙ නෑනේ......;)
ඇත්ත කිව්වොත් නංගි උන් මුද්ද පවුමක් තිබ්බා කිව්වත් අපිට අරන් දෙන්න වෙනවා.දන්නවනේ දැන් රත්තරන් මිල?.පාන් ගන්නවත් සල්ලි නැති මට රත්තරන් ගන්න සල්ලි කොහෙන්ද? :(
Deleteඇති ඔයින් ගියා... අහු වුණා නම් රෙදිත් නැත!
ReplyDeleteඒකනේ බන් අහුවුනා නම් ලක්ෂ බාගෙකට විතර කෙලවෙනවා
Deleteමම දන්න විදිහට නම් ගොඩක් අයට ඔය ආභරණ ගෑන මතක තියෙන්නේ ඒවා ගත්ත අලුත විතරයි... මල්ලී...ඒත්..ඒ අය දන්නෙ නෑනෙ ඔයාලා දුන්න එකේ නියම වටිනාකම....ඒ නිසා බිල පරිස්සම් කරලා තියා ගන්න එක හොඳයි....
ReplyDeleteඔව් අක්කා එහෙම වෙන්න ඇති.බිල නම් තියෙනවා ඒත් දැන්නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතෙනවා.කෝකටත් බිල තියෙනවා.
Deleteඕක අහුවෙන කේස් එකක් කෝකටත් මතු උත්තර දෙන්න සූදානමින් ඉන්න..මුලින් ඇත්ත කිව්වනම් හරි..ඒ කෝමද එයාල එහෙම වැඩි ගානක් කියන්නෙ ඔයාල දන්නවනෙ මුද්දෙ තරම....?
ReplyDeleteඔය මුද්ද කලින් එකට වඩා බරින් වැඩි වගේ නම් එයාල වැඩේ දැන ගත්තත් සද්ද නොකර ඉඳීවි කාට හරි එයාලගෙ මුද්ද මාරුවෙලා මගුල් ගෙදරදි කියල හිතන්.....
o.O අහුවෙයිද?
Deleteඅපි දන්නවා වුනාට මුද්දේ තරම ඒ මිනිස්සු මොකක් කිව්වත් අහන්න වෙනවනේ :(
මං හිතන්නෙත් මේක ගැන දැනගත්තත් සද්ද නැතුව ඉදියි කියලා තමා.
මේකනේ ඩලා,.,බැරි වෙලාවත් එහා ගෙදර එක්කෙනා ඉමිටේශන් මුද්දක් ඔයාට එදා දෙන්නෙ කියලා කිවුවොත් මොකද කරන්නේ ආ
ReplyDeleteඑහෙම කිව්වොත් මුද්ද ඉල්ලගන්නවා බන් :)
Deleteමුලිං ඇත්ත කිව්වනම් හරි බං.. දැන් ඉතින් වෙච්ච දේවල් වෙලා ඉවරයිනේ... හිත හදාගෙන වරෙන් හවස සෙට්වෙලා අයෙත් අඩියක් ගහල ප්‍රර්ථනාකරමු අරූට මාට්ටු වෙන්න එපා කියලා
ReplyDeleteඔව් බන් දැන් වෙච්ච දේ වෙලා ඉවරනේ හිටහන් මං හවසට එන්නම් බාගයක් අරන් :D
Deleteමට නම් හිතුනෙම ඉල්ල ගත්තු මුද්ද රත්තරන් නෙමේ ඉමිටේෂන් කියලා :)
ReplyDeleteනැහැ අක්කා ඒක බර අඩුවුණාට රත්තරන් එකක් තමා ඒ ගැන නම් සැකයක් නැහැ ඒත් දුක වැඩිපුර වටින එකක් වුන හින්දා.ඒකත් ඉතින් අපේ වැරද්ද හින්දනේ :(
Deleteඅන්තිමට උඹ හොර කාඩ් එක වදිනවා
ReplyDeleteඋඹට ලැජ්ජාවක් තියේනං මචං උඹේ වෙඩින් එකටවත් මුදු පාවිච්චි කරන්නෙපා!
:( නැහැ බන් මං බදිද්දී දෙමළ උන් වගේ තැල්ලක් බදිනවා
Deleteඅම්මල කියන හැමදේම වුනත් කරන්න එපා කියන්නේ ඕකනේ...
ReplyDeleteනොකර ඉදලා ගෙදර ඉන්න බැහැනේ බන් :(
Deleteඇත්ත සිද්දියම කියලා මුද්ද දුන්නම් හොදයි කියලා මටනම් හිතෙන්නේ.. නැත්නම් අන්තිමේ එහා ගෙදර එකාට උනේ වාසියක් උනත් උඹලා බොරු කාරයෝ වෙන්න පුලුවන්නේ..
ReplyDeleteඔව් සහෝ අපි බොරු කාරයෝ වෙන්නත් ඉඩ තිබ්බා මුද්ද ආයේ දෙන වෙලාවේ හරියට බැලුවා නම්.ඒත් දෙවියන්ගේ පිහිටෙන් එහෙම වුනේ නැහැ
Deleteඅපරාදේ බන් සල්ලි.
ReplyDeleteමටනම් ඔය වගේ ගැටළු නැහැ මම ගිහින් බිව්වොත් ගෙදර ඉදල හමාරයි ඉතින්.
මටත් අර මලේ සිස්දිය මතක් උන බන්,
වෙන්න තියෙන දේනේ බන් වෙන්නේ වැඩිය හිතන්න එපා ඉතින් ඔය නැට්ට පිටින්ම අලි මැරෙන්නේ.
දැන් හිතපන් අර සෙලින්කෝ සිස්දියට, සක්විති සිස්දියට අහු වෙලා මිනිස්සු කෝටි ගණන් නැති කර ගත්තේ බන් හැම දේම වෙන්නේ මිනිස්සු වෙච්චි අපිටනේ උන්ට ඕක තේරෙන එකක් නෑ උබ පුරුදු අතල් එකේම ඉදපන්.
(බියර් වල කොලිටිය කොහොමද බන්? :D)
අලි නැට්ට නැතුවත් මැරෙනවා බන් :)
Deleteඒක නම් ඇත්ත තමා මීට වඩා බර ගණන් මිනිස්සු නැති කරගෙන තියෙනවා
බියර් නම් මං බිව්වේ නැහැ බන් විස්කි තමා බිව්වේ ඒවා නම් පට්ට ඈ.තැපෑලෙන් බඩු එන්නේ.ෆ්ලැට් වුනාට පස්සෙයි අපිත් දන්නේ අපි බීලා කියලා :D
නිෂාන් මට ඕක උනානං මම ඇත්තම කියලා මුද්දේ බර අහලා අරගන දෙනවා.බොරැ කියන එක, කරන එක නරකයි.රත්තරන් මුද්දක් දුන්නා කියන්නේ හිතවත්තූනේ.බොරැවක් කරන් නැ.අනික වැඩිපුර ගානක් ගියත් අපි පිරිසිදුයිනේ.හිතවත්කමත් වැඩිවෙනවා එතකොට.
ReplyDeleteඅනික තමයි අම්මා නෙමෙයි දෙයියන් නාන්සේ කියුවත් අකමැතිදේ කරන්න එපා.
මං දුප්පතෙක් අයියා :(
Deleteමීට පස්සේ නම් මං අම්මා කියන දේවල් කරන්නේ හොදට හිතලා
මචන්, හරී බොහොම නිහඩයි.. ආරන්චියක් තියනවද මොකද වෙලා තියෙන්නෙ කියලා..
ReplyDeleteකන්ටැක්ට් කරන්ඩ් පුලුවන් නම්බර් එකක් එහෙම තියනවද. මොබයිල් එකනම් ඕෆ් කරලා.
පුලුවන්නම් පොඩ්ඩක් විස්තර හොයලා මේල් කෑල්ලක් දාපන්.
:O මේ යකාගේ එෆ්.බි එකවත් මං දන්නේ නැහැ බන් :(
Deleteමෙච්චර ෆිට් එකේ ඉදලත් වෙන මොනවත් දන්නේ නැහැ.
බලමු තව දන්න කව්රු හරි ඉන්නවද කියලා හොයලා බලන්නම්
දැන්නම් කට්ටියම පාඩමක් ඉගෙනගෙන මම හිතන්නේ? අවුලක් කරගන්න එපා. ඌ ඕක එච්චර මතක තියන් නැතුව ඇති.
ReplyDeleteකොමෙන්ටුවන් හිතට ලොකු සැහැල්ලුවක් ලැබුනා.
Delete"පොඩි ඇගිල්ල හරි දුකෙන් වගේ ඉන්නවා මම දැක්ක " ඒක හරි අපූරුවට ලියවිලා යාළු ..:)
ReplyDeleteඔයා ඒක ඇත්තටමද කිව්වේ?
Delete