Saturday, May 26, 2012

76 හාවගෙයි ඉබ්බගෙයි 2012 වර්ෂන් එක!

කලින් වල් කතාවක් ලියලා හැමෝම කිව්වේ කලින් අහලා තියෙනවා,ඔබා මාමා ලියලා තිබ්බා,අන්තිම පේලියේ තිබ්බා වැනි දුක හිතෙන වදන් ය.ඒ අතර සෙන්නා කීවේ මා අසාර්ථක බවය.ඒ අතර කාන්තාවන්ට එපා කියලත් ඔවුනුත් එය කියවා ඔප්පු කරේ කොච්චර එපා කිව්වොත් ගෑනුන් හට ඒ දේ කිරීම අත්‍යවශ්‍ය බවයි.දැවිල්ල කෑමක් කෑවට පසු සීනි ටිකක් කටේ දාගැනීම සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය දෙයකි.එම නිසා මමද කලින් වල් කතාවේ තිබු අදහිරිය දනවන කොමන්ට් පසෙක ලා ඔවුන්ට නැවතත් ''මා මෙය කලින් අසා ඇත'' යන වග කියවා නොගන්නට මගේම නිර්මාණයක් පල කරන්නෙහිය.එය ඕනෑම දරුවෙකුට හා අග්නි වැනි බබී කෙනෙක්ට වුවද අනෙකුත් බ්ලොග් සහෝදරියන් බබිලටද කියවා රස විදිය හැකි කතාවකි.




එය නම් මෙසේය
දිනක් හාවෙකු නියරක් දිගේ පැමිණෙමින් සිටියදී හදිස්සියේම නියර අයිනේ සිටින ඉබ්බෙකු දුටුවා ය.ඉබ්බා දුටු හාවා අතීතේදී මෙන් ඉබ්බාගෙන් මෙසේ ඇසුවේ ය.


හාවා : ඉබ්බෝ අපි රේස් එකක් දුවමුද?


ඉබ්බා : අපෝ බැහැ හාවෝ අපි දෙන්නා රේස් එකක් දිව්වොත් අනිවා මමනේ දිනන්නේ.
(ඉබ්බා හාවාව අඩු තක්සේරු කොට කතා කරෙහි ය )


හාවා: හරි එහෙනම් ආයෙත් දුවලා බලමුද? මොකද මේ මම ඒ පරණ හාවා නෙවේ.මොකෝ කියන්නේ?


(හාවට තවත් සෙකන්ඩ් විය නොහැකි )
ඉබ්බා :හරි හාවෝ අපි දුවමු.


දෙදෙනා කතිකා කර ගත් පරිදි නියමිත වෙලාවට අහවල් තැනට මේ දෙදෙනා රැස් වූහ.


හාවා:ඔන්න ඉබ්බෝ මං තුනට ගණන් කරපු ගමන් අපි දුවමු ඈ.


ඉබ්බා: ඕකේ මචන්


හාවා:එකා..යි දෙකා...යි තු..තුනා....යි




තුනා..යි කියූ සැනින් දෙදෙනාම දුවන්න පටන් ගත්තා ය.හාවා ඊයක් මෙන් ඉදිරියට ඇදෙන්න වූ අතර ඉබ්බා 2GB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා වගේ හිමින් හිමින් ඉදිරියට ඇදෙන්නට වුනා.


මෙලෙස දෙදෙනා දුවමින් යන විට ඉබ්බාගේ යාලු ගෑල් ළමයා මගදී මෙය දැක වහා සැලසුමක් ක්‍රියාත්මක කරේ හාවාව පරදා තම පෙම්වතාව ජයග්‍රහණය කරවන්නට ය.ඒ අනුව ඉබ්බි එවෙලේම ක්‍රියාත්මක වී ඉදිරියට ඇදෙන හාවට ඉගි බිගි පා ඔහුව මායමකට රවට්ට ගත්තේ ය.කාන්තා මායමකට හසු වූ හාවා ඉබ්බිගේ පසු පස යන්න වුනු අතර මෙම සැලසුමෙන් ඉබ්බාට ඉදිරියට යාමට මග සැලසුනි.ඉබ්බි පසු පස ගිය හාවාව කාමරේකට දමා ඔහුට බෙලි ඩාන්ස් එකක් දමා පෙන්වන්නට ඉබ්බි සමත් වූ හ.ඉබ්බි බෙලි ඩාන්ස් දමද්දී හාවා කබරේ ඩාන්ස් දැමිය.කබරේ ඩාන්ස් ගැන ඔබ හට හිතා ගත හැක යයි සිතමි.


හාවා කබරේ ඩාන්ස් දමන අතර ඉබ්බා සැහෙන්න දුරක් ගිය බව දැනගත් ඉබ්බි හාවා අමතමින්
ඈ බොල රට හාවෝ තෝ ආව නේද මෙතන මනමාල කමේ?.ඒ මදිවට මගේ ඩාලින්වත් පරද්දන්න හිටු පරයා


කියා බැන වදිමින් ඉදල් කොටයක් ගෙන හාවට ගසන්නට පටන් ගත්තේය.ඉදල් පාරවලින් බේරීමට පිටු පස දොරින් එලියට පැනගත් හාවා නිරුවත් ශරීරෙ පිටින්ම කැලා වැදුනි.මේ අතර ඉබ්බා සෑහෙන දුරක් ගොස් හමාරය.පිටුපස දොරින් පන ගිය නිරුවත් හාවා වෙනත් මගක් ඔස්සේ පලා ගොස් නැවත රේස් එක මතක් වී සෑහෙන වෙලාවකට පසු හරි ට්‍රැක් එකට එන්ටර් වුනි.එම මග ඔස්සේ ඉබ්බා දැන් සෑහෙන දුරක් ගොස්ය.හාවා සැතපුම් ගණනාවක් පිටුපසිනි.


උත්සාහය අත් නොහල හාවා දහිරිය ගෙන දිගටම දිව්වා ය.අහෝ විපතකි හාවට  ජරමර අස්සේ බරකරත්තය   ඔහුගේ පරණ කැච් එකක් වන හාවියක්  එම මග ඔස්සේ හාවට විරුද්ද පසින් පැමිණි හ.හාවාට සැගවීමට වත් වෙලාවක් නැත ය.


හාවා දුටු හාවී:
ආ.....මේ ඉන්නේ!
කොහෙද වල් හාවෝ මෙච්චර දවසක් හැංගිලා හිටියේ?මං එස්.එම්.එස් කීයක්‌ නම් එව්වද එකකටවත් රිප්ලයි කරාද?ඒ මදිවට මං කෝල් කරාම මගේ කෝලුත් කට් කරනවා හිටුකෝ..


කියමින් ලග තිබු වැටකින් මුගුරක් ගලවා ගත්තේ හාවට පහර දීමටය.


අසරණ වුනු හාවා:
අනේ ඩාලින් අහන්නකො රිප්ලයි කරන්න ෆෝන් එකේ බැලන්ස් නැහැ රත්තරන් ඒකයි රිප්ලයි නොකළේ.කෝල් කට් කලේ නැහැ ෆෝන් එකේ ලෙඩක් එන කෝල්ස් නිකන්ම කට් වෙනවා මේ ඇත්තමයි මගේ කුක්කු කැටේ.
අහන්නකෝ මං කියන දේ ප්ලීස්...


හාවා කියූ දේ කනකට නොගත් හාවී ඇති තරම් හාවට පහර දුනි.පහර දී බිම දමා අතේ තිබු හෑන්ඩ් බෑගයෙන් ද දමා ගසා එහි ඇතුලේ තිබූ පනා,මේකප් භාන්ඩ වැනි දේවලිනුත් අම්බානක ලෙස පහර දී හාවී යන්න ගියේ ය.


හාවිගෙන් දරුණු ලෙස පහර කා සිහි විසල් වී සිටි හාවට සිහිය පැමිණියේ පැය කාලකට පමණ පසු ය.
මෙතෙක් වෙලා තනිව දිවූ ඉබ්බා හැරී බැලුවේ ය.හාවා පෙනෙන තෙක් මානෙක නොවිය.දිනුම් කණුවට තව මීටර් 2කි.


බඩ ගාගෙන එකට පැමිණි ඉබ්බාට ද දැන් අම්බානක ලෙස මහන්සිය.හාවා ඈත එනවා පෙද්දී මං දිනුම් කණුවට යනවා එතකන් මෙතනින් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා සිතූ ඉබ්බා එම දිනුම් කණුවට නුදුරු තැනකින් හිද ගෙන ගිමන් හරින්නට ගත්තා ය.නොබෝ වේලාවකින් ඉබ්බාටත් නොදැනීම ඉබ්බාට නින්ද ගියේ ය.


කාන්තාවන් දෙදෙනුකෙන්ම දරුණු ලෙස පහර කා කිහිලි කරුවකින් ඇවිදිමින් හාවා තරගය ගැන අදහස අත් හැර තිබුණි මන්ද දැන් ඉබ්බා අනිවාර්යෙන්ම තරගය දිනා ඇති බව ඔහු සිතුවා ය.එලෙස නමුත් ඉබ්බාට සුබ පතන්නට තීරණය කල හාවා කිහිලිකරුවෙන්ම දිනුම් කනුව වෙත සෙමින් සෙමින් ආව ය.මෙලෙස පැමිණෙද්දී ඉබ්බා ගොරව ගොරව නිදි බව දුටු හාවා දෙවරක් නොසිතා දිනුම් කනුව වෙත ගොස් තරගය ජය ගත්තේ ය.


ඔන්න ඔහොමලු මා විසින් රචිත ඉබ්බගෙයි හාවගෙයි අලුත් වර්ෂන් එක.දැන් ඉතින් කාටවත් කියන්න බැහැ මේකත් අහලා තියෙනවා කියලා.


ගෑනු මායම් වලට හසු වී කාන්තාවන් දෙදෙනුකුගෙන් ගුටිත් කා තරගය ජයග්‍රහණය කල හාවට මාගේ ප්‍රණාමය!
මෙතරම් අවස්ථා ලැබිලත් අලස වුනු ඉබ්බාටද පාඩමක් ඉගෙන ගත හැකිය එනම් ඉතිහාසේ කුමක් වුවත් දෛවයේ නැත්තම් කිසිම දෙයක් උරුම නැති බව ය.

76 comments:

  1. ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී :D

    ReplyDelete
    Replies
    1. කියන්නේ නිකන්ද :D

      Delete
  2. ඔය මායම් වලට අහු උනොත් ඉවරයි... :)

    ReplyDelete
  3. මම කොහෙද බොල තෝ අසාර්තකයි කිව්වෙ. මම කිව්වෙ ඒ ලිපිය වැඩකට නෑ කියලා විතරයි. මොක වුනත් මටත් මේක හොඳ පාඩමක්.

    අලුත් වර්ශන් එක නියමය. කදිම නිර්මාණයකි. අවසාන කියමනට එකඟය.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. උබනේ කිව්වේ ඒක අසාර්ථකයි කියලා :(
      සුබ පැතුමට තැන්කු ඈ

      Delete
  4. ඒකත් නරකම නෑ... :-)
    ඔය රිප්ලයි වැඩේ තමා පජාතම... පොඩ්ඩ මිස් උනොත් විනාසයිනේ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D රජාත් ගුටි කාලා වගේ

      Delete
  5. මෙන්න තව එකක්..

    හාවා හා ඉබ්බා රේස් දුවල ඉබ්බා පැරදුනාම ඉබ්බාට ෆුල් අවුට් ගිහින්. මු හාවා ලඟට ඇවිත් කිව්වලු "මචෝ බලමුද කවුද ඉක්මනින්ම ගෙදර දුවන්නේ කියල?" හාවා මේක අහල හිතුවලු "මු නම් පාඩමක් ඉගනගන්න එකෙක් නෙවෙයි. දෙන්නම් අද මූට" කියල දෙකොනින්ම හිනා වෙලා කිව්වලු "හරි බලමු එහෙනම් ". ඉබ්බා ගණන් කරන්න පටන්ගත්තලු. "එකයි", "දෙකායි...", "තුනායි....." හාවා දුවනකොටම ඉබ්බා බුස් ගාල කටුව ඇතුලට රිංගුවාලු .. ඉබ්බා දිනුම්..


    කොහෙන්දෝ ඇහුවා. මතක නෑ දැන්..

    ReplyDelete
    Replies
    1. මාත් ඒක අහලා තියෙනවා සහෝ.හාවට යන්න ගෙයක් තියෙනවද දන්නේ නැහැ :)

      Delete
  6. වර්ෂන් එක අලුත්වුනත් ජිවිතේ‍ට එකතු කර ගන්න නම් පාඩමක් තියනවා අයියේ.

    ReplyDelete
  7. අලුත් එක නියමිනේ....හොද කතාවක් හාවෝ...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු මේ හාවා මම නම් උබ කව්ද? :)

      Delete
  8. මෙහෙමයි යළුවනේ පිරිමි අය ගොඩක් වැරදි කරල අන්තිමට වැරදි කියන්නෙ ගැහැණු අයට ඔන්න ඒකටනම් අපි එක හෙලා විරුද්ධයි.ගෑණු මායම් වලට හසුවී.... අපි මේ වදන තරහේ හෙලා දකිනවා... හි හි හී..

    කොහොම නමුත් බුද්ධිමත් පිරිමියෙක්නම් ගැහැණු මායම් වලට හසුවෙන්නේ නැහැ.

    හාවාගෙයි ඉබ්බගෙයි 2012 වර්ෂන් එකනම් ගොඩක් ආසාවෙන් බැලුවා.නියමයි.අවසානෙට දීපු වචන ටිකනම් සුපර්..

    ඉතිහාසේ කුමක් වුවත් දෛවයේ නැත්නම් කිසිදෙයක් උරුම නැත

    ReplyDelete
    Replies
    1. ගැහැණු අයත් එහෙම තමා ඔක්කොම කරලා අන්තිමට පිරිමි අයට ලෙඩේ දානවා :D

      අවසානෙට දුන්නේ මං කැමතිම මගේ වදනක් :)

      Delete
  9. කොච්චර මායම් දැම්මත් අහු නොවී උන්නනම් ඉවරනේ.. කෙල්ලන්ට මායම් 64 යි...
    කොල්ලන්ගේ මායම් ගණන් කරන්න ඉලක්කම් මදි..

    ඔයාගේ නිර්මාණය ගැන කතා කලොත් නම්....

    "සුපර්බ් " කියල කියන්න පුළුවන්...

    ඔයා කොහොමටත් එහෙමනේ නිශාන්..

    ReplyDelete
    Replies
    1. මේ කොමන්ට් එකට මට මාරම හැපී ඈ පපුවත් රිදෙනවා වගේ සතුට වැඩි කමට.මොකද ඔයා කිව්වනේ මම කොහොමත් සුපර්බ් කියලා යේ.... :)

      Delete
  10. මේ හාවා අර අපේ බනියා එහෙම නෙවේනේ?

    ReplyDelete
  11. උබට වෙච්ච සීන් එකකට අර පරන කථාව සැට්කලා නේද.. අමෙ අපි නොදන්න කැබරේ

    ReplyDelete
  12. මෙම හාවා - ඉබ්බා අළුත් කතාව පවුල් ආරවුල්වලින් ගහනය. එබැවින් එය ළමා කතාවක් වශයෙන් සැලකිය නොහැක. :-)
    මම නම් වැඩියත්ම කැමති මේක කියවල ගෑණු දැරිවියො වයින් වෙන එකට. සුපිරි .... ආ ....

    ReplyDelete
    Replies
    1. කව්ද කිව්වේ ළමා කතාවක් කියලා?
      මං කිව්වේ ළමයින්ටත් කියවන්න පුළුවන් කියලා :D

      මේක කියවලා ගෑනු දැරිවියෝ වයින් වෙලාද?

      Delete
  13. මොකුත් නොකියමි... :)
    (කියන්න හිතෙන ඒව කිව්වොත් විනාසයක් වෙන්නෙ ;) )

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න ඔහේ හිතුන දෙයක් කියලා දාපන් බන් සාතන් අයියේ.

      Delete
  14. 2 GB file...ඔය තියෙන්නෙ අලුත් උපමා....
    මහ නපුරු ගෑනු සත්තු දෙන්නෙක්නේ..ඒ මදිවට සිහි නෑති වෙන්නත් ගහලා.....

    කලින් පෝස්ටුව බෑලූ බබීලා වෙනුවෙන් බබි ආච්චී වන මම මෙසේ කියමි ------
    මේ කාලේ බබීලා ඉස්සර කාලෙ හොර උපාසක ඇත්තියන්ට වඩා හොඳය...(බලා නොබෑලුවා සේ ඉන්නා එක ඊට වඩා හොරකමක් සේ දකිමි)....එය ඔවුන්ගේ අවංක කමය... මුලින්ම නොබියව අදහස් පල කළ වින්චෑට් නංගීට මගේ ප්රනාමය....

    ඒ ගෑන එච්චර හිතන්න එපා මල්ලී....

    ලියන කෙනාගෙ හිතට හරි නෑත්නම් අපි ඒවා බලලා කමෙන්ට්ස් නොකර ඉමු නේද නංගිලා?...හිහි

    ReplyDelete
    Replies
    1. :) බබී ආච්චි?

      මොකක්ද මේ බබිලගේ හොර සීන් එක?මට තේරුනේ නැහැ වගේ.වින්චැට් නංගි බබී තමා අනිත් බබිලාගේ බය නැති කරේ..

      Delete
  15. මොනවා වුණත් අන්තිමට හාවාගේ තත්ත්වෙ ආරක්ෂා කළ එක ලොකු දෙයක්.ඉබ්බන්ගෙ මහ පණ්ඩිත කමනේ..හොඳ ස්වයං නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් හාවා හිත හොද එකානේ :)

      Delete
  16. උබටත් හිතෙන දේවල් අම්මප

    ReplyDelete
    Replies
    1. හිතෙන දේවල් නම් අනන්තයි හොදද නරකද කියාපන්කෝ

      Delete
  17. වර්ෂන් එක අලුත් උනත් කතාව ඇත්තලු....වැදගත් දෙයක් ගන්න තියනවා..එත් ඉතින් කෙල්ලෝ ඔච්චර දරුණු නම් නැලු....:/

    ReplyDelete
    Replies
    1. වර්ෂන් එක සිරා තමාලු.කෙල්ලෝ ගැන නම් කෙල්ලෝ කවදාවත් වැරදි කියන්නෙත් නැහැලු :)

      Delete
  18. අනී තිං කියන්නෑ මං......:P

    ReplyDelete
    Replies
    1. හූ ඈ මං කිව්වේ ඇත්තනේ :D

      Delete
  19. ඉබ්බි කියලා කිව්වම මට මගේ හිටපු ගෑල්ලමයා මතක් උනා. බලන්ඩකෝ ඒකෙත් හැටි...

    ReplyDelete
    Replies
    1. හෑ එහෙනම් එයාත් අයියාට ෆුල් සප් එක දෙනවා ඇති නේද ඕන දේකට?

      Delete
  20. අලුත් කතව නම් පට්ටය ...... හාවට ආචාර කල යුතුය

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඈ හාවා එල පොර :)

      Delete
  21. මැද්දට කූණු හබ්බ දෙක තූනක් දැම්මානං පට්ට පට පටය

    ReplyDelete
    Replies
    1. බැහැනේ අයියා කලින් වල් එකක් ලියලා කිච වෙච්ච අවස්තාවකනේ මේක ලිව්වේ :)

      Delete
  22. නිර්මානය සිරාය. පොඩි අඩුපාඩු දැක්කෙමි. ඒ නම් ග්‍රැමර් ඒවාය.

    //ඉබ්බි සමත් වූහ// ඉන් එකකි. එය මට අවුලක් නැත. ඒත් පරිස්සම් වෙයන් මචං.

    කබරේ ඩාන්ස් දාන්නේ කබරයෝ නෙවේද බං.. :))

    ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. උබ දැක්කේ ඒක විතරද? හිකිස්‌ මට නම් මුළු ලිපියේම ඔය වගේ ඒවා අම්බානක ඒවා තියෙනවා පේනවා මං ඒවා ගැන හිතුවේ නැහැ බන්.

      නැහැ කැබරේ ඩාන්ස් උබ දන්නේ නැද්ද? හෑ? පුදුමයිනේ :D

      Delete
  23. තවත් එක් love story එකක් වගේ මට පෙනේ ඒ මට පේන හැටිය ගනන් ගනන් එපා,.,මට මොක කොලත් ලවු තමයි,.,., හැබැයි හාවියි ඉබ්බයි නන් කලේ කැ* කැ* වැඬේය මට දුක සිතුනි,., කෙසේ වුවත් අලු වර්ශන් එකනන් ෆට්ටය,., ඔබට ජය,.,

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඈ ගණන් ගන්න එපා බන් ඉබ්බි බොක්කෙන්ම ඉබ්බාට ලව් ඒකනේ ඒ වගේ දෙයක් කරේ. :)

      Delete
  24. ----- ප්‍රචාරක දැන්වීමකි -----

    මෙන්න ඉබ්බා පිළිඹඳ වාර්තා දෙකක්.වෙලාව තියේ නම් කියවන්න.

    පළමු වැන්න

    දෙවැන්න

    ReplyDelete
    Replies
    1. අනිවා පිළිතුරු සපයා කියවන්නම්
      ස්තුතියි.

      Delete
  25. කතාවේ ආදර්ශය:-
    මොන තරම් වගකීමක් ඇති වැඩකට යන්න එලියට බැස්සත් ගෑනු ප්‍රානයක් දුටු තැන පිරිමියාට උතුර දකුන අමතක වේ.....:D:D:D

    ReplyDelete
    Replies
    1. අන්න සිරා ටෝක ඈ :D

      Delete
  26. ඉස්සර වෙලාම කියන්න ඕනේ මොනවද මේ තිරයේ පහලට වැටෙන රොඩු කෑලි. අපි වගේ වයසක මිනිස්සු රොඩු වැටෙනවාට බයයි. මම හිතුවේ ඉතා දුකසේ මිලදීගත් මාගේ අඟල් 24 එල්.සී.ඩී. තිරයේ ලෙඩක් කියලයි.

    අපි සෑම දෙනා තුලම නිර්මාණ කරුවකු සිටිනවා. ඔහුව අවදි කරවීම අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින්ද සිදුවෙනවා, අවස්ථානුකූලව. ඔබට ලැබුණු විවේචන වලින් ධෛර්යය වඩවාගත් ඔබ, නිර්මාණයක් කර තිබෙනවා. මේ තමයි මිනිසා සතු විශේෂ ප්රාගුන්යය කියන්නේ. දිගටම නිර්මානාත්මක බව වඩවාගන්න. කතාවට ස්තුතියි.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හෑ බය වෙන්න එපා සර් ඒවා පොඩි පොඩි ජාවා වැඩ කෑලි :)

      ඔව් ඔබ තුමාගේ දෙවෙනි අදහස හරි මොකද සිංහයයි නරියයි ගැන ලියලා බැනුම් අහලා හාවයි ඉබ්බයි ගැන ලිව්වා හොද අහන්න :)

      Delete
  27. මට හිතෙන්නේ මේක ස්ව-නිර්මාණයකට වඩා ස්ව-අත්දැකීමක් ආශ්‍රයෙන් ලියපු කතාවක් වගේ... හි හි.

    ReplyDelete
    Replies
    1. කව්ද මේ ඉබ්බිද? හාවිද? :D

      Delete
  28. දැන් ඔය අර හික්ටි පිංචි හාවානේ. . . . තනි වෙලා යද්දිනෙ ඉබ්බව දැක්කේ. . . . . . . . ඉබ්බනේ අර විලේ හිටියේ වතුර නෑවිලා. . . . . .. . . . .එතකොට මතකද අර අලුත් විලක් හොයන්න, කොක්කු දෙන්නත් එක්ක අහසින් ඉගිලුන, ඉබ්බාගේ කතන්දරේ? එක නොදන්නා කෙනෙක් නැහැනේ. ඒත් ඒ උඩින් යන්න ගිහින් මැරුණ ඉබ්බාගේ මල්ලිගේ කතාව, ඊළඟ මල්ලිගේ කතාව, ඊළඟ මල්ලිගේ කතාව කියන කතා තුන දන්නවද? මා ළඟ තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ...... සමාවෙන්න, ඔය පලමු වෙනි මල්ලිගේ කතාවත් තවත් කතා කීපයකුත් තමයි මම උඩ පෙන්නපු යොමුව ඔස්සේ ගියාම කියවන්න ලැබෙන්නේ.මෙන්ම යොමුව නැවතත්
      ඉබ්බා

      Delete
    2. විචාරක මහතා
      ඒ කතාවේ ලින්කුව දීලා ගියා නම්?

      ජයශ්‍රී මහතා
      ඔන්න ඔයාගේ කතා දෙකම කියෙව්වා

      Delete
  29. හනේ හම්මපා මෙහෙමත් ගෑනු

    ReplyDelete
    Replies
    1. මෙච්චර දහිරිමත් හාවෙක්ගේ කතා පුවතකදී මූ දැක්කේ ගෑනු ගැන තියෙන ටික විතරනේ :D

      Delete
  30. @ ජයශ්‍රී, මම ඔබේ ලින්ක් ඒක දිගේ ගොස් කතා දෙක කියෙව්වා. මාලඟ තියන කතා තුන ඒවා නෙවෙයි. වර්තමානයේ ඒවා.

    @ මඩිස්සලේ නිශාන්, රිප්ලයි ලින්ක් එකෙන් එන්න බැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියනවා. එකයි කමෙන්ට් වලින් එන්නේ. මගේ ළඟ තියන කතා වලට ලින්ක් එකක් දෙන්න බැරි, ඒවා තවම තියෙන්නේ මගේ ඔලුවේ.

    ReplyDelete
    Replies
    1. රිප්ලයි ලින්ක් වලින් එන්න බැරි ඇයි? අනිත් අය එනවනේ?
      ඔලුවේ තියෙන ඒවා ලියලා දැම්මා නම් නරකද අපි‍ට බලන්නත් එක්ක?

      Delete
  31. හහ්... මුලින් හිතන දේ නෙවෙ අවසානෙට නියමයි, ගෑණු නම් ඔහොමමයි ජරා ජාතිය. ජය වෙවා.....

    ReplyDelete
    Replies
    1. ජය වේවා මචෝ
      ඒත් ගෑනු හැමෝම එහෙම නැහැ හොදම උදාහරණේ ඔබේ මව.

      Delete
  32. කතාවෙන් ගන්න තියන වැදගත්ම ආදර්ශෙ තමයි ගෑණු උදවියට ඕන දෙයක් අංජබජල් කරන්න පුළුවන් බව!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔයාට තමා හරියටම මේක තේරුනේ ඒත් අනිත් කාරණේ තමා මොන දේ වුනත් හාවට උරුම ජය හාවටම අත්වුණා.
      ලැබෙන්න තියෙන දේ මොන විදියකින් හරි ලැබෙනවා නොලැබෙන්න තියෙන දේ මොන ජාති දැම්මත් ලැබෙන්නේ නැහැ :(

      Delete
  33. උඹ මේ පාරත් සාර්ථක නෑ... ඕයි හැම තිස්සෙම ගෑණු නිසා අපි පරදිනවා කියන එක ඔප්පු කරන්ඩ එපා බොල. ගෑණු එතකොට තවත් උඩ යනවනේ.... ඔය හාවා දින්නේ පූරුවේ පිනකට. බලපං අත්පය වලට කොච්චර ඩැමේජ්ද කියලා...

    මරු බං... ඇම්ඩාගේ කතා ටිකක් හොයාගෙන සෙකන්ඩ් වර්ශන් ටිකක් දාපංකෝ...

    ReplyDelete
    Replies
    1. ගෑනු නිසා අංජබජල් වුනාට මං හාවව දිනේව්වනේ :(
      හම්මෝ ආයේ වල් කතා ලියද්දි හොදට හිතලා ලියන්න ඕන,:D

      Delete
  34. එල කතා පොඩ්ඩ.........

    ReplyDelete
  35. මඩියා ඕන් මාත් ආවා ඈ... එල කතාව ඈ... ඒ උනාට උඹට ඔයිට වඩා හොඳට ලියන්න පුලුවන්... මම ඒක දන්න්වා... තව මික්ස් කලානන් එල ඈ... ජය හෝ... හූ ඈ

    ReplyDelete
    Replies
    1. ඕ මයි ගෝඩ් උබ බ්ලොග්ස් වලටත් පැන්නද? විනාසයි බ්ලොග් අවකාශෙත් ඉවරයි :D.තැන්ක්ස් මචෝ දිගටම වරෙන් ඈ....

      Delete
  36. රෑන්ඩිගෙ මල්ලි2/24/13, 1:06 PM

    එල හාවෙක්.......

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!