Tuesday, May 08, 2012

51 කතා දෙකක් අපේම ජීවිත වලින්

එක ලස්සන හැඩකාර දගකාර කොල්ලෙක් හිටියලු ඒ වුනාට අතේ පිච්චිය නැහැල්ලු මෙයා යාලුවන්ගේ වාහන ඉල්ලගෙන සල්ලි ඉල්ලගෙන තමයිලු හැමදේම කරන්නේ.මෙයාට හිටියලු උසස්ම පැලැන්තියේ සල්ලි තියෙන ගෑන්ලමයෙක්.මාස ගානක් තමාත් පොහොසත් කෙනෙක් විදියට රගපාල තමා මෙයා අර ගෑන්ලමයට ආදරේ කරලා තියෙන්නේ.ගෑන්ලමයාත් හිතලා තියෙන්නේ මෙය හොද පෝසත් කෙනෙක් කියලා නැත්තන් ඉතින් දුප්පත් එකෙක්ට ලව් කරයි ඈ එච්චර පෝසත් කෙල්ලෙක්.




හැමදාම ලව් කර කර ඉන්න බැහැ තමාට කසාද බදින්න ඕන ඒක නිසා එයාගේ දෙමව්පියන්ව හම්බෙන්න දවසක එන්න කියලා මේ තරුණයාට අර ගෑන්ලමයා කිව්වලු.තරුණයත් කපටි මොලේ පාවිච්චි කරලා හරි හම්බෙන්න එන්නම් කවද්ද එන්න ඕන කියලා ඇහුවලු.


එතකො‍ට ගෑන්ලමයා කිව්වලු එයාගේ දෙම්ව්පියෝනුයි එයයි ජෙට්ලයිනර් එකේ පාටියකට යනවා එදාට එන්න කියලා ජෙට්ලයිනර් එකට යන්න ටිකට් ගන්න 30000ක් ඕනලු.මෙයාට 30000ක් නෙවේ රුපියල් 300ක් හොයාගන්නත් නැහැලු.මොකද දැන් කරන්නේ කියලා හිත හිත හිටියලු.මොකද මෙයාට අනිවාර්යෙන්ම අර ගෑන්ලමයාව බදින්නම ඕන වුනාලු මොකද බැන්දොත් එහෙම සල්ලි ගහක් හම්බුනා වගේනේ.ඉතින් මෙයා බාර් එකක මධුවිත තොල ගගා කල්පනා කර කර ඉද්දි දැක්කලු මිනිස්සු දෙන්නෙක් සල්ලි කුට්ටි දෙකක් ගණන් කරලා වයසක මනුස්සෙක්ට දෙනවා.දීලා මොනවද කතා කරලා ඒ මිනිස්සු දෙන්නා යනවා.ටික වෙලාවකින් අර වයසක මනුස්සයත් ගියාලු.


මේ තරුණයාත් දෙපාරක් හිතන්නේ නැතුව අර වයසක මනුස්සයාගේ පස්සෙන් ෆලෝ කරාලු.වයසක මනුස්සයා ත්‍රී විල් එහෙක නැගලා යනවලු මෙයාත් බයික් එහෙකින් පස්සෙන් ගියාලු.අර මනුස්සයා තී විල් එකෙන් බැහැලා ගේකට ගියාලු මෙයත් බයිසිකලෙන් බැහැලා අර මනුස්සයා පස්සෙන් ගිහින් එක පාරට සල්ලි කුට්ටි දෙක දාගෙන ආපු මල්ල ඇද්දලු
එක පාරට කලබල වුන මනුස්සයා කෑගහලා මෙයත් එක්ක පොර බදින්න පටන් ගත්තලු ඒත් වයසක මනුස්සයට පුලුවන්ද කොල්ලෙක් එක්ක පොර බදින්න?.මෙහෙම දෙන්නා මල්ල දෙපැත්තට අදිද්දී ගෙයි ඇතුලෙන් බොහොම අඩපණ වුනු ලෙඩ පාට කාන්තාවක් ඇවිල්ලා වයසක මනුස්සයත් එක්ක මල්ල අදිනවලු.මේ ගෑනු කෙනත් අඩනවාලු අනේ පුතේ මේ සල්ලි මගේ ජීවිතේ බේරගන්න ඕන අනේ පුතේ ඕක ගෙනියන්න එපා උබට පින් සිද්ද වෙයි කියලා කිව්වලු.


මෙහෙම හිත උණුවෙන ටෝක් එකක් ඇහුණාම කොල්ලගේ හිත උනුවුනාද? නැහැ මෙයා දෙන්නවම තල්ලු කරලා කොහොම හරි මල්ල අරගෙන බයිසිකලේ නැගලා රූන් ගාලා ගියාලු.අර මනුස්සයයි ගෑනු කෙනයි බිම ඉදගෙන අඩනවා.


සල්ලි මල්ල ගත්ත තරුණයා හවස ටිකට් බුක් කරන්න ගියාලු.ජෙට් ලයිනර් එකේ පාටියට ටිකට් බුක් කරන්න එවෙලේ ටිකක් පොලිමලු මොකද ඒ පාටියට සෑහෙන්න සෙනගක් යනවලු.මෙහෙම පෝලිමේ ඉද්දි මේ තරුණයාට අර වයසක මනුස්සයාවයි ගෑනු කෙනාවයි මතක් වුනාලු ඒ ගෑනු කෙනා කියපු දේ ''අනේ පුතේ මේ සල්ලි මගේ ජීවිතේ බේරගන්න ඕන අනේ පුතේ ඕක ගෙනියන්න එපා උබට පින් සිද්ද වෙයි'' වයසක මනුස්සයාගේ දහිරිය,ඇස් වල තිබ්බ බය මේ හැමදෙයක්ම තරුණයාට මැවී මැවී පෙනුනලු.මෙයා එවෙලේම එතනින් පිටත් වෙලා අර ගෑන්ලමයට කෝල් කරලා කිව්වලු තමාගේ ඇත්තම තත්වේ.තමා සල්ලි කාරෙකුත් නෙවේ.වාහනත් නැහැ ජොබ් එකකුත් නැහැ හැමදෙයක්ම කිව්වලු.


ඒක අහපු ගෑන්ලමයත් එවෙලේම තරහා වෙලා ෆෝන් එක කට් කරලා.තරුණයා ගෙදර ඇවිත් සල්ලි ටික අර මල්ලටම දාලා අතේ තිබ්බ සල්ලි පොඩි සල්ලි වගේකුත් දාලා අර ගෑන්ලමයා අරන් දුන්න බර ගානක් වටින අත් ඔරලෝසුවත් මල්ලට දාලා බයික් එකේම අර ගෙදරට ගියාලු.යද්දී ගෙදර දොර වහලා ගෙයි ඇතුලෙන් අඩන සද්දේ ඇහෙනවලු.මෙයා සල්ලි මල්ලත් දොර ගාවින් තියලා දොරට තට්ටු කරලා එතනින් මාරු වුනාලු.


දොර ඇරලා බලද්දී සල්ලි ටික දැකපු වයසක මනුස්සයට ඉහේ මලක් පිපුනලු පුදුමාකාර සතුටකින් ගෙට ගිහින් කාන්තාවටත් කියලා දෙන්න බොහොම සතුටු වෙලා.මේ කාන්තාවගේ දරුවට ශල්‍යකර්මයක් කරන්න 30000ක් ඕන වෙනවලු.හැමතැනම හොයලා හම්බුනේ නැති වුනාම අඩ අඩ ඉද්දි පත්තර කෑල්ලක තිබිලා වකුගඩුවක් හොයන කෙනෙක් ගැන ඒකෙ තිබ්බලු අවශ්‍ය නම් ඉල්ලන ගානක් දෙන්නත් පුළුවන් කියලා.ඉල්ලලා තියෙන ලේ වර්ගේ මෙයාට සමාන නිසා මෙයා කතා කරලා


වකුගඩුව වෙනුවෙන් ඉල්ලන ගාන දෙන්න කැමති වුන කට්ටිය වකුගඩුව ලබාගත්තට පස්සේ සතියකින් දෙන්නම් කිව්වලු.සතියකට පස්සේ තමා මෙම කාන්තාව තමාගේ පියාව යවලා තියෙන්නේ සල්ලි අරන් එන්න.ඒ සල්ලි අරන් එන්න ගිය වෙලේ තමා අර තරුණයා මෙයාව දැකලා තියෙන්නේ.තමාගේ පුතාව බේරගන්න වකුගඩුවකුත් විකුනලා හම්බුන සල්ලි එදාම මංකොල්ලා කෑවොත් අපිට වුනත් මොනා හිතෙයි ද?

51 comments:

  1. සිරා කතාව මචං !!

    ReplyDelete
    Replies
    1. මොකෝ බං ඩි ඇක්ටිව් කරේ අරක?.

      Delete
  2. පිස්සු නොවැටී තිබ්බොත් ඇති :((

    ReplyDelete
    Replies
    1. නැත්තන් කොහොම අවුලක් යන්න ඇද්ද ඒ ගෑනු කෙනාට.

      Delete
  3. මේ කතාවනම් මාරම විදිහට දැනුනා.. කොල්ලගේ හිත වෙනස් නොවුනනම් අර වයසක මනුස්සයට මොනවා හිතේවිද?

    ReplyDelete
    Replies
    1. මොන තරම් දරදඩු කෙනෙක් වුනත් මනුස්සකම ගෑවිලා තියෙනවා සහෝ.

      Delete
  4. හනේ අම්මෝ හිතාගන්නවත් බෑ.......

    ReplyDelete
  5. තමන්ට වුනොත් තමයි හුඟ දෙනෙකුට අමාරුව තේරෙන්නෙ. ඇයි නිශාන් මේක 'ලු" ප්‍රත්‍යයෙන් දාලා තියෙන්නෙ? ගොතපු කතාවක්ද? අහපු කතාවක්ද?
    කොහොම හරි කතාව අවසාන වෙච්ච හැටි නම් හොඳයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තම කතාවක්ලු.මේකට සම්බන්ද වුන චරිත ගැනත් මං ටිකක් දන්නවලු.අවසානේ නම් හොදයි තමා.කියන්න කැමතියි මේක ඇත්ත කතාවක් කියලා.

      Delete
  6. සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක් ඔබා මාමා

      Delete
  7. මගෙ අප්පේ.. ඇත්ත කතාවක්මද ?

    හොරා වුනත් මනුස්සකම.. ආදරේ නිසා කරන දේවල්

    අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. යා ඇත්ත කතාවක් බං
      අනිවා ආදරේ නිසා මිනිස්සු නොකරන දේකුත් නැහැ හැබැයි මෙයා නම් සල්ලි වෙනුවෙන් තමා මේක කරේ.ඒත් හිත පතුලේ සැගවිලා තිබ්බ මනුස්සකම එලියට ආව නිසා තමා අවසානේ සුබ වුනේ.

      Delete
  8. uba ahala natida machn kimb..k hinda gembek wenna epa kiyala katwak...koi wade karanna giyath jangiyak kohen hari gawenawa iyooo sallli

    ReplyDelete
    Replies
    1. ජංගියක් හේතුවක් වෙන්නෙත් පිරිමියෙක් නිසා

      Delete
  9. Replies
    1. බොහොම ස්තුතියි ලිපියේ අඩුපාඩු නම් එමට ඇති හදිස්සියේ ලිව්ව නිසයි ඒ.ගණන් ගන්න එපා

      Delete
  10. එල කතාවක්නෙ බන්.. මේක කටකතාවක්ද ?

    ReplyDelete
    Replies
    1. කටකතාවක්? :) අයියෝ බන්

      Delete
  11. ඇත්ත කථාවක්ද බං ??

    ReplyDelete
    Replies
    1. ඕව් සහෝ ඇත්ත කතාවක්!

      Delete
  12. මිනිස්සු කොච්චර බොරු කෙරුවත් වැරදි කෙරුවත් ඒ දේවල් හිතට වද දෙද්දී පසු තැවෙනවා ගොඩක්..ගොඩක් අය පසු තැවී තැවී වැරදි කරන කාලෙක මේ පිරිමි ළමයා ලොකු ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එල කොල්ලා නේද?

      Delete
  13. සුපිරි බං...

    ReplyDelete
  14. ඕනම පජාති වැඩ කරන එකෙගෙ උනත් හොඳ ගතිගුණ තියනවා

    ReplyDelete
    Replies
    1. හොදම උදාහරනේ මී ගොඩයා ලුනේ :)

      Delete
  15. මං දාන්න ඕන කමෙන්ට් එක ඇනෝකාරයා දාලනෙ

    ReplyDelete
    Replies
    1. උබලට මතක් වෙන්නෙම ඉතින් ජන්ගිනේ :)

      Delete
  16. නියම බ්ලොග් එකක් බ්ලොග් එකකට වඩා දෙයක් මේකේ තියෙනවා කියලා මට හිතෙනවා ලියලා තියෙන බ්ලොග් පෝස්ට් බැලුවහම...එල ජයවේවා..මම නම් ඉතින් ඔයවගේ ලස්සන එව්වා ලියන්නේ නෑ...මෙන්න මගේ එක www.demobizone.tk ...එකතුවෙලා පොඩි සහයක් ලබා දෙන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා හැම ලිපියකින්ම පොඩි දෙයක් දෙනවා බන් ඒත් කාටවත් ඒවා තේරෙන්නේ නැහැ :)
      පුළුවන් විදියට ලියපන් මචන් ඒවා නිකන්ම ලස්සන වෙයි
      අනිවා ඒ පැත්තේ එනවා.අපි බ්ලොග් කරුවන්ට අත දෙනවා මචන්

      Delete
    2. තැන්කූ කොමෙන්ටුවට

      Delete
  17. සුපිරියටම ලියලා තිබේ එල .

    ReplyDelete
    Replies
    1. ලිවිල්ල නම් එච්චර හරි නැහැ බන්,මං මේක හදිස්සියේ ලිව්වේ හදනවා නම් අඩුපාඩු තියෙනවා

      Delete
  18. හ්ම්ම්ම්.....හරිම සංවේදී කතාවක්.....මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා.....

    ReplyDelete
  19. හරිම ආදර්ශමත් කතාවක්..ඒ ලමය ආයෙමත් කෙල්ලන්ව රවට්ටන්න යන එකක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආයේ එහෙම කරන එකක් නම් නැහැ තමා

      Delete
  20. මරු... හිතන්න ගොඩක් දේවල් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට ගෝල්ඩ් ෆිෂ්

      Delete
  21. Replies
    1. සංවේදී අයට ගොඩක් සංවේදීව තමා මේ වගේ දේවල් දැනෙන්නේ..ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  22. හොඳ වෙලාවට ආයෙත් සල්ලි ටික ලැබුණේ.. නැති උනා නම්..
    පිස්සු හැදෙයි!!

    ReplyDelete
  23. නයින්ටි නයින් තෞසන්ඩ් නයින්ටි නයින් හන්ද්රඩ් නයින්ටි නයින් රුපීස් ඔන්ලි නේද නිශා? :D ලොල් ඈ මාරු ඉස්ටෝරිය

    අලුගෝසුවා

    ReplyDelete
    Replies
    1. \\නයින්ටි නයින් තෞසන්ඩ් නයින්ටි නයින් හන්ද්රඩ් නයින්ටි නයින් රුපීස්//
      උබ කිව්වේ මේ අනුනවදහාස් නවසිය අනු නවයයි කියලා නේද?හෑ එච්චර ගියේ නැහැ බන් එයිටීන් තව්සන්ඩ් ෆයිව් හන්ද්රඩ් වගේ ගියේ :P

      Delete
  24. නියමයි මචං

    ReplyDelete
  25. දුක හිතෙන නමුත් ඉතාමත්ම ආදර්ශමත් කතාවක්. මේ කතාව කියෙව්වට පස්සේ ඔයාගේ බ්ලොග් එක මම ආසකම කරන බ්ලොග් ගණයට දාගත්ත. දිගටම ලියන්න ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහත්තයෝ දිගටම මේ පැත්තේ එන්න

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!