Monday, May 21, 2012

52 මටත් ඉන්නවා දැන්!

මටත් දැන් රත්තරන් පාඨකයන් 100 ක් විතර ඉන්නවා ලිපියක් පළ වුනාම ඒකට අනිවාර්යෙන්ම කොමන්ට් 20ත්,30ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර කොමන්ට් නොලැබුනත් බුකියෙනුත් අනිවාර්යෙන්ම එක ලිපියකට හිට්ස් 20ක් විතර ලැබෙනවා.කොහොමත් එක ලිපියකට නම් මගේ දුප්පත් බ්ලොගේට හිට්ස් 150ත් 200ත් අතර ලැබෙනවා.
ඉතින් ලැබෙන කොමන්ට් අනුව පාඨකයෝ 100ක් විතර ඉන්නවා.ඉතින් සතුටුයිනේ
ඒත් අද කියන්න ඕන ඒක නෙවේ මේ සදහා නොමඳ සහයක් ලබාදෙන බුකියෙන් සෙට් වුන කෙනෙක් ගැන දෙයක්.එයා ඉන්නේ බ්‍රසිලේ කාගේ හරි ස්ටේට් එහෙක එයා දාලා තිබුණ කොමන්ට් එක අනුව මං රිප්ලයි කරලා අන්තිමට එයා මා එක්ක ගොඩාක් යාලු වුනා.එයා කාන්තා පාර්ශ්වයේ කෙනෙක්.ලැබෙන මොන දේ වුනත් මගේ වෝල් එකට ශෙයා කරන්න අමතක කරන්නේ නැති මෙයා මට විශේෂයි මොකද මට වෙන රටක  යාළුවො කව්රුවත් නැහැනේ.
මෙයා හරිම ෆුල් ජෝලියේ ඉන්න කෙනෙක් හැටියට තමා මං දකින්නේ.මට හරියට ඉංග්‍රීසි බැරි වුනත් මං කියන ඒවා එයා තේරුම් ගන්නවා,එයා කියන සමහර ඉංග්‍රීසිත් මට නොතේරුනාට මං ට්‍රයි කරලා තේරුම් ගන්නවා.සමහර වෙලාවට එයා අහන දේවල් වලට උත්තර දෙන්න ඉංග්‍රීසි වචන මං දන්නේ නැති වුනාම ඒවා මං සිංහලෙන්ම ටයිප් කරලා යවනවා ඒ වෙලාවට එයා හිනා මූණු දාලා එයාගේ භාෂාවෙන් මටත් එවනවා.ඒත් මගේ වෙලාවට ක්‍රෝම් එකේ ඒ භාෂාව ට්‍රාන්ස්ලේට් වෙනවා.ඔයාලගෙත් වෙනවද දන්නේ නැහැ නැත්තම් මොකක් හරි ඇඩෝන් එකක්ද දන්නෙත් නැහැ.



එකේ පිහිටෙන් එයා කියන ඒවා ට්‍රාන්ස්ලේට් කරගෙන මං ඒවාට දන්නා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා,ඉතින් එයා හිතන්නේ මං බ්‍රසීල භාෂාව දන්නවා කියලා.මං කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ.එයා මගෙන් අහනවා වෙලාවකට මං සිංහලෙන් ගහලා යවන ඒවා වලට මේ රවුම් අකුරු නම් හරි ලස්සනයි ඒවා ඉන්දියාවට සම්බන්දද කියලා?.

මං පුළුවන් විදියට එයාට තේරුම් කරා.එයත් අනිත් අයට වඩා මාව හුගක් තේරුම් ගත්ත කෙනෙක්.එයා බ්‍රසීලේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරියක්.එයාගේ ප්‍රියතම චරිතේ චේ ගුවේරා! චේ ගුවේරා ගැන බ්‍රසීලේ මිනිස්සු මාර උනන්දුයි.චේ වෙනුවෙන් හදපු සිංදු යු ටියුබ් වීඩියෝ මගේ වෝල් එකට අනිවා ශෙයා කරනවා.

මං වැඩිය දේශපාලන ඒවා ගැන ලියන්නේ නැහැ.එක පාරක් බන්ධුල සර්ට පිළිතුරු දෙන්න ගිහින් මාව සුදු වෑන් වලින් උස්සනවා කියලා තර්ජන ආවා.ඒත් දැන් මං බය නැහැ.මට දේශපාලනේ ගැන ලියලා සුදු වෑන් ස්ටාට් වෙද්දීම බ්‍රසීලේට පැනගන්න පුළුවන් සුදු වෑන් එහෙට ඔට්ටු නැහැ හරිය?.ඉල්ලන පරක්කුවට බ්‍රසීලේට යන්න ටිකට් එක එවනවා කියලා මට ෂුවර්,එයා එක දවසක් කිව්වා එයාට මාව හම්බවෙන්න ආසයි කියලා.මං කිව්වා මට නම් දැන්ම බ්‍රසීලේට එන්න බැහැ කියලා,එයා කිව්වා කමක් නැහැ එයා ලංකාවට ආපු දවසක මාව හම්බෙන්නම් කියලා.එයාට මං අපේ ගෙදර ලෑන්ඩ් නම්බරේ දුන්නා කෝඩ් එකත් එක්කම.එයා ලංකාවට එන්න හදද්දී මට කෝල් කරයි.

අපි බුකියට ගියාම හෝම් පේජය තුල ගොඩාක් දකින්නේ සිංහල ස්ටේට්,සිංහල වදන් ඇතුලත් පින්තූර වගේ ඒවානේ.එයාලගේ ග්රූප් එහෙකට මාව ඇඩ් කරලා තිබ්බා,ඒක වෙනම ලෝකයක් වගේ.අර නොතේරෙන භාෂාවන් වදන්,රූප එව්වා මෙව්වා මාර විදියට,එයා ඊයේ පෙරේදා එයාගේ මිනිබිරියට මාව සජෙස්ට් කරලා දැන් ඒ මිණිබිරියත් මා එක්ක හෙන ෆිට්.තව තව එයාගේ යාලුවන්ට මාව සජෙස්ට් කරනවා මේ දවස් වල.මට දැන් බ්‍රසීලේ අම්බානක යාළුවො ඉන්නවා.


මෙච්චර කියපු එයාගේ නම කිව්වේ නැහැනේ එයාගේ නම තමා ක්‍රිස්ටිනා මැටුවාක්‌
එයාගේ වයස අවුරුදු 60යි
ලංකාවේ විසි අටේ තිහේ අක්කලා වගේ නෙවේ මෙයා ඊටත් වඩා ෆුල් ජොලියේ ඉන්නේ.එයා දවසක් මට කිව්වා බ්‍රසීලයන් සම්පූර්ණයෙන්ම පිස්සෝ ගණන් ගන්න එපා කියලා,(brazzilian are totaly crazy!)
එයාට මගේ ඉංග්‍රීසි නොතේරුණත් මට එයාගේ ඉංග්‍රීසි නොතේරුණත් අපි හොද යාළුවො.මනුෂ්‍ය කමේ නාමයට මිතුරුකම නමිනුත් අර්ථ දක්වන්න පුළුවන් ඒ අතින් ක්‍රිස්ටිනා උපරිම හොද යාළුවෙක්.ඒ වගේම මගේ ආදරණීය බ්ලොග් සහෘදයන් ටිකටයි මං ලියනක් බලන් ඉදලා මේ පැත්තේ එන බුකියේ මිතුරන්ටයි මාගේ අනෙකුත් පාඨකයන්ටයි බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.තෑන්ක්ස් ආහ් මේ පැත්තේ දිගටම ආවට කට්ටියටම මීට‍ පස්සෙත් එන්න හරිද.

52 comments:

  1. ඔයිට සමාන තේරුමක් තියන ඉංග්‍රිසි සින්දුවකුත් කාලෙකට කලිං මතක තිබ්බ! එ්කෙ හැටියට කොල්ල කෙල්ල එකිනෙකාගෙ භාෂාවල් දන්නෑ. නමුත් අාදරෙන් ඉන්නවා! :)

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ එයාලට එහෙම ඉන්න පුලුවන්නං යාලුවො වන ඔයාලට කොහොමටවත් ගැටලුවක් වෙන්න බෑ!

      Delete
    2. මචෝ මේ ආච්චි කෙනෙක් බන්,යාළුකමක් විතරයි ඈ :D

      Delete
  2. හයියෝ......පිස්සු අයිය........:)

    ReplyDelete
    Replies
    1. යා නංගි මට මේ දවස් වල පිස්සු තමා :)

      Delete
  3. භාෂා දෙකක් වුනත් දෙදෙනෙක්ට උවමානාවක් තියෙනවනම් අමාරුවෙන් තේරුම් ගන්න පුළුවන් යාළුකමකට වයසක් නෑනෙ යාළුවේ..එයා ඔයාව බලන්න ආවොත් ඔන්න ඒකත් බ්ලොග් යාළුවන්ට කියන්න අමතක කරන්න එපා ...

    ReplyDelete
    Replies
    1. අනිවා කියනවා ඒත් එයා දැන්ම එන එකක් නැහැ මං හිතන්නේ.

      Delete
  4. අඩේ මටත් බ්‍රසිලෙන් කෑල්ලක් හොයල දියන්කෝ :D .hide .

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවා ක්‍රිස්ටිනා හොද නැද්ද?.

      Delete
  5. පිටරට යාලුවො නැත්තෙ මොකෝ ඇයි මේ අපි??.

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ බුකියේ සහෝදරි.බ්ලොගියේ නම් ඔයා මගේ යාලුවෙක් තමා.ඇයි ඔබා මාමා?

      Delete
  6. වජිරදේවි අදමයි මේ පැත්තේ ආවේ.. අන්තර්ජාතික මිත්‍ර සම්බන්ධතා හරි අපූරුයි.. දූපතක ඉන්න අපිට ඒවා හරියට වටිනවා.. වජිරදේවිට නම් එහෙටයි මෙහෙටයි පාවෙන සංචාරක ජීවිතයක් තියෙන නිසා කොයි මහාද්වීපෙත් යාලුවෝ ඉන්නවා.. අපූරු බ්ලොග් එකක් බව පේනවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා වජිරදේව් ව ශා මරු ජීවිතයක්නේ ඔබට තියෙන්නේ.මාත් හරි ආසයි ඒ වගේ ජීවිතෙකටබොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  7. කිරි අප්පොච්චියේ.... අද කාලේ වෙන දේවල්...

    කොහොම උනත් සතුටුයි ඈ.. වැඩේ ගොඩ දාගත්තොත්.. අර මිණිපිරී ගැන සලකා බලතහැකි ඕං.. එතකොට නිශාන්තය මට වෙන්නේ සීය.. මරු අප්පා..
    මං දැම්මම උබට සීයේ කියල කතා කොරන්නද සීයේ

    ReplyDelete
    Replies
    1. මී හරක් ගොඩයා කියන්නේ ඒකට තමා :D
      බොල මාත් මිනිපිරිට ඇහැ දානවා ඒත් එයාට තාම වයස 12යි බන්

      Delete
  8. මමත් බුකියේ ලියන ඒවා දැක්කම ඉතාලි අය අහන්නේ උඹ මොනවද කොටු කොටු අකුරින් ලියන්නේ කියලා.. :)

    ReplyDelete
    Replies
    1. හෑ? ඒත් සහෝ මෙයාට නම් වින්ඩෝස් සෙවන් වල යුනිකෝඩ් තියෙන නිසා ද දන්නේ නැහැ සිංහල අකුරු රවුම්ව පේනවා.

      Delete
  9. අපූරු යහළුකමක් මල්ලී....බොහෝ සීමාවන් ජය ගත්ත...(භාෂා, ජාති,වයස්,දේශ සීමා)

    ReplyDelete
  10. හැට පහත් වයසක්ද නංගී කිව්වලු. (විහිලුවට ඈ. මම දන්නවා මේක මොනවගේ යාලුකමක්ද කියලා)
    බ්‍රසීල බාසාව කියන්නෙ පෝචුගීස් (පෘතුගීසි.) නිශාන්. ඇත්තෙන්ම උම දැනටමත් පෘතුගීසි වචන හුඟාක් දන්නවා ඩිෆෝල්ට්. ඒ මොකද අපේ භාෂාවට පෘතුගීසි වචන හුඟාක් කාන්දු වෙලා තියෙන හන්දා. ඉස්කෝල ක්යන වචනෙත් පෘතුගීසි. ඔන්නම් ක්‍රිස්ටිගෙන් අහලා බලාපං. escola කියලා ගහලා.

    අනිල ගූගල් වලින් English වලින් Portuguese වලට සිලෙච්ට් කරොත් ඔය වැඩේ ලේසියි.

    අර වින්චැට් කිරිල්ලි කිව්ව වගෙ මේ අපිත් ඉන්නෙ ලංකාවෙ නෙවෙයිනෙ.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සර් ඒකනම් මං දැනගත්තේ අද.ඔව් සමහර ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැති වචන මං ගූගල් එකෙන් තමා ට්‍රාන්ස්ලේට් කරගන්නේ :).

      ඔව් ඔව් ඒත් මං කිව්වේ බුකියෙන් වෙන රටක යාළුවො නැහැ කියලා :)

      Delete
  11. අඩේ සිරාවටම මම හිතුවෙ උඹ බ්‍රසීල් කෙල්ලෙක්ව දැලේ දාගන කියලා.. උඹෙයි ක්‍රිස්ටිනා ආච්චිගෙයි මිතුරු කමට සුබ පතමි !

    උඹ අර දාලා තියෙන පින්තූරෙනම් ඉන්නෙ කොල්ලෙක් වගේ මට පේන්නෙ.

    දැන් බලාගන ගියාම හැටේ ආච්චිලත් ෆේස් බුක් එක්ක වැඩ..ඈ..

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට තෑන්ක්ස් ආ :D
      පින්තූරේ කොයි එකද?

      හැටේ ආච්චිලා විතරක් නෙවේ බන් ඊට වඩා නාකි සීයලා ආච්චිලා එෆ්.බි එනවා.
      උබත් එන්නේ..

      Delete
    2. අඩේ මම එච්චර නාකිද දැන්.. ශිඃ දන්නෙම නෑ වයසට ගිහින්..

      Delete
    3. :D ජෝක් මචං
      මං උබේ වයසවත් දන්නේ නැහැ ගණන් ගන්න එපා ඈ

      Delete
  12. මාත් මේ පැත්තේ ආවා..යාළුකම කියන්නේ හුගක් අපුරු වටිනා දෙයක්නේ..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට
      අනිවා යාළුකම ගැන කියන්න දෙයක් නැහැ.

      Delete
  13. අලේ එයා අපිට උදව් කරන එකක් නැද්ද මචං.. ;)


    ජයෙන් ජය පතමි.. (වෙනදට වඩා හයියෙන්)

    ReplyDelete
    Replies
    1. අපිට මොනවද බන් එයාගෙන් ඕන උදව්?

      ජය පැතිල්ලට තෑන්ක්ස් ආහ් :)

      Delete
  14. “මටත් ඉන්නව“ කිව්වම මම හිතුවෙ වෙන එකක් බං ....
    ඉස්සර නම් හිටියෙ පෑනෙ මිතුරො. තාක්‍ෂණයෙ දියුණුව තමයි ඉතිං.
    ඔයාගෙ අළුත් යාළුකමට මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. මටත් ඉන්නවා කිව්වම හිතුනේ මොකක්ද? :)
      ඔව් සහෝ දැන් තාක්‍ෂනේ දියුණුව නිසා පරණ ක්‍රම මතකත් නැහැ

      Delete
  15. රට රටවල යන්න කලින් ගෙවල් ලග ඉන්න එකා හම්බ වෙයන්කො ඉස්සෙල්ලා.

    ReplyDelete
    Replies
    1. :D අනිවා අනිවා කෝ ඉතින් ඉන්න තැනක් දැනගන්නේ කොහොමද?

      Delete
  16. 100ට සුභපැතුම්. උඹ කියපං පිස්සො බලන්න ලංකාවට එන්න කියල.

    ReplyDelete
    Replies
    1. :) ලංකාවේ ඉන්නේ ටෝටලි පිස්සොද?

      Delete
    2. ලංකාවේ සමහර උන්ට පිස්සු ++

      Delete
  17. මට පෙනෙන්නේ නිශාන් බ්‍රසිලේට පනින්න වගේ හදන්නේ..ඔහොම යන්....

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ බන් මං දැන්ම යන්නේ නැහැ :)

      Delete
  18. 100 සුභ පැතුම්. අනේ එහෙම යාලුවො අපිටත් සෙට් වෙනවානම්...

    ReplyDelete
    Replies
    1. :) ඉතින් අක්කා පොඩි ට්‍රයි එකක් දීලා බලන්නකෝ

      Delete
  19. බ්‍රසීලෙ නේද ? දැන් කවද විතරද යන්නෙ . ගිහින් මොනවැයි කරන්නෙ ? පිස්සොන්ට එකතුවෙනවැයි ?

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු ගානකින් පස්සේ තමා යන්න හිතන් ඉන්නේ.ගිහින් එහෙ පිස්සෝ එක්ක පිස්සු කෙලිනවා එකෙන්ම :D

      Delete
  20. යාලුකමේ වටිනාකම වචනෙකින් කියලා නිම කරන්න බැරි දෙයක්නේ.ඉතින් එහෙම යාලුකමකට වයස් බේදනම් මොකටද....

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව ඈ :) සැටිෆිකෙට් ඇත්ත

      Delete
  21. මමත් බ්ලොග් ලියන එකෙන් ජීවිතේට කාටවත් හොයා ගන්න බැරි යාළුවො ටිකක් හම්බකර ගත්ත. ඒ ගැන තියෙන්නේ පුදුම සන්තෝසයක්

    ReplyDelete
  22. හිට්ස් එන එක නම් ඇත්තටම ලියන්න දිරිය දෙන දේවල්, ආස හිතෙනවා මේ තරම් දෙනා අපි ලියන එක බලනවනේ කියල හිතද්දී. සුභපැතුම්... තවම බ්ලොගේ ඉඩ ලැබෙන විදියට මම නම් කියවනවා. යාලුවා ගැනත් සන්තෝසයි. මගෙත් ඉන්නවා නොදුටු හොඳ යාලුවෙක්. වියට්නාම් ජාතිකයෙක්. ඒත් මට අන්තර් ජාලේ ගේම් ගහන්න ගිහින් හම්බ වුනු දැනට වසර 4 ක් පුරා ඉන්න යාලුවෙක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හිතට ලොකු සතුටක් දැනෙනවා එහෙම නැහැ කිව්වොත් ඒක ලොකු බොරුවක්,ඇත්තටම වෙනත් රටවල් වල මිතුරන් ඉන්න එකත් සතුටක් නේද?.

      Delete
  23. මටත් ඉන්නව ගොඩක් හොද කොරියන් යාලුවො සෙට් එකක්ම... www.interpals.netමේකට යන්නකො ෆේස් බුක් වගේ නෙවෙයි ගොඩක් හොද වෙන වෙන රටවල් වල යාලුවෝ ගොඩක් හම්බෙයි ගියොත් අනිවා ඩිමල්වීටත් රික්වෙස්ට් පාරක් දාන්න

    ReplyDelete
    Replies
    1. අනේ සොරි නංගෝ මට නම් දැන් බුකියත් එපා වෙලා තියෙන්නේ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!