ටිකක් ලොකු වෙන්න වෙන්න ගෙදරට කව්රු හරි ආවම පිටිපස්සෙන් දුවගෙන දුවගෙන ගිහින් කොටනවා.ඒ දවස් වල අපේ ගෙදරට මිනිස්සු එන්නේ තාරාවෝ කූඩු කරලද අහලා.වෙන මිනිස්සු බය බල්ලන්ට වුනාට අපේ ගෙදරට එන අය බය වුනේ තාරාවන්ට.කළු එකා විතරක් කෙටුවට අනිත් තුන්දෙනාටත් මිනිස්සු බයයි.
පාත්ත ජෝඩුව මේ වගේමයි! |
දවසක් අපේ ගෙවල් පැත්තේ සීයා කෙනෙක් මැරුණා මාත් පොඩි එකා වුනාට මළගෙදර නයිටක් ගහලා කැරම්,ඕමි සෙල්ලම් කරලා ගෙදර එද්දී පාන්දර තුනට විතර ඇති.මං එද්දිත් මළගෙදර තව ලොකු උන් කට්ටියක් හිටියා උන් ලාවට වගේ බීලා හිටියේ.කොහොම හරි මං ගෙදර ඇවිත් නිදාගත්තා එදා ඉස්කෝලේ ගියෙත් නැහැ පාන්දර තුනට නිදාගෙනත් මං හත වෙද්දී නැගිට්ටා.
එදා නම් අම්මත් නිදි මොකද අම්මත් මළගෙදර ගිහින් ගෑනුත් එක්ක කෝප්ප හෝදලා රෑ වෙලා ගෙදර ආවේ.වෙනදට අපි නැගිට්ට ගමන් කරන්නේ ගිහිල්ලා තාර කූඩුව ඇරලා උන්ව එලියට දාන එක.එදත් මං නැගිටලා ගිහින් තාර කූඩුව අරින්න යද්දී දොර බාගෙට ඇරලා ඇතුලේ ඉන්නේ මං ආස කරපු තාරා පිරිමි සතායි පාත්ත ගෑනු සතායි දෙන්නගෙම අනිත් දෙන්නා නැහැ.බොහොම කලාතුරකින් මුන් කූඩුවෙන් පනින වෙලාවල් තිබ්බා.ඉතින් මං මුන් දෙන්න පැනලා ඇතියි කියලා හිතලා වත්ත පුරාම හෙව්වා ඒත් උන් දෙන්න නැහැ.මං ටක් ගාලා අම්මව කූද්දලා සිද්දිය කිව්වා.
අම්මත් නැගිටලා හෙව්වා මුන්ව අන්තිමේදී හොයාගන්න නැහැ.අපේ අම්මට අර පර විඥානය ද මොකක්ද එක හොදට තිබ්බා ඉස්සර ඉදන්ම ඒක නිසාද මන්දා අම්මට මොකක් හරි වුනොත් ඉස්සෙල්ලම සැක කරන එකා ටක්කෙටම හරියනවා බොහෝ වෙලාවට එදත් අම්මා කිව්වා සුවර් එකටම එදා මළගෙදර හිටපු උන්ගෙන් එකෙක්ගේ නමක්.ඌ තමා මුන් දෙන්නව උස්සන්න ඇත්තේ කියලා.ඊට පස්සේ අම්මා ගිහින් මුන්ව හොයන්න ඒ සැක කරපු එකාගේ ගෙවල් පැත්තේ.කිසිම සාක්ෂියක් නැති නිසාත් අන්තිමේදී අම්මා නිකන් විස්සෝප වුනා වුනා ළමයි වගේ හදපු සත්තුගෙන් දෙන්නෙක්ට වෙච්ච දේ ගැන.ඊට දවස් දෙහෙකට විතර පස්සේ මං මොකක් හරි එහෙකට අර කිව්ව එකාගේ ගෙදරට ගියා එදා මං දැක්කා උන්ගේ වත්තේ තැනක පිහාටු දෙක තුනක් තියෙනවා සුදු පාට.මට හරියටම සුවර් නැහැ ඒ අපේ තාරාවන්ගේ පිහාටු කියලා ඒත් මගේ හිතටත් හොදටම දැනුනා එදා මළ ගේ දවසෙත් ලාවට බීලා හිටපු මුන් ටික අපේ අහිංසක සත්තු දෙන්නව බයිට් එකට ගන්න ඇති කියලා.
බයිට |
කළු තාරාව මේ වගේමයි |
අඩේ මාරයිනෙ බන්.. එහෙම තාරාවොයි, පාත්තොයොයි එක වහලක් යටට වෙනවද ?
ReplyDeleteපවු වැඩේ බන් අනිත් දෙන්නා.. මහ අසමජ්ජාති මිනිස්සු..
පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔව්
Deleteදෙවෙනි එකට උත්තරේ උන්ට නම් හෙන ගහලත් මදි මචන්
ලස්සනට පන පිටින් ඉන්න අහිංසක සත්තු, ඇවිදින මස් ගොඩක් වගේ පේන සම-හරක් උන්දැල ගැන නම් කතාකරල වැඩක් නෑ...
ReplyDeleteසත්තු ඇති කරන්න මගේ නම් කැමැත්තක් නෑ.. උනුත් ඉන්න තැනක අපි වගේ නිදහසේ සිටිය යුතුයි කියලයි මම නම් හිතන්නෙ. ඔයා සත්තුන්ගෙ චර්යා නිරීක්‍ෂණය කරන්න හරි දක්‍ෂයි වගේ.
උන්ට නිදහසේ ඉන්න දුන්නොත් නම් දවසකට වඩා ඉන්න එකක් නැහැ සහෝ අපේම මිනිස්සු නිසා. :)
Deleteදුක තමා රංජනි බන්..:(
ReplyDeleteදුක තමා රංජනි බන්..:(
ReplyDeleteඅඩේ නයන උබත් දැන් මේ පැත්තේ එනවද?
Deleteසතුටුයි මචෝ!
අනේ පවු....
ReplyDeleteපෝස්ට් එකේ title එක දැක්කාම මාව කැරකිලා ගියා වගේ හි හි...
හිහි මේ ඉන්නේ තව තාරා කෙනෙක්
Deleteමරු ඕයි මාත් තාරාවො හැදුවා,,, උන් දෙන්න ලොකු උනාට පස්සෙ මම උදේ ඉස්කෝලෙ යද්දි මගෙ පස්සෙන් බස් එක ලගට එනවා.. හවසටත් බස් එක ලඟට ඇවිත් ඉන්නවා... හෙන සිරා .. පිරිමි සතා උබ කියපු හැඩ රුවමයි ගෑනු සතා සුදුයි..
ReplyDeleteකොහේ හිටියත් කලු කියල දෙපාර කතාකරද්දි පිරිමි සතා දුවගෙන එනවා.. මාර සිරා තඩි පස්ස වන වන පිහාටු ගගහ දුවගෙන එන්නෙ..... ගෑනු සතානම් එන්නෙ නෑ ,,, ඒකිගෙ හෙන ගැට්ට
ගෑනුන්ගේ කොහොමත් ගණන්නේ බන් ගණන් ගන්න එපා.පිරිමි එවුන් එල නේද?.
Deleteඅපේ මාමලගෙ ගෙදර උන්න තාරාවොයි පාත්තයොයි දෙගොල්ලොම...කිකිලියන්ට දීලා තමා එයාලත් තාර බිත්තර රක්කන්නෙ..ඒ කාලෙ චූටි තාරපැටව් ගොඩාක් උන්න කහම කහ පාටයි..වත්ත පහල තිබ්බ පොකුනට එක්කගෙන යනව අපි එයාලව..පීපී..පීපී..පීපී කිය කිය අපි යනකොට එයාල පස්සෙන් එනවා....පාත්තයො නම් මහ වස ජාතිය එලව එලව කොටනවා...
ReplyDeleteඉතින් මොකෝ උනේ..? අර නැති උන දෙන්න ගැන ආරංචියක් හමු උනේ නැද්ද?
පැටව් කාලේ කහ පාටයි තමා උන් ලොකු වෙද්දී සුදු පාට වෙනවා.නැහැ නැතිවෙච්ච උන් දෙන්නා අරුන්ගේ බඩට යන්න ඇති සහෝදරි.
Deleteඅනිත් දෙන්න ගැන දුකයි මලයා.. එහෙම මිනිස්සුත් අපි අතරේ ඉන්නවනේ..
ReplyDeleteඇත්තටම මටත් දුකයි අයියා :(
Deleteඒ මටත් තාරාවො හදන්න හිතුනා බං... ඉදහන්කෝ මාත් ගන්නවා තාරා ජෝඩුවක් :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හදපන් හදපන් හැබැයි හොදට බලපන් උන්ට හරියට වතුර ඕන.
Deleteරාජ සම්පත් කොහෙන්ද බන් අපිට ඒවා ඔක්කොම හාරලානේ :)
එක බිත්තරයක්වත් රක්කන් නැතූව උඹ පෙරේතකමට ඔක්කොම. තම්බගෙන කැවානේ.
ReplyDeleteඅනේ නැහැ සහෝ තාර බිත්තර පොඩි අයගේ පපුවට හොදයි කියලා ඉස්සර ගැහැනු අය එනවා බිත්තර ගෙනියන්න.අපේ අම්මා අහල පහල උන්ට නම් නිකනුත් දීලා තියෙනවා.උන් කුකුල්ලු වගේ දවස ගානේ බිත්තර දන්නේ නැහැ.
Deleteපව් අප්පා මිනිස්සුන්ගේ අසමජ්ජතිකම් තමා ඉතින්
ReplyDeleteඋබලා වගේ අලුගෝසුවෝ තමා ඉතින් :D
Deleteඅනේ පව් අහින්සක සත්තු...තනිවුන දෙන්නගෙ කතාව් හරිම පුදුමයි....
ReplyDeleteඅනුන් කාලයක් ආදරයෙන් හදන සත්තු, තමන්ගෙ ආහාරය කියලා හිතන ජාතියේ සමහරු ඉන්නවා ....
හ්ම්ම් ඇත්ත තමා අක්කා
Deleteසමහර ඔය වගේ වැඩ කරන්නේ ආතල් එකට
මොකුත් කියන්නෑ අයියෝ........:/
ReplyDeleteමං තරා නැහැ නංගෝ
Deleteතරවයි පාත්ත ගැනු සතාගෙයි අනියම් සම්බන්දයක් තිබිලා එක අහුවෙලා අනිත් දෙන්නා සිය දිවි නසාගත්තා වෙන්න බැරිද? :p
ReplyDeleteඑහෙම වුනා නම් උන්ගේ ඩෙඩ් බොඩි හම්බෙන්න එපැයි බන් :D උබටත් මාර අදහස් තමා හිතෙන්නේ
Deleteඅරවගේ එවුන් නං උල තියන්න ඕන.
ReplyDeleteමාත් හදනව චන්ඩි තාරාවෙක්. ඊට පස්සෙ ගහනව "තාරාවන්ගෙන් ප්‍රවේශම් වෙන්න" කියල.
එල ඊට පස්සේ ඌ ගැනත් ලිපියක් දාපන්කෝ :)
Delete@රාජ් අන්න අදහස මමත් හදනවා අපේ වැවත් ළඟ !!!
Deleteබීපු සෙට් එකටනම් හෙන ගහනවා. කැත වැඩේ. හරියට කියල වගේ දෙපැත්තෙන්ම දෙන්නා ගානේ මිස් වෙලා. අන්තිමට ජෝඩුවක්ම ඉතුරු වෙලා.
ReplyDeleteඅයි බන් කමෙන්ට් දානකොටයි කතාව කියවනකොටයි මේ බ්ලොග් ඒක සෙපරේට් ටැබ් වල ඕපන් වෙන්නේ. ?
නැහැ මචන් කියවනකොටයි කොමන්ට් කරනකොටයි නෙමේ එහෙම වෙන්නේ.එහෙම වෙන්නේ ලින්ක් එකක් ක්ලික් කරනකොට විතරයි මං එහෙම කෝඩින් පාරක් දාලා තියෙන්නේ.
Deleteනිශාන්, පොල්පිත්තක් හේත්තු කරලා පණ පිටින් ඉන්න හරකාගෙ කකුල කපාගෙන අරන් ගිහින් බයිට් හදාගෙන කන උපාසක මහත්තුරු ඉන්න පුණ්‍ය භූමියෙ...
ReplyDeleteඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද...?
henryblogwalker the Dude
ආහ් එහෙමත් කතාවක් තියෙනවද සර්?හම්මෝ මාර මිනිස්සුනේ මේ රටේ ඉන්නේ
Deleteපවු බන්
ReplyDeleteඔව් බන් ඒත් අපි මොනා කරන්නද මේ පව්කාරයන්ගේ වැඩවලට
Delete??
සමා වෙන්න ඕනි,., මා තාරවන්ට වඩා හොදින් කුකුලන් ගැන දනිමී,.,., හෙහ් හෙහ්,., හැබැයි ඉතින් අලුන් දෙන්න මහ අසමජ්ජාති වැඩේ කලේ ඈ,., දුකයි ඉතින්,.,
ReplyDeleteකවුද මාව යාලුවෙක් ලරගන්න කැමති?
ReplyDelete