Sunday, May 13, 2012

23 ඔබා මාමේ ඔබට නිවන් සුව පතන්නෙමු!

විශ්වාස කරන්නත් බැහැ මේක වුනා කියලා.අපි කවුරුවත් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවේ මේ.ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා එක පාරට මෙහෙම වෙලා කියලා දැනුනම හිතට ලොකු දුකක් ආවා.මාමේ පෞද්ගලිකව ඔබව නොදැන සිටියත් ඔබ තරම් සැහැල්ලුවෙන් විනෝදෙන් මේ බ්ලොග් අවකාශේ පොරක් වෙලා හිටපු කෙනෙක් ගැන මං තවත් දැකලා නැහැ.මගේ බ්ලොග් එකට මුලින්ම ඔයා ආපු දවසේ තමා මට හරියටම දැනුනේ මාත් බ්ලොග් කාරයෙක් කියලා.ඔබ වගේ චරිතයක් ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ.ඒක මේ බ්ලොග් අවකාශේ නම් වූ මල් යායට ලස්සන එළියක්‌ දුන්න සදක්  වගේ .කියන්න දාහක් දේවල් හිතේ ඇති වුනත් ඒවා වචනවලට හරවලා ලියන්න තේරෙන්නේ නැහැ


ඔබට නිවන් සුව පතමි.

23 comments:

  1. කොහෙත්ම විශ්වාස කරන්න අමාරු දෙයක් බන් මම එතුමාව දනන් හිටියේ උබලගේ පොස්ට් වලින් මම එතුමා ලියන දේවල් කියවන්න ගත්තේ බොහොම ලගදි එතුමා මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් නැතත් මමත් එතුමාට හුගක් ගරු කල මට තාමත් විශ්වාස කරන්නත් බ මේ කතාව එමෙම් පිටින්ම විහිළුවක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ මේක මුලින්ම අහපු වෙලේ මට අදහාගන්න බැරි වුනා.ඊට පස්සේ ඇත්තටම මාරම දුකක් දැනුනා.මගේ අන්තිම පෝස්ට් එකේදිත් මං එතුමා ගැන සදහන් කරා බන් :(

      Delete
  2. මමත් හරිම ආසයි මේක විහිළුවක් කියලා දැනගන්න. මේක බියකරු සිහිනයක් වගේ. ඇයි හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ?

    ඔබා අය්යාට නිවන් සුව.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක තමා සර් හොද මිනිස්සුන්ට තමා හැමදේම.මගේ එකම පැතුම ඔහු වෙනුවන් ඔහු නැවත අප අතරම ඉපදේවා කියලා.

      Delete
  3. ඔහුට නිවන් සුව පතනවා...:(((

    ReplyDelete
    Replies
    1. අපිට දැන් කරන්න පුළුවන් එකම දේ ඒකනේ නේද?.

      Delete
  4. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  5. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  6. ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
  7. අපරාදේ මචං දැන් හොද තැනක ඇති.

    ReplyDelete
  8. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  9. ඔබා මාමට නිවන් සුව..

    ReplyDelete
  10. බොහෝ කාලයක් මව් බිමෙන් දුරක සිටියත්...... තමන්ගෙ කම අමතකව නොගිය කෙනෙක් විදිහටයි මම ඔහුව දෑක්කේ..
    ඔහු ආ තෑන සිනහව ගෙනා නිසයි..ඔහුගෙ මරණය සිංහල බ්ලොග් අවකාශයම අඬවන්නක් වුනේ ....
    ඔහුට නිවන් සුව අත්වේවා‍!

    ReplyDelete
  11. ආදරණීය ඔබා මාමේ....
    අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
    :'(

    ReplyDelete
  12. ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  13. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  14. ඔබට නිවන් සුව,.,.,.,


    ඔබ වැන්නවුන්,.,තව තවත් මේ ලක් දෙරනට,.ඉපදේවා,.,.,

    ReplyDelete
  15. සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාෙගවත් හිත රිෙදන යමක් ලියනවා දැක්ෙක් නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන ෙකාෙමන්ට් කරලා නැහැ. කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා....දෑස් කදුලින් තෙත් වෙනවා...
    සිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා....
    ඔබා අය්යට නිවන් සුව!

    ReplyDelete
  16. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  17. මා හිතනවා එතුමා මගේ වයසට ආසන්න කෙනෙක් කියා. මට එතුමාගේ බ්ලොග් එකේ ලිපි කීපයකට වඩා කියවන්න අවස්තාව ලැබී නැහැ. එහෙත් එතුමා වෙනත් බ්ලොග් වල සටහන් කල රසවත් කමෙන්ට්ස් රාශියක් කියවා තිබෙනවා. කවුරුන්හෝ දන්නවානම් එතුමාගේ ජීවන තොරතුරු පලකරන්න. එය ඔහුට කරන උපහාරයක්.

    http://jangun.wordpress.com/

    ReplyDelete
  18. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  19. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!