Monday, July 16, 2012

75 යටින් ගහපු එක අන්තිමට දැක්කා!

ඔන්න එකෝමත් එක කාලෙක එම්.එන් කියන අපේ අර කලින් කතාවක කොල්ලා ඉස්කෝලේ යන කාලේ හිටියේ ලාස්ට් ත්‍රෝ එකේ.ඒ කිව්වේ පන්තියේ අන්තිම පේලියෙනේ ඕකේ පිස්සු කෙළ කෙළ හිටපු නිසා සමහර ටීචර්ලා එම්.එන්ට හරි ආදරෙයි.මෙයාගේ පන්තියේ ඉස්සරාහම පේලියේ හිටියා දෙමළ කොල්ලෙක් මෙයා තමා හැම පාරම පන්තියේ පළවෙනියා. 



 ඒක නිසාමද මන්දා මේ කොලුවා එම්.එන්ලා වගේ ලාස්ට් ත්‍රෝ එකේ හිටපු අයව වැඩිය ගණන් ගත්තේ නැහැ.මේ කොලුවට මම බාලේන්ද්‍රන් කියන්නම්කො මොකද ඒක තමා එයාගේ ඇත්තම නම.


මේ බාලේන්ද්‍රන්ගේ අම්මයි තාත්තයි හරි දුප්පත් ඒත් එයාලා ගෙවල් වල වැඩ කරලා,තාත්තා මේසන් වැඩ කරලා කොහොම හරි තමන්ගේ ඉගෙනීමට දක්ෂ මේ කොලුවට හොඳට සල්ලි වියදම් කරා.බාලේන්ද්‍රන් ඕවා දැනන් හිටියත් ඉස්කෝලේ ඇවිල්ලා හිටියේ හෙන සල්ලි කාරයා වගේ. ආශ්‍රේ කරේ පොෂ්ම සෙට් එක ඒ සෙට් එකට එම්.එන් ඇතුළු පන්තියේ යාළුවො ගොඩක් අහුවුනේ නැහැ මොකද එයාලාට සල්ලිත් නැහැ කෙලින්නේත් පිස්සුනේ.


මේ බාලේන්ද්‍රන් කොලුවට පන්තියේ ටීචර් සහ විවිධ විෂය බාර ගුරුවරුනුත් ගොඩක් කැමතියි මොකද තමන් උගන්වන දේවල් හොඳටම ඉගෙන ගත්තේ මේ දෙමල කොල්ලනේ.අපි සිංහල වෙලත් කවදාවත් පළවෙනියා වෙලා නැහැ කකාලා වගේ. 


 බාලේන්ද්‍රනුයි එම්.එනුයි අතරේ මොකක්ද ඉතින් සිද්ද වුනේ? බාලෙන්ද්‍රන්ගේ ප්‍රධානම හතුරා වුනේ එම්.එන් ඒ මොකද එම්.එන් දුවන්න හරි දස්සයා ඉස්සර මේ ළඟකදීත් මතකනේ රාගමට දුවන්න ගිහින් බල්ලෝ වගයක් පස්සෙන් එලෝලා අන්තිමට බස් එකේ එල්ලිලා ගෙදර එද්දී කොන්දොස්තර අයියා සල්ලි ඉල්ලලා චාටර් කරපු හැටි උදේ පාන්දර?. එම්.එන් දිව්වොත් හැමදාම වගේ එක නැත්තම් දෙක.දෙක වෙච්චි අවස්ථා වලදී එක වුනේ කලින් කිව්ව බාලේන්ද්‍රන්. බාලේන්ද්‍රන්ට හැමදාම ඕන වුනේ හැමදෙයින්ම එක වෙන්න.ඉගෙනීම් අතින් එක වුනත් ක්‍රීඩාවේදී කලාතුරකින් තමා බාලේන්ද්‍රන් එක වුනේ.


ක්‍රීඩාවෙන් හැමදාම වගේ පළවෙනියා වුනේ එම්,එන්නේ මේක නිසා බාලේන්ද්‍රන් එම්.එන් එක්ක ගොඩක් තරහෙන් හිටියේ.එක අවුරුද්දක ස්පෝට් මීට් එකට වැලිසර නවලෝක පිට්ටනියේ තිබ්බ රේස් එකකින් සුපුරුදු පරිදි එම්.එන් දින්නා ඒ තරගෙදි දෙක වුනේ බාලේන්ද්‍රන්. ඒත් කලාප යවන්නේ ඉස්කෝලෙන් එකයි ඒ කිව්වේ එම්.එන් විතරයි දැන් එම්.එන්ට හරි හැපී කලාප ගියාම ෆට්ට ආතල්නේ.


එදා බාලේන්ද්‍රන් ඉස්කොලෙන්ම විකුනපු එම්.එනුත් ගත්ත ජාතියේම බූට්‌ දෙක පොළොවේ ගහලා මළ පැනලා ගියා එයාගේ පොෂ් සෙට් එකත් එක්ක පැත්තකට.


 එවෙලේ බාලෙන්ද්‍රන්ගේ බූට්‌ දෙක කව්රු හරි විසින් ගල් කරා ඒත් මේකට එම්.එන්ට කරන්න දෙයක් නැහැ එම්.එන්ගේ දෙකත් ඒ වගේම වුනාට එම්.එන් සපත්තුවේ අඩියේ පැත්තේ ටිපෙස්‌ වලින් ගහලා තිබ්බේ පොඩියට නමේ මුල් අකුරු දෙක. බාලේන්ද්‍රන් ආපහු ඇවිත් බූට්‌ දෙක හොයලා හොයලා හම්බුනේ නැති වුනාම කෙලින්ම චෝදනා කරේ එම්.එන්ට ඒත් එම්.එන් තමාගේ සපත්තුවේ සලකුණු එවෙලේම පෙන්වපු නිසාත් බාලෙන්ද්‍රන්ගේ සපත්තු දෙක නවලෝකේ පිට්ටනියේ තාප්පේ එහා පැත්තේ පල් වතුර පිරුණ වලක තිබිලා හම්බුන නිසාත් එම්.එන් එවෙලේම චෝදනාවෙන් නිදහස් වුනා. 


 එදා කව්ද දන්නේ නැහැ බාලෙන්ද්‍රන්ගේ සපත්තු දෙක එහා පැත්තට විසික් කරේ අනික බාලේන්ද්‍රට තව හතුරෝ හිටියා. පහුවෙනිදා ඉස්කෝලේදී ටීචර් එම්.එන්ට කිව්වා දවස් දෙහෙකින් කලාප යන්න ලැස්ති වෙන්න කියලා.ඒත් එදා හවස ඉස්කෝලේ දුවන්න ගිහින් වැටිලා එම්.එන්ගේ කකුල තුවාල වුනා.ඒත් එවෙලේ වේදනාව ඉවසන් ගෙදර ගියත් පහුවෙනිදා තුවාලේ පැසෝලා වැඩි වුනා ඒක නිසා කලාපෙදී දුවන්න බාලේන්ද්‍රන් ව තෝරාගත්තා.දැන් මිනිහට හරි සතුටුයි ලෝකේ දින්නා වගේ. 


 ඒත් බාලෙන්ද්රන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා එදා සපත්තු පල් වතුර වලෙන් අරන් ගෙදර ගිහින් හෝදලා දාලා තියෙද්දී සපත්තු දෙක එයාගේ ගෙවල් පැත්තේ හොරෙක් උස්සලා.
ඒත් බාලේන්ද්‍රන් සපත්තු නැතුව හරි දුවනවා කියලා තමා ඉඳලා තියෙන්නේ. 


 ඒත් කලාපේ ගියාම විවිධ ඉස්කෝල වලින් කොච්චර ළමයි එනවද ඒ අතරේ අපේ එකෙක් සපත්තු නැතුව දුවද්දී අපිටත් චාටර්නේ.ඔහොම හිතපු එකෙක් කලාපේ යන දවසේ උදේ පාන්දරම ඇවිල්ල බාලේන්ද්‍රන්ගේ මේසේ යටින් බූට්‌ දෙකක් තියලා.බාලේන්ද්‍රන් ඇවිල්ලා අයිතිකාරයව හෙව්වත් එහෙම එකෙක්ව හම්බ වුනේ නැහැ.
මේ දෙක බාලෙන්ද්‍රන්ගේ බූට්‌ දෙකත් නෙවේ.නිකන් ලැබුණු අශ්වයාගේ දත් ගණන් කරන එකෙක් නෙවේ බාලේන්ද්‍ර 


ඒක නිසා මිනිහා කලාප ගියේ මේ බූට්‌ දෙක අරගෙන. බාලේන්ද්‍රට අමතරව එම්.එනුයි තවත් යාළුවො දෙන්නෙකුයි බාලේන්ද්‍ර ගේ පොෂ් සැට් එකේ දෙන්නෙකුයිවත් ටීචර්ලා එක්කන් ගියා.එක පන්තියේ වුනත් එවෙල්වත් බාලෙන්ද්‍ර එම්.එන්ලව ගණන් වත් ගත්තේ නැහැ.සුගතදාස එකට ගියාම අව්වට ධාවන පත රස්නෙයි අර බූට්‌ දෙක බාලේන්ද්‍රට හම්බුනේ නැත්තම් දුවනවා බොරු. 


 කොහොම හරි වට දෙකක් දුවලා ෆයිනල් එන්න පුළුවන් වුනා අපේ කොලුවට. 
 ෆයිනල් එකත් දුවලා ඔන්න බාලේන්ද්‍ර ගැහුවා රේස් එක ඒ කිව්වේ මිනිහා එක. එම්.එන්ට තමාගේ අවස්තාව මග හැරුන දුක තිබ්බත් කොහොම හරි ඉස්කෝලේ දින්නානේ කියන සතුටෙන් බාලේන්ද්‍රලාට චියර්ස් කරා.ෆයිනල් එක දිනලා ආපු බාලේන්ද්‍ර ආවේ යුද්දයක් දිනලා ආපු සොල්දාදුවෙක් වගේ. ඒ ඇවිත් පොෂ් යාළුවො දෙන්නා එක්ක පැත්තකට වෙලා සන්තෝෂෙන් හිනා වේවි ඉද්දි එම්.එන්ලා දිහාත් බලලා කින්ඩියට වගේ හිනාවක්‌ දාලා අහක බලාගත්තා. 


 තරඟේ ඉවරයි දැන් ආපහු ගෙදර යන නිසා එම්.එන් එයාගේ යාලුවෙක් එක්ක ගියා කැන්ටිම පැත්තේ.එම්,එන් කියන්නේ කව්රු කින්ඩි හිනා දැම්මත් හොඳට කන බොන එකෙක්නේ.පැවිලියන් එකේ පැත්තක බාලේන්ද්‍රයි පොෂ් කොල්ලෝ දෙන්නයි ටීචර්ලා ගෙනත් දුන්න මොනවද මන්දා බිබී හිටියා ඒත් එම්.එන්ලට හුලන්වත් නැහැ. ටික වෙලාවකින් බූට්‌ දෙකත් අරගෙන එන්න හදපු බාලේන්ද්‍ර එවෙලේ තමා දැක්කේ අර බූට්‌ දෙකේ යට ටිපෙස්‌ වලින් කොටලා තිබ්බ එම්.එන් කියන අකුරු දෙක. 

කාලේ ගෙවිලා ගියා එදා සිද්දිය නිසා බාලේන්ද්‍ර පස්සේ එම්.එන්ගේ හොඳම යාලුවෙක් වුණා.තිබ්බ අහංකාර කම් සේරම නැති වුනා කොච්චර හොඳ වුනාද කිව්වොත් අන්තිමට බාලේන්ද්‍ර හිටියෙත් අන්තිම පේලියේ!


                                     -නිර්මාණයක් පමණක්ම නොවේ!

75 comments:

  1. එම් . එන් = මඩිස්සලේ නිශාන් ද මන්දා,.,., එල ඈ,.,.,. එහෙම තමයි ඉන්න ඕනි ,., :D

    ReplyDelete
    Replies
    1. යේ යේ ,., මම එක උනා,., හැපි ඈ ,., :D ,.,

      Delete
    2. පළවෙනි කොමන්ටුවට: ඔව් ඔව් බං කෑනොගහ හිටු :)

      දෙවෙනි එකට:ඔබේ ත්‍යාගය වන වසර හතරක් පරණ බූට්‌ දෙක නොබෝ දිනකින් ගෙදරටම ලැබෙයි :D

      Delete
    3. හිකිස්,., මේ ඔය කතාවේ ,.,., බූට් එක නන් එපා,., අපො,.,කුනු බූට් එකක්නේ,., ඕක කැබිනට් එකේ දාල තියාගන්න ඈ ,., :D

      Delete
    4. නැහැ බං එම්.එන් කියලා ගහලා තියෙන බූට්‌ දෙක දෙන්නේ.
      දන ටිකක් කරවල ගඳයි තමා ඒත් මහලා ආයේ පාවිච්චි කෙරුවහැකි :D

      Delete
  2. Replies
    1. තැන්ක්ස් මචෝ මේ පැත්තේ ආවට

      Delete
  3. කොහොමත් පිටිපස්සෙ පේළිවල උන්ගේ හිත හොඳයි

    ReplyDelete
    Replies
    1. අනිවා මනුස්සකම් දන්න ආතල්ම උන් ඉන්නේ පිටිපස්සේ තමා.

      Delete
    2. ඒකනන් ඇත්ත... මට කියන්නෙත් වලයා කියලා,., යාලුවො වැඩිපුර ඉන්නෙත් මට ,., :D

      Delete
    3. එල එල වළයා :)

      Delete
    4. අපිත් පසුපෙළ සාඩම්බර සාමාජිකයින් වෙමු!!!

      Delete
    5. එක බෝට්ටුවේ අපි ඔක්කොම :)

      Delete
  4. නිශා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඈ... දිනන්නේ එම.එන්, ටීචර් කලාප දුවන්න කියන්නේ උබට ඇයි බන් ඒ??

    හිකි හිකි

    ShANaKa

    ReplyDelete
    Replies
    1. උඹේ ඇස් වල ආයේ අර දෝශේ මතු වෙලාද බං?. :)

      Delete
  5. අප්පේ... ඔය අකුරු දෙක දැක්කෙම නැත්නම් කවදාවත් යාලු වෙන එකක් නෑ.

    ReplyDelete
  6. උමලටත් වැදගත් යාළුවෝ ඉන්නවනේ බං... ඈ... ආදර්ශමත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. අපිත් වැදගත් තමයි යකෝ :D

      Delete
  7. මාළුවා කියන්න වගේ මේක ආදර්ශමත් කතාවක්.....!!!

    වරා මලෙන් ගහලා හදවත තුවාල කරන්න පුළුවන්....!

    ReplyDelete
    Replies
    1. මං තුවාල කරන්න නම් හැදුවේ නැහැ අයියා මං හැදුවේ උදව් කරන්න.මම එවෙලේ එයාට කතා කරලා දුන්නා නම් කවදාවත් ඒක බාරගන්න එකක් නැහැ.

      Delete
  8. කොල්ලා පිටිපස්සේනේ අන්න ඒකයි

    ReplyDelete
    Replies
    1. උඹට තේරිලා තියෙන්නේ අපූරුවට!

      Delete
  9. ශා..ලස්සන කතාව xD

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරි මේ පැත්තේ ආවට.

      Delete
  10. ශා හරිම ලස්සන කතාවක් !!
    මට හිතෙන විදිහට එම් එන් කියලා කියන්නේ නිශාන් කියලා කොල්ලෙක් වෙන්ටෑ. ඔය කියන ඉස්කොලේ පුනුරුත්තාපනේ කිට්ටුව තියෙන ඉස්කෝලේ වෙන්ටෑ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. කොල්ලා ගැන නම් කතාව හරි වගේ :)
      ඉස්කෝලේ නම් ඒක නෙවේලු ලක්ස්ප්‍රේ එක ඉස්සරහා එකලු.

      Delete
  11. නිශානයා එල එල එහෙම තමයි එල කොල්ලෝ. කරලා තියෙන්නේ හොඳ වැඩක්

    ReplyDelete
  12. නියමයි! තමන්ගෙ ප්‍රතිවාදියා වෙනුවෙන් එච්චර පරිත්‍යාගයක් කරන්න තරම් හිතහොඳ එකෙක් එම්.එන්. ඌට මගේ ආචාරය! මට මතකයි ඔයවගේ ෆිල්ම් එකකුත් බැලුව.

    ReplyDelete
    Replies
    1. එම්.එන්ට ඕන වුනේ කොහොම හරි ඉස්කෝලේ දිනවන්න ඒකයි එහෙම කරේ.

      Delete
  13. ඔයාට ශුවර්ද ඔයා එයාගෙ සපත්තු දෙක ගත්තෙ නැහැ කියලා ආ?? :)

    ReplyDelete
  14. මට කතාව හොඳටම තේරුනි.. බාලයාගෙ සපත්තු දෙක හෝදලා විසිකරපු වෙලාවේ නැතිවුනේ කෙසේද? එදින රාත්‍රියේ ටිපෙක්ස් වලින් එහි එම්. එන්. අකුරු කෙටුවේ කවුද? :)

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමන්ටුව මත් වී සිටි අවස්තාවක කල එකක් බව වැටහේ.මන්ද යත් මා මේ කතාවේ කොතනකවත් සපත්තු දෙකක් සේදීමෙන් පසු විසි කල බවක් සඳහන් කර නොමැත!.

      හූ ඈ :D

      Delete
  15. මොනවවුනත් එම්.එන් නම් සුපර්..ඇත්තටම අනුන්ගේ සතුටෙදි සතුටු වෙන්න පුළුවන් එක උතුම් දෙයක්....නිර්මාණයක්ම පමණක් නොවේ කියලා නොකිව්වත් අපි ඒක දන්නවෝ..(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කාරිනියන්ගෙන් සුපර් යන වචනය වැඩියෙන්ම බාවිතා කරන්නේ ඔයා.ඔයාගේ අතින් මගේ කතාවකටත් ඒ වචනෙම කෙටුන එක ගැන මම ස්තුති වන්ත වෙනවා සහෝදරි :)

      Delete
  16. අපිත් හිටියේ අන්තිම පේලියේ තමයි................
    මනුස්සකමට ගරු කරනවා...

    ReplyDelete
    Replies
    1. අපි එකම බෝට්ටුවේ දාපන් පහක් සහෝදරයා!

      Delete
  17. එන් එම් කියන්නෙ ඔයා නේද? හොඳ කතාවක් මල්ලි

    ReplyDelete
    Replies
    1. මමද කොහෙද තමා :)
      ස්තුතියි අක්කා මේ පැත්තේ ආවට.

      Delete
  18. mamath inne mage yaluwoth ekka anthima peliye tama.ethana tama jollyma thana.balan yaddi ayya hoda lamayekne.dannawada chutima chuti nishan ayye,tamange hathurekta unath udawwak ona welawata udaw karana eka loku pinak.

    ReplyDelete
    Replies
    1. මම හරි හොඳ ළමයෙක් තමා චූටිම චූටි නංගියෝ.ඔයත් හොඳ කෙනෙක් වගේ..

      Delete
  19. කතාව මරැ

    ReplyDelete
    Replies
    1. එච්චර කික් එකක් නැහැ වගේ නේද?

      Delete
  20. මේ කථාව ඇත්තම එකක්නම් එම් එන් කියන්නේ සිරාම පොරක්...

    මරු කථාව ලස්සනයි ආදර්ශමත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්

      Delete
  21. එම්. එන්. සීරිස් එකක්ම යයි වගේ. :)

    එම්. එන්. කියන්නෙ ඇත්තෙන්ම හිතහොඳ කොල්ලෙක්. සතුටුයි මචං, උඹ ඒ වගේ මනුස්සකම දන්න පොළොවෙ පය ගහල ජීවත් වෙන එකෙක් වීම ගැන.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කොමන්ට් දකිද්දී පොඩි සතුටක් දැනෙනවා :)

      Delete
  22. නම නොදා ලියල තියෙන අපුරුව.

    මම සිතු කුසුව අල්ලනවා වගේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ .....

      Delete
    2. ඒත් උඹ ලඟකදී සිතු කුසු ලිව්වේ නැහැනේ?.

      Delete
  23. කතාවත් උපරිමයි. නිශාන් කරලා තියෙන වැඩෙත් උපරිමයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  24. හොඳ කතාවක්... හොඳයි එහෙම කරපු එක.. "නහී වේරේන වේරානි" කියලා බුදුහාමුදුරුවො කිව්වෙ ඕක තමා..

    ReplyDelete
  25. නිර්මාණයක් පමනයිම නෙමෙයිලුනේ.. එහෙනම් මේ එම්.එන් උඹම තමා... :)

    ReplyDelete
    Replies
    1. දැන් ඕක හැමෝම අගේ දන්නවා ;)

      Delete
  26. එතකොට අර එන් එම් පෙරේරා කියන කෙනත් ඔයාද? කෝම උනත් කතාව මරු...

    ReplyDelete
    Replies
    1. :D මම නම් ඩි සිල්වා

      Delete
    2. මළ මඟුලයි ! මගෙත් ඔය එක D එකක් ඩි සිල්ව එකේ D එක. :)

      Delete
    3. අපි නෑදෑයෝද දන්නේ නැහැ. :)

      Delete
  27. යාලුකම් කියන ඒවා තමා අපි ඇත්තටම උපයා ගත යුතු දේවල් :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ මේ පාර මොකද පරක්කු මේ පැත්තේ එන්න?.

      Delete
  28. අන්තිම පේලියේ අය ගැන හොදට දන්නවා...අන්තිම පේලියේ ඉදන් දගවැඩ කොලාට හදවත හරි පිරිසිදුයි.මොකද මට ඉන්න යාළුවත් ඔය වගේම නිසා.හරිම හිත හොදයි.මම තරහ කාරයා සමග යාළු වුන හැටියි ඔයා තරහකාරයා සමග යාළු වුන හැටියි දෙකම එක වගේ ‍පුංචි වෙනස් කම් කීපයක් ඇරෙන්න.මම හිතන්නෙ මගේ ඒ පෝස්ට් එක නිශාන්ට කියවන්න බැරි වුණා.

    කොහොම නමුත් බුද්ධිමත් වුණොත් තරහ කාරයට වුනත් රිදෙන්න පහර දෙන්න පුළුවන්.
    හරියට ඔයා කලාවෙගේ / මම කලා වගේ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි අක්කා පිටි පස්සේ අයට තමා මුළු පන්තියේම චරිත ටික පේන්නේ.ඒක වෙන්න ඇති හැමෝටම උදව් කරන්න අපි වගේ අය පෙළෙඹෙන්නේ.අපි එක බෝට්ටුවේ දාන්න පහක්.

      ඔයාගේ පොස්ට් එකේ ලින්කුව දාන්නකෝ

      Delete
    2. http://wwwsihinasiththam.blogspot.com/2012/07/blog-post_07.html

      Delete
  29. ඔන්න ආදුරුසේට අරන් හැදෙනවානම් කතා ...

    ReplyDelete
  30. අපිත් හිටියේ අන්තිම පේලියේ. අන්තිම පේලියේ ඉන්න එවුන් ගොඩක් දෙනාගේ හිත හොඳයි. අනුන්ට කැපිල්ල දාන්නේ නෑ බන්

    ReplyDelete
  31. කවුද දන්නෙ නෑ අර මේසෙ යටින් බූට්ස් තියලා ගිය හිත හොද යාලුවා....
    නේද අපෙ මල්ලී....

    ReplyDelete
  32. කොහොම උනත් බාලය හොඳ එකා තමන්ගේ වරදවල් තේරුම් අරන් හදාගත්තනේ. ඒකත් හැමෝටම කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකත් ඇත්ත තමා සහෝ!

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!