Monday, July 23, 2012

93 එල්ලෙන සියල්ල රඹුටන් ද? 18 +

*uck you!


පේනවනේ පවුල් පිටින් අපිට මෙහෙම කියද්දී අපිත් දීගෙන බලනවනේ මුන්ගේ ෆිල්ම්?.
මම ඇත්ත සිද්දි ලිව්වම කට්ටිය කියනවා මම මඩ ගහනවලු මගේ කලින් ලිපියේදී හැමෝම එහෙම කිව්වා මානවක හැර හරි නම් මට බැන්නත් එක්ක "අර ගෑල්ලමයා පව් එයාට එක එක ඒවා කියලා අහුවෙන්න එපා" කියලා.



අදත් ඇත්ත කතාවක් කියන්න ආවේ ඒකත් මඩක් ද දන්නේ නැහැ හැබැයි කතාවේ ප්‍රධාන චරිතය මගේ යාලුවෙක් මිනිහගේ නම අංජු.
මෙයා ටිකක් කොටයි සම වයසේ මිතුරන් එක්ක බලද්දී ඒක නිසා පොඩි එකෙක් වගේ තමා පේන්නෙත්.මේ යකා ඒ/සි කෝස් එකක් කරනවා.එතන ඉස්සරහ කඩේ ඇන්ටි කඩේ ඉතුරු වෙන මාළු පාන්,රෝල්ස් වගේ ඒවා මූට දෙනවා කාපන් පුතේ කියලා.මූත් නිකන් හම්බෙන ඒවා නිසා ඕවා හොඳට දෙසා බානවා ආයේ වෙන එකෙක්ට කෑල්ලක් වත් දෙන්නෙත් නැහැ.ඒ මදිවට ඇවිල්ලා දවසක් මටත් කිව්වා සීන් එක.එදා ඉඳං මම මූට මාළුපාන් කියලා කියන්න පුරුදු වුනා.හැබැයි මම ඌට වඩා අවුරුද්දක් වැඩිමල් කියලවත් බලන්නේ නැහැ මූ මාළුපාන් කියපු ගමන් හොඳ කුනුහබ්බයක් කියනවා මල පැනලා.


නිකන් හම්බෙන මාළුපාන්,රෝල්ස්,බනිස් කාලා බුවාගේ බඩ දාලා මොකාගේද වගේ.මම ඉතින් හැමදාම උදේට දුවනවනේ ඒක දන්න මූත් එනවා කිව්වා මා එක්ක දුවන්න යන්න.මමත් ඉතින් දැන් තනියම යන නිසා මූට හා වරෙන්කො කිව්වා.මූත් එනවා දැන් මා එක්ක උදේ පාන්දර 5ට නැගිටලා දුවන්න යන්න.


මම දුවන්න යන්නේ අපේ පැත්තේ තියෙන බන්ධානගාරේක පිට්ටනියට මේක ටිකක් ලොකුයි ඒ කියන්නේ පොඩිමත් නැහැ කියන එක.මම ඕකේ වට දොළහක් එක පිට දුවනවා.අංජු නම් ඉතින් වටයක් දුවනවා වටයක් ඇවිදිනවා ආයේ ටික දුරක් දුවනවා නවතිනවා ඔහොම ඔහොම යාන්තමින් වට පහක් හති දාගෙන දුවලා මම එනකන් බලන් ඉන්නවා.


මගේ වට දොළහ දුවලා ඉවර වෙලා ආයේ ඇවිදගෙන වටයක් යනවා නැත්තම් කකුල් දෙකට හොඳ නැහැ.මම ඒ වටේ ඇවිදගෙන යද්දී ඔන්න මූත් එනවා මගේ පස්සෙන්.


ඒ වටෙත් ගිහින් ඉවර වුනාම එක්සයිස් කරනවා,අපි ඒකට යොදාගත්තේ ඔය පිට්ටනියේ කෙලවරක තියෙන බංකුවක්.ඕක උඩ දිග ඇඳිලා ව්‍යායාම් ටිකක් කරනවා.පළවෙනි දවස් දෙක තුනේ අංජුට මම කියලා දුන්නා ඊට පස්සේ මෑන්ම වැඩේ අල්ලගත්තා.මිනිහාට බඩ අඩුවෙන එක්සයිස් එකක් මම කියලා දුන්නා.


මේ ව්‍යයාමේ




ඔන්න දවසක් අපි ඔහොම දුවලා දුවලා බංකුව පැත්තට එද්දී එදා ස්පෝට් කරන්න ඇවිල්ලා හිටියා පාන්දරින්ම ආමි එකේ අයියලා දෙන්නෙක්.මේගොල්ලෝ සමහරක් දවස් වලට එනවා හැබැයි අපි කවදාවත් කතා කරලා නැහැ.ඒ මදිවට මුන් දෙන්නගෙන් එකෙක් බංකුවේම වාඩි වෙලා ඉන්නවා.


මම ලඟට ගිහින් අයියාට කිව්වා
අයියේ පොඩ්ඩක් අපිට මෙතන දෙන්න පුලුවන්ද එක්සයිස් කරන්න ඕන කියලා.


අනේ මේ ආමි බුවාත් ටක් ගාලා බෑග් දෙක තුනත් අරන් ගහක එල්ලලා බංකුවට ටිකක් එහායින් හිටගෙන අපි දිහා බලන් හිටියා.මම ඉතින් ඉස්සෙල්ලාම හැමදාම කරන ව්‍යායාම් දෙක තුන කරලා අංජුට දුන්නා බංකුව.ඔන්න මූත් දැන් හාන්සි වෙලා ඔය උඩ රූපේ තියෙන ව්‍යයාමේ කරන්න ගත්තා.මෑන්ට ඕක තනියම කරන්න බැහැ ඉස්සරහින් කව්රු හරි කකුල් දෙක අල්ලාගත්තේ නැත්තම්.මොකද උඩට එසවෙද්දී මුගේ කකුල් දෙක උඩ යනවා.ඉතින් මුගේ කකුල් දෙක අල්ලගන්න වුනේ මට තමා හැමදාම.එදත් දැන් මම කකුල් දෙක අල්ලන් ඉන්නවා.


මම ඔය ව්‍යයාමේ විසි පාරක් හෝ විසි පස් පාරක් විතර කරනවා.ඒත් මේ යකාට පුළුවන් 15ක් වගේ තමා.
ඔන්න පළවෙනි පාර කරා පොඩි කෙඳිරියක් ගාගෙන දෙවෙනි පාරත් ආපහු පහලට ගිහින් ඔලුව උස්සගෙන උඩට ආවා.ආමි එකේ බුවත් දැන් බලන් ඉන්නවා අපි දිහා දැන් අංජු තුන වෙනි පාරටත් උඩට එසවෙනවා ටික ටික කෙඳීරියකුත් ගාගෙන ඒත් සමඟම බඩ බඩාස් ගාගෙන අංජුට මහා හඩින් වාතයක් පිටවුනා.මට හිනාගියා ඒ වුනාට ආමි බුවාත් බලන් ඉන්න හින්දා මම හිනාව තද කරගෙන හිටියා.ආමි බුවා දිහා මම බැලුවේ වත් නැහැ.අංජුත් ලැජ්ජාවේ ආපහු ව්‍යයාමේ කරනවා.ඒත් එක්කම මට මාළුපාන් වල ස්පිරිට් එක එන්න ගත්තා හප්පා සුවඳ 


මාළු පාන් සුවඳත් ආපු නිසා මට බකස් ගාලා මහා සද්දෙන් හිනා ගියා.මට හිනා ගියා විතරයි ආමි බුවාත් බකස් ගාලා හිනා වෙන්න ගත්තා අනිත් පැත්ත හැරිලා.මට නම් නවත්ත ගන්නම බැහැ ඔය වගේ ලොකුවට හිනා යන සීන් එකක් වුනාම.ඒ වෙලේ අංජුගේ කළු මූණ දාඩියටත් එක්කද මන්දා හොඳටම රතු වෙලා තියෙනවා මම දැක්කා.


පස්සේ අපි එද්දී මූ සුපුරුදු පරිදි මට කුණුහබ්බ දෙක තුනක් කිය කියා ආවා."සික් බලපන්කො අර අයියාත් හිනා වුනානේ උඹේ හක හකේ හින්දා" කියාගෙන මූ මූණ නරක් කරන් තමා ගෙදර ආවේ.ඊට පස්සේ දවස් දෙකක් යනකන් මෑන් ආවේ නැහැ දුවන්න.
____________________________________________________


කෝ යකෝ 18+ කතාව?




මේකත් අංජුම කියපු කතාවක් තමා හිනා ගියේ නැත්තම් මට බනින්න එපා අංජුට බනින්න.මොකද මේ කතාව කියලා ඉවර වෙලා හිනා වෙච්ච එකම පුද්ගලයාත් අංජුම තමා.


ඔන්න දවසක් අංජුගේ මාමා කෙනෙක් රඹුටන් කඩන්න ගහකට නැග්ගලු මේ ගහ තියෙන්නේ පාරට කිට්ටුවෙන්මලු.ඉතින් මාමා කාරයා සරමක් ඇදගෙන හිටියා වුනාත් ශෝටක් දාගන්න කම්මැලි වෙලා එහෙමම තමා ගහට නැගලා තියෙන්නේ.ඒ වෙලේ පාරේ ඇන්ටි කෙනෙක් යනවලු සාරියක් ඇඳගෙන අතේ මුදු කරේ මාල කනේ කරාබු වගේ රත්තරන් බඩු පුරෝගෙන.


එවෙලේ මාමා කාරයට කට තියන් ඉන්න බැරුවට මූ ටිකක් හයියෙන් ගහ උඩ ඉඳගෙනම කිව්වලු දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියලා 


අර පාරේ ගිය ඇන්ටි මේක ඇහිලා උඩ බලලා එහෙමම බලාගෙන ඉඳලා මහා හයියෙන් කිව්වලු එල්ලෙන සියල්ල රඹුටන් නෙවේ කියලා.


ඔන්න ඕකලු ඈ 18+ කතාව :D
ඕක කියලා ඉවර වෙලා අංජු නම් හිනා වුනා බක බක ගාලා



93 comments:

  1. Replies
    1. ඇති යන්තම් හිනා ගිහින් වගේ

      Delete
  2. 1
    ඔන්න මම හිනා වුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. හනේ මම එක නෙවෙයි දෙක..:ඩී

      Delete
    2. හිනා වුනේ නැති වුනාට ලැබුන දඬුවම වෙන්ට ඇති

      Delete
  3. උඹ පාන්දර 5 ට නැගිටල දුවනවද බං. මම 8 ට නැගිටින්නෙත් කම්මැලිකමේ ඈනුම් ඇර ඇර. මගෙත් කකා බිබී මේ මඟුල ඉස්සරහ වාඩි වෙලා ඉඳලම බඩ ඇවිත් දැන්, බඩ නෙවි මොක ආවත් මම නැගිටියි පාන්දර. හික් හික්....
    ඔය කිව්වට එල්ලෙන සියල්ල රඹුටන් නෙවේ කියල ඇන්ටි කලින් ඉඳන් දැනගෙන ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ශරීර සෞක්‍ය ගැන උවමනාවක් ඇති වෙද්දී කම්මැලි කම් ඇරෙනවා අයියා.
      ඇන්ටිලා ඉතින් ඕවා නොදැන හිටියොත් තමා පුදුමේ :)

      Delete
  4. හිකි හිකිස්‌ !!

    ReplyDelete
  5. ඇයි බං හිනායන්නැත්තෙ....හෙහ්..හෙහ්..හේ..! මටනම් හිනාගියා..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඇති යන්තම් මං හිතුවා කාටවත් හිනා යන එකක් නැහැ කියලා.

      Delete
  6. මේ..මේ..මම හිනාවෙනවා..පේනවද?

    ReplyDelete
    Replies
    1. හිත සනසවන්නනේ ඔහොම කියන්නේ :)

      Delete
    2. කිරිල්ලි වගේ මඩිස්සත් නයි අරන්න පටන් අරන්,,, අර වට 12 මදි බං නියම ස්පොර්ට් මීට් කොල්ලෙක් වට 25ක් වත් දුවන්න ඔනේ

      කිරිල්ලි නයි අරිනව කිව්වෙ ඕන් මමනං නෙවෙයි ඈ

      Delete
    3. අනේ ෆල මීයා
      මම නයෙක් ඇරියේ නැහැ අනික මම නියම සපෝර්ට් මීට් කොල්ලෙක් නෙමේ බන් දැන්.ඉස්සර නම් එහෙම තමා දැන් මේ පොඩි බඩ ගෙඩිය අඩු කරගන්න මම ඔහොමවත් දුවන එක ඇති බං :)

      Delete
  7. අපෙත් තියනවා මැලේසියන් රඹුටන් හරිය... :-)))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අග්ගලා නැද්ද? :D

      Delete
    2. මේ දවස් වල රස්නෙට වේලිලා ;)

      Delete
    3. මං හිතුවා ඔහොම වෙලා ඇති කියලා :D

      Delete
  8. අර උඩම පින්තූරේ මාතෘකාව *uck you! නෙවෙයි නිශාන්. Up Yours!

    නිශාන් අරවගෙ අනාරක්ෂිත ඉරියව්වක් අනුගමනය කරනවානම් ගෑස් මාස්ක් එකක් දාගෙන හි‍ටු. ඇත්තෙන්ම කරන්න ඕනෙ අරූගෙ පතුල් දෙක උඩ හිටගෙන ඉන්න එකයි. ඒක ලේසියි අතින් ඔබාගෙන ඉන්නවට වඩා.

    අඩේ, වට 12ක් දුවනවා කියන්නෙ නියමයිනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අප් යුවර්ස් කිව්වේ?

      එහෙම කකුල් දෙකෙන් හිටන් ඉද්දි සමබරතාවය ගැන ගැටළුවක් ඇත්ත වශයෙන්ම මතු වෙනවා මොකද අල්ලගන්නවත් මොකුත් නැහැනේ.

      වට දොළහා ගහලා එද්දී හොඳ ගණන් හම්මා....

      Delete
    2. අප් යුවර්ස් ගූගල් කරලා බැලුවා දෙකේ වැඩි වෙනසක් නැහැනේ?.

      Delete
    3. ඩූඩ් ඔය පිට්ටනිය මීටර් 200 * 12 = 2400

      Delete
    4. කිලෝ මීටර් දෙකයි කාලක් වගේ මම දුවන්නේ :)

      Delete
  9. අපි නම් දන්නේ එල්ලෙන සියල්ල පොලොවට ලම්බක වේ කියන නිව්ටන්ගේ හතරවෙනි නියමය විතරයි !!
    මොක උනත් පට්ට කතාව. ඊට පස්සේ අංජු කාරයාගේ බඩ අඩු උනැයි ??

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඇන්ටිත් කියන්න ඇත්තේ නිවටන්ගේ නියමයක් වෙන්න ඇති.

      අපෝ ඒ බඩා දුවන විදියට කවදාවත් බඩ අඩුවෙන එකක් නැහැ.

      Delete
  10. එල්ලෙන සියල්ලම රඹුටන් නොවේ නම් ... එල්ලෙන අනිත්වා මොනාද කියලයි මන් තාම කල්පනා කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් වෙනි අයියේ ඒකනෙ එල්ලෙන සියල්ල රඹුටන් නෙමේ කිව්වේ..ඒ කියන්නේ රඹුටන් හැර තවත් එල්ලෙන දෑ තිබේ.. නිකන් ම් ම් ම් ගස් ලබු වගේ..

      Delete
    2. ඇයි වෙනියෝ පුහුල්?
      ඔය සෙන්නා ගාව නම් තියෙන්නේ ගස්ලබු ලු

      Delete
  11. එල්ලෙන සියල්ලම රඹුටන් නොවේ නම් ... එල්ලෙන අනිත්වා මොනාද කියලයි මන් තාම කල්පනා කරන්නෙ ?

    ReplyDelete
  12. ඒකට හිනා යන්නේ නැත්තං ලෙඩක් බං...

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ නැහැ උඹලට හිනා යයි කියලා ඇති යන්තම් :)

      Delete
  13. onna mamath hina uno...... :) mage chutima chuti nishan ayye....18+ unata mamath awo.......onna dan baninna epo.....

    ReplyDelete
    Replies
    1. මගේ යුතුකමක් හැටියට 18+ කියලා දැම්මා එතනින් එහාට ඔයාලයි තීරණය කරන්න ඕන බලනවද නැද්ද කියලා.

      Delete
  14. හිනා යන්නෙම නැත. ඒ තරම් සාමාන්‍ය කතා මේවා. තව ටිකක් උනන්දු වෙලා අලුත් කතා ලියනවා හොඳයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බොහොම ස්තුතියි සහෝ කොමන්ට් කරාට
      මම බොහොම සාමාන්‍ය මනුශ්‍යයෙක් නිසා එදිනෙදා මුහුණ දෙන සිදුවීමුත් බොහොම සාමාන්‍යයි.මගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ නේද?

      Delete
  15. හකෝ හකෝ හකෝ!!මම මේ කුචි කවන් හිනා වෙනවා බං!!!! :පි

    ReplyDelete
    Replies
    1. :D වැඩිය කුචි කවාගන්න එපා හුස්ම ගන්න බැරි වෙයි බං :)

      Delete
  16. ශික්...ආවනේ කට ඇරගෙන..දැන් අතින් කට වහන හිනා වෙන්නේ........

    ReplyDelete
  17. එතකොට අර ග** සියල්ල වම්බටු නෙවෙයි වගේද

    ReplyDelete
    Replies
    1. ග** කිව්වේ?
      මම ටියුබ් ලයිටයක්මි

      Delete
  18. uba nikan p dayel 1 yage

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම එකක් පේන්ඩ නැහැ :D

      Delete
  19. සිරා කතාව...

    ReplyDelete
  20. හි හි හි .......................... නිශාන්.. :)

    ReplyDelete
  21. උඩම පින්තූරයට කතාවේ ඇති අදාලත්වට මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ඒක ගොසිප් සයිට් එහෙක තිබ්බේ.ඒක දැක්ක ගමන් මට ආපු අයිඩියා එක මම මේකේ දැම්මා :)

      Delete
  22. නිශාන්, පොඩ්ඩක් හොයලා බලන්න මැලේසියානු භාෂාවෙන් රඹුට් කියන්නේ මිනිසා යන තේරුම දෙන පදයක්. ඉති රඹුටන් කියන්නේ ඒ අදාළ අවයව පද්ධතිය විය හැකියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. නැහැ පල්ලෙහා කොමන්ට් එකක් තිබ්බා රඹුටන් කියන එකේ තේරුම කෙඳි ගෙඩිය කියන එකලු.

      (Kushi7/24/12 11:14 AM

      මෙක කියවනකොට මට මතක් වුනෙ ඉන්දුනිසියානු භාෂාවෙන් රඹුටං කියන්නේ රඹු=කෙඳි ටං =ගෙඩි එකියන්නේ කෙඳි ගෙඩි කියන එකයි....එ ගොල්ලන්ගෙන් නේ අපිට රඹුටන් ලැබුනේ)

      Delete
  23. හහ් හා..... ඇන්ටිත් යමක් කමක් දන්නව එහෙනං.

    ReplyDelete
    Replies
    1. ඇන්ටි ටිකිරි මාරිලු කන්නේ :)

      Delete
  24. "අර ගෑල්ලමයා පව් එයාට එක එක ඒවා කියලා අහුවෙන්න එපා" ඈ බන් මම එහෙම කිව්වාද?

    //හරී7/21/12 1:09 PM

    මඩ ව්‍යාපාර හෙළා දකිමි. ගීතයේ අඩුපාඩු ඇතොත් එතනම පෙන්වා දෙන්න. කාගේ හෝ ඇදයක් පෙන්වීමට පෝස්ට් නාස්ති නොකරන්න.//

    ඔහොමයි කිව්වෙ.. හීනි මඩක් අවුලක් නෑ.. කියලා ලියපු ටික මකලම දැම්මා. :)

    මේක පරණ කතාවක්නේ.. අලුත් වර්ෂන් එකක් ලියපන් බලන්න.

    ReplyDelete
    Replies
    1. හරි හරි ඔහොම හරි කියමුකෝ :)

      අලුත් වර්ෂන් එකක් නම් නැහැ ඒත් මඩිස්සලේ මාසයේ වල් කතාව නම් එන්න තියෙනවා

      Delete
  25. හපොයි......... අන්තිම කතාවනම් අහලා තියෙන එකක්.

    ReplyDelete
  26. මෙක කියවනකොට මට මතක් වුනෙ ඉන්දුනිසියානු භාෂාවෙන් රඹුටං කියන්නේ රඹු=කෙඳි ටං =ගෙඩි එකියන්නේ කෙඳි ගෙඩි කියන එකයි....එ ගොල්ලන්ගෙන් නේ අපිට රඹුටන් ලැබුනේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැහැදිලි කරලා දුන්නට උඩ විචාරක මහතාත් අහලා තිබ්බා ඔය ගැන

      Delete
  27. මටත් අර මාළු පාන් ස්පිරිට් ඒක දැනුනා වගේ. හිනා යන්න එද්දී තද කරගෙන ඉන්න වෙන එකත් මහ කරුමයක් තමා. එතකොට රම්බුටං සියල්ල එල්ලෙන්නේ අතු වලමද?

    ReplyDelete
    Replies
    1. හිනාව නවත්තගන්න එක වාතයක් නවත්තගන්නවට වඩා අමාරුයි. :)

      මං හිතන්නේ නැහැ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ :D

      Delete
  28. ඇයි යකෝ බඩවල් ඔහොම නැමෙද්දි එය වගේ දේවල් වෙනවා නේන්නම්
    රඹුටන් කතාව නම් එල මටත් අපේ සර් කෙනෙක් කියපු එකක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. :D
      සර් කියපු කතාව කියපන්කො

      Delete
  29. නිශාන්, මොකක්දෝ හේතුවක් නිසා මට ඔබේ පිළිතුරු දීමේ සබැඳියාවෙන් (Riply Link)සම්බන්ධ වන්න බැහැ. මගේ මතකයේ කොතැනක හෝ තිබුනා මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා ලියන ලද පර්යේෂණ ලිපියක කොටසක්. ඒ නිසයි මම කිව්වේ රඹුට් යන වචනය මැලේසියානු භාෂාවට සම්බන්ධයි කියලා. අන්තිමට මම හොයාගත්තා 'රඹුටන්' වචනයේ උපත මැලේසියානු බව සනාත කෙරෙන ලිපියක්. මෙය ලියන්නේ කාගේවත් හරි වැරදි හොයන්න නෙවෙයි. අර මගේ පරණ මතකය නිවැරදි බව කියන්නයි.
    මෙන්න සබැඳියාව
    http://ryanjhoe.hubpages.com/hub/rambutan

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බැහැ මොකද මේ රිප්ලයි කරන්න බැරි හේතුව.අනිත් අයට නම් එහෙම ගැටළුවක් නැහැ වගේ.

      ඔව් ඔබ හරි රඹුටන් කියන්නේ මැලේසියානු බාශාවෙන් හැදුන නමක් තමා.

      Delete
  30. අංකල්ට අහන්න තිබ්බේ අදද දන්නේ කියලා !!
    චූට්ටක් විතර හොකෑස් උනෙමි මම 18- නිසා වෙන්න ඇති :D
    ජය!!!!!

    ReplyDelete
    Replies
    1. :D
      චූටි පුතා දැන් ලොකු ළමයෙක් එහෙනම් ඈ...

      Delete
  31. ජුන්ඩක් හිනා ගියා මට නම් :)
    අවුලක් නෑ
    පවු ඈ අන්ජුවා ඌ අම්බානට ලජ්ජා හිතෙන්න ඇති ;)

    ReplyDelete
    Replies
    1. සිරා ඌට එදා හොඳටම මල මා එක්ක :)

      Delete
  32. පළවෙනි කතාවට හින ගියා ඔන්න :D

    ReplyDelete
  33. උදේ 4.00 ට නැගිටලා මම ඉස්කෝලෙ මැරතන් එකට ප්‍ර‍ධාන පාරෙ දුවලා ප්‍රැක්ටිස් කලා..ඒත් වරත්තු බලු හැතිකරයක් ලයිට් නැති කලුවර හරියකදි හැමදාම මගේ පස්සෙන් පන්නන්න ගත්තා පරම හතුරෙක් පස්සෙ එළවනවා වගේ... ඒ හේතුවෙන්ම පාරෙ දිවිල්ල නතර කරලා ඉස්කෝලෙ පිට්ටනියට ෂේප් උනා...

    ReplyDelete
    Replies
    1. http://sinhalaya-lokayata.blogspot.com/2012/03/blog-post_07.html

      ඔන්න ඕක කියවපන්

      Delete
  34. අඩේ නිෂානයා අද නමි හිනාවෙන්න බෑ වෙන දවසක ඇවිල්ලා හිනා වෙලා යන්නද මේකට
    ඕන් මන් ගියා

    ReplyDelete
  35. මුං පවුලටම පිස්සුද,,,,,

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා එහෙම මොකද උන්ගේ නංගිටත් පොඩි ලූස්‌ ගතියක් තියෙනවා!

      Delete
  36. හිහි....නියම කතා දෙකක්....
    කටකාර ඇන්ටියෙක් වෙන්නැති.....

    ReplyDelete
  37. අර ගෑනු මනුස්සයට නිකන් සීකේ කියල හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඇන්ටිට රඹුටන් කන්නත් හිතුනද දන්නේ නැහැ

      Delete
    2. කියන්නත් බෑ නේද අවස්ථාවේ හැටියට

      Delete
    3. සමහර ඇන්ටිලා ඉතින් දැන් කාලේ එහෙමනේ :)

      Delete
  38. හික්ස් .. හූ ඈ .. එලම එල :D

    ReplyDelete
  39. අවුලක් නෑ බන්.මටනම් හිනා ගියා.

    ReplyDelete
  40. මචං නිශාන්.................උබේ මුලින් තියෙන කතාව මරැ....ඈ.........! ඒත් පස්සෙ තියෙන "රඹුටං කතාව"නම් මම වේන විදියකට අහල තියෙතවා......ජය

    ReplyDelete
  41. @ශ්‍රීනාත්
    පළමු සිද්දිය මම අත්දැකපු එකක්නේ සහෝ දෙවෙනි එක මාත් අහපු එකක් අන්ජුගෙන්ම :).

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!