Wednesday, August 22, 2012

73 පලපු ගෙඩිය

කට්ටියට මතකද දන්නේ නැහැ මම කලින් ඇස් වාට්ටු සීරියස් එකක් ලිව්වා.
තරුණියකගේ සංවේදී සිතුවිල්ලක් මම විසින් බොඳ කරා!
සහ
පෝලිමේ හිටිය මොඩ් අක්කලා දෙන්නා!
යන පෝස්ට් දෙක.මේ දෙකට හොඳ ප්‍රතිචාර ලැබුනා ඒත් එක්කම මම කට්ටියට කිව්වා මගේ ඇහේ නගනයක් ඇවිත් ඔපරේෂන් කරන්න වෙනවා කියලා.ඉස්සෙල්ලා පාර ක්‍රීම් එකක් දුන්නා ගාන්න කියලා හරිගියේ නැත්තම් එන්න කිව්වා නගනේ වගේ තියෙන ගෙඩිය පළමු කියලා.ක්‍රීම් එක ගාලා බැලුවා බැලුවා හරිගියේ නැහැ.

ඒක නිසා ඊයේ ආයෙත් ගියා මේක පලාගෙන හරි ඉවරයක්‌ කරනවා කියලා.ඒත් ඉතින් අර පරණ පෝස්ට් කියවපු කට්ටියට මතක ඇතිනේ මම ඔය පලන එව්වට බය නැහැ කියලා?.අන්න ඒක නිසා සති දෙකක් බලලා එන්න කිව්වත් මම මාසයක්ම බලලා තවත් මාසයකුත් බලලා අඩුවෙන්නෙම නැති නිසා තමා ගියේ.


ගිහින් කලින් වගේම පෝලිමේ හිටියා කතා කරනකන්.මේ පාර නම් අක්කලා දෙන්නෙක් හිටියේ නැහැ අෆ්ෆා :(. මේ පාර හිටියේ ලස්සන නංගි කෙනෙක් මම ඉතින් හොරෙන් හොරෙන් එයා දිහා බැලුවේ නැහැ පව්නේ.එයා හැබැයි මාර ලස්සනයි ඈ.එයාගේ අම්මට මුවා වෙලා හොරෙන් හොරෙන් මොනවද කනවත් මම දැක්කා ලාවට වගේ.මට කලින් එයා ගියානේ ඊට‍ පස්සේ මම එයාව දැක්කේ නැහැ.

මාත් මගේ වාරේ ආවට පස්සේ ගියා ඩොක්ටව හම්බෙන්න එයා ඇන්ටි කෙනෙක්.මට බොහොම ආදරෙන් කිව්වා මේක පලමු කියලා.මම හා කිව්වා.

පැය දෙකකින් විතර එන්නම් කියලා එයා මට හතරේ කාමරේට යන්න කිව්වා මායි අම්මයි ඉතින් හතරේ කාමරේ ගාවට ගිහින් අටහාමරේ ඉඳං දහයාමාර වෙනකන් වාඩි වෙලා හිටියා එතන.අපි වගේ තව ගොඩක් අය හිටියා.මාත් එහෙට මෙහෙට යන කට්ටිය දිහා බලන් හිටියා වෙන මොනවා කරන්නද ඉතින්?.

පස්සේ දහයාමාරට විතර ඩොක්ට ආවා.මං වගේම ගෙඩි පලාගන්න හතර දෙනෙක් හිටියා.ඒවාට කියන්නේ සුළු ශල්‍යකර්ම කියලා.ඒ වගේ සුළු ශල්‍යකර්ම කරන්නේ අර ඇන්ටි ඩොක්ට විතරයි.ඒකයි එයා එනකන්ම ඉන්න වුනේ.මම ඉතින් ඔය වගේ ඒවාට බය නැති හින්දා ගැහි ගැහි ගියේ ඇතුලට.ගිය ගමන් ඇතුලේ හිටපු ලස්සන නර්ස් අක්කා මට කිව්වා සපත්තු දෙක ගලවලා ඇතුලට එන්න කියලා.මාත් වැඩර් වගේ ගැහි ගැහි ගියා සපත්තුත් ගලවලා.

ගිය ගමන් මාව ඉන්දෙව්වා පුටුවක ගැහැව්වා හෙන ෆ්ලෑස් ලයිට් එකක් මූණට ඇන්නා හෙන දිග ඉන්ජෙක්ෂන් කට්ටක් ඇහි පිල්ලමට.ඒක මාර දිගයි අඟල් බාගයක් විතර.ගත්තා අඩුවක් වගේ එකක් ගෙඩිය ඒකෙන් උස්සලා ගත්තා මිරිකලා මට තරු පෙනුනා හැබැයි කොල්ලා මොනා වුනත් කෑගහුවේ නැහැ.නැත්තම් අච්චර නර්ස් අක්කලා ගොඩක් ඉස්සරහා පට්ට චාටරේනෙ.

මම පොඩ්ඩක් ආව් ආව් කිව්වා ඩොක්ට ගෙඩිය අඩුවෙන් උස්සලා බ්ලේඩ් තලයක් වගේ එකක් අරගෙන කැපුවා ගෙඩිය මැද්දෙන්.අම්මෝ ඒ වේදනාව වචනයෙන් කියන්න බැහැ.ඊට‍ පස්සේ කපපු තැනින් මිරික මිරික ගෙඩියම ගත්තා එලියට.අරගෙන බෙහෙත් වගයක් දාලා ගැහුවා ප්ලාස්ටරයක් හරහට.හරි එළියෙන් ගිහින් වාඩි වෙලා ඉන්න කිව්වා.මාත් දැන් තුෂ්නිම්බූත වෙලා නැගිට්ටා මෙන්න බොලේ මාව කැරකෙනවා.

කැරකෙනවා වගේ දැක්ක නිසාද මන්දා වයසක නර්ස් ඇන්ටි කෙනෙක් ඇහුවා කලන්තේ වගේද කියලා.
මම කිව්වා පිස්සුද මිස් මම කලන්තේ දාන්න තරම් දුර්වල කොල්ලෙක් නෙවේ හැබැයි පොඩ්ඩක් කලන්තේ වගේ කියලා.මොකද ඊට වඩා චාටර්නේ කැරකි කැරකි තනි ඇහෙන් බලන් ගිහින් බිත්තියක එහෙම හැප්පුනොත්.

එතකොට කොහෙවත් හිටපු නර්ස් අක්කා කෙනෙක් කියනවා අයියෝ අයියෝ උදේට කෑවේ නැද්ද අනේ කියලා.මටත් කියන්න හිතුනා නැහැ ඇයි කන්න දෙන්නද කියලා.ඒත් මම එක ඇහැකින් බලාගෙන හෙන පොෂ් විදියට හිනාවක්‌ දාලා කෑවා කිව්වා.පස්සේ අර මිස් ඇන්ටි මට කිව්වා වාඩිවෙලා ඔලුව කකුල් දෙක ගාවට පහත් කරන් ඉන්න කිව්වා.

මම ඔලුව පහත් කරන් හිටපු වෙලේ එයාලගේ කතාවට පොඩ්ඩක් රබර් කන දාගෙන හිටියා.ඒ අස්සේ එකෙක් අපි හිටපු කාමරේට තට්ටු කරලා අහනවා ඩොක්ට කනවද කියලා.මගෙන් එහෙම ඇහුවා නම් මං එවෙලේ කියනවා ඒත් ඩොක්ට හයියෙන් කිව්වා නැහැ නැහැ මම මේ ගෙඩි පලනවා එන්න සමරේ ඇතුලට කියලා.

එයාල හෙන ෆනි අප්පා ජෝක් කියව කියව තව එක්කෙනෙක්ට එන්න කිව්වා.ඒ ජෝක් අතරේ මට ඇහුනා නර්ස් කෙනෙක් ඩොක්ටට කියනවා එයා උදේ එද්දී වැරදිලා කියවුනාලු බස් එකේ හරියට පේෂන්ලා කියලා.ඒකට හැමෝම කොක් හඬලා හිනාවුනා.

ඊට පස්සේ ආච්චි කෙනෙක් ආවේ එයා නම් හයියෙන් කෑගැහුවා කාලි අම්මා වැහිලා වගේ.ඒ වෙලේ මට මං ගැන හෙන ආඩම්බරයක් හිතුනා ඈ.අර වයසක ආච්චි එහෙම කෑගැහුවා නම් මම වගේ ළාමක,බොලඳ,සුකුමල කොල්ලෙක් කොහොම කෑගහන්න ඕනද නේද?.

පස්සේ මම නැගිටලා තනි ඇහෙන් බලාගෙන කිව්වා දැන්නම් කලන්තේ හරි වගේ කියලා ඊට‍ පස්සේ මගේ ඇහැවටේ තව බැන්ඩේජ් එකකින් ඔතලා බෙහෙත් වගයක් දීලා යන්න කිව්වා.තනි ඇහෙන් බලාගෙන එන්න අමාරුයි කොහොම හරි එලියට ඇවිත් අම්මට බෙහෙත් ගේන්න තුණ්ඩුව දුන්නා.අම්මා ගිහින් එනකම් මම එතන බංකුවේ වාඩි වෙලා හිටියා.යන යන ඔක්කොම අය මං දිහා අමුතු විදිහකට බලන් යනවා.

දැන් බස් එකේ ගෙදර යන්නත් එපැයි මට නම් හෙන ලැජ්ජාවක් හිතුනා මුහුදු මංකොල්ල කාරයෙක් වගේ එක ඇහැක් වහගෙන බස් එකේ එද්දී මිනිස්සු මං දිහා අමුතු විදිහකට බලයි කියලා හිතුනා.හෆෝයි...ඒත් මොනා කරන්නද ත්‍රී වීල් එහෙක යන්න ඈ කෝ සල්ලි?.

193 නැග ගත්තා කොහොම හරි නැගලා අයිනක් අල්ලාගෙන වාඩි වෙලා ඇස් දෙකම වහගෙන හිටියා අමාරු පාට පේන්නත් එක්කලා.දෙමටගොඩ හරියේදී නැග්ගනේ කැලණිය කැම්පස්  එකට යන ගෑනු ළමයි ටිකක්.ෂික් දැන්නම් ලැජ්ජාව බේරෙනවා හැමතැනින්ම එයාලා හිටන් හිටියෙත් මම ඉඳං හිටපු ශීට් එකටම හේත්තු වෙලා.මම හොරෙන් තනි ඇහෙන් එයාලා දිහා බැලුවේ නැහැ ඉතින් ඒත් මට පෙනුනා.එක්කෙනක් නම් මං දැකලා තියෙන බ්ලොග් කාරිනියක් වගේමයි ඈ.මට එයාව මතක් වුනා එවෙලේ ඉතින් :D

අනේ මොනා වුනත් මේ ගෑල් ළමයි ටික නම් හ‍රි හොඳයි.ඔහේ පාඩුවේ ඕපදූප කියව කියව ඇවිත් කැළණියෙන් බැස්සා.මම මුහුදු මංකොල්ල කාරයා වගේ තනි ඇහෙන් බලන් හිටියා.

73 comments:

  1. අඩේ උඹ දිය රකුස් වගේ ඉන්න ඇති නේ..

    බොට ඉක්මනට සනීප වෙයි !!!

    ReplyDelete
  2. ඔපරේෂන් එක ගැන කියවද්දි නම් බය හිතුනා..මගෙත් දතක් තියනවා ගලවන්න..මම ඒක ගලවන අදහස අත්ඇරියා... :) පව් අනේ...දැන් හොදද??

    ReplyDelete
    Replies
    1. ඔය ඇස් වලට වඩා දත් ගලවන එක අමාරුයිලු

      Delete
    2. ශම්මි මට පව් කියපු එකට ස්තුතියි සහෝ තාම හොඳ නැහැ ඊයෙනේ ඔපරේෂන් කරේ.

      මිස්ටර් හයිඩ්
      වෙන්න ඇති සහෝ.

      Delete
    3. හයියු, මම නම් කීයටවත් එහෙනම් දත ගලවන්නෙ නැතෝ........

      Delete
    4. :) දතේ නූලක් ගැට ගහලා අනිත් කොණ කකුලේ මහපට ඇඟිල්ලේ ගැට ගහලා වකුටු වෙලා නිදියන්න රෑට.උදේ වෙද්දී දත ගැලවිලා තියෙයි තේරෙන්නේ නැතුවම :)

      Delete
  3. මුහුදු මංකොල්ල කාරයෙක් :)

    he he
    ikmanta sanipa wenna ehenam saho :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ! :)

      Delete
  4. අෆ්ෆා .... විස්තරේ කියවල මට නිකන් කලන්තෙ වගේ. කපන කොටන පලන ඒව අහන කොටත් මාව නිකන් වෙව්ලනව ඕං බොරු මොටද?

    අර ඔළුව පහත් කරන් ඉන්න කියන්නෙ මොළේට ලේ ගමන පහසු වෙන්නළු. මට ඉස්සර ඉස්කෝලෙදි අව්වෙ හිටියොත් නිතරම කලන්තෙ හැදෙනව. ඒ වෙලාවට මටත් ඔය වැඩේ කරන්න කියල අපේ ක්‍රීඩා සර් කියල දීල තියෙනව.

    ReplyDelete
    Replies
    1. කපන කොටන ඒවා ඕන කෙනෙක්ට කරනවා මට බලන් ඉන්න පුළුවන් ඒත් මට කරනවා කිව්වොත් හීං දාඩිය දානවා.

      හ්ම්ම් වෙන්න ඇති ඒක නම් හැමෝටම ප්‍රයෝජනවත් නිසාමයි ලිව්වෙත්.

      Delete
  5. දැන් ඉතිං කොම්පූටරේ ඉස්සරහට වෙල එක ඇහැකට බර දෙන්නේ නැතුව ටිකක් ​විවේක ගනින්...

    ReplyDelete
    Replies
    1. උඹට විතරයි ඒක මතක් වුනේ.තැන්ක්ස් මචෝ මතක් කරාට (Y)

      Delete
  6. උඹට කියන්න... මගෙත් ඇහේ දඩ කඩල ඇටයක් විතර නගනයක් තිබිලා ඔපරේෂන් කලා බං.. මම එක ඇහෙන් උ.පෙ පන්තිත් ගියා ඕයි!!! කොහොමද ආතල් එක. කෙල්ලෝ බලන්නේ නිකන් පිටසක්වලයෙක් දැක්කා වගේ :-)

    ඒකට පුළුන් ඔබලා තිබිලා ගලවන්න ගිය වෙලාවේ චූ ගියේ නැති ටික විතරයි බං :(

    තාමත් මගේ වම් ඇහැ අර මහේලයගේ වගේ වෙලාවකට ටිකක් පොඩී.. බොරුනං බලහන්කෝ හොදට බුකියේ පොටෝ :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරා ඒක ආවම හෙන කැතයි බං.මට නම් පුළුන් ඔබන්න තරම් දරුණු වුනේ නැහැ.

      Delete
  7. උඹටත් වෙන ඒවා, ඔය නගන වලට ආයුර්වේද බෙහෙත් තියනවා. ඔච්චර වද වෙන්න ඕන නෑ බං.
    …ඕක ඉක්මණින් සනීප වෙයි. ටිකක් නිදහසේ හිටපන්.

    ReplyDelete
    Replies
    1. දැන්නම් අවුලක් නැහැ බන් ඒත් කලින් මේක මාස හතක් තිබ්බා බහින්නෙම නැතුව.මොන මොන කෙම් කරාද ඒකට.

      Delete
  8. අම්මෝ.. එක ඇහැකින් ඔහොම නම් අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතින් වලා කියන්න එපා මට :D

      Delete
  9. අම්මේ බං තනි ඇහෙන් හරි පැණි පෙරන්න උඹලා හැබෑ දස්සයොනෙ...

    ReplyDelete
    Replies
    1. හෆෝයි මම මේක ලියලා ඉල්ලන් නෑවා වගේ.

      Delete
  10. ඉක්මන් සුවය පතනවා මල්ලියා!. මොනවා උනත් වල් කම අඩුවෙලා නැහැ. ඒ අසනීප අස්සෙත් කෙල්ලෝ දිහා නොබලා බලල :D

    ReplyDelete
    Replies
    1. හෆෝයි මම මේක ලියලා ඉල්ලන් කාගත්තා වගේ :(

      Delete
  11. තනි ඇහෙන් හරි පැණිය තියේනම් එච්චරයි වගේ :)

    ReplyDelete
  12. මටත් ඔය ඇස් කේස් එකම වුණා. හැබැයි ඒකෙන් මගේ පටිරෝල් වුනේ. මේ කතාව දැක්කාම මටත් වෙච්ච් ඒ සීන් එක ලියන්න හිතෙනවා මචං.. :)

    ReplyDelete
    Replies
    1. ලියපන් ලියපන් මචෝ අපිටත් කියවන්න.

      Delete
  13. කාටුන් එක මරුවට තියෙන්න ඇති නේද බං :රා

    ReplyDelete
    Replies
    1. මොන කාටුන් එකද බං?

      Delete
  14. ඇත්තටම කෑගැහුවේ නැද්ද? මට මේක කියවද්දිත් බය හිතෙනවා

    ReplyDelete
    Replies
    1. කෑගැහුවේ නම් පොඩ්ඩක් කෙඳිරි ගෑවා ගෙඩිය පලද්දී.
      රිදෙනවනේ ඉතින් අම්මෝ මතක් වෙද්දීත්.

      Delete
  15. අර ලෙඩ ඇහැට කප් එකක් දාලද යන්ඩ දුන්නේ...
    ඉක්මනට හොද වෙයං මල්ලි !

    ReplyDelete
    Replies
    1. කප් එකක් නෙවේ ලොකු ගෝස් කෑල්ලක් තුනට හතරට නවලා ඇහැට තියලා ප්ලාස්ටර් ගැහුවා.ඊට‍ උඩින් ආයේ වෙළුම් පටියකින් එතුවා.

      Delete
  16. "ළාමක,බොලඳ,සුකුමල කොල්ලෙක්"

    කතාවේ තිබුන හොඳ විහිලුව.. හික්ස්..

    කොහොම වුනත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඕන්..

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද විහිළු?
      ඒවා සත්‍ය වශයෙන්ම ඇත්ත හහ්.

      ප්‍රාර්ථනාවට නම් ස්තුතියි.

      Delete
  17. ඔහොම බේරුනා එක හොඳා කියල හිතනවා.. පෙනීම නොපෙනී ගියා නම්...
    ඇත්ත කියනෝ.. චු ගිය නේ..
    ඔහොමට අරම රිදුණා නම් සුකුමල කොල්ලට කොහොම රිදෙන්න ඇත්ද..?
    ඔය නර්ස් නෝනලා හිතන් ඉන්නේ අපිටත් උන්ට වගේ ස්නායු නෑ කියල.. අම්මප මට චෑන්ස් එකක් තියේනම් උන්ගේ ගෙඩි පලන්ට
    මං මේ සුදාගේ සිතුවිල්ලක් පැත්තෙන්

    ReplyDelete
    Replies
    1. පෙනීම නැති වෙන්න මේක ඇහැට සම්බන්ධ ගැටළුවක් නෙවේ බං.මේක අහිපිල්ලමේ යට පැත්තේ ආවේ.
      චූ ගියේ නැහැ බං මම හිතන්නේ :D
      ඒකනේ සුකුමල මට කොච්චර රිදෙන්න ඇද්ද?
      ඒකනම් ඇත්ත බං නර්ස්ලා හිතන්නේ අපිට වේදනාවල් දැනෙන්නේ නැහැ කියලා.

      Delete
  18. mama wagenam a welawata mulu palathama hellenna kegahai........ :) hane...hane...mechchara dekuth wela tyeddi tamath lajjanatuwa me nishan ayya com eka issarahata wela innawane.......anith ahatath oya demada karaganna one....... :(

    ReplyDelete
    Replies
    1. ikmanata sanipa wenna labewa kiyala kiyanna bari unane.......onna ikmanatama sanipa wewa kiyala prarthana karanawa nishan ayye........

      Delete
    2. එහෙම කෑගහන්න ගිහින් අර බ්ලේඩ් එක වගේ එක ඇහේ වැදුනොත් කොහොමද?
      හ්ම්ම් කොම් එක නැතුවම බෑනේ!

      ප්‍රාර්ථනාවට ස්තුතියි නඟා

      Delete
  19. ඔය ඇස් අමතක වෙන්න නම්.... සිංදුව දාල තිබුනෙ නැද්ද? නැත්තං මා දෑසෙ වේදනා.....වත්?

    //එයාගේ අම්මට මුවා වෙලා හොරෙන් හොරෙන් මොනවද කනවත් මම දැක්කා//
    මේ පොඩිඑකෙක්ද කොහෙද මොන්ටිසෝරි වයසෙ!

    ReplyDelete
    Replies
    1. එ නර්ස් අක්කලව දැක්කම මට එක එක සින්දු මතක් වුනා ඉතින් :)

      නැහැ නැහැ මොන්ටිසෝරි වෙන්න බැහැ එයා මගේ ගානටම උසට හිටියා :)

      Delete
    2. //එයාගේ අම්මට මුවා වෙලා හොරෙන් හොරෙන් මොනවද කනවත් මම දැක්කා//

      මේක දැක්කම මටත් හිතුනේ රාජ් අයියට හිතුන එකමයි :);)

      Delete
  20. නිශාන්, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පැණි හැලෙන්න කතාව නම් කියලා තියෙනවා. ඒ වුනාට දැන් අර පේන එක ඇහැට වදනොදී ටිකක් නිකං හි‍ටු. බ්ලොග් ලියාපෂ් ප්ලාස්ටර් එක ගැලෙව්වාම.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තුතියි
      කෝ කෝ පැණි? :)
      ප්ලාස්ටරේ නම් දැන් ගලවලා තියෙන්නේ සර්

      Delete
  21. පරිස්සමෙන්...ඔයින් ගියා මැදෑ... ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ආයේ යන්න වෙයි වගේ සහෝදරි
      ප්‍රාර්ථනාවට ස්තුතියි.

      Delete
  22. උඹ මේ පෝස්ට් එක ලිව්වෙත් තනි ඇහෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ඇස් වහගෙන උනත් ලිව්වහැකි.හැබැයි මොනා ලියවෙයිද දන්නේ නැහැ.

      Delete
  23. ඒ උඹ අම්මත් එක්කද ..බං හැමතැනම යන්නෙ..!
    ඉකමනින් සුවවෙන්න නිශාන්...
    ඇහේ ලෙඩතියාගෙනත් පැණිකම....!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් බං මම තාම පොඩි එකානේ.
      ප්‍රාර්ථනාවට ස්තුතියි සහෝ
      කෝ කෝ පැණි? :)

      Delete
  24. ඈබං ඉන්ජෙක්සන් ගහල උබට හිරිවැට්ටුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. උට හිරි වැටිලලු තිබ්බේ !!!

      Delete
    2. සැමෝ ඉන්ජෙක්ෂන් එකක් නම් ගැහුවා ඒත් හිරිවටුනේ නැහැ බන්.

      මධුරංග අයියා :D

      Delete
  25. ඔය ඇහේ ආවයි කිව්වෙ නගනයක් ද නැගනියක් ද .....?

    ReplyDelete
  26. අඩේ මටත් ඔය නගර එනවා බං!ඔහොම එකක් කරන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. නගර නෙවේ බං මේ නගන.ගල්ටික් එකට ආවොත් නම් කපනවා බන්.

      Delete
  27. ඇහැකුත් වහගෙන කොම්පීතරේ ඉස්සරහා ඉන්න එපා මචං.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. දැන්නම් ප්ලාස්ටරේ ගැලෙව්වා සහෝ
      ප්‍රාර්ථනාවට ස්තුතියි.

      Delete
  28. දැංවත් ඔය කෙල්ලංට ඇස් ගහන එක නවත්තපං මචං...
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් තනි ඇහෙන් ඇස් ගහන්නත් අමාරුයිනේ :)

      Delete
  29. මට නම් මතක් වුණේ අර දොස්තර හොඳහිත එකේ ඉන්න චව් චව්... ඒ වගේ ඉන්න ඇති නේද... ඵල ඵල ඉක්මනට සනිප වේවා!

    ReplyDelete
    Replies
    1. චව් චව් තව හොඳයි බන් :)

      Delete
  30. ඉක්මනට සනීප වෙයන් මචං......!
    අඩෝ උබ එල බං ආච්චීලාත් කෑගහද්දී උඹ නෙමේ නේ මීක් ගෑවේ :P

    ReplyDelete
    Replies
    1. මට මං ගැන හෙන ආඩම්බරයි බං :D

      Delete
  31. පොඩි කේස් එකක් නෙ බං :P

    ReplyDelete
    Replies
    1. බොට නම් පොඩි කේස් එකක් වෙන්න ඇති ඒත් මට?අම්මෝ ලොකුම ලොකු කේස් එකක් :D

      Delete
  32. mama methana add ekak dammata uba tharaha wenne na neda macho...

    ReplyDelete
    Replies
    1. අනේ කමක් නැහැ මචෝ

      Delete
  33. බොට කිව්ව මම කලින්ම ඕක, දකින දකින කෙල්ලන්ට ඇස් ගහන්න එපා කියල....

    ReplyDelete
  34. \\ මම එක ඇහැකින් බලාගෙන හෙන පොෂ් විදියට හිනාවක්‌ දාලා කෑවා කිව්වා \\

    එලම කතාව !!! යකෝ ගෙඩිය කපලත් වල්කම ගිහිල්ල නැහැ නේ අම්මප !!!

    පරිස්සමට හිටපන් !!!

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!