Friday, August 17, 2012

110 තුවක්කුව!

ඔහු මැගසින් එක ඇතුල් කොට ලෝඩ් කර ඉහලට ඔසවා වෙඩිල්ලක් තැබුවේය එය ටකා..ස් යන ශබ්දය නගමින් තහඩු වහලේ ගැටෙන ශබ්දය ඇසුනත් උණ්ඩය කොහෙට ගියා දැයි මා හට දැකගත නොහැකි විය.

දැක්කනේ මල්ලි බඩු නිකන් ගින්දර වගේ.

හරි අයියා තව කීයක්‌ හරි අඩු කරලා දෙන්න බැරිද?

අපෝ බැහැ මල්ලි අපිත් මේවා සුළු ලාබයක් තියාගෙන කරන්නේ අන්තිම 150/= ක් දෙන්නකෝ.


රුපියල් එකසිය පනහක් ගෙවා ගත් පසු ප්ලාස්ටික් බෝල දමා වෙඩි තබන එම සෙල්ලම්  ලෝඩ් තුවක්කුව දැන් මා සතුය.තේවත්ත පල්ලියේ මංගල්ලෙට සෙල්ලම් බඩු කඩ රැසක් පල්ලි වෙළදාම් භූමියේ වෙළදාම් කරන්නේ තරඟෙට මෙනි.එම සෑම කඩයකටම හොඳ හැටි වෙළදාම් ඇති බවද කිව යුතුමය.

මා මිලදී ගත් එම බෝල තුවක්කුව දැන් මා හට අනර්ග වස්තුවකි කහ පාට චූටි චූටි ප්ලාස්ටික් බෝල පැකට්ටුවේ ඇති බෝල මැගසින් එකට ඇතුල් කොට එකින් එක ලෝඩ් කර වෙඩි තැබීමට මා ඉතා ඉක්මනින් හුරු වුනෙමි.එහෙත් ඉලක්ක ගැනීම ගැන නම් මම අදටද සතුටු නොවෙන්නෙමි.

මිලදී ගත් දිනට පහු දින සිට මා අනික් ළමුන් සමඟ සෙල්ලම් කිරීමට නොගොස් ගස් වල සිටි කුරුල්ලන් කපුටන් කුකුලන් බල්ලන් වැනි සතුන්ට වෙඩි තැබුවෙමි.එහෙත් එයින් එකක් දෙකක් හෝ වැදුනේ කනාවට ය නැතහොත් ඉතා සමීපයේ සිට වෙඩි තැබීමකින් පමණි.ඒ වෙඩි තැබීම් කිසි විටෙක කිසිම සතෙකුට දරුණු ප්‍රහාර නොවිය.

ගස් අතු වල වසා සිටි කුරුල්ලන් හට වෙඩි තැබුවත් හැම විටම එම ප්ලාස්ටික් බෝල හිස් අවකාශේ පාවෙවී ගියේ කුරුල්ලනුත් ප්ලාස්ටික් බෝලයත් අතර මීටරයක පමණ දුරක් තබාගෙනය.මේ අතර කාලයක් සෑදී තිබී පසුව සුව වුන ෂර්ලොක් හෝම්ස් උණ ආයේ හට ගැනින.ෂර්ලොක් හෝම්ස් හා සමානවම මා සෑම දෙයක් ගැනම ඉතා විමසිල්ලෙන් බැලිය.තුවක්කුවක් අතේ තබාගෙන නිකම් කුරුල්ලන්ටයි බල්ලන්ටයි වෙඩි තැබීමෙන් මා සෑහීමකට පත් නුවූයෙමි.
උණ්ඩ

මිතුරන් දෙස පවා විමසිලිවත්ව බැලූ මා හට සියලු දෙනා අපරාධ කරුවන් මෙන් පෙනුනි.මගේ තුවක්කුවෙන් වෙඩි කෑ සමහරක් මිතුරන් මා ගැන පැමිණිලි ද කර තිබුනේ මාගේ මවට ය.හිරේ දැමීමට තරම් කූඩුවක් ගෙදර නොතිබුණු බැවින් කරුණු විමසීම් පසුවලින් ඒ සෑම අවස්ථාවකම "ආයෙත් කරන්නේ නැහැ" යන පොරොන්දුව මත නිදහස් වීමි.

එහෙත් එම පොරොන්දුව බාලගිරි දෝෂය මෙන් විය.එකල දිනක් මා අප නිවසට ඉදිරියෙන් වූ පොල් ගස් හා කැලෑ වල් වැදී තිබු වත්ත වෙත ඇතුළු වුයේ රහස් පරීක්ෂක වැඩකටය.මාගේ සඟයා වූ වොට්සන් වුයේ විටෙක මා අතින් වෙඩි කෑ අහිංසක පපියා ය.ඌට ඇති වැඩක් නුවුවත් ඌත් බිම ඉඹ ඉඹ මා පසුපස ආවේ මා හට අවංක සිතින් උදව් කිරීමට විය හැක.

වත්තේ ඔබමොබ සැරිසරමින් රහස් පරීක්ෂක කටයුතු වල නිරත වෙමින් සිටි මා හදිසියේම දුටුවේ අපරාධකරුවෙක්වය.සරම දෙකට නවා ඇදගෙන වැනි වැනි කුනුහරපත් දොඩවාගෙන බමන මතින් මත් වී ඒ පැමිණියේ සියාතු මාමය.ගමේ පොඩි උන් ඌට බය ය.මම නම් ඔහුට බය නැත පදිරි වුවා පමණි.මේ මොහොතේත් පදිරි වුවත් අතේ තුවක්කුවකුත් තබාගෙන බිය වන්නේ අහවල් දේට ඈ?

මා එක අතකින් තුවක්කුව උඩු අතට දික් කරගෙන පොල් ගසකට මුවා වුයෙමි.ගස මට වඩා හීනිය.මා ගසට වඩා පළල් ය.එහෙත් සියාතුවා මාව දැක්කත් පොල් ගස ඇදුමක් ඇද සිටිනවා යනුවෙන් අනුමාන කල හැක.මන්ද ඒ ඔහුගේ හැටිය.

දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් සියාතුවා වැනි වැනි මොනවද මන්දා කියවමින් ඉදිරිපස පාරෙහි ගමනේ යති.වොට්සන් නොහොත් පපියා බිම ඉදගෙන සිදුවීමට යන ක්‍රියාන්විතය දෙස දෑස් අයා නිදිමතේ බලාසිටියේ ය.සියාතුව මා සිටි ඉසව්වට කෙලින් පාරෙහි යති තුවක්කුව ඔහු දෙසට එල්ල කර මා ඉලක්ක කෙරුවේය.ඒ මොහොතේ මා හට ඔහු පෙනුනේ බ්‍රිඩ්ජ් මාලිගයෙහි කුමාරියගේ දියමන්ති මාලය ඔහුගේ අතේ තිබු බවක්ය(පසුව දැනගත් පරිදි එය අඩක් ඉතිරි වූ කසිප්පු බෝතලයක් ය).

සියාතුවා සිහිනෙන්වත් ඒ මොහොතේ නොසිතන්නට ඇත තමන් දෙස තුවක්කුවක් එල්ල කොට හෝම්ස් ඔහු දෙස බලා සිටින බවක්.එහෙත් ඒ බව දැන සිටි අයෙකු විය ඒ පපියා ය.ඔලුවටම තියනව කුඩු වෙන්න කියා සිතු මා සියාතුවාගේ ඔලුව දෙසට මාන අල්ලා කොකා ගැස්සිය.

ප්ලාස්ටික් බෝලය විදුලි වේගයෙන් වාතලය මත ඇදී ගියේය.මොහොතක් ගත වීමටත් පෙර සියාතුවා
අම්මෝ @@!!!@@
මොන **තාද මට කැටපොලු වලින් විදින්නේ?.වරෙන් *කයෝ එලියට! ෆේස් ටු ෆේස් ගහගමු.
යනුවෙන් මරණ බියේ කෑ ගසන්නට විය අහල පහල එකෙකු දෙන්නෙකු දුව ආවෝ ය!.ප්ලාස්ටික් බෝලය සියාතුවාගේ ඇහේ වැදී ඇත. පසුව එම ස්ථානය වෙත පැමිණි ගෙදර පොලිසියේ ස්ථානාධිපතිනිය(මව් තුමිය) මාව අත් අඩංගුවට ගෙන කරුණු විමසීමක් සිදු කළා ය.

මා වැරදි කරු වුයේ ය.බලන්නට පැමිණි වුන්ගෙන් සමහරෙක් හිනා වෙමින් ගියෝ ය.තවත් සමහරුන් සියාතුවට හොඳ වැඩේ යැයි පවසමින් ද ගියෝ ය.එවෙලේ මා හට පෙනුණු එලොවටත් නැති මෙලොවටත් නැති ගන්ධබ්බයන් මෙන් පිරිසක් මට බැන බැන ගියෝ ය.

පසුව තුවක්කුව ටික දවසකට රාජසන්තක විය ඉතිරි වූ ප්ලාස්ටික් බෝල පැකට්ටුව මිතුරෙක් යන එකෙක් පැමිණ රැගෙන ගියේ ය.මාගේ හෝම්ස් උණ පහවිය.පපියා නිකම්ම නිකන් පපියා වුයේ ය.
                                                                                                               

                                                                          -නිර්මාණයක් පමණක්ම නොව
__________________________________________________________________________
තුවක්කු ගැන ලියන්නේ විචාරක මහත්මයානේ ඔහුට තරම් ඒ වගේ හසල දැනුමක් ඇති කෙනෙක් බ්ලොග් අවකාශේ නැති තරම්.ඒත් මේ ලිපිය ලියවුනේ මාගේ පරණ සෙල්ලම් බඩු අතර බෝල තුවක්කුවත් කෑලි කැඩී කොටස් වශයෙන් තිබෙනු දැකය.

අනික තේවත්තේ පල්ලියේ මංගල්‍ය එනවා කියන්නේ හැම අවුරුද්දෙම මංගල්ලේ දවස් වලට ඔය කියන වෙලදාම් භූමියට යනවා ඇවිදින්න.යාළුවො එක්කත් යනවා,ගෙදර අයත් එක්කත් යනවා.ගිහින් මොනවා හරි කාලා අයිස්ක්‍රීමුත් කාලා අන්තිමට අච්චාරුත් කාලා එක එක කඩවල් වලිනුත් මොනා මොනා හරි අරන් තමා ගෙදර එන්නේ.මම පොඩි කාලේ නම් ඔය වගේ සෙල්ලම් බඩු තමයි ගත්තේ.අම්මා නම් වලන් සෙට් මග්ස් අරව මේවා තමා.ඒත් දැන් නම් මම  ගන්නේ මුදු,හෑන්ඩ් බෑන්ඩ්,ඩි.වී.ඩිස් වගේ එව්වා මෙව්වා අම්මා නම් තාම අර ඉස්සර වගේ වලන් සෙට් මග්ස් එව්වා මෙව්වා තමා :)

තේවත්තේ පල්ලියේ මංගල්ලේත් මේ මාසේ 28  එනවා.




110 comments:

  1. ඇට බෝල වගේම සීනි බෝල තුවක්කුවත් මරු ඈ..

    හැබැයි වෙඩි තියන්න ඕනා *කට. එතකොට සතුරා මැරෙන්නේ කූඹි කාලා.... :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාත් කොයි වෙලේ හරි ඔය වගේ තුවක්කුවකින් වෙඩි කයි කියලා මට බයයි ඈ :)

      Delete
    2. අලුත් එක්කෙනෙක් වගේ
      වෙල්කම් ඈ

      Delete
  2. අපිත් පොඩි කාලෙ ඔය වගේ දෙවිනුවර පෙරහර දවස්වල එහේ ගියාම අම්මලට වද කරල තුවක්කු ගත්තා. අර බුද්ධි කියල තිබුණු වගේ කැප්ස්ට්‍රොල් (වචනෙ හරිද මන්ද) තුවක්කු තමා. ඊටත් පොඩි කාලෙ වතුර දාල විදින එව්ව. සුන්දර මතකයක්.
    තේ වත්තෙ පල්ලිය ලස්සනයි කියල මම අහල තියෙනව මචං, අපේ නංගි දැන් ඉන්නෙත් කඳානෙ. ආපු වෙලාවක යන්න ඕන කියල හිතන් හිටියට තවම යැවුනෙ නෑ. බලමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. මං ගාවත් ඔය කියන කාටිස්‌ තුවක්කු තිබ්බා ඒත් ඊට වඩා විනෝද වුනා බෝල තුවක්කුවලින් :)
      කදානේ ඉඳං වැඩි දුරක් නැහැ තේවත්තට ආපු වෙලාවක අනිවා ඇවිල්ලා යන්න පුදුම නිස්කලංක පරිසරයක් තියෙන්නේ.

      Delete
  3. අඩේ බෝල තුවක්කුවක් තියෙන එකෙක් ඉස්සර හෙන වැඩ්ඩෙක්නේ...
    අපේ ඉස්කෝලෙ ගාවත් තිබ්බා..
    හැබැයි ගනං. රුපියල් 200ක් විතර උනා...
    (කාලෙ හැටියට 200ය යනු අධික මුදලකි)

    ReplyDelete
    Replies
    1. මාත් ඉස්සර හෙන වැඩ්ඩෙක් තමා බං.
      මම ඕක එකසිය පනහට ගත්තේ 2001දී :)

      Delete
  4. අඩේ මටත් තිබ්බා ඕයි ඔය වගේ ගැජට් එකක්!මාත් මාර ආසයි!අපේ ගෙදරට එහා පැත්තේ එකාට තිබ්බා එක දවසක් ළඟ ඉඳං චූ යන්නම!ඊට පස්සේ ඌ මම නැති අතරේ මගේ කාමරේට පැනලා අයුධ ගබඩාව හොයාගෙන තුවක්ක්කුවේ අර බුලට් දාන කෑල්ල උස්සල තිබ්බා! ;(
    ආයේ ඒ වගේ එකක් ගන්න ඕනේ!දෙතුන් දෙනෙක් ඉන්නවා වැලිගම් යවන්න! :)

    ReplyDelete
    Replies
    1. ඉකේ උඹත් අසික්කිත වැඩනේ කරන්නේ.
      ආයේ එකක් ගන්නවා නම් තේවත්තේ පල්ලියේ මංගල්ලෙට වරෙන්.

      Delete
  5. ඒකත් ටිකක් ඇත්ත එක වගේමයි ඈ.. නරක නෑ භාණ්ඩේ..

    ReplyDelete
    Replies
    1. උපරිම විනෝදයක් ගත්තාහැකි වෙනසකට තියෙන්නේ ප්ලාස්ටික් බෝලත් ඇත්ත උණ්ඩත් අතර වෙනසයි නිත්‍යානුකූල බවයි :)

      Delete
  6. me nishan ayyath karana wada........! :D

    ReplyDelete
    Replies
    1. මම මෙහෙම හිටියට රජ වැඩකාරයෙක් :P

      Delete
  7. අනේ මමත් රහස් පරීක්ෂක වැඩවලට ආසයි... ඉස්සර මම කාගෙ හරි මොනා හරි හංගලා, මමම ගිහින් ඒක හොයලා දෙනවා... මට නම් වුනේ ද එක්ස් ෆයිල්ස් බලලා වැඩි වුනා... ;)

    ReplyDelete
    Replies
    1. ඔයා මාර රහස් පරික්ෂකයෙක්නේ :D
      දැනටමත් සමහර පොලිසියේ අයත් ඔයා කරා වගේ කරනවා :)

      Delete
  8. ඕක මහ ජරා බාන්ඩේ වැදුනොත් චූ යන්න රිදෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙඩි වැදිලා තියෙනවා වගේ බොටත් :)

      Delete
  9. ඔය ‍බෝල දාලා විදින එකක් නේ. හප්පා ඕක මාර විසයි. වැදුනොත්.

    ReplyDelete
    Replies
    1. විස නැහැ රිදෙනවා විතරයි :)

      Delete
  10. පට්ට තමා මන් ගාවත් දුසිමක් විතර තිබ්බ

    ReplyDelete
    Replies
    1. දුසිමක්? එච්චර ගොඩකින් උඹ කාටද බං වෙඩි තිබ්බේ?

      Delete
  11. ඔව් ඔව් මගෙත් ඕක ප්‍රියතම භාණ්ඩේ වෙලා තිබ්බ,ෂර්ලොක් හෝම්ස්, නයිට් රයිඩර්, සුපර් මෑන්, කාලෙන් කාලෙට පිස්සු තමයි, ප්ලාස්ටික් බෝල තුවක්කුම මරු හැබැයි ඔයිට වඩා පවර් ෆුල් ගෙදර හදන උණබට තුවක්කුව. කඩදාසි ගුලි වතුරේ පොඟවල තමයි උණ්ඩ හදාගන්නේ. වැදුනොත් පලුදානවා ආයේ දෙකක් නෑ/

    ReplyDelete
    Replies
    1. උණබට තුවක්කු මම හදලම නැහැ බං ඒකත් හදන හැටි දැනගත්තේ මාරයා අයියගේ පෝස්ට් එහෙකින් :)

      Delete
  12. අපේ චූටි අයියට ඉස්සර තුවක්කු පෙන්නන්න බැරිලු... යන යන තැන අරන් දෙනකම් අඬනවලු...

    ReplyDelete
    Replies
    1. අර ඇහිබැම කපපු අයියද?
      (ඒ කතාව ලියන්න ඇත්තේ ඔයා කියලා වගෙයි මට මතක)

      Delete
    2. ඇහිබැම කපපු අයියා... නෑ නෑ වෙන්න බෑ... මොකද මම එහෙම කතාවක් ලිව්වෙත් නෑ.. ඔයා එක පාරකට වඩා මගේ බ්ලොග් එක කියවන්න ඇවිල්ලත් නෑ... :))))

      Delete
    3. ෂුවර්ද? ආහ් ඉන්නකෝ මම ඒ පැත්තේ එන්නම්.

      Delete
  13. මටත් තිබ්බ ඔයින් එකක්.. තාමත් තියෙන්නෝ... හංගල තියෙන්නේ..
    හොලු අවම බල කරන්න..
    (මටත් දවසක් බරක් වැදුන.. කලිසම දිගේ මක්කදෝ බේරුනා.. මම ගිහින් ඇල වුණා)

    ReplyDelete
    Replies
    1. තාමත් සූටි එකා වගේනේ :)
      සිකේ මුන් ඔක්කොටම චූ ගිහිල්ලනේ ඕකෙන් වෙඩි කාලා :D

      Delete
  14. තේවත්ත පල්ලිය ගැන කියපු නිසා කියන්නේ..

    සති දෙකකට වරක් අපේ සෙට් එක ඇවිත් පල්ලිය වත්තේ කන පැලෙන්න නිදාගන්නවා. පට්ට පරිසරය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුදුම නිස්කලංකයක් තියෙන්නේ තේවත්තේ පල්ලියේ පරිසරේ.

      Delete
  15. අපේ පල්ලියේ මංගලයත් ලඟයි.. :)

    ඉස්සර අපේ අයියටත් ඔය තුවක්කු පිස්සුව තිබුනා බොහෝම දරුණුවට. එයා ඉස්සරවෙලාම උණ බට තුවක්කුවක් හදාගෙන ඒකට මොනාදෝ ගෙඩි වගයක් දාලා වෙඩි තියනවා. තව තුවක්කුව වටේම පොල්කොළ වලින් ආවරණයකුත් හදපුවාම සද්දෙ තවත් වැඩී. මම ඉතින් පැත්තකට වෙලා ඕවා බලාගෙන ඉන්නවා. මොකෝ මට සෙල්ලම් කරන්න දෙන එකක් යෑ. ඔය පල්ලියේ මංගල්ලෙට ගිහින් ගත්තු තුවක්කු තාමත් අපේ ගෙදර බිත්ති කැබිනට් එකක් දාලා තියෙනවා. මතක වස්තු...

    ReplyDelete
    Replies
    1. ඔය තුවක්කුත් ගොඩක් ජනප්‍රියයි තමා සහෝදරි ඒත් ඕවා සල්ලි වලට ගන්න නැහැ අපිම හදාගන්න ඕන.ඔව් ගොඩක් පරණ අතීතයන් අපේ කබඩ් තුල තාමත් රැඳී තියෙනවා :)

      Delete
  16. බ්ලොග් එකට එනකොටම මම හිතුවෙ ඉවරයි තමයි කියලා. :)

    …තුවක්කු පිස්සුව මටත් තිබ්බ පොඩි කාලේ. හදා ගත්ත සෙල්ලම් තුවක්කුත් තිබ්බ. ඔන්න මචෝ මටත් මගේ තුවක්කු කැටපෝල් බට තුවක්කු සෙල්ලම් ගැන පෝස්ට් එකක් දාන්න පුලුවන් වෙයි වගේ උඹගෙ මේ පෝස්ට් එක නිසා. :-)

    ReplyDelete
    Replies
    1. \\බ්ලොග් එකට එනකොටම මම හිතුවෙ ඉවරයි තමයි කියලා. :)//

      ඒ මොකෑ බං ඒ?

      මං දන්නවා මගේ මේ ලිපිය නිසා ගොඩක් අයගේ පරණ අතීතයන් මතක් වුනා කියලා.ඒත් ඒ එකෙක්වත් උඹ වගේ ඒ ගැන සඳහන් කරේ නැහැ.සද්ද නැතුවම ගියා.

      Delete
    2. \\ඒ මොකෑ බං ඒ?//

      …පොඩි ජෝක් එකක් බං :D (එනකොටම දැක්කෙ පිස්ටල් එකක් නේ.)

      …ජයවේවා !!

      Delete
    3. උඹටත් මාර ඒවා තමා හිතෙන්නේ.

      Delete
  17. අනේ නිශානයෝ උඹයි මමයි දන්න ෂර්ලොක් අය්යා :ප
    මටත් තිබ්බා බන් ඔය තුවක්කු පිස්සුව :/

    ReplyDelete
    Replies
    1. හා එහෙනම් උඹ දන්න ෂර්ලොක් ගැන කියපන් :)
      කොල්ලෝ වුනාම තියෙන පිස්සුවක් තමා බං ඕක පොඩි කාලේදී.

      Delete
  18. ඇට බෝල තුවක්කුව ඉස්සර මගෙත් ෆේවරිට් ගමන ගිහින් එන ටිකටම බෝල ටික ඉවර වෙන හින්දා ආය ගෙදර ඇවිත් ෆයර් කරන්න බුලට් නෑ

    ReplyDelete
  19. මට තිබ්බෙ රොබින් හුඩ් පිස්සුව නෙ, ඉඳලා හිටලා රොබින් උණබට තුවක්කුත් පාවිච්චි කළා! ඵල ඵල !

    ReplyDelete
    Replies
    1. රොබින් හුඩ් විද්දේ ඊතලයෙන් නේ සහෝ :D

      Delete
  20. ඔය තුහක්කු මුලින්ම කරළියට බැස්සෙ 2000 වගේ කාලෙ නේ?
    ඕව එන්න කලින් තිබ්බෙ කැප්‍රෝල් තුහක්කු.... පල්ලියෙ මංගල්ලෙ කාලෙට චට පට ගගා හතර අතෙන්ම පත්තු වෙනවා....

    අසාර්ථක උනාට සියාතු සීයගෙ මෙහෙයුම නම් මරු

    තේවත්තෙ පල්ලිය තරම් හිත නිවන තැනක් තවත් නෑ බන්. ඒ වගේම තමා තේවත්තෙ පල්ලියෙ මංගල්ලෙට ඒ හරියෙ විකුණන්න තියෙන අච්චාරු වලට ගහන්න අච්චාරු තියෙන තැනක් ලොවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මට මේ සිද්දිය වුනෙත් 2001දී විතර.
      හ්ම්ම් අච්චාරු නම් නියමයි තමා අපි අනිවා හැම ඉරිදම කනවා පල්ලි ගියාම.

      Delete
  21. ආයෙත් අහලා ඔය තුවක්කු ගත්ත කාලෙම ගස් ගල් වලට මුවා වෙලා පොලිස් වැඩ දාන්න අපි සෑහෙන කැමතී නේන්නම්.. තනියම උනත් ඔය සෙල්ලම පැය ගානක් කරනවා.. මේක කියෙවුවම ඒ කාලේ මතක් උනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ගොඩක් අයට මගේ ලිපිය නිසා අතීතේ මතක් වුනා.බලන් ගියාම හැම කොල්ලම එක වගේනේ :D

      Delete
  22. මල්ලී මාත් තේවත්ත පල්ලියට ඇවිත් තියනව.මම යන්න හරිම ආශ තැනක්..ඇයි අච්චාරු? අයියෝ ඔයා මේක මොකට මතක් කලාද අප්පා..:(:(

    ReplyDelete
    Replies
    1. ඉතින් මාකට් එකෙන් පළතුරු ගෙනල්ලා හදාගන්නකෝ අච්චාරුවක්.

      Delete
  23. 'නිර්මාණයක් පමණක්ම නොව' ??
    :)
    උපන් දිනේට දෙන්නේ මුද්දක් එහෙනම්.......:)

    ReplyDelete
    Replies
    1. හෑ උපන්දිනේ?? ටියුබ් ලයිටයක් මී.

      Delete
  24. මගේ අවාසනාවකටද මන්ද මම මුලින්ම මුනිස්සම් තුවක්කුවකට මුන් අට දාල වෙඩි තිබ්බේ. ඒ ඊට පස්සේ පාවිච්චි කරපු බට තුවක්කු ප්ලාස්ටික් තුවක්කු ගානක් වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය වගේ එක එක ඇට දාලා අපිත් වෙඩි තියලා තියනවා!මම නම් හෙන ආසයි ඒ කාලේ තුවක්කු වලට.

      Delete
  25. ඇ ඇ .. නල්ලම මලේ තුවක්කු.. මම අර සද්දේ විතරක් එන බදු වැඩ නැති තුවක්කුවක්නන් පාවිච්චි කරා ඉස්සර එකත් ගෙධරට හොරෙන්.. හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං ඒ වතුර තුවක්කුවක් ද?.

      Delete
  26. අඩේ මටත් තිබුනා අර දිග තුවක්කුවක්... වෙඩි තියද්දි "ටකර ටකර" ගානවා ඒක... සද්දේ අච්චර ෆන් නැති නිසා හෙවිල්ලක් බැලිල්ලක් කලේ නෑ,.. මං හිතන්නේ ගෙදරට ආපු කාට හරි පොඩි එකෙකුට දෙන්න ඇති ඒක...

    ReplyDelete
    Replies
    1. මං ඒවා සෙල්ලම් කරේ අවුරුදු පහේදී විතර බං,බෝල තුවක්කු ඊට වඩා ෆන්

      Delete
  27. විස්වාස කරහන් මලේ ඔය බෝල තුවක්කුවක් අපේ එකෙක් ඉස්කෝලේ අරගෙන ආවා. මාත් ඉතින් ආසාවට අතට අරගෙන බැලුවා. බලලා කොකා ගස්සන්න යනකොට අරූ කෙගහනවා ඕකේ බෝල තියෙනවා යකෝ කියලා.

    ඒවා කොහෙද මාත්තෙක්ක.
    මම් ගස්සලා දැම්මා. අර බෝලය ගිහින් උගේ නාස් කුහරේ ඇතුලට ගියා. අරූ නාහේ පිඹලා පිඹලා තමා බෝලේ එලියට ගත්තේ. මම් නහුතෙට බය උනා.

    ඊට පස්සේ තුවක්කුව විසික් කරල දුවන්ඩ තියා ගත්තා. අරුත් පස්සෙන් එලවලා මයේ *කට වෙඩි තිබ්බා. *ක නිල් වෙන්ඩ !!!!

    ඊට පස්සේ වැඩේ ශේප්...

    එදායින් පස්සේ නම් බෝල තුවක්කු අතට ගත්තෙම නෑ...

    තේවත්ත පල්ලියේ මංගල්ලේ කිව්වේ ලෙඩුන්ගේ මංගල්ලෙද නැත්නම් පල්ලියේ මංගල්ලෙද ?

    ReplyDelete
    Replies
    1. ශිකේ හරි කුජීත වැඩක්නේ වෙලා තියෙන්නේ.හෆෝයි මට නම් න්බතුවම බැරුව ගිය දෙයක් වුනා බෝල තුවක්කුව :)

      නැහැ නැහැ තේවත්ත පල්ලියේ මහා මංගල්‍ය තමා මේ මාසේ තියෙන්නේ.

      Delete
  28. ඔය ලමයින්ට තුවක්කු අරන් දෙන්න එපා කියලා කිව්වට මම නම් අරන් දුන්නා. ඒකත් ළමාවියේ එක්තරා කොටසක් තමයි. කැටපල් කාලෙත් ඕකෙම වර්ෂන් එකක්නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔයා නියම තාත්තා කෙනෙක් සර්.අපේ තාත්තා තමයි මටත් මුලින්ම ඕකක් අරන් දුන්නේ.

      Delete
    2. මම නම් පුත්‍රයට සෙල්ලම් තුවක්කු දෙන්නෑ කියන මතයෙ උන්නේ..ඒත් මේ ඩුඩ් ගෙ කමෙන්ට් එක මාව දෙපාරක් හිතන්ඩ යොමු කළා.. බලමු, මිනිහට උණ ගහලා ඉල්ලුවොත් අරන් දෙමු නේද ?

      Delete
    3. සෙල්ලම් තුවක්කුවක් දුන්නා කියලා ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?යල්පැන ගිය අදහස් වලින් එලියට එන්න.

      Delete
  29. අපේ අක්කගේ කොල්ලට තියෙනවා ඔය මෙව්වා තුවක්කුවක්..කාකි සූට් එකක් දැක්ක ගමන් මිනිහා ඒක ගේ ඇතුලේ හංගනවා. හික්ස්...පව් අසරණයා හිතන් ඉන්නේ ඒක දැක්කම එයා පොලීසියෙන් අරගෙන යාවි කියලා.

    ReplyDelete
    Replies
    1. ෂෝක් පොඩි එකෙක්නෙ.අක්කගේ කොල්ලා කිව්වම මට එක පාරට මතක් වුනේ වෙන එකක් හික්ස්.

      Delete
  30. .මේ පෝස්ටුව කියෙව්වේ හෝම්ස් නිසා මිසක් උබ නිසා නොවේය. ඒත් මම බැලුවේ හෝම්ස් තුවක්කුවක් පාවිච්චි කලේ එහෙමත් වෙලාවකය. බොහෝ වෙලාවට කිව්වේ වොට්සන් ඔබේ රිවෝල්වරයත් සූදානම් කරගන්න කියාය. කොහොම උනත් මේ පෝස්ටුවේ මොකද්දෝ අව්යාජ ගතියක් තිබෙන බවද නොකියාම බැරිය. අපට වාසනාවටද අවාසනාවටද මන්දා ප්ලාස්ටික් සෙල්ලම් තුවක්කු තිබුනේ නැත. ඒ අඩුපාඩුව පිරිමහනු ලැබුවෙ උණ බට තුවක්කුවත් ,,කැටපෝලයත් ය ..අන්තිමට කිව යුත්තේ උබේ පෝස්ටුව ළමා කාලය මතක් කළ බවය. ඒකට බොහොමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. "මේ පෝස්ටුවේ මොකද්දෝ අව්යාජ ගතියක් තිබෙන බවද නොකියාම බැරිය.."

      රති රජරට හරි - මමත් මෑතකදී ඉඳන් නිෂාන්ගේ පෝස්ට් එකක් නෑර කියවන්නේ ඒ නිසාමය.

      Delete
    2. පොඩියක් එහා මෙහා විය - *රතු රජරට
      භයානක වැරදීමකි ;-)

      Delete
    3. @තිස්ස දොඩන්ගොඩ8/18/12 1:57 PM
      @මගේ අම්මෝ අති භයානක වැරදීමක් නේන්නම්. මම ඒත් බැලුවා අද page view එක එකපාරටම වැඩිවුනේ මොකද කියලා.

      Delete
    4. හෙහ් හෙහ් හෙහ් මැක්ස්... :-)

      Delete
    5. @රතු
      මම පොඩි කාලේ රිවොල්වරයත් පිස්තොලයත් අතර වෙනස දැනන් උන්නේ නැහැ එකයි පිස්තෝලයක් තියාගෙන මම හෝම්ස් වුනේ :)
      මම ලියන්නේ මටම වෙච්ච දේවල් එකයි අව්‍යාජ ගතියක් දැනෙන්නේ.මම දන්නවා මේ ලිපිය නිසා ගොඩක් අයට පොඩි කාලේ මතක් වුනා කියලා.

      @තිස්ස දොඩන්ගොඩ
      ඔබ තුමාලගේ පැමිණීම මට හයියක් තවත් ලියන්න.බෙහෙවින් ස්තුතියි ඔබ තුමාටත් රතිටත් :)

      Delete
  31. කැටපෝලෙ තමයි මගෙත් ෆේවරිට්. අනේ අසරණ සතුන්.

    ReplyDelete
    Replies
    1. ටිකක් ලොකු වුනාම තමා අපි කැටපොලේට බැස්සේ :)

      Delete
  32. ඔය තුවක්කු‍වෙම පොඩි ඇඩ්වාන්ස් වර්ෂන් එකක් හදාගන්න පුළුවන්.. ඉලක්ක ගැනීම 80% විතර හරියනවා.. ඒවගේව සිදුවෙන හානියේ බරපතල කමත් ‍ගොඩාක් වැඩියි... !! ඒවා හදලා ඇතියි කියල හිතෙනවා...
    තේවත්ත පල්ලිය... ලස්සන තැනක්... මේ පාර එන්න ඕනි රාගම..

    ReplyDelete
    Replies
    1. මම නම් කිසිම වෙනස් කමක් කරේ නැහැ පොඩ්ඩක් හරි ඇඩ්වාන්ස් වුනේ ප්ලාස්ටික් බෝල වෙනුවට බයිසිකල් වලට එන යකඩ බෝල දාලා වෙඩි තිබ්බ එක තමා.ඒකනම් ටිකක් දරුණුයි :)

      තේවත්ත පල්ලිය ගැන කිව්ව දේවල් ඇත්ත :)
      අනිවා මේ පාර එන්න පුළුවන් උනොත් අපිටත් එන වෙලාවක් කියන්න.

      Delete
    2. ඒක ගැන තමයි කිව්වේ.. හැබැයි එතකොට කැප් එකට පොඩි යකඩ විල්ලක් හයිකරන්න.. එතකොට වැඩේ හරි..
      අනිවා කියන්නම්.. මාස දෙකකට විතර සැරයක් ජාඇල මීගමු පැත්තේ එවෙනවා.. ;)

      Delete
    3. එළ අනිවා කියන්න

      Delete
  33. ඔය තුවක්කුවේ පොඩි ගතියක් තියෙනවා නේද .. මමත් ඕකෙන් සෙල්ලම් කරලා තියෙනවා පොඩි කාලේදී නෙමේ ලොකු කාලේදී.. අල්ලපු ගෙදර පොඩි එකාගෙන් උදුරාගෙන...හිකිස්‌..

    ReplyDelete
    Replies
    1. අපොයි උඹත් තාම පොඩි එකා වගේනේ :)

      Delete
  34. මට නම් ඔය තුවක්කුවක් අරන් දීලාම නෑ.. ඇස් කණ කරගනී කියලා..

    ReplyDelete
    Replies
    1. හොඳම දෙයක් අතපසු කරගෙන නේ

      Delete
  35. අඩේ මං ගාවත් තිබුනා බං අම්බානක ඔය වගේ තුවක්කු.මටත් මාර උණක්නේ තිබ්බේ ඔව්වට..

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම එක බෝට්ටුවේ බං:)

      Delete
  36. මාරයාත් මේ වගේ පෝස්ට් එකක් දාල තිබුන දවසක්. අපිත් කිරිල්ල තුවක්කු වලින් විදල තියනව. හරිය?

    ReplyDelete
    Replies
    1. ආහ් මේ ඇවිත් තියෙන්නේ.මම බැලුවා ඒත් අර බුකියේ කොමන්ට් එක දැම්මේ කව්ද කියලා :)

      මං මේ ඇහුවමයි බවලත් අයත් කිරිල්ල තුවක්කු හදපු විත්තිය :)

      Delete
    2. කියන්නෙ කවිකාරි නිසා පිලිගන්න වෙනවා..... :)

      Delete
    3. ඇයි අනේ ඉස්සර අයියයි මමයි දෙන්නත් හදනවා කිරිල්ල තුවක්කු...
      ඒ කාලේ නම් ෂෝයි.දැන් වගේ නෙවේ..

      Delete
    4. මෙයාලා මාරයිනේ :)

      Delete
  37. මම දවසක් ඔය තුවක්කුවක් අපේ ගෙවල් ලග පොඩි එකෙක්ට දුන්නා ඇතුලේ බෝල නැහැ කියලා ,ඌ එකේ බෝලේ නැහැ කියලා හිතලා ඔලුවට තියාගත්තා මොකද එක හිස්ව තියෙන කොට වෙඩි තිබ්බම මාරු හුලන් පාරක් වදිනවා ,කරුමෙට එකේ බෝලයක් තිබිලා

    ReplyDelete
    Replies
    1. මළා
      පව් කොල්ලට කඩියෙක් විද්දා වගේ දැනෙන්න ඇති ඔලුවට හික්ස්

      Delete
  38. මමත් පල්ලියෙ මංගල්ලෙදි අරගන තියනවා කැප් රෝල් පිස්තෝලයක්.. ඔහොම එකක් ගැන නම් ඇහුවමයි..

    ලස්සන කතාවක්.. ලස්සනට ලියලා තියනවා.. පොඩි කාලෙට ගියබව ආයෙ අමුතුවෙන් කියන්ඩ ඕනා නෑ මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. කප්රෝල් කියන්නේ කාටිස්‌ තුවක්කු වලටනේ?බෝල තුවක්කු ගැන අහලා නැද්ද? අදට වුනත් සෙල්ලම් බඩු කඩවල් වලින් ඕවා ගන්න පුළුවන්.

      Delete
  39. //ඒ මොහොතේ මා හට ඔහු පෙනුනේ බ්‍රිඩ්ජ් මාලිගයෙහි කුමාරියගේ දියමන්ති මාලය ඔහුගේ අතේ තිබු බවක්ය(පසුව දැනගත් පරිදි එය අඩක් ඉතිරි වූ කසිප්පු බෝතලයක් ය).//..... :D :D :D

    සුළු සුළු පීලි පැනීම් කීපයක් තිබුනත් මේක විශිෂ්ට නිර්මාණයක්......!

    ReplyDelete
    Replies
    1. ඒ පීලි පැනපු හරියත් කිව්වා නම් ඊළඟ නිර්මාණයේදී හදාගන්න තිබුනා :)

      Delete
  40. තුවක්කු කිව්වම මතක් වුනේ... අපේ පැත්තෙ එකෙක් යකඩ බටයක එක පැත්තකට රතිඥ්ඥාවක් දාලා අනිත් පැත්තට ජිල් බෝලයක් දාලා වෙඩි තියෙන තුවක්කුවක් හදලා තිබුනා... රතිඥ්ඥාව පත්තු වෙනකොට ජිල් බෝලෙ ඉතා වේගෙන් ඉවතට විසි වෙනවා... තුවක්කුවෙ අයිතිකාරය මේ තුවක්කුවෙන් ලෑලි දොරකට වෙඩි තියලා... දොර පසාරු කරගෙන ගිය ජිල් බෝලෙ එහා පැත්තෙ හිටපු උගෙම මල්ලිගෙ නලල ඇතුලට බැහැලා.. කොහොමද තුවක්කුවෙ පවර් එක....

    ReplyDelete
    Replies
    1. ආහ් ඉතින් ඒ මලයා ජීවත් වුනාද?
      හැබැයි රතිඥ්ඥා ටික අපරාදේ කීයක්‌ කියලා නම් පත්තු කරන්න ඇතිද?

      Delete
    2. ඒකා ජීවත් වුනා... ලේසියෙන් මැරෙන්නෙ නැති එකෙක් ඒකා... ඌ මට කියපු විදියට නලල ඇතුලට ඇගිල්ල දාලා තමයි ජිල් බෝලෙ අයින් කරලා තියෙන්නෙ... රතිඥ්ඥා 100 රවුමක් තියාගත්තම සෑහෙන්න වෙඩි තියන්න පුලුවන්...

      Delete
    3. බොරුවක් වෙන්න ඇති බං.නළල ඇතුලට ඇඟිල්ලක් දාලා ගන්න තරම් ගැඹුරට ගියා නම් ඌ ජීවත් වෙයිද?

      Delete
  41. අපිනම් බට තුවක්කු වලට තුංකින්ඥා ඇටදාල විදින්නෙ..! මේලියපු"තුංකින්ඥා" වලට අනෙක් පැතිවල මොනව කියනවද මන්දා..! දැන් මේ ගස් දකින්නත් නෑ..ඒ ඇට කනවත් එක්ක.
    චූ යන්න වදින්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය නම නම් අදමයි සහෝ ඇහුවේ

      Delete
  42. මටත් තිබුනා තුවක්කුවක්.හැබැයි බට තුවක්කුවක්. :D

    ReplyDelete
    Replies
    1. දවස් දෙක තුනකට දෙන්න බැරිද අක්කා? :D

      Delete
  43. හිහිහි.... අපේ මල්ලිටත් තුවක්කු උණක් තිබුනා..එයාට නම් තිබුනේ ලී වලින් හදපු එකක්.. :D

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ආස බෝනික්කන්ට වගේ කොල්ලෝ ආස තුවක්කුව වලට :)
      හැබැයි පොඩි කාලේ

      Delete
  44. පට්ට කතාව මචං
    හොද වැඩේ සියාතුවට :)

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඌට වෙඩි තිබ්බට පස්සේ මම මගේ වයසේ උන් අතරේ හෙන වීරයෙක් වුනා ටික දවසකට. :D

      Delete
  45. කියල වැඩක් නෑ මලේ එල කිරි සීන් එක අර නාකි ඩයල් එකට මොකද උනේ පස්සේ මගදිවත් හම්බ උනේ නැද්ද පොරව? ලොල් නියම කතාව මටත් තිබුන ඔයවගේ එකක් 98 විතර ආච්චිගේ අක්ක අපේ ගෙදර ඇවිත් ඉන්න වෙලාවක ඒ ආච්චිට වෙඩි තියල තුවක්කුව රාජ සන්තක උනා ලොල්

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනම වැඩේ තමා මේවා අන්තිමට රාජසන්තක කරන එක :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!