Friday, November 23, 2012

131 තේවත්තේ හොල්මන!

මම නම් ගොඩක් ආස හොල්මන් ෆිල්ම් බලන්න මේ මාසෙට මම හොල්මන් ෆිල්ම් 6ක් බාලා තියෙනවා.වැඩර් වගේ මේවා කිව්වට පොඩි කාලේ නම් ටීවී එකේ හොල්මන් ෆිල්ම් යද්දී අත් දෙකෙන් මූණ වහගෙන ඇඟිලි අස්සෙන් යන්තමට හිඩැසක් හදන් ඒකෙන් තමයි බයානක හරි බලන්නේ.ඊට පස්සේ ඉතින් චූ කරන්නවත් තනියම කුස්සිය පැත්තටවත් යන්නේ නැහැ කුස්සියෙන්නේ එලියට යන්න තියෙන්නේ.

ඒත් දැන්නම් හොල්මන් ෆිල්ම් කාමරේ ඉඳන් තනියෙන්මයි බලන්නේ දැන්නම් ඉස්සර තරම් බය නැහැ ඒත් මොනිටරේ දිහා බලන් ඉද්දි මට හිතෙනවා මගේ පිටි පස්සෙ ඉඳන් ආත්ම කීයක් මේ වෙලාවට මොනිටරේ දිහා බලන් ඉන්නවද කියලා වගේ දේවල්.ඒත් මීයෙක් දුවන සද්දයක් ආවත් මම නම් හැරිලා බලන්නේ නම් නැහැ.

මේ හොල්මන් සීන් ටික ලියන්න හිතුනේ උඩ හෙඩිමට අදාළ සීන් එක නිසා.රාගම ඉඳන් තේවත්ත පැත්තට එද්දී තියෙනවා බටුවත්තට හැරෙන්න තියෙන හංදියක් ඕකට කියන්නේ කුරුස හංදිය කියලා.ඔය හරියේ රබර් වතු දෙකක් තියෙනවා දැන්නම් එකක රබර් ගස් ඔක්කොම කපලා.ඔන්න ඔය හරියේ මීට අවුරුදු තුනකට විතර උඩදී ඒ කියන්නේ 2009දී විවාහයට අකමැති වෙලා ගෑල්ලමයෙක් ඔය හරියෙම ලිඳකට පැනලා පණ ටික යවාගත්තා.

ඊට පස්සේ හරි අපූරු දේවල් තමයි ඔය හරියෙන් අහන්න ලැබුනේ.කුරුස හන්දියෙන් රෑ වෙලාවට ත්‍රී වීල් වලට ගෑනු කෙනෙක් නැගලා බටුවත්ත පැත්තට යන් කියනවලු.ත්‍රී වීල් එලවන අයත් දාගෙන ගියාම ඔය තරුණියගේ ගේ ගාවින් බැහැලා පොඩ්ඩක් ඉන්න කියලා ඇතුලට යනවලු හැබැයි ආයේ එන්නේ නැහැලු.මුලින් මුලින් ගෙදරට කතා කරාම ගෙදර මිනිස්සු ඇවිත් ඒ තරුණිය මිය ගිය අයෙක් බව කිව්වම සමහර අය නම් ගොඩක් බය වෙලා.පස්සේ ඔය කියන හරියට රාගම ත්‍රී වීල් හයර් ගියෙත් නැහැ රෑට.

පස්සේ රබර් වත්ත අස්සෙන් ගෑනු කෙනෙක් අඩන සද්ද ඇහිලා තියෙනවා.ඔය ඔක්කොම මම එක එක්කෙනාගෙන් අහපු දේවල් එත් මගේ හිතවත් කෙනෙක්ටත් ඕකට මුහුණ දෙන්න සිද්ද වුණා.

ඒ මගේ තාත්තගේ යාලුවෙක් මිනිහා දවසක් වයිෆ්වත් දාගෙන ත්‍රී වීල් එකේ කුරුස හන්දියෙන් යද්දී වන්ගුව ගන්න ස්ලෝ කරද්දීම කවුද ගෑනු කෙනෙක් ඇතුලට නැගලා.වයිෆ් බය වෙලා කෑගහලා එත් මේ මනුස්සයා වයිෆ්ගේ  කෑගැහිල්ලට හැරිලා බැලුවම කව්රුත් නැහැලු.එත් වයිෆ් කියනවලු මේ ඉන්නේ අනේ ඔයාට පෙන්නේ නැද්ද කව්ද මේ කියලා.ඊට පස්සේ දෙන්නම ත්‍රී වීල් එක අයිනෙන් නවත්වලා බැහැලා.

බැස්සට පස්සේ ගෑනු කෙනාටත් අර නැග්ග කෙනාව පෙනිලා නැහැ පස්සේ ඔය හරියේ මිනිස්සු ඔය හොල්මන් සීන් එක කිව්වම ගෑනු කෙනා එතනම සිහිය නැතුව වැටිලා.

ඊට පස්සේ ඔය හොල්මන් සීන් එක නැතුව ගියා.ඒ හොල්මනගේ අයියා ගුරුකමක් කරලා හොල්මනව අල්ලලා කියලා තමයි ආරංචි වුනේ.

ඒත් දැන් අවුරුදු තුනකට පස්සේ ආයෙත් මේක සිද්ද වෙනවා.ඒකත් මම ටිකක් දන්නා කෙනෙක්ට.එයා බිස්නස් වැඩකට දුර ගමනක් ගිහින් සේවකයෝ දෙන්නෙක් එක්ක පාන්දර එකට විතර බටුවත්තට ලොරිය හරවද්දී සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් ලොරිය පිටිපස්සෙන් යනවා සයිඩ් කන්නාඩියෙන් දැකලා.පස්සේ මෙයාලා තුන්දෙනාම ලොරිය ස්ලෝ කරලා හොඳට බැලුවම කව්රුත් නැහැල්ලු.කට්ටියම යන් කියලා හිතලා ඉස්සරහා බලද්දී පාරේ ඈත ඉඳන් ලොරිය දිහා බලන් ඉන්නවලු සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක්.තුන්දෙනාම ටිකක් බය වෙලා ටික වෙලාවකින් ඒක නැතුව ගිහින්.

ඊට පස්සේ දවසක පොලිස් නිලධාරියෙක් පාන්දර 4ට ඔතනින් යද්දී දැකලා ජීන්ස් එකක් ඇදගත්තු ගෑල්ලමයෙක් එයාගේ ඉස්සරහින් යනවා.ඉතින් එයා මේ ගෑල්ලමයට කතා කරලා වෙලාව අහලා.ගෑල්ලමයත් පිටිපස්ස බලන්නේ නැතුවම එක පාරට හතරයි කිව්වලු.

පොලිස් නිලධාරියා  මූණ බලන්න හිතාගෙන අඩිය ටිකක් ඉක්මන් කරලා මෙන්න මේ ගෑල්ලමයා දුවන්න පටන් අරන්.පොලිස් නිලධාරියාත් පස්සෙන් දුවලා.මේ ගෑල්ලමයා දුවගෙන දුවගෙන ගිහින් අර කිව්ව ලිඳට පැනලා.පොලිස් නිලධාරියා හොඳටම බය වෙලා කෑගහලා.අහල පහල ගෙවල් වල මිනිස්සු දෙතුන් දෙනෙක් දුවන් ඇවිත්.පොලිස් නිලධාරියා සිද්දිය මේ මිනිස්සුන්ට කිව්වම එක මිනිහෙක් කිව්වලු එයාගේ අම්මත් දවසක් ඕක දැකලා තියෙනවා කියලා.

දැන් මේක ලියද්දිත් (මේක ලියන වෙලාව 10:47PM)මට ආයෙත් හිතෙනවා මගේ පිටි පස්සෙත් කව්රු හරි ඉන්නවද මන්දා කියලා.මම ඉන්නෙත් කුස්සිය පැත්තට වෙන්න තියෙන කාමරේ තනියම කළුවරේ.අම්මත් ඉස්සරහ ටීවී බලනවා ඉතින් මම නවතිනවා.

මේ ලිපිය ලිව්වේ ඔය මැරුණයි කියන ගෑණු ළමයටවත් එයාගේ පවුලේ අයටවත් අපහාසයක් කෙරෙන්න හිතාගෙන නම් නෙවේ.මට කියන්න ඕන ඔය කියන හරියෙන් ඔයාලා කව්රු හරි බයික් වල ත්‍රී වීල් වල යනවා නම් රෑ වෙලාවට වෙන පාරක් බාවිතා කරන්න කියලා.මේ ලඟකදී ඔය සිද්දිය නිසා රාගම ත්‍රී වීල් එකක් රෑ හයර් එකක් ඇවිත් තේවත්තට පරංගියා කෝට්ටේ යනවා වගේ වෙන පාරවල් දාල :D

එහෙනම් අපි ගියා හොල්මන් ෆිල්ම් එහෙකුත් බලන්න තියෙනවා.

131 comments:

  1. අම්මෝ බය හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ඩෝන්ට් බි ඇෆ්රෙඩ් මේ හූනා :D

      Delete
    2. you naughty nishan..i got serious even in Melbourne like these type of ghost,, there some area which call Endeavour Hills act some woman like these,, any way i would like to recognize you nishan,, your style so good,, can you give your email pls

      Delete
    3. මම නෝටි නැහැ අනේ :)
      මෙල්බන් වලත් මේ වගේ දේවල් වෙනවද? අහන්න වැඩිය ලැබෙන්නේ නැති නිසා ඔයාලා වගේ ය කිව්වොත් විතරයි දන්නේ.ඔව් ලංකාවෙත් එක තැනක ඔහොම ගෑනු කෙනෙක් හොල්මනක් වගේ රඟපාලා තියෙනවා මිනිස්සු බය කරන්න.
      ස්තුතියි මගේ ස්ටයිල් එකට කැමති වුන එකට ඊමේල් එක බ්ලොග් එකේ යටින්ම තියෙනවා.

      කොමන්ට් එකට ගොඩක් ස්තුතියි.

      Delete
    4. what your name ?
      where you live ?
      my email soklay.phal@gmail.com

      Delete
    5. sorry bro i cant explore my privecy

      Delete
  2. ඒ ඔය සීන් එක හින්දද උඹ හැමදාම රැට ඇඳේ චූ දාගන්නවා කියල අම්ම එදා කිව්වේ?? :D

    ReplyDelete
  3. නිශානයෝ මේක කියවනකොට ටිකක් විතර හිත ගැස්සෙනවා එල එල

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඔය සීන් එක අහද්දී මාත් ගැස්සුනා යකෝ අපි කොච්චරවත් ඔතනින් රෑට පයින් එනවද සංගීත බලලා.ආයේ ඉතින් ඒවත් ඉවරයි.

      Delete
  4. කෙල්ල ලස්සනයිද බං????????

    ReplyDelete
    Replies
    1. අඩෝ පැණියා :D

      මම තාම හොල්මන දැක්කේ නැහැ බන් :)

      Delete
  5. මේ දවස් වල හොල්මන් තමයි වැඩිය දකින්නේ.එක නිසා බය නැති වෙලා
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම නම් ටිකක් බයයි කියලා තමා අම්මා කියන්නේ :)

      Delete
    2. hello! some time we can known every one

      Delete
  6. බලාගෙන ඔය හොල්මන් ගෑණු ළමයව අටම්පහුරා අයියගෙන් බේරගනින්..

    නැත්නම් උන්දෑ සියල්ල සිද්ධ උනාට පස්සෙ වෙන එකෙක්ගේ පිටින් දාලා බ්ලොගේට පෝස්ටුවකුත් ලියයි.. :)

    ReplyDelete
  7. යකෝ නිකමට මට හම්බෙන්නෙ නෑනෙ.. කොයි වගේද බලාගන්න..

    දවසක් මට නම් හොල්මනක් වෙන්න හිතුනා.. මම රෑ වෙලා 10.30ට විතර ගෙදර එනකොට කනත්ත ගාව හරිම පාළු පාටයි.. මම ඇඳලා හිටියෙත් සුදු කිට් එකක්.. ඉතින් මට හිතුනා කනත්ත ඇතුළට ගිහින් ඉඳලා පාරෙ මොකෙක් හරි එනකොට එළියට එන්ඩ.. ඒත් එහෙම නොකලෙ ඌ පොල්ලකින්වත් කෙලලා ඇරියොත් කාට කියන්ඩද?

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කනත්ත ඇතුලට නොගියේ නැත්තම් යක්කු ටික බය වෙනවා උඹට හික්ස්.
      අනික කිඹුල් මස් කාලා හදාගත්ත ඇඟකට පොලු පාරක් නම් මොකක්ද බන්? :)

      Delete
    2. හැක්.. හැක්.. උඹට සිංහල බෑනෙ බන්.. මම එදා කිව්වෙ කිඹුල්මස් කන මිනිස්සු ඉන්නවා කියලා මිසක් මම කිඹුල් මස් කනවා කියලා නෙමෙයි...

      Delete
    3. අනේ පල උඹ එදා කිව්වේ කිඹුල් මස් හරි රසයි කියලා? මතකද?
      මම ඇහුවා කොහොමද දන්නේ කියලා එතකොට උඹ බේරෙන්න කිව්වේ උඹලගේ පැත්තේ කිඹුල් මස් කන මිනිස්සු ඉන්නවා කියලා :D

      Delete
    4. මම කිව්වෙ 'කිඹුල් මස් තෝරමාලු වගේලු' කියලා.. උඹ 'ලු' යන්න දැකලා නෑනෙ..

      Delete
    5. ලු ප්‍රත්‍ය සමහරු යොදාගන්නවා තමන්ගේ ගැලවීමට.මම හිතුවේ උඹත් එහෙමයි කියලා.හරි කමක් නැහැ උඹ කාවේ නැහැ කියමුකෝ අදින් පස්සේ.

      හැමෝම අහගන්ඩො හරි කිඹුල් මස් කෑවේ නැතෝ.

      Delete
    6. එදා කිඹුල් මස් සීන් එක තාම දුවනවා වගේ.
      මටත් මූ කිඹුල් මස් කාලා තියෙනවා කිව්වම මතක් වෙලා වමනෙටත් ආවා.

      Delete
  8. කුරුස හංදියෙ තිබුන මොන්ටිසෝරියක් සල්ගහ තියෙන වත්තෙ පරණ ගෙදර ඒකාලෙ. මම ගියෙ ඒකට. ඉගැන්නුවෙ සිස්ටර්ලා

    ReplyDelete
    Replies
    1. දැනටත් සිස්ටර්ලා කරගෙන යන මොන්ටිසෝරියක් තියෙනවා ඒ හරියේ ටිකක් පල්ලිය පැත්තට වෙන්න.

      Delete
  9. අපොයි දැණ් මහ රෑ හෙටම කියවන්නම්

    ReplyDelete
    Replies
    1. දොලහාමාරට මේවා කියවලා බයවුනොත් නේද?

      Delete
  10. අපොයි දෙයියනේ...දැන් වෙලාව කීයද කියලා පේනවා නේද ? හි හී...උදේට ආයෙම කියවන්න එන්නම්... බයේ නෙමේ...දන්නෙ නැද්ද ඉතින්...

    ReplyDelete
    Replies
    1. යා යා මොකෝ මම නොදන්නේ? බයකට නෙවේ ඒත් මූඩ් එකක් නැහැ නේද? :P

      Delete
  11. ඇයි මට මේ රෑම හොල්මන් පොට් කියවන්න සෙට් වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ලඟදීම හොල්මනක් සෙට් වෙන්න යන නිසා වෙන්න ඇති හික්ඩ්.

      Delete
  12. හෆ්ෆා හරි කුජීතයි ....
    මං පාර්ථනා කරනවා නොබෝ දිනකින් ඒ ගෑල්ලමයා උබට හම්බ වෙන්න කියලා ....
    හි හි ,,,, එතකොට මේ කතාවේ දෙවෙනි කොටසත් අපිට කියවන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අඩොව් එතකොට ඒක දෙවෙනි කොටසකට ලියන්න වෙන්නේ මගේ හොල්මනට තමා :)

      Delete
  13. a ban nisha a kellage wayasa keyak withara athida????????????????????????

    ReplyDelete
    Replies
    1. අවුරුදු 22යි කියන්නේ..

      Delete
  14. ඒ කියන්නෙ ගැල්ලමයි හොල්මන් වුනත් දරුනුයි නොවැ

    ReplyDelete
    Replies
    1. ඕකුන් පණ පිටින් උන්නත් හොම්මන් කරන වැඩමනෙ කොරන්නෙ;)

      Delete
    2. පන පිටින් මෙහෙම නම් හොල්මන් කොහොම ඇද්ද?

      Delete
  15. හම්මේ ඇති ඇන්තන උදේ කියෙවුවෙ... අපි බය වෙයි ඕවට..

    ReplyDelete
    Replies
    1. මන් ඉන්නකම් මැරිච්ච මදුරුවෙක්ට්වත් බය වෙන්න එපා බොල

      Delete
    2. ඔවු ඈ.. මැරිච්ච මදුරුවෙකුට තියා කුණු වෙච්ච හුනේකුටවත් බය වෙන්නේ නැහැ මං.. හරිය

      Delete
    3. ඒ වුනාට උඹ කොඳුරුවන්ට බයයිනේ :D

      Delete
  16. මම නම් හොල්මන් ෆිල්ම් බලන්නේ නෑ , මට හොල්මනුත් හොල්මන් ෆිල්මුත් මෝඩ ජෝක් විතරයි .

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ රසය එකින් එක්කෙනාට වෙනස් නේ.

      Delete
    2. ෆිල්ම් ගැන නම් එහෙම තමා(ගොඩ දෙනෙක් හොල්මන් ෆිල්ම් වලට කැමතිය්නේ ) , ඒත් ඇත්තට හොලන් වලට බය වෙන එක නම් රසය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි . විශ්වාසය පිලිබඳ ප්‍රශ්නයක්

      Delete
    3. දෙවිවරු විශ්වාස කරන මිනිස්සුම තමයි හොල්මන් විශ්වාස කරන්නෙත්.හොල්මන් විශ්වාස කරන්නේ නැත්තම් දෙවියන් අදහලත් වැඩක් නැහැ නේද බුවා මහත්තයෝ?

      Delete
    4. //දෙවියන් අදහලත් වැඩක් නැහැ නේද බුවා මහත්තයෝ?//

      නෑ තමයි . විශ්වාස නොකරන කෙනාට ඔය දෙකම නෑ .දෙවියො ඉන්නවා කියල හිතනවා නම් හොල්මන් නැය කියන්න බැනේ . මම දෙවියො අදහන්නේත් නෑ , හොල්මන් විශ්වාස කරන්නෙත් නෑ

      Delete
    5. මම නම් එකේ අනිත් පැත්ත ඔය දෙකම විශ්වාස කරනවා හැබැයි දෙවියන්ගෙන් මුකුත් ඉල්ලන්නේ නැහැ.

      Delete
  17. අනේ මන්දා. පහුගිය අවුරුදු 12ක්ම අපේ පවුලම හිටියේ සොහොන් පිට්ටනියක් ළග තියෙන ගෙදරක. අපේ ටොයිලට් එක තියෙන්නේ සොහොන් පිට්ටනියෙ වැට මායිමේ. හැබැයි අද වෙනකම් පවුලෙ කවුරුවත් හොල්මන් දැකලා නම් නෑ. හොල්මන් කියන්නේ හෙල්ලෙන + මනස කියනවලුනේ. හැබැයි කියවද්දි පොඩ් තිගැස්මක් එනවා. ජය...!

    ReplyDelete
    Replies
    1. එත් මචන් මේක බොරුයි කියන්න බැහැ.

      ඔය වගේ මම දන්න කට්ටියකුත් කනත්තක් ගාව ඉන්නවා එයාලටත් කවදාවත් හොල්මන් පෙනිලා නැහැ.

      Delete
  18. 1)පණ පිටින් ඉන්න ගෑල්ලමයින්ගේ කියා වෙනසක් නැත
    2)හොල්මන ත්‍රීවිල් වල ඉබ්බාට ගොස් හුරු පුරුදු බැව් පෙනේ
    3)නිසානයා යනු බය ගුල්ලෙකි

    ReplyDelete
    Replies
    1. එකයි දෙකයි හරි තුන වැරදියි හික්ස්.

      Delete
  19. මෙ වගෙ සිද්දි බොරුයි කියන්න බැ...

    ReplyDelete
  20. යකෝ මේ උදේ පාන්දර බය කරන්න එපා....!

    ReplyDelete
    Replies
    1. උදේට කවුද බන් බය වෙන්නේ? අපොයි හූ ඈ :D

      Delete
  21. Replies
    1. කෝ කෝ කන්නාඩියක් ඉස්සරහද?

      Delete
  22. ඕන යකෙක් කියල ලව් ලෙටර් එකක් වත් දීපං

    ReplyDelete
    Replies
    1. අනේ බැහැ කරුමෙටවත් සෙට් වුනොත් මටත් නිදිමරන්න වෙයි.

      Delete
  23. යකෝ නිෂානයෝ මේ හොල්මන් කතා කියල මිනිස්සු බය කරන්න එපා බං.අන්න ළිහිණියත් බය වෙලා.

    ReplyDelete
    Replies
    1. හැක හැක ලිහිණියා බය වෙලා නෙවේ මූඩ් එකක් නැහැලු කියවන්න හික්ස්.

      Delete
  24. හෙලවෙන මනස... අනිවාර්යයෙන් උඹත් දකියි.. ආයේ දෙකක් නෑ.... ඉස්සර සඳරුවනම් මේවා ලියනව නියමෙට..

    ReplyDelete
    Replies
    1. අප්පට සිර මාත් දකියිද? O_o

      Delete
  25. ඔය උඩින් දාලා තියෙන පොටෝ කෑල්ලට කතාවේ තියෙන සම්බන්ධය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක මේ උඹලව බය කරන්න දාපු එකක් බන් :)

      Delete
    2. අපි බයවෙයි ඕවට..........

      Delete
  26. ඔය හරියේ මගේ යාළුවෙක් ඉන්නවා. ඔය කියන කාලේදී මම ලංකාවේ වැඩ කලේ. එයා මට ඔය සිද්ධිය කියලා තියනවා. මනුස්සයා රෑ වැඩ කරලා ගෙදර යන්නේ වෙන පාරවල් වලින්. ත්‍රීවීල් එකක්වත් ඒ පාරේ යන්නේ නෑ කියලා මිනිහ ටික දවසක් රෑ වැඩ කරන එක නතර කලත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ගොඩක් මිනිස්සු බයෙන් හිටියේ ඒකට.ආයෙත් ඒ වගේම භීතිකාවක් පැතිරෙයි වගේ.

      Delete
  27. හොල්මං බලල ඔලුව කුරුවල් වෙලා. :)

    ReplyDelete
    Replies
    1. කෝ කොහෙන්ද හොල්මන් බැලුවේ?

      Delete
  28. හු............... මම කියෙව්වේ දවාලේ.....අපි බය වෙයි ඔව්වට , :D
    අඩේ මමත් දැකල තියෙනවා බන් සිරාවටම ,

    ReplyDelete
    Replies
    1. උඹ දැකලා ඇත්තේ කන්නාඩියක් ඉස්සරහදි උඹේම මූණ වෙන්න ඇති.

      Delete
    2. ඔ..න ඉතින් අපි කිවොත් කෙප්පයක් කියලනේ කියන්නේ ,
      සිරා මෝහිනී දැක්ක මම 5 වාස්රේ ඉද්දි , හැබැයි සුදු නම් නෙමේ ,කළු ඇදගෙන බන් හිටියේ, මගේ ගාවට නම් ආවේ නැහැ , :D ,

      Delete
    3. පලයන්? හම්මෝ බය හිතෙනවා මම නම් ජීවිතේට හොල්මන් දැකලා නැහැ බන්.

      Delete
  29. හප්පේ............ මලේ මටත් එලියට යන්න බය හිතෙනවා රෑට...... :(

    ReplyDelete
    Replies
    1. හුටා

      බය වෙන්න එපා ඩුබායි වල හොල්මන් නැහැනේ?.

      Delete
  30. මචං....නිශාන්, ඔයාගේ උත්සහය හොදයි....ඒත් තව creative උනානම් පොඩි live ගතියක් ගන්න තිබුනා...
    (මමනම් හොල්මන කියන ජීවියා හෝ මොකා උනත් ඒ දෙය තාම දැකලා නැහැ, ඒත් මම එහෙම උනා කියලා ඔය බොරැවට ඒවා විශ්වාස කරන්න එපා කියලා "පොර ටෝක්" දෙන්න යන්නෙ නෑ.... මොකද අපි මේලෝකේ දන්න දේවල් වලට වඩා, නොදන්න දේවල් ගොඩාක් තියෙන නිසා....!)කොහොම උනත් උඔට ජය වේවා සහෝ....

    ReplyDelete
    Replies
    1. මට මේකෙන් කාවවත් බය කරන්න ඕන වුනේ නැහැ සහෝ මට ඕන වුනේ කට්ටිය දැනුවත් කරන්න.වරහන් ඇතුලේ තියෙන දේවල් සම්පූර්ණ ඇත්ත

      Delete
  31. හොඳට බලපං පොලවට වඩා..අඩියක් විතර උඩින්ද කෙල්ල හිටියෙ කියල..!

    ReplyDelete
    Replies
    1. මට හම්බ වුන දවසට බලන්නම්කෝ.මං කියන්නම් වීයා බලන්න කිව්වා කියලා.

      Delete
  32. දවසක් ත්‍රීවීල් එකක පිටිපස්සේ මෙන්න මෙහෙම ගහලා තිබ්බා..

    G- Ghost
    I - In
    R- Real
    L- Life

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇත්තනේ
      ලජ්ජා නැතිව කියන හැටි :D

      Delete

  33. ඊයෙ රෑ කියවන්න හදලා නිකන් බය වෙන්නෙ මොකටද කියල දැන් කියෙවුවෙ. භයක් වගේ එකක් දැනුනා

    ReplyDelete
  34. මම නම් හොල්මන් දැකල නෑ, ඒ නිසා විශ්වාසෙකුත් නෑ.

    අපේ නංගිලත් ඔය පැත්තෙ ඉන්නව, මස්සිනත් බයිසිමොටෝවෙ ඇවිදින්න යනව රෑ පානෙ, අහල බලන්න ඕන සීන් එක දන්නවද කියල, මෑනුත් බයවෙල තියෙනව නම් මරු, එතකොටවත් ගෙදර ඉඳියිනේ.

    ReplyDelete
    Replies
    1. හික්ස් මොකද මෑන් රෑටවත් ගෙදරට වෙලා ඉන්නේ නැද්ද?.කොහොම වුනත් අයියා ටිකක් දැනුවත් කරන්න එයාව.

      Delete
  35. මම කියෙව්වේ නැහැ බයකට එහෙම නෙවේ ඈ

    ReplyDelete
    Replies
    1. හරි හරි මම දන්නවනේ :D

      Delete
  36. පට්ට දවාලේ... මගේ පිටිපස්සෙනුත් කවුදේ ඉන්නව වගේ...... හැරිල බැලුවම......................................... අපෙ නංගී.

    ReplyDelete
  37. අම්මෝ හොල්මන්....දැන් මම කොහොමද තනියම චු කරන්න බාත් රූම් යන්නේ ...

    ReplyDelete
    Replies
    1. අම්මට ඇවිල්ලා දොර ගාවින් ඉන්න කියපන් මම නම් එහෙමයි :D

      Delete
  38. හෙලා දකිනවා මේ වගේ ඒවා ලියන එක.. :(

    ReplyDelete
    Replies
    1. මොකටද කියෙව්වේ? ඔන්න ඕකනේ සහෝදරි ඉල්ලන් කාලා වගේනේ :D

      Delete
  39. යකෝ ඕක මගෙත් ඒරියා එකක් දැන් කාලෙකට කලින්. මම දැක්කේ නැහැනේ ඔය හොල්මන. අනෝ ආවට සොරි වේවා මම රෙපා

    ReplyDelete
    Replies
    1. ඈ උඹත් මෙහෙ එකෙක්ද? කොයි හරියේද බන්?

      Delete
  40. බුදු පුතේ ..දැන් මෙහෙට වෙලාව රෑ 1.20 බොල .. ගෙදර ඉන්නෙ මමයි ඔබා අන්කල්ගේ බාරියාව ඔබී ඇන්ටියි විතරයි ..හිත හදාගෙන ඉන්නෙ ඔබා ව අමතක කොරල .. බලහන් දැන් උබ කොරාපු වැඩේ ! :(

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ඔබා මාමගේ ඥාතියෙක්ද?

      Delete
  41. හම්බෝ..... බයේ බෑ.....

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා

      Delete
  42. අනේ මන්දා, පොඩි බයකුත් හිතෙනවා තමයි!

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා සහෝ :)

      Delete
  43. අපි යන වාහනේකට එහෙම හරි කෙල්ලෙක් නැග්ගොත් ලොකු දෙයක් බං...................... ..තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. හයියෝ මේ වගේ එකෙක් :D

      Delete
  44. අර කවුරු හරි පිටිපස්සේ ඉන්නවා කියල හිතෙන එකනම් මහ බයානක හෑඟීමක්
    අර ඇනෝ කිව්ව වාගේ නිශාන් ලියන ස්ටයිල් එක මරු
    ජය ඈ!

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ කව්රු හරි පිටිපස්සේ ඉන්න එක හොඳ දෙයක්නේ :)

      කාලෙකින් නේද මේ පැත්තේ?

      Delete
  45. පිස්සු හැදෙයි, සඳ බැබලෙයි මදි පාඩුවට බඩත් කොරවෙයි කිව්වලු....අනේ තව කතාවක් කියන්නකෝ ....!

    ReplyDelete
    Replies
    1. බඩත් කොර වුනාද? මාරයිනේ බන්.

      Delete
  46. උඩ තියෙන පින්තූරෙ මේකට සම්බන්ධ එකක්ද බන්... ඔය හරියෙ නිධානයක් එහෙම නෑ නේද... කාලයක් අර වාරණ කිට්ටුව හොල්මනක් ගැන කියලා මිනිස්සු භය කලේ නිධානයකට කෙළින්න... දැන් හොල්මන නෑ... නිධානෙත් නෑ කියලයි ආරංචිය...

    ReplyDelete
    Replies
    1. පින්තුරේ කට්ටියව බය කරන්න දාපු එකක් නැතුව මේ සීන් එකට අදාළ එකක් නෙවේ :).මෙහෙ කොහෙද නිධාන? නිධානයක් තිබ්බොත් එහෙම කෙලින්ම නගර සභාවෙන් දම්මලා හාරලා ගනියි :).

      Delete
  47. ඔය ත්‍රීවිල්වලට නගින ගෑල්ලමය ලස්සනද? නිකන් ආතල් එකටවත් හොල්මන් කෙල්ලෙක් දාගන්න. වැඩිය වියදමකුත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. වියදම් නැති වුනාට උඹටත් රෑට ඒකි එක්ක නිදිමරන්න වෙයි ඈ :)

      Delete
  48. බාත්රූම් යාමට බැරි චූ බර නැති නිසාය. මෙහෙමම ඇඳට යමි (නෑ නෑ නෑ වෙන හේතුවක් නෑමයි)

    ReplyDelete
    Replies
    1. කාමරයේ ජනේලයක් තියෙනවා එකෙන් එලියට චූ කරන්න පුළුවන්නේ මචන් :D

      Delete
  49. බුදු අම්මෝ මමනම් බයයි ඕවාට ඔන්න..

    ReplyDelete
    Replies
    1. මලයා ඇත්තම කිව්වා නේද :)

      Delete
  50. //පොඩි කාලේ නම් ටීවී එකේ හොල්මන් ෆිල්ම් යද්දී අත් දෙකෙන් මූණ වහගෙන ඇඟිලි අස්සෙන් යන්තමට හිඩැසක් හදන් ඒකෙන් තමයි බයානක හරි බලන්නේ.//
    හයියෝ.. මම තාම එහෙමයි!!

    ReplyDelete
    Replies
    1. මෙයා තාම බබෙක් වගේනේ :)

      Delete
  51. හොල්මන් වලට බයයි ඒත් රසවත් :)

    ReplyDelete
    Replies
    1. නැත්තම්? මම නම් කොච්චර බය වුනත් ඒකනේ හොල්මන් ෆිල්ම්ස් හොය හොය බලන්නේ.

      Delete
  52. මම නම් හොල්මන් දැකලා නෑ.
    ඒ උනාට මේ කියලා තියෙන කතා ටික පට්ට. ඒ වගේ හොල්මන් කතා එලිවෙනකන් උනත් අහන් හිටියෑකි.

    මේක කියෙව්වම මතක් උනේ. ඉස්සර අපි හොස්ටල් ඉන්න දවස්වල "මිරර් 1" චිත්‍රපටිය බලලා ආපු එකෙක් රෑ බාත් රූම් යන්ඩ බැරුව කාමරේ ජනේලෙන් එලියට දාලා චූ කලා.

    ReplyDelete
    Replies
    1. මාත් හරි ආසයි හොල්මන් කතා අහන්න.2002දී ලයිට් කපපු කාලේ රෑට අහල පහල ගෙවල් වල ය එක ගේකට එකතු වෙලා ඉද්දි මම හැමෝටම කියනවා හොල්මන් කතාවක් කියන්නකෝ කියලා. :)

      යාළුවා නව ක්‍රමවේදයක් හොයාගෙන නේ :)

      Delete
  53. අෆ්ෆා මං නම් කැමතියි හොල්මන් ළමිස්සියෙක් අදුර ගන්න.. කන්න ඕන නෑ, ඇඳුම් ඕන නෑ. දකින දකින ඒව අරං ඉල්ලන්නෙ නෑ.. සරලයි, සුගමයි,පොකට් එකටත් වාසියි.. ලොල්

    ReplyDelete
    Replies
    1. ඒ වගේද කොල්ලෝ නිදි මරන්න වෙද්දී? :D

      Delete
  54. රෑන්ඩ්ගෙ මල්ලි12/14/12, 10:40 AM

    කතාව නම් ඇත්ත... මමත් අහල තියෙනවා.. එත් හරියටම දන ගත්තේ අද...

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ යාළුවො එක්ක වුනත් රෑට එහෙම යන්න එපා.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!