Thursday, November 01, 2012

107 අද්භූත ඇමතුම!

හෙලෝ  චතුරංග 

ආහ් කසුන් කියපන්

මොනවද බන් මේ උඹලගේ තාත්තා ඇවිත් ඊයේ අපේ ගෙදර මට බැනලා ගිහින් තියෙන්නේ?

අනේ සොරි බන් මං තාත්තා එක්ක රණ්ඩු වුනා.මම උඹව ආශ්‍රය කරනවට තාත්තා එක එක ඒවා කිව්වා මාත් බැන්නා අන්තිමට තාත්තට මල පැනලා කොහෙද ගියා.මම පස්සෙයි බන් දන්නේ ඒ ගිහින් තියෙන්නේ උඹලගේ ගෙදර කියලා.

ඒ වුනාට බලපන්කො බන් අපේ ගෙදර ඇවිත් උඹලගේ තාත්තා කැත විදියටනේ මට බැනලා ගිහින් තියෙන්නේ.
මම එවෙලේ ගෙදර හිටියෙත් නැහැ අපේ ගෙදර මිනිස්සු මොනාද බන් මන් ගැන හිතන්නේ?.

අනේ සොරි බන් අයි ඇම් රියලි සොරි මචන්.මට ඒකට සමාව දියන් ආයේ කවදාවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.

හරි කමක් නැහැ බන් ඒත් මට දුක උඹලගේ තාත්තා මම නැති වෙලේ අපේ මල්ලිට බැනලා ගිහින් තියෙන්නේ බන්.එයා කියලා තියෙන්නේ මම උඹව එක්කන් බොන්න යනවා කියලා.උඹම කියපන් මම කවදාවත් උඹව බොන්න එක්කන් ගිහින් තියෙනවද කියලා?.

නැහැ බන් නැහැ උඹයි මායි එදා කොළඹ ගිහින් එද්දී මම උඹ ගියාට පස්සේ ගෙවල් ගාව එකෙක් එක්ක බියර් එකක් බීලා ගෙදර ගියේ බන් තාත්තා හිතන්නේ උඹ එක්ක ගිහින් මම බිව්වා කියලා.

හරි අවුලක් නැහැ ඒ වුනාට ආයේ ඔහොම දෙයක් වුනොත් මම බනිනවා උඹලගේ තාත්තට මට මුකුත් කියන්න එපා හරිද?.

හරි බන් ආයේ එහෙම වුනොත් උඹ බැනපන් මට අවුලක් නැහැ.මම තාත්තා එක්ක තාම කතා කරන්නේ නැහැ බන්.එයාට පිස්සු බන්.

හරි දැන් උඹ කොහෙද ඉන්නේ චතුරංග?

මම දැන් එළියේ බන් ඉන්නේ.

කෝ දැන් තාත්තා?

ඔය කොහේ හරි ඇති බන් මොනවා හරි කර කර.

මම වෙලාවක එන්නම්කෝ උඹලගේ ගෙදර.මම අද බන් ගෙදර ආවේ ඊයේ නයිට් එකත් කරලා.එතකොටයි මල්ලි කිව්වේ උඹලගේ තාත්තා ඇවිත් කෑගහලා ගියා කියලා.

හ්ම්ම් උඹ අනිවා වරෙන්කො අපේ ගෙදර.කොහොමත් උඹට එන්නම වෙනවා.

ඒ මොකද මචන්?

නැහැ නැහැ බන් මම ෆෝන් එක තියනවා බායි.

මොහොතකට පසු කසුන්ගේ දුරකථනය නාද වේ.

හෙලෝ!

හෙලෝ මේ කසුන් ද කතා කරන්නේ?

ඔව් කසුන් තමා ඔය කවුද?

කසුන් මම චතුරංගගේ මාමා.

ආහ් මාමේ කියන්න ඇයි කෝල් කරේ?

පුතා චතුරංග නැති වුන එක දන්නවද?

මොකා චතුරංග නැති වුනා? ඒ කොහොමද?

ඊයේ චතුරංගගේ තාත්තා ඔයාලගේ ගෙදර ආපු වෙලේ චතුරංග එල්ලිලා මැරිලා පුතා.මට චතුරංගගේ අම්මා තමයි කිව්වේ පුතාට මේක කියන්න කියලා.

මොනවා චතුරංග ඊයේ ද නැති වුනේ එතකොට අද කතා කරේ ක..කවුද?













107 comments:

  1. හ්ම්ම්ම් මෙ වගෙ දෙවල් ඇත්තටමත් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඉතින් මේකත් ඇත්ත කතාවක්නේ

      Delete
  2. හෑ....... හැබෑ සිද්ධියක්ද....

    මේක ගැන දැං හිතන්න බෑ ... මොළේ පෙඟිලා තියෙන්නේ හිරිකිඩට....

    ReplyDelete
    Replies
    1. මේ හිරූවා මේටිකේ වැස්ස මාකට් කරනවා වැඩියි ඈ

      Delete
    2. හැබෑම සිද්දියක්

      Delete
    3. මොනවා හරි මාකට් කරන්නත් එපැයි බං... හි හි...

      Delete
    4. උඹලත් හොල්මන් මාකට් කරපල්ලකෝ :)

      Delete
  3. මෙහෙම කථා කිහිපයක්ම අහල තියෙනවා ... මේ ඇත්තටම වෙච්ච දෙයක්ද නැත්තම් උබ ගොතපු එකක්ද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙච්ච දෙයක් බන්

      Delete
  4. සිරා සීන් එකක්ද බං?

    ReplyDelete
    Replies
    1. සිරා සීන් එකක් තමා මචන්

      Delete
  5. සිරාවටම මරු කතාව මචන්

    ReplyDelete
  6. :( මොනවද අනේ... මම නිදියලා දැන් නැගිට්ටෙ.. කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.. හ්ම්ම් හැබැයි අපේ අම්මච්චි(අම්මාගෙ අම්මා) නැතිවෙලා අවුරුදු 3ට හරි 4ට හරි වගේ පස්සෙ දවසක් රෑ ඇවිත් මගෙ ඔලුව අත ගෑවා.. එදා ඉදන් මම ලයට් එක දාලා නිදියන්නෙ.. :/

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ දේවල් බොරු කියන්න බැහැ

      Delete
  7. ඇත්ත කතාවක්ද? :O

    ReplyDelete
  8. හප්පේ...මේ වැස්ස අස්සේ බය වෙන කතා මොනාට ලියනවද අප්පා... මේක ඇත්ත එකද්ද....හදපු එකද්ද....?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් තමා අක්කා

      Delete
  9. ඇත්තටම ඇත්තක්ද?

    ReplyDelete
  10. සිරා කතාවද ????
    පිස්සු හැදෙනවනේ ....

    ReplyDelete
    Replies
    1. අඩෝ ... එතකොට මිනිහා සිරාවටම මැරිලද ????
      මාර සින් එකනේ :(

      Delete
    2. උබ බය වෙන්න එහෙම නැතුව ඇති නේ ....,,, ;)

      Delete
  11. මෙහෙම දේවල් ඇත්තටම වෙනවා. සිද්ධි කීපයක්ම මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. මේකත් ඇත්ත සිද්දියක් තමා අයියා

      Delete
  12. සික් මෙ වැස්ස වෙලාවටනෙ මුට බුත කතා ලියන්ඩ මතක් වෙන්නෙ.. සැක් සැක් මොන උනත් පව් වැඩේ..

    ReplyDelete
    Replies
    1. මැරිච්ච හූනෙක්ටවත් බය වෙන්න එපා බොල මම ඉන්නකම්

      Delete
  13. කතාව ඇත්ත එකක්ද??? මට එහෙම මෙහෙම උනානම්.. මම මෙලහකටත් මැරිලා වැටිලා....
    හික්ස්...
    කොහොම උනත් ඔයා සෝයි එකට ඒක ලියලා හොඳේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් තමා
      ඔයා එච්චරටම ඕවාට බයද? :/

      Delete
  14. අඩේ මේකනම් ඇත්ත වෙන්න බෑ බොලං.ඇඟ කීරි ගැහිලා ගියා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සීන් එකක් තමා බොල

      Delete
  15. අඩේ..මෙහෙම ඒවත් වෙනවද ඈ????

    ReplyDelete
  16. හ්ම්ම්..කොහේහරි අහල තියනවා මෙහෙම කතාවක්..

    ReplyDelete
    Replies
    1. එකයි නෙවේ ඔය වගේ කතා කොච්චර තියෙනවද?

      Delete
  17. උඹ මේ දවස්වල හොරර් ෆිල්ම් බලනව වැඩියි කොළුවෝ...............

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මේ සිරා සීන් එකක්.

      Delete
  18. පිස්සු කොර බං .........

    ReplyDelete
    Replies
    1. අහපු සැනින් මගේ බඩත් රිදුනා

      Delete
  19. අම්මෝ බං කෝල් ආන්සර් කරන්න බයයි දැන් !

    ReplyDelete
    Replies
    1. වන් මිසඩ් කෝල් එක බැලුවමත් එහෙමයි.

      Delete
  20. මැරිච්ච අය තමන්ගේ හිතුවතුන් ඉදිරියේ තමන්ගේ මරණය දන්වන්න හදිස්සියේ පෙනී ඉන්නවා කියලනම් අහලා තියනවා, ඒත් මේවගේ කෝල් එකක්...? යකෝ ඒ කතාව පට්ට බං. මට "ඔහ් කියවුණා".. තව ටිකක් දික් කරලා ලිව්වා නම් හරි..."මොහොතකට පසු කසුන්ගේ දුරකථනය නාද වේ." මචන් මේ ටික නැත්තන් කතාවේ දෙබස් විතරයි. පට්ට බං.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මටත් හිතාගන්න බැහැ මේ සීන් එක.අනික මම දන්නා කොල්ලෙක්.

      මට ඕන වුනෙත් දෙබස් වලින්ම කතාවක් ලියන්න.ඒත් පොඩි කෑල්ලක් දාන්න වුනා බන්.

      Delete
    2. ඉතිං ‘මම ෆෝන් එක තියනවා බායි‘ කෑල්ලෙන් උඩ සංවාදෙ ඉවරයි කියල හැඟවෙන නිසා ඔය වාක්‍ය වෙනුවට නිකන් ‘ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං ...............‘ වගේ කෑල්ලක් දැම්මනම් හරිනේ.

      Delete
    3. ට්‍රීන් ට්‍රීන් කියන්නේ දෙබසක්ද එතකොට? :D

      Delete
    4. ම් ..... දෙබසක්ම නෙවෙයි තමා, ඒ වුනාට මැදින් වාක්‍ය දානවට වැඩිය ඒක හොඳයි කියල හිතුන.

      Delete
    5. හ්ම්ම් ඔව් නේද?

      Delete
  21. නියමයි මෙහෙම දේවල් සිද්ද වෙනවද අනේ මෙයා

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මේ වෙලා තියෙන්නේ.

      Delete
  22. කියවල ඉවර වෙද්දි මාව කරන්ට් වැදිල ගියා... මම ගෙදර තනියම ලයිට් ඕෆ් කරගෙන මේක කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. ගෙදර තනියම ඉන්න එපා භූතයෝ එනවා.

      Delete
  23. raja rata peththe ekek sms ekak gahala lide penna kiyala nam ahuwa. me siddiya danne nam den

    ReplyDelete
    Replies
    1. රජරට වගේද කොළඹ සීන් :)

      Delete
  24. බොට වෙච්ච එකක්ද...?
    මාසයක් නින්දයන එකක් නෑ..!

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක්ට වුනු සීන් එකක් අයියා.

      Delete
  25. මගේ අම්මෝ !!!!!!! බුදු අයියේ.>>!!!!!!!!
    :( ඇයි දෙයියනේ අපි වගේ එවුන්ග්ව බය කොරන්නේ

    ReplyDelete
    Replies
    1. හික්ස්
      බය වෙන්න එපා බන් මම ඉන්නවනේ.

      Delete
  26. ඒ කියන්නෙ අර කොල්ල මැරුනෙ තාත්තා කරපු වැඩේට ඇති වෙච්ච ලැජ්ජාවෙන්.
    ෆෝන් එකෙත් ඔය කෝල් රෙකෝඩ් එක සටහන් වෙලා තියෙනවලුද, ආපු නොම්මරේ හෙම?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් ලැජ්ජාවට තමා මැරුණේ.කෝල් එකනම් රෙකෝඩ් කරලා නැහැ.ඒත් ලෝග්ස් වල ආපු කෝල් එක තියෙනවා.

      Delete
  27. එතකොට මේකේ බිල යන්නේ කාටද ?

    ReplyDelete
    Replies
    1. කසුන්ට
      එයානේ කෝල් එක අරන් තියෙන්නේ.

      Delete
  28. අඩේ වන් මිස්කෝල් ෆිල්ම් එකේ වගේ.

    ඌ අන්තිමට කියලා තියෙන දෙයින් උගේ මලගම ගැනත් නොකියා කියලා

    "හ්ම්ම් උඹ අනිවා වරෙන්කො අපේ ගෙදර.කොහොමත් උඹට එන්නම වෙනවා."

    ReplyDelete
    Replies
    1. ප.ලි. - ඒක නෙමේ මලයා උබලෑ හරියට වැස්සෙන් ආපදාවක් නෑ නේ ? අපේ පැත්ත නම් ගන්ඩ හසරක් නෑ. මලයා දන්නවා නෙහ් පත්තන් වේල්ල දළුපිටිය පැත්ත. ඒ හරිය නම් ගන්ඩ හසරක් නෑ. පලාතම යට වෙලා. 900 බස් එකත් නවත්තලා තියෙන්නේ

      Delete
    2. වියලි ආහාට එහෙම ඕනද මධු?

      Delete
    3. හික්ස් :)
      වියලි ආහාර උයන්න ක්‍රමේකුත් ඕන ! :)

      Delete
    4. වන් මිසෙඩ් කෝල් එකේ වගේ තමා.
      ඔව් ඒ සීන් එක දැන් මෙහෙ හරි ප්‍රසිද්ධයි.

      වෙලාවට අපිට අවුලක් නැහැ අයියා.අපි මීට අවුරුදු12 කට කලින් පත්තන් වැල්ලේ හිටියා.අපෝ ඒ කාලේ වැස්ස කාලෙට අපේ ගේ ඇතුලේ මුට්ටි පාවෙනවා.මෙහෙට නම් ඒ ප්‍රශ්නේ නැහැ.

      Delete
  29. හෑ..හොල්මන් ද පොල් කොළ කිව්වලු.!!
    තාත්තා බෝඩිමට ගිහින් දුවව එක්කරගෙන ගේ ලඟට ආවට පස්සේ අතුරුදහන් වෙච්ච කතාවක් මං අහල තියනවා. පස්සේ දුව ගෙට ගිහින් බලපුවම තාත්තා පෙට්ටියක සැතපිලා.
    තව ඔහොම කතා ගොඩයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ කතාව අහලා තියෙනවා බන්.

      Delete
  30. අනේ මන්දා.... මට හිතෙන්නෙ මොහොතකට පසු දුරකතනය නාද විය නම් නෙමේ..... පැය කිහිපයකට පසු දුරකතනය නාද විය වෙන්න ඇති. එයා සිය දිවි නසා ගන්න කලින් දුන්න අන්තිම කෝල් එක වෙන්න ඇති. මැරුණ අයව පෙනෙන එක වෙනම කතාවක්, ඒත් ෆෝන් එකකින් කතා කරන්න පුලුවන්ද කියන එක ටිකක් හිතන්න ඕන දෙයක්.
    ඔයාගෙ යාලුව හොයල බලල නැද්ද, ඒ මැරුණ යාලුවගෙ ෆෝන් එකෙන් අන්තිමට කෝල් එකක් අරන් තියෙන්නෙ කීයටද කියලා....

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ චතුරංග ෆෝන් එක තියලා විනාඩි දහයකට විතර පස්සේ තමා මාමා කෝල් කරලා තියෙන්නේ.

      Delete
  31. ඇත්ත සිද්ධියක්ද බන්... මේ වගේ සීන් වලට බෙල්ලෙ වැල දාගත්තා නම් මට මේ වෙද්දි සෑහෙන්න වාර ගානක් එල්ලෙන්න වෙලා...

    ReplyDelete
    Replies
    1. තාත්තා එච්චරටමැ කේස් ද?
      හ්ම්ම් මේක ඇත්ත කතාවක් අයියා.

      Delete
  32. හොල්මන්ද පොල්කොළ

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම මට කෝල් කරන්නේ නැහැ හරිය?

      Delete
    2. අඩෝ මං උඹට ඒක කියන්න හිටියේ....අනේ උබත් මට කෝල් කරන්නෙපා...මොනවහරි කියන්න දෙයක් තියෙනවනම් ලියුමක් එවපන්

      Delete
    3. මන් මගේ කෙල්ලට්වත් ලියුන් දීලා නැහැ බන් :)
      ඕන්නම් ඊමේල් එකක් එවන්නම්.

      Delete
  33. අප්පා...මේ වෙලාවට ඔව කියවන්නත් බය හිතෙනවා. මම මේ බයේ ඉන්නේ කොයි වෙලාවේ අකුණක් ගහලා මාව පරලෝ සැපත් වෙයිද කියලා. හදිස්සියේ හරි මම මැරිලා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා තිබුනොත් උඹලා බය වෙන්න එපා.

    මේ සීන් එක නම් සිරාම interesting. මේ පරීක්ෂණය ගැන හොයන්න මම වොට්සන්ව එවන්නම්. හැබැයි වැස්සොත් නම් බෑ හරිද?

    හැබැයි ඕක කාගේ හරි හිනා යන්නේ නැති විහිළුවක්ද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ මැරිලා පෝස්ට් එකක් දැම්මොත් අපිටත් කියපන් මම ඊයේ මැරුණා කියලා හරිද නැත්තම් අපි දන්නේ නැහැනේ.

      නැහැ නැහැ බන් මේක විහිළුවක් නෙවේ සිරා සීන් එකක් වෙලාවක වොට්සන් එක්ක වරෙන්කො.හැබැයි ස්කූබි විස්කෝතු ඉල්ලන්න එපා හරිය?

      Delete
  34. අඩේ සිරා කතාවක්ද
    පිස්සු බම්ප් වේ

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා
      සිරා කතාවක් බන්

      Delete
  35. http://theachcharuptuwa.blogspot.it/

    ReplyDelete
    Replies
    1. ඕක මම දන්නවනේ බන්?

      Delete
  36. හේතුවාදීන්ගේ සංගමයෙ ඩෑල් මේ හරියෙ නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. හිටියා නම් මොකා වෙන්නේ?

      Delete
  37. ඇත්ත කතාවක්ද මලේ...? අදහාගන්නත් බැහැ. මෙහෙමත් දේවල් වෙනවද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාවක් අයියා මේක.
      මගේ යාළුවෝ දෙන්නෙක් තමා මේ කතාවේ චරිත.

      Delete
    2. :O wow..... මලේ. එහෙමනම් විශ්වාසකරන්නම වෙනවා.

      Delete
  38. මම මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැ. ඒත් මේක නියම කතාවක්.

    ReplyDelete
  39. මම නම් කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ....ඒත් කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා කාලෙකින් නේද?

      Delete
  40. ඇත්තට ම වුණ දෙයක්ද? අනේ මන්දා හිතාගන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සීන් එකක් තමා බන්.

      Delete
  41. ඔහොම ටෙලියක් ගියා මීට අවුරුදු ගානකට කලින්. නංගි ගෙදරින් පැනලා ගිහිල්ලා. අක්කා කොළඹ වැඩ කරන්නේ ගෙදරින් අක්කට එන්න කියලා පනිවිඩයක් අරිනවා ඒ එන අතර මගදි ලේ පෙරාගෙන ඉන්න නංගිව මුනගැහෙනවා නංගි අක්කට කියනවා තමන්ගෙ කොල්ලා පිහියෙන් ඇන්න බව. අක්කා බොහොම අමාරුවෙන් නංගිව එක්කගෙන එනවා ඒත් ගෙවල් කිට්ටුවදි අමරුවෙන් ඉන්න නංගි ගෙදර කාවහරි එක්කගෙන එන්න කියලා අක්කව යවනවා ඒ එනකොට නංගිගෙ …දෙහය ගෙදර තියනවා . මෙකෙ අක්කට රඟපාන්නෙ සුසන්තා චන්ද්‍රමාලිද කොහෙද. අනිත්වනම් මතක නෑ

    ReplyDelete
    Replies
    1. නාට්‍ය නම් බලලා නැහැ එත් ඔය වගේ කතාවක් අහලා තියෙනවා තාත්තයි දුවයි ගැන.

      Delete
  42. අම්මෝ.... දැන් ෆෝන් එකෙනුත් හොල්මන් කරනවද??
    බයේ බෑ...



    ජය..

    ReplyDelete
    Replies
    1. ඉන්ග්ලිෂ් ෆිල්ම් එහෙම බලන්නේ නැද්ද?

      Delete
  43. අෑ..............ඇයි බන් මේ, මොකක්ද බං මේ....? දැන් උඔ කියන්නේ අපිට මේක trust කරන්න කියලද....? හපොයි.... යසට හිටපු උබට මොකද උනේ.....................????? :(

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් මිස් වුනා නම් මගේ යාලුවන්ටත් මේකම තමයි.දැන් හිත හදාගෙන ඉන්නේ වොර්ල්ඩ් එන්ඩ් එක ළඟ එනවයි කියන නිසා. :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!