Saturday, February 18, 2012

19 මෙන්න නැන්දම්මලා.

ඕන් පරණ නම් ගම් වෙනස් කරගෙන අලුතින් ගෙයක් හදාගෙන නිකමාට සමුදීලා අච්චාරුවක් හදන් වැඩේට බැස්සා.හැමෝටම ආයුබෝං කිව්වා එහෙනම්.


ඔයාල දන්නවනේ පිරිමි කෙනෙක් බැන්දට පස්සේ කන්න වෙන ලොකුම කට්ට තමා තමාගේ අම්මගෙයි වයිෆ්ගෙයි ගෝරි වලට අහුවෙන එක.


නැන්දම්මයි ලේලියි කිව්වමත් ඉතිහාසේ ඉදන්ම රස කතා තියෙනවනේ සමහර නැන්දම්මලයි ලේලියිලයි කිරි පැණි වගේ ඒත් බහුතරය නයයි මුගටියි වගේනේ.


අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා ඔහොම ඩබලක් ඒ ගෙදර දවල්ට ඉන්නේ නැන්දයි ලේලියි විතරයි.දවසක්
මං පයින් ගමනක් යද්දී ඔය ගේ ඉස්සරහින් තමා ගියේ.


මටත් නිකමට වගේ ඔය ගේ පැත්ත බැලුනා එවෙලේ ඒ නැන්දා උළුවස්ස අල්ලාගෙන බිම හිමිට ඉදගත්තා ඉදගන්න ගමන් මං දිහත් බලලා පොඩි හිනා පාරක් දැම්මා.මාත් ඉතින් චූටි හිනා පාරක් දාලා මගේ පාඩුවේ ගියා.මං ටික දුරක් යද්දී නැන්දා ටිකක් අමාරුවෙන් වගේ කෑගහනවා 
''ප්‍රියංගිකා ප්‍රියංගිකා දුවේ මෙහෙ වරෙන් මාව වැටුනා'' කියලා.


මං ආයේ හැරිලා බැලුවා ඈහ්හ් උළුවස්ස අල්ලං ඉද ගත්ත නැන්දා එතනම ඉදගෙන ලේලිට කෑගහන්නේ බොරුවට.


ලේලිලා කොච්චර වැඩ කරත් සමහර නැන්දම්මලාට ඕන තවත් වැඩ මොනවා හරි ලේලිට පටවන්න තමා.ඒක වෙන්න ඇති එවෙලේ ඒ නැන්දාත් බොරු ඇක්ටිං පාරක් දැම්මේ අනේ මෙහෙමත් නැන්දලා.

19 comments:

  1. හෙ.හේ.. ඔය උඩ තියන පොටෝ එකේ ඉන්න දෙන්න කම්මුල් වලට ගහ ගන්නව තරඟෙට....මට හිනා මැරෙන්න ඔය ෆිල්ම් එක බලල.....

    ReplyDelete
  2. ආදර්ශමත් නැන්දම්මලා..

    ReplyDelete
  3. ලේලිගේ ආදරේ ගන්ටත් එක්කද දන්නෙත් නෑ. ඉතින් ලේලිලාත් නැන්දම්මට ආදරෙන් සලකපුවාම ඉවරනේ. :D

    ReplyDelete
  4. අයියෝ ඒ පාර මගේ බ්ලොගේ නම කොපිකරලනෙ...

    අවුලක් නෑ..

    මේක දැක්කම මතක් වුනේ සිංදුවක්.."සමහර තරුණො තරුණියන්ට රැවටිලා"

    ReplyDelete
  5. ඔය නැන්දම්මලා ලේලිලා අවුල රජ කාලේ ඉදන්ම තිබ්බයි කියලා කියනවා නෙහ් !!

    මට මතක විදිහට නැන්දම්මා ලේලි අවුල නැතුව ජීවත් වෙච්ච එකම කාන්තාව තමයි ආදම්ගේ ඒව !!!

    @වින්චැට් :
    මොකද්ද ඔය ෆිල්ම් එක ???

    ReplyDelete
  6. ඔය උඩ රූපෙ තියෙන ෆිල්ම් එකනම් මරේ මරු...මමත් බලල තියෙනව...පණ යනව හිනාවෙලා.....

    නැන්දම්මල ලේලිල ගැනනම් ආයෙ කතාකරලවැඩක් නෑ....

    ReplyDelete
  7. @වින්චැට්
    මාත් බලලා තියෙනවා.

    @දිනේශ්
    අදහන්න වටිනවා නේහ් බං??

    @ප්‍රවීනා
    ඔයා නම් නැන්දම්මට ආදරෙයි වගේ.

    @ඇනෝ
    මං කිබුල් මස් කන්නා කියලා දැම්මේ නැහැ බං :D

    @මදුරංග අයියා
    ඒවටත් නැන්දම්මා කෙනෙක් හිටියා නම් අනිවා වලියක් ගිහින් ඇති :D

    @පූර්ණිමා
    මාත් බැලුවා ඔය කියන ෆිල්ම් එක නම්,ඇයි නැන්දම්මලා ලේලිලා ගැන කතා කරලා වැඩක් නැත්තේ?.ඔයාටත් කවදාහරි නැන්දම්මා කෙනෙක් හම්බෙනවනෙ.

    ReplyDelete
  8. නැන්දම්මා හා ලේලිගේ කැමතිම සින්දුව.....වයි දිස් කොලවෙරි කොලවෙරි කොලවෙරි ඩී..........

    ReplyDelete
  9. @හිත හොද
    ඒ මක්කෙයි බං??

    ReplyDelete
    Replies
    1. හිකිස්....විකාරද...හාපෝ....ඔන්න ඔය කරදර විඳින්න බැරි නිසාමයි අපි ඒ අංශෙ ගැන නොහිතන්නෙ....

      Delete
    2. ඒ කියන්නේ තනියම සව්දම් පුරන්නද ඔයා හදන්නේ?.

      Delete
  10. හපෝ නැන්දම්මලා හා වෙනද නැන්දම්මලා. අතිශයින්ම අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න !

    ReplyDelete
    Replies
    1. වෙනද නැන්දම්මලා කිව්වේ?.

      Delete
  11. හික්ස්..... නියම නැන්දම්මෙක්....

    ReplyDelete
  12. නැන්දම්මලා කියන්නෙත් අම්මලා බව ගොඩ දෙනෙකුට අමතකයි. මතක් කළත් බනිනවා. ඇයි ඒ? පව්. නැන්දම්මලා වෙන්ට කලින් එයාලාත් ගෙදර බුදුන් තමා. තමන්ට හිමි උන පුතාගේ ආදරේ වැඩි කොටසක් ලේලි එක්ක බෙදෙන කොට අවධානේ ගන්නයි අර වගේ දේ කරන්නේ. එයාලට බැන්නට ලේලියොත් දවසක නැන්දම්මලා වෙනවනෙ.
    මේ වගට,
    ..ලේලී දම්මී

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි නැන්දම්මා කියන්නේ අම්මලා තමා.ඒත් ඉතින් ගොඩක් අය තමාගේ දරුවට වගේ දරුවාගේ සහකරුට ආදරේ නැහැ මේ ලිපියත් ඒකට පුංචි උදාහරණයක්‌ විතරයි.

      Delete
  13. අපේ අම්මයි ආත්තම්මයිනං කවදාවත් රන්ඩුවෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. බොහොම කලාතුරකින් ඒ වගේ ලේලිලායි නැන්දම්මලයි ඉන්නවා සහෝ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!