Monday, October 01, 2012

104 තොපිලා මගේ යාළුවෝ ද?

අයියා අපිට ගේන්නකෝ රයිස් ඇන්ඩ් කරි 4ක්.

මොනවද මල්ලි ඕන චිකන් බීෆ් පෝක් එග් වෙජි?

චිකන් ගේන්න අයියා ආහ් තව කෝක් හතරකුත් ගේන්න.
මායි පැතුමයි දුලාරයි දිලායි හෝටලේකට ගියේ ක්ලාස් ඇරිලා එන ගමන් දවල්ට කෑම අනුභව කිරීම සඳහායි.කට්ටියම සල්ලි දාලා තමයි කන්නේ අද කතා වුන විදියට මගෙන් තමා වැඩි බරපැන.ඒක නිසා කාලා ඉවර වෙලා යෝගට් ඕඩර් කරන්න කලින් මොකක් හරි බොරුවක් ගහලා මුන්වත් ඇදන් ඉක්මනට යන්න ඕන කියලා හිතන් තමා එදා මම හෝටලේට ගියේ.

වේටරයා චෙෆ් පබිලිස් වගේ බත් සවාන උරහිසේ තියන් ඇවිත් මේසය මත තබා ගොස් එවැනිම සවානක තබා කරී ප්ලේට් හතරක් රැගෙන ආවේය.පරිප්පු,කැරට් ව්‍යාංජනයක්,මැල්ලුමක් චිකන් කරිය ඒකෙ කෑලි හතරක් තිබුනා.ඒවාත් මේසේ උඩ තියලා යන්න හැරිලා ආපහු හැරිලා

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මල්ලි කියලා සාක්කුවට අත දාලා පපඩම් හතරක් අරන් මේසය මත තබා කෝක් ගේන්නට ගියේ ය.

අරුන් හනි හනිකට බත් බෙදාගනියි මාත් පැනලා බෙදාගත්තා මොකද බත් ඉවරවුනොත් එහෙම?.කට්ටියම සමසමව බෙදාගෙන කන්නට පටන් ගත්තේය.

අනේ ඌරො රැළ උඹලා අතවත් හේදුවේ නැහැ නේද?

අපි ක්ලාස් එකෙන් එන ගමන් අත් හෝදන් බන් ආවේ.කටේ බත් අහුරක් පුරවගත්තු පැතුමා දුබල හඩකින් කීය.

මුන් හේදුවට මම අත් හෝදගෙන නැහැනේ ඒක නිසා මම බෙදාගත්තු බත් පත එහෙම්ම තියලා ගියා අත්හෝදන්න.අතුත් හෝදන් එද්දී අම්මිට සිරි මගේ පිගානේ මස් කෑල්ල නැහැ.මම අරුන් තුන්දෙනාගේ මූණු දිහා රවලා බැලුවා ම්හ් උන් එකෙක් වත් දන්නේ නැති ගානට කනවා.

මට නහුතෙට මළ පැන හෙන කේන්තියෙන් ඉඳ ගත්තෙමි.ඉඳගෙන මුන්ගේ බත් දිහා බැලුවේ ය එහෙත් එකෙකුගේවත් බත් පිගන් වල අමතර මස් කෑල්ලක් නොමැත.දැන් මුන්ගෙන් මස් කෑල්ල ඉල්ලුවට වැඩකුත් නැත මුන් මහා අසමත්ජාති මිතුරන්ය.මස් කෑල්ල ඉල්ලීමට ගොස් කිච වීමටද බැරිය.

මුන් තුන්දෙනාට ඇහෙන පරිදි 
මගේ මස් කෑල්ල කාපු එකාට දෙයියනේ අදම බඩ පලයන්.දවස් හතරක් යනකන් ඒක හොඳ නොවේවා.

අහිංසකව මා දෙස සිනාසෙමින් බැලු දුලාර
ඔන්න මට නම් ඕවා වදින්නේ නැහැ බන් මම කාගේවත් මස් කෑවේ නැහැ.

එහෙනම් ඉතින් අරුන් දෙන්න තමා මම මටම කියාගෙන හෙන කේන්තියෙන් බත් පරිප්පුත් කැරටුත් සමඟ අනා කෑවේය.කන ගමන් පැතුමාත් දීලාත්  දිහාත් හොරෙන් බැලුවේය.උන් උන්ගේ බත් පත් දෙස බලමින් යන්තම් කින්ඩි හිනාවක් දාගෙන තලු මර මර කති.

(හිතින්)
මුන් මහා වල් බල්ලෝ අර සිංදුවකුත් තියෙන්නේ මල්ලියේ නරක මිතුරන් ඇසුරු කරනු එපා කියලා.ඒ මුන් වගේ උන් ගැන තමා කියන්නේ.අම්මත් කට කැඩෙනකන් කියනවා මුන් එක්ක රස්තියාදු ගහන්න එපා කියලා  ඇත්ත තමා මේ වගේ නරි රැලක් ආශ්‍රේ කරනවට මට මඩු වලිගවලින් ගහන්න ඕන හෑ???? මඩු වලිග කියන්නේ මොනාද? මොනා වුනාම මොකෝ මුන් වගේ කාලකන්නි ආශ්‍රේ කරනවට ඕවාලින් ගහලත් මදි මට.ඒ වුනාට මුන් අක්කගේ වෙඩින් එක දවසේ සෑහෙන්න උදව් කරානේ.ඒවා ඉතින් යුතුකම්නේ යාළුවෝ උනාම ඒවා කරන්නම එපෑ.ආයේ නම් මගේ වෙඩිමටවත් මුන්ට කියන්නේ නැහැ මුන් එදාටත් මගේ බත් ඒකෙ මස් කෑල්ල කයි.වයිෆ්ටත් බැල්ම දැම්මොත්.මුන් එහෙමට සත්තු අදින් පස්සේ මම මුන්ව මගහරින්න ඕන.

හිතින් බැන බැන බත් එකෙන් තුනෙන් දෙකක්ම කා ඇත.මැල්ලුම තිබු පැත්ත තාම අතින් වත් අල්ලා නැත.පරිප්පුයි කැරටුයි ඉවර වී ඇත.මැල්ලුම් එක්ක හරි මේ ටිකත් කන්න ඕන කියලා හිතලා මැල්ලුමත් බතුත් අනන්නට විය.ඔන්න එතකොට මම දැක්කා පැතුම් කාලා ඉවර වෙලා අත හෝදන්න යනවා.දුලාර චිකන් 
කට්ටක් සූප්පු කරනවා.දීලා කෝක් එක උරනවා.හුටා මේන් මස් කෑල්ල!

කාගේ පිගානේද?

මන් අත හෝදන්න ගිය වෙලේ මුන් කුපාඩිකමට මගේ පිගානේ තිබ්බ මස් කෑල්ල මගේ පිගානේම තිබ්බ මැල්ලුමට යට කරලා උඩින් මැල්ලුම් දාලා වහලා දන්නේ නැහැ වගේ ඉඳලා.

අත හෝදන් ආපු පැතුම් මම මස් කෑල්ල ඇඟිලි වලින් එහෙට මෙහෙට කරද්දී අරුන් දෙන්නට කියනවා මුගේ මස් කෑල්ල කාපු එකාට අද බඩ යයි බන්.

____________________________________________________________________________
ඕන් මේක මට වුනු එකක් කියලා එහෙම හිතන්න එපා ඈ.
දැන් ඔයාල හිතනවා ඇති මේ මස් සිද්දිය වෙච්ච එකා බඩ යයි කියලා මස් කෑල්ල නොකා හිටියා කියලා ඌ ඒක කාලා අන්තිමට නිකන්ම මැල්ලුම් එක්ක :D



104 comments:

  1. අන්න යාළුවො. :)

    ReplyDelete
  2. මරු යාලුවෝ ටික... හැබෑට වේටර් එදා පපඩම් ගෙනල්ලා තියෙන්නේ සාක්කුවේ දාගෙනද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කැත සිද්දිය :)

      Delete
    2. පල පල ඒක උබ අතින් දාලා ලියපු කෑල්ලක් නේ

      Delete
    3. සිරා බන් ඌ පොඩි සිලි කවරෙකට දාලා පපඩම් ගෙනාවේ :)

      Delete
  3. ආතල් එකේ හොඳම එක......නියමයි

    ReplyDelete
    Replies
    1. හික්ස්
      අනිවා අනිවා

      Delete
  4. ඕන් මේක "නිශාන්ට" වුනු එකක් කියලා එහෙම හිතන්න එපා ඈ
    කතාව නියමයි ....

    ReplyDelete
    Replies
    1. හෑ ආ ඔව් ඔව් මේක මට වුනු එකක් කියලා එහෙම කව්රුවත් හිතන්න එපා ඈ :D

      Delete
  5. හික්..හික්. මරු සිද්දිය .. තමන්ම කරන සාප තමන්ටම වදින්නේ නැතුව ඇති මගේ හිතේ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නැත්තම් හොඳයි නෙහ්? :)

      Delete
  6. හෑ,ඒකනේ කියන්නෙ ගෑල්ලමයි හොදයි කියලා..ඊයෙ අපි ඉක්කෝලෙ ගිය වෙලාවෙ(OG) බත් ගෙනල්ලා තිබුනා..මම හාල් මැස්සෝ කන්න ආස නිසා බත් කාලා මට හාල් මැස්සො ටික ඉතුරු කරන් ඉදලා..

    ReplyDelete
    Replies
    1. මම හොඳ වැඩේ කියලා කිව්වේ නැහැලු ඈ :D

      Delete
  7. Replies
    1. ඒ මොකටද මට බඩ යන්නේ?

      Delete
  8. කියද්දිම හිතුන හරි, මේක තමයි සීන්එක කියල. ‍චිකන් කෑල්ල ටිකක් පොඩියිවගේ. ඒකයි ඔච්චර ලස්සනට හංගන්නපුළුවන් වෙලා තියෙන්නෙ.

    -රාජ්

    ReplyDelete
    Replies
    1. හොටෙල් වල චිකන් කෑලි වලට කුකුලගේ පාළුවක් දෙනවා කියලා හිතුවද? :D

      Delete
  9. අපේ සෙට් එකත් ඔහොම තමා :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එහෙම තමයි බන් බලන් ගියාම.

      Delete
  10. ඇත්තටම මඩු වලිග කියන්නේ මොනාද?

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නම් මඩුවා කියන්නේ මාලුවෙක්. පැතලියි විශාලයි. වලිගයක් තියනවා දිගට. ඒ වලිගය අග කොටස විෂ සහිතයි. මඩුවා ආරක්ෂාවට මේ වල්ගයෙන් පහර දෙනවා සතුරාට.

      Delete
    2. මඩුවාව නොදන්න උඹලට තලන්න ඕනෙ මඩුවලිගෙන්ම තමයි.. :)

      මඩු වලිගෙ කියන්නෙ මඩුවා(skate) කියන මාලුවාගේ වලිගෙට.. ඒක බොහෝම ශක්තිමත්.. නැමෙනසුළුයි.. ඒ වගේම කටු කටු තියෙන අස්ථි කොටස් වලින් හැදිලා තියෙන්නෙ..

      කපලා අරන් වේලලා පදං කරලා ගත්තම ආයෙ කසේ පරාදයි.. ගමකට වුනත් ගහන්න පුලුවන්..

      Delete
    3. @හයිඩ්
      ඔන්න ඔයයි මායි දෙන්නම දැන් දන්නවා චන්දනයි හරියි නිසයි.

      Delete
    4. මඩුවා (stingray) නේද?

      Delete
    5. http://en.wikipedia.org/wiki/Skate

      Delete
    6. වලිගෙ කෑල්ල දැන් හරියටම දැකගත්තා ඕකෙන් ගැහුවොත් එහෙම හොඳට තියෙයි.
      මූ ටිකක් ජෙලිෆිෂ් ලා වගේ නේද?

      Delete
  11. හිකිස් බඩය්..පපුවයි දෙකම ගිහින් ...

    ReplyDelete
    Replies
    1. පපුව කොහෙද බොල ගියේ :)

      Delete
  12. මම මෙ කල්පනා කලෙ මෙක උබට උනු එකක් කිලා හිතා ගන්නද.? නැත්නම් ...... හ්ම්

    ReplyDelete
    Replies
    1. අම්මට ශම්මියා උඹත් එහෙනම් මේ පැත්තේ ආවා ඈ.

      Delete
  13. උබගේ යාළුවො මගෙ උන්ට වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. එච්චරට හපන් ද බන්?

      Delete
  14. මම නම් කියන්නේ මලේ ඕක ඔයාටම වෙච්ච සිද්දියක්. හිකිස්.....

    ReplyDelete
    Replies
    1. හික්ස් මම මුකුත් කියන්නේ නැහැ.

      Delete
  15. ඔය යාලුවො හොඳයි අපිට උන්නේ කාලා කටුවෙත් හපන්න පුලුවන් හැමතැනම හපකරලා කෑම එක උඩ තියන යාලුවො

    ReplyDelete
  16. මම දන්නා පොරක් ඉන්නවා බත් එක ගත්ත ගමන් තූ තූ ගලා ලපටි කෙල පාරක් බත් ඒකට ගහනවා වගේ කරනවා. ගහනවද දන්නේ නෑ. එතකොට අනිත් එවුන් හොම්බ දාන්නේ නෑනේ. හොඳ කතාවක් නිශාන්.

    ReplyDelete
    Replies
    1. ඔය තූ තූ ගාන වැඩේ අපිත් ඉස්සර කරන වැඩක් තමයි..නැත්නම් කෑම බේර ගන්නවා බොරු.... උබේ කමෙන්ට් එක දැක්ක ගමන මට ඒ කාලේ මතක් වෙලා හිනහත් ගියා..

      Delete
    2. ඒ ක්‍රමේ නම් සාර්ථකයි තමා මාත් එකෙක් ඔහොම කරනවා දැකලා තියෙනවා :)

      Delete
  17. නියම යාළුවෝ ටිකක් තමයි!
    අදමයි මේ පැත්තේ ආවේ! ආයෙමත් එන්නම්..

    ReplyDelete
    Replies
    1. මීට කලින් ඇවිත් තියෙනවනේ ඔයා.

      Delete
  18. බත් සවාන?
    හික් හික් යකෝ පපඩම් සාක්කුවේ දාගෙන? ඒක මරු කෑල්ල.
    තමන්ගෙ සාපය තමන්ටම වදින්නෙ නෑ නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ වදින්නේ නැහැ :)

      Delete
  19. kathawa rasawathya ....namudu viyakarana dosashitayaකැරටුත් සමඟ අනා කෑවේය...blog1 thamungeye one deyak liyannata piliwanya one nam kiyawannatada natinam nokiywa innatada hakiya.......namudu bho kemetten kiyavana nisa varadda penwa deemi....

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව මම අගය කරනවා ඇත්තෙන්ම.ඇනෝ වශයෙන් කොමෙන්ට් කරත් ඒ නරකට නෙවේ මගේම හොඳටනේ.මගේ ව්‍යාකරණ ඇත්තෙන්ම වැරදියි.මම රචකයෙක් විදියට ගොඩක් දුර යන්න බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඕවා ඉගෙන්ගන්නෙත් නැහැ.ව්‍යාකරණ ගැන හිතන්න එපා ලිපිය කියවන්න.

      ස්තුතියි අදහස් දැක්වීමට.ඇත්තෙන්ම අගය කරනවා මේ කොමෙන්ටුව.

      Delete
  20. ඔය සන්තෑසියම දවසක් මටත් වුනා. මම හා පුරා කියල සිරිපාදේ යන දවසේ කවරෙකට කිඹුලා බනිස් තුනක් කපලා දාගෙන අරන් ගියා මගදී කන්න. කොහොම හරි උඩ මළුවට යනකම් කන්න හම්බුනේ නෑ. අන්තිමට මම බෑග් ඒක කොල්ලෝ ගාවින් තියලා අවට පොඩ්ඩක් සිරි නරඹල එද්දී අඟල් එක හමාරක විතර කිඹුල් බනිස් කෑල්ලක් තියනවා. මට ආපු කේන්තිය.

    ReplyDelete
    Replies
    1. අනිවා උඹම කියපන් මළ පනින්නේ නැද්ද කියලා.

      Delete
  21. බලාගෙන ගියාම යාළුවො ටික හොඳයි නේ බං.

    ReplyDelete
  22. මොනා උනත් මස් කෑල්ල නේ

    ReplyDelete
  23. දැන් නිශාන් මලයට ටැප් එක ඇරියා වගේ හිටු කියලා බඩ යනවලු ඈ... හිකි හිකි :)

    ReplyDelete
  24. මලේ දැන් සනීපද බං...

    ReplyDelete
    Replies
    1. බඩට නම් මාර සනී...පයි.

      Delete
  25. ඉතින් උඹ කෑවද ඒක ඊට පස්සෙ ?

    ReplyDelete
    Replies
    1. ඇයි දැක්කේ නැද්ද යටින් ලියලා තිබ්බ කෑල්ල?

      Delete
  26. හී හී හී නිශාන් :)

    ReplyDelete
  27. නිශාන් පව්ලු ඈ..මේක නිශාන්ට නෙමේලු උනේ හොදද :D

    ReplyDelete
  28. අනේ අපොයි.... මැල්ලුම් කන්න ආස නැති බව දැනගෙනම කරපු වැඩක්ද කොහෙද....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සහෝ
      බලන්නකෝ ඒ කොල්ලා පව් නෙහ්.

      Delete
  29. දැන් කාපු එකාට බඩගියාද??
    ;p

    ReplyDelete
  30. උඹටම ගැලපෙන යාලුවො සෙට් එකක් !!

    ReplyDelete
  31. බොරැල්ල උපවංසෙ තමා අපේ ප්ලේස් එක..

    ReplyDelete
    Replies
    1. අපේ ප්ලේස් එක...
      ආහ් අපේ නෙමේ මේ කතාවේ උන්ට සිද්ද වුනේ රාගම ප්ලේස් එකක්ලු බන්.

      Delete
  32. හොඳ වැඩේ මැල්ලුම් නොකනවට x(

    ReplyDelete
    Replies
    1. මම මැල්ලුම් කනවනේ :(

      Delete
  33. අය්යෝ...කැත වැඩෙනෙ.
    අපෙත් කොල්ලෙකුට උනා ඔය වගේ වැඩක්..හැමෝම බනිස් කන්න ගත්තේ එකෙක් නැගිටල ගියා උවමනාවකට..උගේ බනිස් ගෙඩියේ මැද්ද යටපැත්තෙන් කාල ඌ එනකොට...!!

    ReplyDelete
    Replies
    1. වෙලාවට මේ කතාවේ නම් මස් කෑල්ල අන්තිමට හම්බ වුණා :)

      Delete
  34. අලුත් සින්ඩියකට ඔබේ බ්ලොගයත් එකතුකරන්න http://i-am-a-blog-reader.blogspot.com/


    ReplyDelete
    Replies
    1. එකතු කරා
      ඔබට දිගු ගමනක් යන්න ලැබේව!

      Delete
  35. ඉතිං මොකෝ වුණේ.දවස් හතරක්ම ..................? හි හි හි

    ReplyDelete
    Replies
    1. හි හි හි මම හිතන්නේ මුකුත් වුනේ නැහැ :)

      Delete
  36. හෆොයි!එලම කොල්ලෝ ටිකක්!!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බන් මොනා වුනත් ඒ වගේ උන් මට සහෝදරයෝ වගේ.

      Delete
  37. අයියේ පපඩම් ........ ශුවර් මේක උනේ උඹට නෙවෙයි කියලා

    ReplyDelete
  38. කොහොමද බං පපඩම් 4ක් සාක්කුවේ දාන් ආවේ? සාක්කුවේ මොන දේවල් තිබුනද කියලා කවුද දන්නේ!

    ReplyDelete
    Replies
    1. පොඩි සිලි කවරෙකට දාලා බන් ගෙනාවේ :)

      Delete
  39. මඩුවා දැකලා නැත්නම්, ඔය නසරානි යාළුවෝ සෙට් එකත් එක්ක "වෝටර් වර්ල්ඩ්" බලන්න යන්න. ඒකේ මෝරයි මඩුවයි දෙන්නම ඉන්නවා.

    මැල්ලුම් එක්ක මස් කෑම හරි ක්ලැසික්....!!!

    ReplyDelete
    Replies
    1. මඩුවා ගැන හරි කියලා දුන්නා රූපෙකුත් එක්ක.

      මැල්ලුම් සමඟ මස් ක්ලැසික්?? :D
      සත්‍යවශයෙන්ම

      Delete
  40. හික්ස් නියම යාළුවො.....ගොඩක් දවසකින් ආවෙ ආයෙමත් දිගටම බලනවා....

    ReplyDelete
    Replies
    1. හලෝ අනුවා වෙල්කම් බැක් :)

      Delete
  41. අන්න නියම යාළුවෝ.. උන් නැත්නම් ඉතින් මෙහෙම කතාවක් කෝ අපිට කියවන්න.. :)

    ReplyDelete
  42. මොකද උනේ බඩ ගියා ද.....

    ReplyDelete
  43. ආ හරි නිශාන් අයියට නෙමේලු වෙලා තියෙන්නේ සිද්දිය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට වුනු එකක් නෙවෙයිලු ඈ :)

      Delete
  44. මොරු කොල්ලො සෙට් එකක්

    ReplyDelete
  45. හිකිස් පට්ට..

    ReplyDelete
  46. ඒ ඕකුන් මස් කෑල්ල කවත් කමක් නැහැ.. අපේ උන් මම එනකොට මගේ පිගානත් එක්කම කල තියෙයි

    ReplyDelete
    Replies
    1. ඩේන්ජර් යාලුවෝ ටිකක් නේද?

      Delete
  47. අපි නැගිට්ටොත් ඉතින් රම්පෙ කරපිංචා තමා ඉතුරු. අපේ එවුන් ඒ තරමට හොදයි

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!