Saturday, November 03, 2012

125 වැඩක් නැති මගේ කතාවක්!

අද නම් ලියන්න යන්නේ මෙලෝ රහකට නැති මගේ ජීවිතේ කොටසක්.ඕනාවට වඩා බ්ලොග් ලෝකෙදි මම විවෘත වෙලා තියෙන අවස්ථා තිබ්බා.මේකත් ඒ වගේ පොඩි විවෘත වෙන අවස්ථාවක්.මේ වගේ අවස්ථා මා හිතාදර ඇනෝ සහෝදරවරුන්ට වැදගත් මා සමග අදහස් නොගැලපුන විටදී මගේ කොමන්ට් යටින් මොනවා හරි දාන්න.


මඩිස්ස කියවන්න ඉස්සර ඉඳන්ම එන අය නම් දන්නවා මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ස්පෝට් කරන කොල්ලෙක් කියලා.ඒත් ඕ ලෙවල් වලින් පස්සේ ගෙදර නැවතිලා විවේකිව කාලය ගත කරපු මම ෆිල්ම් වලට වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වුණා.ඔහේ ගෙදරට වෙලා පුටුවක් උඩට වෙලා ඔවාම තමා කරේ.ගතේ තිබ්බ ක්‍රියාශීලී බව කෙමෙන් කෙමෙන් අඩු වුණා.සික්ස් පැක් බඩ ටික ටික ඉස්සරහට ආවා.පොඩි වැඩක් කරන්නත් මාර කම්මැලියි.ඇඟ පත හෙනට හොර වුණා.පස්සේ මම මහත් වුණා හරියට සිරාගේ කාමරේ ලියන සිරා අයියා,එතකොට කට්ටිය දැකලා ඇතිනේ දියකිඳුරව? මම ඊටත් වඩා මහත් වුණා.

මට ඒ කාලේ පට්ට ලැජ්ජයි ඕකට,ඒක නිසා එක්සයිස් කරන්න හැදුවා මොන පිස්සුද සතියක් එක දිගට කරගන්න බැරි වුණා.ඊට පස්සේ කෑම අඩු කරන්න ගත්තා ඒකත් වැඩිම දවසයි දෙකයි.හෆොයි මතක් වෙද්දීත් නිකන් මොකක්ද මොකක්ද වගේ.අඩි දහයක් දුවාගන්න බැහැ පට්ට හති.ඇඳුම් ගන්න කඩවල් ගානේ යන්න ඕන සයිස් ලොකු ඒවා හොයන්න.ඉන 36යි බර කිලෝ 85යි කොහොමද?

මහත් වුනාම වාසි දෙක තුනකුත් තිබ්බා.
කොච්චර අවමාන අපහාසාත්මක සිනාවන් වලට ලක්වුනත් සමහරු කිව්වා මම හරි හුරතල් පාටයි කියල.ඒ වුනාට මම නම් සමාජෙට මුහුණ දෙන්න බැරුව හිටියේ.තව මට හොඳට ශක්තිය තිබ්බා වැඩිය මහන්සි වෙන්න බැරි වුනාට හොඳට බර උස්සන්න පුළුවන්.ගින්නක් නැතුව කිලෝ පනහ හැට ඉස්සුවා.මේවා ලියලා මම මගේ කාඩ් කුඩු කරගන්නවා තමා ඒත් ඇත්තම ලියන්න එපැයි ඒ කාලේ මම ගෑනු ළමෙක් දිහා කෙලින් බලන්නේ නැහැ මට නිකන් හිතට මහා පස්ට ලැජ්ජාවක් හිතෙනවා ගෑනු ළමයි මන් දිහා මොන විදිහට බලනවද කියලා.මට හැමතිස්සෙම හිතෙන්නේ හැමෝම මන් දිහා බලලා හිනා වෙනවා කියලා.

ඔහොම අවුරුදු දෙකක් විතර ගෙවුනා පස්සේ කොල්ලා ආපහු හිතට පුරුෂ දහිරිය අරගෙන ඇඟ බස්සගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරුවා අන්න එතැනදී තමයි මට කෙළවුණේ.

2011 ගිය අවුරුද්දේ තමා මම මෙහෙයුම ඇරඹුවේ උදේ පාන්දර නැගිටලා දිව්වා.ඔය දිවිල්ල මම හිතුවේ සතියකින් දෙකකින් නතර වෙයි කියලා ඒත් එහෙම වුනේ නැහැ.දිවිල්ල කොච්චර සාර්ථක වුනාද කියනවා නම් මගේ බර අඩුවෙන එක කෙසේ වෙතත් මඩිස්සට ලිපි දෙක තුනක් වැටුනා.මාස ගානක් දිව්වා.හැබැයි බර අඩුවුණේ නැහැ පිට්ටනියේ වට පහ පහ දිව්ව එක මගේ ෆැට් බර්න් කරන්න මදි වෙන්න ඇති.


ඊටපස්සේ 2012 ලැබුවාම වට ගාණ වැඩි කරා වට 12ක් වගේ දිව්වා.ඔන්න ටික ටික ඇඟේ බර අඩු වුණා.මාව චූටි කාලේ දැක්ක අටම්පහුර අයියා නම් අවුරුදු ගානකට පස්සේ මේ අවුරුද්දේ මාව දැකලා කිව්වේ මුන් අලි වගේ ලොකු වෙලා කියලා.මට ඒ වගේ කතා ඇහෙද්දී පොලොව පලන් යන්න හිතිලා තියෙනවා.ඒ වුනාට උසුළු විසුළු කරන උන් ඕවා දන්නේ නැහැනේ.

ඊටත් පස්සේ මම කෑම අඩු කරා ආපහු හැබැයි මේ පාර සාර්ථක වුණා.කලින් කාපු ප්‍රමාණෙන් තුනෙන් එකයි දැන් කන්නේ ඒ මදිවට අපේ අයියා කෙනෙක් මහබෝලේ තේ කොළ එකක වැඩ.එයාට හැම මාසේම තේ කොළ නිකන් හම්බ වෙනවා.ඔන්න එයා මාර්ගයෙන් මම ග්‍රීන් ටි කිලෝ එකේ පැකට් ගෙන්න ගත්තා.ග්‍රීන් ටි වැඩේ නම් සීයට සීයක්ම සාර්ථක වුණා.මාස දෙක තුනට බලන් ඉද්දි ඇඟ බැස්සා.මට ෆුල් හැපී ඒත් මම කෑම අඩු කරපු එකයි දුවන එකයි නැවැත්තුවේ නම් නැහැ ඒ මදිවට මම තවත් ව්‍යායාම් වගයකුත් පටන් ගත්තා.හැම පැත්තෙන්ම ෆැට් බර්න් වෙන්න ගත්තා විශ්වාස කරන්න දැන් ඉන අඟල් 32යි.බර කිලෝ 63යි.කොහොමද අඩුවිල්ල?

කරන්න පටන් ගත්තා ව්‍යායාම් හේතුවෙන් පිම්බුණ බඩ හුලන් බහින බැලුම වගේ ටික ටික අඩු වෙලා.සික්ස් පැක් වලින් ෆෝ පැක් වගේ දැන් ලාවට මතු වෙලා.ආම් වල ශේප් ලස්සනට හැදිලා පපුව දැන් ආමි පොරකගේ වගේ.මේ වගේ සතුටුදායක අවස්ථාවකදී දුක් වෙන කෙනෙකුත් ඉන්නවා ඒ තමා අපේ අම්මා.අම්මා නම් කියන්නේ දැන් මම ඇදිලා පැදිලා ගිහින් කැත වෙලාලු :(.ඉස්සර හිටිය විදිය ලස්සනලු ඒ වුනාට මමනේ දන්නේ මම මුහුණ දුන්න අපහසුතාවල්.


කෙට්ටු වෙන්න ඉන්න අයට මම කියන්න කැමති දේවල් ටිකකුත් තියෙනවා.
ඔයා මහතා කෙනෙක් නම් කෙට්ටු වෙන්න හිතන්නවත් එපා
මේ සමාජේ හරිම කුරිරුයි.මම මහතාට ඉන්න කාලේ ගොඩක් උන් මට අවඥා සහගතව හිනා වුණා.මගේ මූණටම හිනාවෙනවා එක එක ඒවා කියලා.ඒත් දැන් කෙට්ටු වුනාමත් කතා හදනවා.මම මොනවා හරි පාවිච්චි කරනවා ඇති කියලා.අහල පහල උන්නම් කමක් නැහැ ඥාති වෙන උනුත් ඔය කතාව අහන එකයි ඉවසන්න බැරි.ඒ වුනාට අම්මා දන්නවා මම මේ විදියට එන්න මොන තරම් දුක් වින්දද කියලා.හරියකට කෑමක් කන්නේ නැහැ ඉස්සර කාපු කඩචෝරු  ජාති මොනවත් දැන් කන්නේ නැහැ.ඒ මදිවට දවස ගානේ පාන්දර නැගිටලා දුවනවා(මේ දවස් වල වැස්ස නිසා දුවන්නේ නැහැ).හවසට දවස ගානේ දාඩිය පෙරාගෙන එක්සයිස් කරනවා ග්‍රීන් ටි බොනවා හප්පේ වින්ද දුකක්.

කෙට්ටු වුනාම තියෙන අවාසි
කෙට්ටු වුනාම අර මහත කාලේ ඇඳපු ඇඳුම් අදින්න බැහැ ලොකු වැඩියි.ඒවා ඇන්දහම වැරහැලි වගේ එල්ලා වැටෙනවා.ඕවා හදන්න ගියාම බර ගානක් යනවා.ගෙදරට අඳින ඇඳුම් නම් මම ටි ෂර්ට් වගේ ඒවා දෙපැත්තෙන් ඇල්ලුවා.ඒත් හොඳ ඇඳුම් හදන්නම මට එක්දහස් ගානක් ගියා.අම්මා එකසිය ගානට බනිනවා අපරාදේ සල්ලි කියලා.අලුත් ඇඳුම් අරන් දෙන්නෙත් නැහැලු දැන්ම.

ඔයා මොනා වුනත් අන්තිමේ උත්සහා වන්තයා ජයගත්තා,මම දැන් කෙට්ටුයි මගේ අරමුණක් ඉස්ට වුණා.ඒ වුනාට මම තවත් කෙට්ටු වෙන්න ට්‍රයි කරනවා.මට ඕන ඉන 30ටත් බර 60කට වගෙත් බස්සගන්න.තව ෆෝ පැක් එක සික්ස් පැක් කරගන්නත් ඕන :)

මෙලෝ රහක් නැති මගේ කුජීත සීන් එක කියෙව්වට ස්තුතියි කියවපු හැමෝටම.



125 comments:

  1. මලේ දුකයි කියන්න මගෙත් තත්වේ ඕක තමයි ඉන 36යි. බර 82යි දුකේ බැහැ මම ජොබ් එකට එන කොට ඉන 28යි. බර 64යි. අයියෝ බනියා හූල්ලනවා. මාව දැකල කිඹුලෙක් වගේලු. එ මදිවට ජිම් එකේ මහන්සිවෙලා හදාගත්ත පපුව වහගන්න බ්‍රා එකක් ගෙන්න වෙලා. මේ ඔය තියරිය මට මේල් එකක් දාන්න හොඳේ. :) කොහොම උනත් කොල්ල උත්සහවන්තයා

    ReplyDelete
    Replies
    1. අපි ටිකක් සේම් අයියා මම ඉස්සර හිටපු විදියට.බ්‍රා සීන් එකනම් කියපු එක කුජීතයි :).මොනා වුනත් ටිකක් ට්‍රයි කරානම් දවසකට පැය බාගයක්වත් ව්‍යායාම් කරන්න?.

      Delete
    2. දෙන්නම හොඳටම මහතයි වගේ.විශ්වාස කරන්නම ෆෝටෝ එකක් බලන්නම වෙනවා.

      Delete
    3. මම නම් කෙට්ටු වුන නිසා තමා මේ පෝස්ට් එකත් ලිව්වේ :)

      Delete
    4. https://www.facebook.com/chithu.dinu ඔන්න ගයානි බලාගන්න.

      @ නිශාන් මලේ.... ඒක හැම එකාම දැන් මට කියල ඔටෝ කියවෙනවා බොලව් :( කොහෙද මොනවා උනත් කෑම අඩුකරන්න හිතෙන්නේ නැහැනේ. :)

      Delete
    5. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යු කැන් ඩයි කියලා කතාවකුත් තියෙනවනේ අයියා.

      Delete
  2. කෙට්ටුවට ඉන්නකොට එක එකා කියන කතා තමයි අහන් ඉන්න බැරි. ඒ වෙලාවට නම් මැටි ටිකක් ගහගෙන හරි මහත් වෙන්නමයි හිත.

    ReplyDelete
    Replies
    1. මහත් වෙලා හිටියා නම් ඔයා ඔය කතාව කියන එකක් නැහැ ඒත් මහත් එකෙක් එකපාරට කෙට්ටු වුනාම නම් රට්ටු කතා කියනවා සහෝ.

      Delete
  3. 32-63 හොඳ ගනන්. 30-60 වෙන්න ට්‍රයි කරන්න එපා කියන එකයි මගේ නං අවවාදය. උස කීයද? මේ විදියෙම පෝස්ටුවක් මටත් දාන්න තියනව. කාලයක් හිතේ තිබුනත් තාම බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ් අයියා 32-63 හොඳ ගණන් ඒත් අනේ මන්දා හිත ආස තවත් කෙට්ටු වෙන්න.උස 5යි 8.

      ලියන්න ලියන්න ඒ කතාවත් මම මේක ලියලා ටිකක් අපහසුතාවයෙන් ඉන්නේ.තව කව්රු හරි මේ වගේ එකක් ලිව්වොත් ඒ ගතිය ඇරෙයි.

      Delete
    2. මම ඕකෙ අනිත්පැත්ත බං. 5.8 නං 60 මදි පුතේ. 70 උනත් එච්චර අවුලක් නෑනෙ. මට පේන්නෙ උඹේ හිතේ ලෙඩක් වගේ.

      Delete
    3. ඒකනම් ඇත්ත එත් ස්ලිම් වුනාම මාර සනීපයක් දැනෙන්නේ ඕන වැඩක් කරන්න කිසි කම්මැලි ගතියක් නැහැ.:)

      Delete
  4. අපේ බෝඩිමටත් අනාත වෙච්චි එක්සයිස් මැස්න් දෙකක් ඇවිල්ලා දැන් කස්ටිය හෝ ගාල එක්සයිස් කරනවා...

    ReplyDelete
    Replies
    1. අනාත වෙච්ච? :D
      ඒ වුනාට මචන් මසල්ස් පිම්බිලා එද්දී හිතට මාර ෆීලින්ග් එකක් එන්නේ.
      සිරා....

      Delete
  5. ෂික්.. මට මං ගැන දුක හිතෙනවා අප්පා....

    මගේ කතා කියෝලා ඇතිනේ.... ඒ කාලේ කෙට්ටුම කෙට්ටුයි.. ස්පෝර්ට්ස් එහෙම කරලා, ගානට හිටියා බඳින කම්ම.. දැං අලියා වගේ.. අඳින්නේවත් නැතුව අයින් කරපු ඇඳුම් ලොට් එකක් තිබ්බා.. 28ට තිබ්බ ඉණ 34 ට ඇවිත්... ෂික්.. ඩෙනිමක් එහෙම ගන්න ගියාම දුකේ බෑ..

    හැමදාම එක්සසයිස් කරන්න හිතනවා විතරයි.. කරන්න ගත්තම කම්මැලියි.... කන එක නම් හොඳටම අඩු කරලා.. ගෙදරට වෙලා නිකම්ම ඉන්න එකේ කම්මැලිකම දහගුණේකින් විතර වැඩි වෙලා... පොඩි වැඩක් කළත් අතපය, දණහිස් රිදෙනවා...

    මේක දැකලා නම් හිත හයිය කර ගත්තා.. කොහොම හරි එක්සසයිස් කරන්න පටන් ගන්නවා කියලා... ඉණ අඩු ගානේ 30ට වත් බස්සගත්තොත් ඇති.... හි හි...

    ReplyDelete
    Replies
    1. උත්සාහය තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා මම මගෙන්ම ඉගෙන ගත්තා අක්කා.මටත් ඉස්සර රෙදි ගන්න ගියාම මාර අවුල් හිතන්නකෝ තරුණ කොල්ලෙක් මහත් වුනාම තියෙන චාටර් ගතිය.

      මම කියනවට ග්‍රීන් ටි අත්හදා බලන්න.හැම කෑම වේලකටම පස්සේ විනාඩි 15කින් විතර ග්‍රීන් ටි එකක් බොන්න.

      Delete
    2. මේ හිරු අක්කණ්ඩියගේ කතාවෙ අනිත් පැත්ත මම.. 34ට තිබ්බ ඉන 28ට බස්ස ගත්තා දැන්නම් හැබැයි 27ත් අදින්න පුළුවන්..ඒත් මේ සමහර අය මගෙන් අහනවනේ පොඩි බබා ඕලෙවල් කරන්නෙ ලබන අවුරුද්දෙ ඊළග අවුරුද්දෙද කියලා..ඒ වෙලාවට නම් පොළව පලන් යන්න හිතෙනවා.. කතාව නම් එළම එළ ඈ..ඔන්න මම මේකෙ ලින්ක් එක අපෙ අම්මටත් දුන්නා..එයත් කෙට්ටු වෙන්න නොකරන දෙයක් නෑ..

      Delete
    3. @ශම්මි
      ඔයා වගේ කෙල්ලෝ නම් ඉතින් ස්ටයිල් එකට කන්නේ චුට්ටනේ එකයි ඔච්චර කෙට්ටු වෙන්නේ :)

      අම්මා තුමියත් දැන් පාන්දර නැගිටලා දුවයිද දන්නේ නැහැ :)

      Delete
    4. අම්මා මහත නම් ශම්මිත් ගානට මහත් වෙයි 28 පැන්නම... හි හි.. ඒක නිසා දැං ඔය තියෙන නිදහස හොඳට විඳින්න... මහත් උනාට පස්සේ හරියට ඇඳුමක්වත් අඳින්න හම්බුවෙන්නේ නෑ...

      නිශාන්.. ;
      ග්‍රීන් ටී පටන් ගන්න ඕනේ තමයි.. එත් ඒකේ කිසි රසක් නෑ නේ අප්පා....

      Delete
    5. රස බල බල හිටියොත් මේ කපේට කෙට්ටු වෙන්ඩ වෙන්නේ නැහැ බොල

      Delete
    6. @ හිරු ග්‍රීන් ටී දාන බොතලේට් කරාබු නැටි නැත්තම් කුරුදු පොතු ටිකක් දාල තියන්න.එතකොට රසයි .

      Delete
    7. @කම්මල
      ඈ එහෙමත් එකක් තියෙනවද
      අයියෝ මම දැනන් හිටියේ නැහැනේ.

      Delete
    8. හපොයි හිරු අක්කෝ මම මහතට හිටියෙ අම්මටත් වඩා..නිකම් තාර බැරල් එකක් වගේ..දැන් තමයි කට පරිස්සම් කරලා ඇග අඩු කරගත්තෙ.. මගෙ පරණ ඇදුම් දැන් අම්මට අදින්න පුළුවන්..

      @නිශාන් අයියා - ඔව් ඔව් මෙන්න අම්මයි තාත්තයි ිදෙන්නත් දුවනාවා..

      Delete
  6. හික්ස්! අඩේ මෙහෙම කරපුවහම මෙහෙම වෙනවනම් මම exercise කලොත් අන්වික්ෂේකින් තමයි බලන්න වෙන්නේ!! :D

    ReplyDelete
    Replies
    1. උඹ කටුස්සෙක් වගේ කෙට්ටුවට කෙට්ටුවේ ඇති එහෙනම් හික්ස්.යකෝ ව්‍යායාම් කරපන් මසල්ස් හැදිලා එන්න.

      Delete
  7. මේ 38 කවදා නම් අඩු කරන්ඩද මන්දා. දවස් කීපයක් නුගේගොඩ හන්දියේ ඉදලා නාවලට පයින් ගියා එක්සසයිස් එහෙකට කියලා. දවසක් වාහනේකින් මඩ තලියක් කෑවට පස්සේ ඒ ගමන එහෙම්ම ඇන හිටියා.

    මහබෝලේ නෙමෙයි බොල.. ඒක මාබෝලේ ! මේකා වත්තල-මාබෝලේ නගර සභාවේ බෝඩ් එක දැකලා නැති එකෙද්ද කොහෙද.. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඈ 38යි ද?
      කලින් දන්නවා නම් පෝස්ට් එක මැද්දට මධුරංග අයගේ නමත් දාන්න තිබ්බා හික්ස්.

      හරි හරි ඉතින් අකුරක වැරැද්දකට සමාව දෙන්ඩ.මහබාගේ ලියලා පුරුද්දට ඒකත් මහා වලින්ම ලියවුනේ. :)

      Delete
  8. මමත් ඔන්න දවස් දෙකක් තිස්සෙ ඉඳලා අවිදින්න ගත්තා. රෑ කෑමත් සරළ කරා.. බලමු හරි යයිද කියලා..

    ඇවිදින එකද හොඳ, දුවන එකද ? කෝකද වඩා ප්‍රතිඵලදායක ?

    ReplyDelete
    Replies
    1. ඇවිදිනවට වේගෙට වඩා පොඩ්ඩක් හයියෙන් දුවන්න විනාඩි 45ක් විතර.මම ඕවා අත්හදා බලලා තියෙන්නේ.අනිවා දවස් විස්සක් තිහක් එක දිගට කරන් යද්දී ෆැට් බර්න් වෙනවා.

      Delete
    2. ඇවිදින්න පටන් ගත්ත වෙලාවේ ඉඳල කැලරි දහනය වෙනවා. ඒත් අනිත් කොයි ඒක කලත් විනාඩි 45 පාන්නට පස්සේ තමයි කැලරි දහනය වෙන්නේ. ඒ නිසා සාමානය වේගයට වඩා වේගයෙන් (Brisk Walk) ඇවිදින එක තමයි හොඳ.

      Delete
    3. හ්ම්ම් ඒක ඇත්ත එත් අනිත් ව්‍යායාම් වුනත් කරගෙන යද්දී විනාඩි 45ක්ම ඕන නැහැ.දවසකට විනාඩි 20ක්වත් ව්‍යායාම් කරන්න කියන එක තමා වෛද්‍ය මතය.

      Delete
  9. නිශාන් උඹ තවත් කෙට්ටු වෙනවා කියන්නේ මගේ සය්ස් එකට එන්නද හදන්නේ??ඔය උඹ ඉන්න සය්ස් ඒක හොඳය් බං....

    ReplyDelete
    Replies
    1. අම්මත් කියන්නේ නම් ඒකම තමා බන් එත් නරකද උඹේ ගානට ආවොත්?

      Delete
    2. මගේ ගානට ඇවිත් අයෙත් නිකන් හරි අයෙත් ඔය ඉන්න ගානට එන්න හිතුනොත් ඒක නම් ටිකක් අමාරු වෙය් මචෝ...

      Delete
    3. හොඳට කාපන්කෝ උස්මුරුත්තේ හැදෙන්නම :)

      Delete
  10. උත්සාහවන්තයා ජය ගනී!!
    මට නම් ඔය ප්‍රශ්න නෑ බං. නාඩියා කිව්ව කතාව තමයි මටත් කියන්න තියන්නේ. :D

    ReplyDelete
    Replies
    1. :) උඹලා හරි වාසනාවන්තයි.

      Delete
  11. මටත් ඔය ප්‍රශ්නේ නෑ. :)

    අපේ නැන්දා කෙනෙක් ඉන්නවා.එයා මහතයි.Exercise Machine දෙකක්ම ගත්තා මහත අඩු කරගන්න.(AB Pro, Orbi Track) ඒ එකකින්වත් මහතා අඩු වුනේ නෑ.ඊට පස්සේ ඒක අතහැරලා ග්‍රීන් ටී බොන්ට පටන් ගත්තා.කන කෑම එහෙමත් වෙනස් කරගත්තා. ඒත් තාමත් ඒ විදිහමයි. :)

    ReplyDelete
    Replies
    1. එක්සයිස් මැෂින් නම් බොරු වැඩක් බන් එවාවලින් කෙරෙන වැඩ අපිටම පොඩ්ඩක් මහන්සි වෙලා කරගන්න පුළුවන්.

      Delete
  12. මාත් කෙට්ටු වෙන්ඩ හිතුවා විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳයි කාපු කිඹුල් මස් ටිකේ තරමට.

      Delete
  13. green tea තිත්තයි නේ ,,, :(

    ReplyDelete
    Replies
    1. නැහැ බොන්න පුළුවන්

      Delete
  14. Nishanta mara wada ne wenne:D

    ReplyDelete
    Replies
    1. අඩෝව් මම පව් නෙහ්?

      Delete
    2. ඇහ්.. තවත් රූ කෙනෙක්..

      Delete
  15. අපි වගේ ඉන්ට එපැයි...

    ReplyDelete
    Replies
    1. මහතට මහතෙ? අපොයි

      Delete
    2. maaluwa koheda mahatha.....

      Delete
    3. මම දන්නවා අක්කා විහිලුවට කිව්වේ. :)

      Delete
  16. මට ඕකෙ අනික් පැත්ත...ඉස්සර කෙට්‍ටුම කෙට්‍ටුයි..ඉන 27යි...පපුව32ක්වත් නෑ අය්යෝ වින්ද මානසික වදයක්...මම ටෙක් යනකාලෙ සහතික ගන්න පින්තූරයක් තියෙනව දැන් දැක්කාමත් ලැජ්ජයි..!කෙල්ලොන්ට ට්‍රයිකරන්න තියා හිත්න්නත් ලැජ්ජයි..දැන් නම් ගානට මහත් වෙලා අවුල ඉතින් බඩ තමා...මේ ග්‍රීන් ටී වර්ගය කියන්න පුලුවන්ද අපේ වී පොකුරිට ඕනලු කෙට්‍ටු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් කෙට්ටු වුනාමත් අවුල් තමයි නේද අයියා?.

      ග්‍රීන් ටී වර්ගේ නමක් සඳහන් වෙන්නේ නැහැනේ.ඒ අයියා කිලෝ එකේ පැකට් ගේන්නේ පොලිතින් කවරවල.ඉඳලා හිටලා අර කෝප්පෙට දාලා බොන පැකට් පෙට්ටි ගේනවා ඒවා නම් හමීඩ් කියලා තමයි ගහලා තියෙන්නේ.

      Delete
  17. හෆ්ෆා ..... මචන් මටත් ඔය සීන් එක වෙලා තියෙන්නේ මෙහෙට ආවාම
    මටත් දැන් ඔය මිෂන් එකා දෙන්න වෙලා තියෙන්නේ ....

    ReplyDelete
  18. ශා අපි හොඳයි එහෙනම්

    ReplyDelete
    Replies
    1. හොඳයි කිව්වේ?

      Delete
    2. අපි කවදත් එකවගේ හැබැයි වෙලාවකට හිතෙනවා මහත් උනානම් හොඳයි කියලා ඒ උනාට කෝච්චියෙන් උදෙ හවා යන එන කොටනම් හිතෙනවා මම කොච්චර වාසනාවන්තද කියලා ...හික් හි

      Delete
    3. අපෝ අයියා මහත් වෙන්න නම් එපා.

      Delete
  19. මම ඉස්කෝලෙ යන කාලේ මාර විදිහට කෙට්ටුයි.. පරණ ෆොටෝ දැක්කම ලැජ්ජයි වගේ...දැන් නං ටිකක් ෂේප්.. ඒත් බඩ චුට්ටක් තියෙනවා.. ඇග බස්සගන්නෙ නැතුව බඩ විතරක් අඩු කරගන්න ක්‍රමයක් නැද්ද???


    ජය..

    ReplyDelete
    Replies
    1. ඒවාටත් එක එක ව්‍යායාම් ක්‍රම තියෙනවා සහෝ නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා නම්?

      Delete
  20. yako munta wada me naki mama hodai ne.

    ReplyDelete
    Replies
    1. හෑ එච්චරටම නාකිද?

      Delete
  21. ඉරිසියයි බොල... මමත් ඉස්කෝලෙ යන කාලෙ ඇත්ලටික් කරපු සික්ස් පැක් එක තිබ්බ හැන්ඩ්සම් කොල්ලා... අද මාස 6 ක් විතර පෙනුම තියෙන බඩකුත් උස්සගෙන කුජීත වෙලා තියෙන හැටි දැක්කම වේදනයි... මමත් දවස් 3ක් පාන්දර නැගිටලා බඩ අඩු කරගන්න දිව්වා... ඒත් අවලං බල්ලො පස්සෙන් පන්නන්න ගත්ත නිසා ඒ ක්‍රියාන්විතය අතරමග නතර කලා... රාත්තිරී ආහාරය ගන්න ප්‍ර‍මාණය අඩු කලාට පස්සෙ වෙනසක් තියෙනවා දන්.... අගල් 36 ක ඉනක් තියෙන කිලෝ 78 ක් බර එකෙක් සිරා...

    ReplyDelete
    Replies
    1. ඔය බල්ලෝ පස්සේ පැන්නුවා අපෙත් මම එකේ ලින්ක් එකත් උඩ දාලා ඇති.පිට්ටනියක දුවන්න එතකොට බල්ලෝ නැහැ.

      Delete
  22. හොඳ උත්සාහයක් අරන් වගේ.. හැබැයි ඉතින් උසේ හැටියට බරත් තියෙන්නෙ ඕනෙ. BMI එකකිනුත් චෙක් කලා නම් හොඳයි..

    http://www.halls.md/ideal-weight/body.htm

    මම උසයිනේ. අනික අපි ඉති අල බැස්සා වගේ එක තැන වැඩ කරන අය නිසා මම නම් කොහොමත් ශරීර සෞඛ්‍යය ගැන ටිකක් හිතනවා. මගෙත් බර පොඩ්ඩක් වැඩි උනා. ඒ කියන්නෙ මගේ උසට තියෙන්න ඕනෙ බර කිලෝ 57 යි. ( උස 5'8" යිනෙ ) ඒත් කිලෝ 60 ක් විතර උනා. පස්සෙ මම හොඳට ඇවිද්දා. කෑම පාලනය නම් කලේම නෑ. ඇවිද්දා එක්කම පොඩ්ඩක් ජිම් එකටත් බෙල්ල දැම්මා. (ඔෆීසියෙ ජිම් එකට ) ඔන්න මගෙ බරත් අඩු උනා. දැන් තියෙන්නෙ කිලෝ 55 යි. ඒ ඇති කියලා හිතෙනවා..ඒ ගාන් ෂේප් වගේ..

    ඔය බඩ වැඩේ නම් අවුල් තමා. බඩ ආවොත් ඒක නැති කර ගන්න නම් අමාරුයි. කෙල්ලන්ගෙත් එහෙමයි. හැබැයි ඉතින් මගේ නම් බඩ එන්නෙ නෑ. දෙයියෝ තමා දන්නෙ ඇයි කියලා.. කෑම පාලනය කරලා ඇඟ අඩු කරන්න පුළුවන්. ඒකට මනසත් බලපානවා. රෑට කන්නෙ නෑ කියලා හිත හිතා දවාලට කෑවොත් අපි දන්නෙම නැතුව අපේ ඇඟ දවල් කෑමේ ෆැට් එක ගහගන්නවා...රෑට ඕනෙ තරමට. එහෙම කෑම පාලනය කලොත් සොරිම තමා...

    ReplyDelete
    Replies
    1. බර වැඩි නොවී තියෙයිද බුරියානියි චිකනුයි කද්දී? :D
      අප්පා ඔව් බඩ අඩුකරගන්න මාර කට්ටක් කන්න ඕන.

      Delete
  23. මොනාද බං. උඹ පෝස්ට් එක පටන් ගන්නෙ මෙලෝ රහක් නැති මගෙ ජීවිතේ ගැන කියලා. ඉවර කරන්නෙ කුජීත සීන් එකක් කියලා. ඔන්න ඕක තමයි වැ‍රැද්ද.
    මට නම් මේක හොඳ වැදගත් පෝස්ට් එකක්.
    උඹ සෑහෙන ලොකු ජයග්‍රහනයක් ලබලා තියෙනවනෙ. නියමයි. :)
    දැන් තව කෙට්‍ටු නොවුනත්, ඔය ගාන මේන්ටේක් කරගන්න උත්සාහ කලා නම් හරි.
    හැම කෑම විලටම පස්සෙ ග්‍රීන් ටී බොන්න කිව්වෙ කවුද?
    එහෙම හොඳයිද? කෑම විලකට පස්සෙ ටී බිව්වාම යකඩ අවශෝෂණය හොර වෙනවා නේද?
    එතකොට උඹ තේ වෙලාවට මොකද කරන්නෙ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්න හිටියෙ ....

      කෑම කෑවට පස්සේ ටී නම් හොඳ නෑ.. අයිස් වතුර, උණු වතුරත් හොඳ නෑ කියලා තමා අහලා තියෙන්නෙ.. කාපු කෑම එකේ කිසිම ගුණයක් ඇඟට අල්ලන් නෑ ලු.....

      Delete
    2. මගේ කතා අනිත් අයට අහන ඉන්න කම්මැලි වෙයි කියලා හිතුනා ඒකයි එහෙම ලිව්වේ.

      ග්‍රීන් ටී විකුණගන්න ඒවා නිෂ්පාදනය කරන සමහර කොම්පැනි ස්වාර්ණවාහිනියෙයි රූපවාහිනියෙයි උදේට හෙන මිෂන් එකක් දෙනවා.දැකලා නැද්ද?

      අන්න උන් දවසක් කිව්වා කෑම කාපු ගමන් නොබී විනාඩි 15කට පස්සේ ග්‍රීන් ටී එකක් බොන්න කියලා.

      Delete
    3. ඒකියන්නෙ උබ ඇඩ් එකක් දාලා

      Delete
    4. ඇඩ් එකක් වුනත් මොකෝ ප්‍රයිජනයක් තියෙනවා නම් :)

      Delete
  24. මේ පෝස්ට් එක කියවන කොට මට හොද කුනුහබ්බ ටිකක් කටට ආවා
    යකෝ මම කොච්චර ට්‍රයි එකක් දෙනවද මහත් වෙන්න
    ඒකට ඔහෙල

    ReplyDelete
    Replies
    1. පිස්සු වැඩ නොකර ඉඳින් මහත් වෙන්න එපා කවදාවත්.

      Delete
  25. මාත් මේ දවස් වල ජිම් එකක් පලාගෙන පලාගෙන යනවා
    මට නම් ෆිට්නස් නැති ඇඟකින් වැඩක් නෑ බන්

    ReplyDelete
    Replies
    1. ජිම් පලන්නේ කොහොමද බන්?

      Delete
  26. නියම පොස්ට් එක....ලිව්වට ඇත්තටම ස්තූතිය් .මාත් මේවා පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න ඕන.
    අම්මලාගේ තත්වේ නම් ඉතින් ඕකමනේ .එයාල අස අපි ඉතින් බොලේ වගේ ඉන්නවටනේ...
    පොස්ට් එකේ මුල නම් අපරාදේ එහෙම දැම්මේ.තව පොඩ්ඩෙන් මං මේක කියවන්නේ නැතුවත් යනවා...
    Green tea බිව්වම ඇඟේ ශක්තිය අඩු වෙනවා කියන්නේ ඇත්තද????

    ReplyDelete
    Replies
    1. ඒකනේ අම්මලාට ඕන බෝල වගේ ඉන්න අපි.එත් කොච්චර ලජ්ජද මට නම් එහෙම ඉන්න එක.

      ග්‍රීන් ටී බිව්වම ශක්තිය අඩු වෙන කතාව බොරු එහෙනම් මගෙත් ශක්තිය අඩු වෙන්න එපැයි.ග්‍රීන් ටී බිව්වම කෙට්ටු වෙනවා විතරක නෙමේ ගොඩක් ලෙඩ වලටත් හොඳයි.ලෙඩ කිව්වේ සීනි,කොලෙස්ටරෝල් වගේ ඒවා.

      Delete
  27. අඩෙනවා යකො.. අපි කොච්චර කැවත් මහත් ව්එන්නෙ නැ නේ..

    ReplyDelete
    Replies
    1. ඉතින් හොඳයිනේ යකෝ.මැටි මෝලා මහත් වෙන්න නම් එපා.

      Delete
  28. අප්පා....කෙට්ටු වෙන විදිය විස්තර සහිතව දැම්මට මහත් වෙන විදියක් දාලා නෑනේ. උඹ මහත හින්දා කිච වෙනවා. මම කෙට්ටු හින්දා කිච වෙනවා. ඔය වගේම මහත් වෙන හැටි ගැනත් පෝස්ට් එකක් දැම්මනං පට්ට.

    ReplyDelete
    Replies
    1. \\ උඹ මහත හින්දා කිච වෙනවා// වෙනවා නෙමේ මචන් වුණා.ඒක දැන් අතීතෙට විතරක් අයිති එකක් :).

      අපෝ මචන් මහත් වෙන්න නම් එපා උඹ දැකලා නැද්ද මහත උන්ව?

      Delete
  29. හප්පට උඩු මමත් මහත් වෙන්න මාරම ගේමක් දීගෙන ඉන්න කාලෙක උබලාවගේ එවුන් කියන කතා දැක්කාම දුක හිතෙනවා

    එල එල. සයිබර් ෆෙස්ටිවල් එනකොට මඩියා ගේ සික්ස් පැක් බලාගන්න පුළුවන් වෙයිනෙ. එල එල. ඔහොම කරගෙන පලයන්කෝ

    ReplyDelete
    Replies
    1. මහත් වෙන්න එපා බොල පිස්සු නැතුව හිටපන්.

      ඔව් ඔව් මම සික්ස් පැක් හදාගෙන එන්නම්කෝ උඹට පෙන්නන්න තව දෙකයිනේ හදාගන්න තියෙන්නේ :).

      Delete
  30. මේ ටිකේ මාත් කෙට්ටු වෙලා කියලා එක එක කතා අෆ්ෆා.. අහන් ඉන්න ගියාම තමයි එපා වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් රට්ටු දැන් මට කුඩු කාරයා කියලාත් කියනවනේ.

      Delete
    2. හනේ මේ නිශාන්, රට්‍ටු ඕනෙ මගුලක් කියාගත්දෙංකො. උඹ මිෂන් එක නවත්තන්න එපා. යකෝ උන්ටත් ඕනෙ නැති මගුලක් නෑනෙ!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. මේක ලංකාවනේ හෙන්රි අයියා, අපිටත් වැඩිය උනන්දුවෙන් අපි ගැන හොයල බලන උන්දල ගම්වල හරියට ඉන්නව. ඕපදූපයක් වටේට බෙදුවෙ නැත්නම්, කාටවත් පදයක් හැදුවෙ නැත්නම් රෑට නින්ද යන්නැති අය තාමත් ගම්පළාත්වල ඉන්නව, ටවුන්වල නම් මම දන්නෑ. අපේ අල්ලපු ගමේ ස්තිරි පරාන දෙකකටම අපි ඒ දවස්වල කියන්නෙ ‘සැටලයිට්‘ කියල.

      Delete
    4. ඇත්ත හෙන්රි සර් මාත් අම්මට කියන්නේ රට්ටු මොන මගුලක් කිව්වත් මම කරන්නේ මට කැමති දේ කියලා.DDT අයියා කියනවා වගේ අහල පහල උන්ට මම මහත් වුනත් අමාරුයි කෙට්ටු වුනත් අමාරුයි එහෙම ගොඩක්ම අමාරුව තියෙන්නේ ගෑනු කට්ටියට.

      Delete
  31. ඔන්න මම නම් මේවට මොකුත් කියන්නෑ. :)

    මමත් හොඳටම මහත්වෙල හිටියා, ඉන 36 ක්, ඩෙනිමක් ගන්න ගියාම පිස්සු හැදෙනව. දැන්නම් චුට්ටක් අඩුයි. ඒත් බඩ නම් ටිකක් තියෙනව. මට නම් ඔය දුවන වැඩෙයි නොකා ඉන්න එකයි නම් කරන්න බෑ කොහොමටවත්, ඇයි යකෝ නොකා නොබී ජීවත් වෙල වැඩක් තියෙනවද, හොඳට කාලා බීල හෙට මැරුණත් සැපයිනේ.

    මගේ යාළුවෙක් හිටියා මෑන් ඒ දවස්වල මාර කෙට්ටුයි, උසත් අඩි 6 කට වැඩි නිසා කෙට්ටු බව කැපිල පේනව. උන්ගෙ බොස් ස්ටාෆ් මීටින්වලදි එහෙම කෙල්ලො ඉස්සරහත් ඌට කින්ඩි දානවළු පිරිමි ළමයි කෙට්ටු වෙන්නෙ වැඩිපුර අත්වැඩ කරන නිසාය කියල. මගේ හිතේ උඹලගෙ පැත්තෙ කස්ටිය ඒ රහස දන්නැතුව ඇති. :)

    ReplyDelete
    Replies
    1. කාලා බීලා ඉන්න ඒකම නෙමේ නේද අයියා ජීවිතේ කියන්නේ?.පොඩ්ඩක් ස්ලිම් වෙලා ස්මාට් විදියට ඉද්දි,ඇඟේ පතේ පොඩි සෙක්සි ගතියක් තියෙද්දිත් ජීවිතේ විඳින්න හිතෙනවා,පාටි වලට යන්න හිතෙනවා නටන්න හිතෙනවා තව තව ඒවා මේවා හිතෙනවා :D

      අපෝ ඔය අත්කම් නම් බොරු කතා අපි ඕවා අත්හදා බලලා නැතුව ඈ? :P

      Delete
  32. දෙයියනේ කිලෝ 85 ක් ???

    ReplyDelete
    Replies
    1. මචං මටත් ඔය වගේම ප්‍රශ්නයක් තිබුනා එක මහත් වෙනවට වඩා බයානකයි
      කුරුලෑ ඇවිත් තිබුනා දැන් නම් හොදයි එක නිසා උබ කියන එක හොදට් මට තේරෙනවා

      Delete
    2. ඔව් බන් කිලෝ වලින්ම 85ක්.මම ඒ දවස් වල පුදුම දුකකින් හිටියේ මම ගැන.

      Delete
  33. :( කමක් නැහැ මම නම් මේ ඉන්න විදිහටම ඉන්නවා එක්කෝ..

    ReplyDelete
    Replies
    1. මම නම් කැමති චබි කෙල්ලන්ට :P

      Delete
    2. හරි.... එතකොට මේට්ට අනවශ්‍යයි නේ.....!

      Delete
    3. :D එතකොට නිදියන්නේ ඇඟ උඩද?

      Delete
  34. මම බඳිනකොට කිලෝ වලිං 45 පලමු දරුව ලැබිල 55 උනා දෙවැනි දරුව ඉපැදිලා ගෙදර එනකොට 66 දරුව ලැබුන දා උදේ 70 යි.

    ඉන් අවුරුදු 2කට පස්සෙ වෛද්‍යතුමී දැම්ම මාව ඔය කියන විදියෙ ඩයට් එකකට. ඒක කෙඳි සහිත ආහාර වැඩි ඩයට් එකක්. ග්‍රීන් ටී බිව්වෙ නැහැ ඒ කාලෙ. weight watchers diet කියල එකකුත් කලා. Rosemary Conley's Hip and Thigh Diet Workout ව්‍යායාම් කලා. ඒ කාලෙ එව්ව තමා නැගල ගියෙ. අවුරුද්දක් ඇතුලත ආපහු කිලෝ 45 උනා. ලංකාවට ආවට පස්සෙ අවුරුදු 10ක් විතර ඒ විදියට බර ගැන සැලකීමකිං හිටියත් ආයෙත් මම කිලෝ 66 දරුවෙක් ලැබෙන්නෙ නැතිවම. ආපහු වැඩේට බහින්ට කම්මැලි කරකරා ඉන්නවා. මගෙ දෝණි නං මැරතන් පවා දුවන කෙනෙක්. එයාල මට හරියට උපදෙස් දෙනවා. නමුත් ගෙදර ඉන්න ලෙඩා බලාගෙන වෙන වැඩ කරන්ට මට තාම හිත හදාගන්ට බැරි උනා

    ReplyDelete
    Replies
    1. ගෑනු කෙනෙක් නම් ටිකක් බර වුනාට එච්චරම ප්‍රශ්නයක් නැහැ.කොහොමත් දරුවෝ ලැබුනම කාන්තාවන් ටිකක් මහත් වෙනවා.

      Delete
  35. මට නම් සතියක් ව්‍යායාම් නොකර හිටියොත් මහත් වෙනවා. ඒ නිසා හැමදාම උදේට ඇවිදින්න ට්‍රයි කරනවා, ඒත් මේ වැස්ස එක්ක තමා බැරි. ඉස්සර දිව්වා. බයිසිකල් පැද්දා. ඒත් බල්ලොත් එක්ක බෑ.

    ReplyDelete
    Replies
    1. දුවනවා නම් පිට්ටනියක දුවන්න එතකොට අපිට දුවන වට ගානෙන් දුවන දුරත් මැනගන්න පුළුවන් බල්ලෝ එලවන්නෙත් නැහැ.ඒ මොකද නිකන්ම මහත් වෙන්නේ? සමහර විට කරන ජොබ් එක අනුව වෙන්න ඇති.

      Delete
  36. වැෙඩ් හරි ගිය නිසා මම යාලුෙවක්ටත් කිව්වා!!! එල එල

    ReplyDelete
    Replies
    1. කැපවීම තියෙනවා නම් ඕන වැඩක් හරියනවා මචන්

      Delete
  37. පුලුවන්නම් උඹ මහත් වෙච්ච විදිය කියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. දවසකට චොක්ලට් බිස්කට් පැකට් එකක් කාලා කොකාකෝලා එකක් බීලා හොඳට හාන්සි වෙලා ෆිල්ම් ටිකක් බලපන් දිනපතා ටික දවසක් :P

      Delete
    2. හ්ම්ම් ඔව් ඕක මටත් උනා.

      Delete
  38. මමත් උබ වගේම තමයි.. මහතනම් නැහැ හැබැයි මහත් වෙන්න නොදී පාලනය කරගන්න කරන වැඩනම් එමටයි ..උබ වගේම මමත් දුවනවා තව බඩට වියායාම කරන මැෂින් එකක් අරගෙන ඒක කරනවා..ග්‍රීන් ටි නම් බිව්වේ නැහැ ..ඔන්න උබ කියන නිසා ඒකත් පටන්න ගන්නවා හෙට අනිද්දම.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ග්‍රීන් ටී වෙන වෙන ලෙඩවලටත් හොඳයි සීනි,කොලේස්ට්‍රෝල් වගේ ඒවාට.

      Delete
  39. මං නං ස්‍ටයිල් එකටත් එක්ක කන්නෙ බොන්නෙ අඩුවෙන්.ඒක හින්දා හාල්මැස්සි වගේ ඉන්නවා.
    ගෙදෙට්ට එන මිනිස්සු අම්මටයි තාත්තටයි බනිනවා මේ විභාගේ කරන්න ඉන්න ළමයට කන්න බොන්න දෙන්නෙ නෑ කියලා..))

    ReplyDelete
    Replies
    1. ගෑනු ළමයි නම් ගොඩක් කෙට්ටු වුනාම පට්ට කැතයි.හරියට ඉදල් මිට වගේ :P

      Delete
  40. owu අෆ්ෆා කෙල්ලත් ඇහුවා මොකක ඔච්චර කෙට්ටු වෙන්න හොරෙ කියල... මම ඉතින් හොඳ උත්තරයක් දුන්න එයින් පස්සේ ඇහුවේ නෑ... අනික් උන් කියන කතා තමයි ඉවසගන්න බැරි .. :( මම හිතුවේ .. මට විතරද දුක දැනෙන්නේ කියා... එහෙම න නේ

    ReplyDelete
    Replies
    1. උඹලා නම් ඉතින් අත් භාවිතය වැඩියිනේ :)

      Delete
  41. බලාගෙන ගියාම මේතන හැම බුවේක්ටම වගේ මාර ෆිගර් නේ තියෙන්නේ...., යමක් ගත හැකි වැදගත් පෝස්ටුවකි...!

    ReplyDelete
    Replies
    1. අනිවා උත්සහාය තිබේ නම් කල නොහැකි දෙය නොමැත!

      Delete
  42. සැහ් ඉන 38යි බර 85යි කියන්නෙ මහලොකු බරක්ද??? මං එහෙම හිතව්වෙ නෑ නෙ. දැ නං 90 මායිමෙ වගේ ඉන්නෙ මම :P

    ReplyDelete
    Replies
    1. ඉන කීයද? සමහරු බර වුනාට කෙට්ටුයි සහෝ

      Delete
  43. රෑන්ඩ්ගෙ මල්ලි12/14/12, 10:46 AM

    දැන් නම් කොල්ල ලස්සනය්... වගේ

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ දැන් නිකන් ඉස්සරට වඩා කුජීතයි
      කව්ද මේ බානුක මල්ලිද?

      Delete
  44. machan... kohomada uba anga adu kara gaththe... a kaaledi uba gaththu kaama ehema monawada... noka hitapu ewa ehema monawada... hamadaama diwwada... withara ekka daapanko mata mail ekak.. mamath six pack ekata mahansi wena porak..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බන් අනිවා දවසට විනාඩි හතළිහක් හතලිස් පහක් මහන්සි වෙලා එක්සයිස් කරා.තව හැම කෑම වේලක් පාසා ග්‍රීන් ටී ගැහුවා.තව කෑමත් අඩු කරා ඉස්සර කාපු ප්‍රමාණයෙන් බාගයයි කෑවේ.ඒ වගේම කඩචෝරු,අයිස්ක්‍රීම්,කේක්,බිස්කට් වගේ දේවල් සම්පූර්ණයෙන්ම නැවැත්තුවා.ඉඳලා හිටලා හැරෙන්න ඒවා කන එකත් නතර කරන්න ඕන.ඔන්න ඔය ටික කරා නම් ඕන ජබ්බෙක්ට පුළුවන් සික්ස් පැක් හදාගන්න.

      Delete
  45. මන් ගොඩක් ආශාවෙන් කියවූවා ,ඇත්තටම මගෙත් බර දැන් 7ක් වැඩිවෙලා.මන් දැන් උදේට පැයක් දුවනවා,ග්‍රීන් ටී දවසට කී පාරක් බොනවද සිනි දානවද,චොක්ලට් කෑවොත් අවුල්ද.?

    ReplyDelete
    Replies
    1. සොරි රිප්ලයි කරන්න පරක්කු වුනාට!

      ග්‍රීන් ටී දවසට තුන් වතාවක් බොනවා හැම කෑම වේලකටම විනාඩි 15ට පස්සේ.සීනි දාලා බිව්වොත් ගුණයක් නැහැ.චොකලට් ගොඩක් කෑවොත් නම් අවුල්!

      Delete
  46. ඇ බන් අර ගී%න් ටී වර්ගය මොකක්ද?අපි රැකියා කරන හින්ද ව්‍යායාම කරන එක නමි සිහිනයක් බන්.ඒකට මොකක්ද තියන විසදුම?

    ReplyDelete
    Replies
    1. මම නම් බොන්නේ සෙස්ටා එක.එකේ උනුවතුරට දාලා බොන පැකට් 25ක් තියෙනවා රුපියල් 135යි.ඊට වඩා මිල ගණන් වැඩි ඒවත් තියෙනවා මාකට් එකේ නම් ෆැඩ්නා වගේ.ඒවා මම පාවිච්චි කරලා නම් නැහැ!

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!