Wednesday, May 16, 2012

63 ඉන්සියුලින්!












කුප්පියට ඔබා 
කටුව
පුරවගත්තා නියමිත
මාත්‍රාවට


විද්දා හිල් වෙන්න
අත
පැන්නා ලේ බිදුවක්
රතු පාටට


හිතකින් නෙවේ 
විද්දේ
පුළුන් කෑල්ල තබමින්
ලේ එන තැනට


ඔබ ඔය හෙළනා 
සුසුම්
දරන්න බැහැ
මට


මොනවා කරන්නද
ලෙඩේට
ඉන්සියුලින් ගහනවා
හැරෙන්නට?


එපා වෛර කරන්න 
මට
දොස්තර කිව්ව නිසයි
විදින්නේ ඔබට


දොස්තර කිව්වත්
නැතත්
මට ඕන මගේ
අම්මාව


ඒකයි විදින්නේ
ඉන්සියුලින්
අම්මේ ඉවසාගෙන 
ඉන්න


තාත්තා ගෙනාපු ඒවා
ඒ කාලේ
නොකෑවනම් ඉවසා
අද මා  ද සැනසීමෙන්


දවසක් හරි
තව
ජීවත් වෙනවා දකින්න
ආසයි නුඹව


පුතෙකු හැටියට 
මට
වෙන කරන්න දේකුත් නැත!

63 comments:

  1. මෙව්වට නෝ කමෙන්ට්ස්...

    ReplyDelete
    Replies
    1. ඒත් අපි සේ තෑන්ක්ස්

      Delete
  2. ඇයි දැන් අම්මට දියවැඩියාවද? :0

    ReplyDelete
    Replies
    1. දැන් නෙවේ බන් බර කාලයක සිට

      Delete
  3. ඉන්සියුලින්....හ්ම්හ්...
    ඒවා කොහොම උනත් මඩිස්සෙ පළවෙනි කවියට මගෙන් උණුසුම් සුභ පෑතුම් මල්ලියේ..
    ඔයාට කවි ලොව ජයගන්නට ආශිර්වාද පතමි!...ජයවේවා‍!..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කා ඒත් මං එච්චර දුර යන්න හිතන්නේ නැතෝ!...

      Delete
  4. owa ohoma thamai nishan aiya leda wenawa,wayasata yanawa,jeewithe kiyanne hari maayawak

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබෑව තමා මලෝ.බෙහෙවින් අගේ කරනවා බුකියේ සිට මෙහි පැමිණ කොමන්ට් කිරීම ගැන.

      Delete
  5. කනගා‍ටුදායක වුනත් අලුත්ම තේමාවක්....

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එච්චර හිතන්න දෙයක් නැහැ සර් ලෝකේ අලුත් වෙද්දී අපිත් ඒ එක්කම යන්න එපයි හිහි

      Delete
  6. හොඳ පුතෙක්...

    ජයම පතමි !!!

    ReplyDelete
  7. ඔයාට ඔහොම දැනෙනවානම් .. හැමදාම ගොඩාක් අම්මල තාත්තලට ඉන්සියුලින් විදින අපිට කොහොම දැනෙනවා කියලද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔයා නර්ස් කෙනෙක් නේද?.ඒත් සහෝදරි මං ගහන්නේ මගේම අම්මගේ අතට.

      Delete
  8. මාත් මගෙ මල්ලිට කකුලට ඉන්සියුලින් ගහල තියෙනව. කටුව පොඩි හීනි එකක්. දැං මිනිහ තනියම ගහගන්නවා

    ReplyDelete
    Replies
    1. අපේ අම්මගේ ගහන්නේ අතට.දැන් තත්වය සුව අතට හැරෙන නිසා නවත්වන්න පුළුවන් වෙයි ලගදීම.

      Delete
  9. මොනවද යකෝ මේ ලියන බහු බූත? පිස්සෙක්ටවත් කියවල රස විඳින්න පුලුවන් මගුලක්ද?

    ReplyDelete
    Replies
    1. හැමෝම කියවලා රස වින්දා උබ වගේ පිස්සෙක්ට විතරයි ඒක බැරි වුනේ @ශාන.....
      :P

      Delete
    2. ado ano uba ammek appek nathiwa ipadunu ekek wage(awaja...)katha karanna epa.

      Delete
  10. අසනීපයක් උන වෙලාවට දෙම්පියන්ට සලකන එක තරම් උතුම් දෙයක් මේ ලෝකෙ තව තියෙනවද?

    ReplyDelete
  11. හ්ම්... අපේ තාත්තටත් දියවැඩියාව.තාම ඉන්සියුලීන් විදින්න තරම් බයානක වෙලා නෑ.ඒත් එයාව පැණි රසෙන් බේර ගන්න හරිම අමාරුයි.අම්මට තාත්තට ලෙඩක් වුනාම දරාගන්න කොච්චර අමාරුද අපිට..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කා එයාලා ලෙඩ වුනාම අපිට තමා දරාගන්න බැරි.අපි පොඩිකාලේ එයාලත් එහෙමනේ

      Delete
  12. මේක නිකං රැප් එකක් වගේ.

    ReplyDelete
  13. කවි ලියන්න බෑ කියල කෑ ගැහැව්වට අපූරු කවක් ලියල තියෙන්නේ

    සුභ පැතුම්!!!


    මලේ ඉන්සුලින් වලට වඩා ගුණ දෙන සිංහල බෙහෙත් තියනවා...

    ReplyDelete
    Replies
    1. උඩ එකෙක් කියනවා තේරුම් ගන්න බැහැලු.තව එකෙක් කියනවා රැපක් වගේලු.ඇඩෙනවා මචං :)

      Delete
  14. ලස්සන අදහසක් ආදරණීය පුතෙක්..

    ReplyDelete
  15. නියමය් මචං එල කවිය...


    (මගේ බ්ලොග් එකේ දතේ එක එන්නේ නැහැ මචං උබේ එකේ තියෙන විදිය මට එවපන්කෝ )
    screen prt ekak...ewapan balanna.

    chamiblogz@gmail.com

    ReplyDelete
    Replies
    1. එල මචං මං එවන්නම්

      Delete
  16. මටත් හැමදාම පැවරෙන රාජකාරියක් තමයි.. අවුරුදු ගානක් විදලා දැන් අලුතෙන විදින්න හමේ තැනක් හොයන්නත් අමාරුයි... පව්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සහෝ දැන් අඩු නැද්ද?

      Delete
    2. දියවැඩියාව කියන්නෙ හොඳ වෙන ලෙඩක් නෙමෙයිනෙ නිෂාන්, පාලනය කරගන්න දන් තාත්තට ඉන්සියුලින් නැතුව බෑ.

      Delete
    3. අපේ අම්මට නම් දැන් අඩුයි ඩොක්ටස්ලා කිව්වේ මේ යන මට්ටමම තිබ්බොත් ඉන්සුයිලින් නවත්වන්න පුළුවන් වෙයි කියලා.ඔයාගේ තාත්තාටත් ඉක්මනට හොද වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. දෙමව්පියන්ට සලකන එක ඇත්තෙන්ම හොඳ වැඩක්. ඒ අතින් ඔයා හොද පුතෙක්. ඒත් මට නම් ඔය වැඩේ කවදාවත් හරියට කරන්න බැරි වෙයි. ඔය වගේ වෙලාවට මගේ අත වෙව්ලනව. ඔයාගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා ප්‍රර්ථනාවට.
      ඔයාගේ කාටවත් නම් එහෙම ලෙඩක් හැදෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා

      Delete
  19. සෑහෙන අයට දියවැඩියාවනෙ බලන් ගියාම..

    අපි දැන්ම පරිස්සම් වෙන්න ඕනෙ..

    කවිය පට්ටයි සුපිරියි කියලා ලියන්න නම් හිතෙන්නෙ නෑ.. කවිය හොඳ නැති නිසා නෙමෙයි කවියේ තේමාව නිසා..

    අම්මාට ඉක්මන් සුවය පතමි..

    ඔය ලෙඩේ සීනි නොකෑවත් එනවද මන්දා? මම දන්න සීයා කෙනෙක් ඒ දවසවල කෑම බීම පවා නැතිව ඩුකසේ ඉඳලා තියෙන්නෙ.. දැන් සල්ලි තියෙනවා කන්න බෑ.. දියවැඩියාව..

    ReplyDelete
    Replies
    1. හරි කොහෙද සහෝ ගිහින් හිටියේ? සෙන්නා,විචාරක දෙදෙනා සෑහෙන්න ඔබ ගැන උනන්දු වුනා.මං ඔබත් එක්ක මෙතරම් මිත්‍ර කමකින් ඉදලත් කිසිම කොන්ටක්ට් එකක් නැති වීම පිලිබදව කනගාටුයි.

      තේමාව කුමක් වුවත් අර කිව්ව වගේ පට්ටයි සුපිරියි කියන්න බැහැ මේකට මං ඒක දන්නවා :)

      දියවැඩියාව පරම්පාරවෙන් පරම්පරාවටත් එනවා සහෝ.අනික දැන් තියෙන පිටි,සීනි,තෙල් අඩංගු කෑම කෑවමත් අපිත් නිකන්ම ලෙඩ්ඩු වෙනවා.

      Delete
    2. කොහෙද හිටියෙ කියලා පෝස්ට් එකක් දාන්න වෙයි වගේ..
      අසනීප වීමත් ට්‍රිපක් යාමත් නිසා තමා අතුරුදහන් වෙන්න වුනේ..

      මේ මාසෙම බේත්වලින් යන්න වෙන්නෙ..

      Delete
    3. එහෙනම් ඉදිරියට අපිට බලාගන්න පුළුවන් වෙයි නැවතත් අර කොටි ගැන වගේ ලිපියක් එල එල

      මේ කාපු මස් ගැන නම් වැඩිය දාන්න එපා ඈ :)

      Delete
  20. දියවැඩියාව වගේම තමයි අනික් හැම ලෙඩක්ම. අපි කාටත් ලෙඩ හැදෙනවා. එත් ගොඩක් දෙනෙක් කරන වැරදි හින්දම තමයි පස්සේ පසුතැවෙන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දියවැඩියාව සහ පිළිකාව තමා මං දැක්ක බයානකම ලෙඩ දෙක මචං

      Delete
  21. ඔයාගෙ අම්මට ඉක්මනින්ම සනීප වේවි...කෑම බීම වලින් පරිස්සන් කර ගන්න....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරි.

      Delete
  22. කෑම පාලනය කරන එක තමා කරන්ඩ පුලුවන් හොදම දේ. පරලු පාන්, කොතල හිබුටු බීම වගේ දේවල් ආහාර පුරුදු වලට හුරු කරගන්නවා නම් වඩාත් හොදයි.

    අපේ මලයා කියනවා ඉන්සියුලින් බොන්ඩ දුන්නොත් ශරීරය තුලදි දිරවනවා ලු. ඒ නිසා ලේ වලට එකතු වෙන්නේ නෑ ලූ.ඒ නිසා ලු එන්නත් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කියන කියන කෑම ජාතියි බෙහෙත් ජාති නම් කොච්චරවත් කනවා අයියා.ඉන්සියුලින් බොන්න දෙන්නේ නැත්තේ ඒක තමා.

      Delete
  23. මම මුලින්ම හිතුවේ මේක සංකල්පනාවක් විතරයි කියල ඇත්තටම අම්මට අසනිපයිද?
    දෙවිපිහිටෙන් අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. යා මචන් ඇත්තටම අම්මට සනීප නැහැ ඒත් ඉන්සියුලින් දෙන්න ගත්තට පස්සේ ලෙඩේ ටිකක් අඩුයි.
      බොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට

      Delete
  24. ඉන්සුලින් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්.ඒවා පෙති විදිහට දුන්නම ජීරනය වෙලා අවශෝශනය වෙනවා අපි මාලු කෑල්ලක් කෑවම වෙනවා වගේ! ඒ නිසයි ඉන්සුලින් ගිලින පෙති විදිහට දෙන්නේ නැත්තේ.ඒ නිසයි ඉන්ජෙක්සන් එකක් විදිහට දෙන්න වෙන්නේ! දිය වැඩියාව ගැන මං ලියපු ලිපියක් ඇති! වෙලා තියන වෙලාවක ගිහින් බලන්න!

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ මං බලන්නම්

      Delete
  25. අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. අපෙත් අප්පච්චිට දියවැඩියාවට ආවා. පරම්පරාවෙන්. මගේ පරම්පරාවේ මාරයා දියවැඩියාව. අප්පච්චිටනම් දැන් ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්තානවට බොහොම ස්තුතියි
      ඔව් සහෝ මේක අපිටත් හැදෙයි කියලා හිතනවට වඩා හොදයි දැන්ම ඉදන් පරිස්සම් වෙන එක.

      Delete
  26. පට්ට යකෝ සිරාවටම දුක හිතුන

    අඩෝ උබ අර උඩ ඇනෝට කමෙන්ට් කරලා තියෙන්නේ මම කියා හිතාගෙනද?

    ReplyDelete
  27. අඩේ අපේ අම්මට වගේ අබලගේ අම්මටත් දියවැඩියාවද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියේ දුක තමා

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!