Friday, May 18, 2012

38 තාරා මිනිහයි පාත්ත ගෑනියි(සත්‍ය සිද්ධියක් ඇසුරෙන් :D)

2005 අවුරුද්දේ මම 8 වසරේ හිටියේ ඒ දවස් වල අපේ අම්මා ගෙනාවා තාරාවෝ පැටව් දෙන්නෙකුයි පාත්තයෝ පැටව් දෙන්නෙකුයි.මුන් ජෝඩු ජෝඩු වශයෙන් තමා හිටියේ.මුන්ව ගෙනාපු දවස් වල අම්මගේ වැඩේම මුන්ට කන්න දානවයි බැහැලා ඉන්න බේසමකට වතුර පුරවලා උන්ව ඒකට දාලා බලන් ඉන්නවා එකයි.මුන් 4  දෙනත් පොඩි කාලේ ඉදලම ඒකට හැදුනේ වර්ග දෙකක් වුනත් මම නම් ආස කරේ තාරාවන්ගේ පිරිමි සතාට ඌ කළු පාටයි හොට කහපාටයි අනිත් තුන්දෙනාට වඩා මූ ටිකක් ස්වීට් වගේ මොකද
ටිකක් ලොකු වෙන්න වෙන්න  ගෙදරට කව්රු හරි ආවම පිටිපස්සෙන් දුවගෙන දුවගෙන ගිහින් කොටනවා.ඒ දවස් වල අපේ ගෙදරට මිනිස්සු එන්නේ තාරාවෝ කූඩු කරලද අහලා.වෙන මිනිස්සු බය බල්ලන්ට වුනාට අපේ ගෙදරට එන අය බය වුනේ තාරාවන්ට.කළු එකා විතරක් කෙටුවට අනිත් තුන්දෙනාටත් මිනිස්සු බයයි.


පාත්ත ජෝඩුව මේ වගේමයි!
මං ඒකමද කොහෙද තාරා පිරිමි සතාට වැඩියෙන්ම කැමති වුනේ.ඒ වුනාට ඌ මටත් කොටලා තියෙනවා මුන් කොටද්දී එච්චර රිදෙන්නේ නැහැ පොඩ්ඩක් හොටෙන් ඇනගෙන ඇනගෙන යනවා.මුන් හතර දෙනා බොහොම සමාදානයෙන් තමා ජීවත් වුනේ තාරා පිරිමි සතා චන්ඩියා වුනාට ඌ කවදාවත් පාත්ත ගෑනු සතා දිහා නරක අදහසින් බලලා නැහැ පාත්ත පිරිමි සතාත් එහෙමයි.මුන් දාන බිත්තර කුකුල් බිත්තර වලට වඩා ටිකක් දිගයි ලොකුයි හැබැයි ඒවා රක්කන්න ඕන නම් කිකිලියෙක්ට තියන්නම වෙනවා මොකද තාරාවෝ බිත්තර රකින්නේ නැහැ.මුන් ලොකු වුනාට පස්සේ අම්මා මුන්ව වත්තේ ඔහේ ඇරලා තිබ්බා මොකද ආරක්ෂා කරන්න පැටව් නෙවේනේ අනික අර තාරා පිරිමි සතාත් හෙන චන්ඩියානේ.මේ තාරා පිරිමි සතාට ඒ දවස් වල අපේ ගෙදර හිටපු බල්ලත් බයයි ඌටත් එලව එලව කොටලා තියෙන නිසාද කොහෙද බල්ලා පස්සේ පස්සේ තාර කූඩුව පැත්තේ ගාටන්න ගියේ නැහැ.


දවසක් අපේ ගෙවල් පැත්තේ සීයා කෙනෙක් මැරුණා මාත් පොඩි එකා වුනාට මළගෙදර නයිටක්‌ ගහලා කැරම්,ඕමි සෙල්ලම් කරලා ගෙදර එද්දී පාන්දර තුනට විතර ඇති.මං එද්දිත් මළගෙදර තව ලොකු උන් කට්ටියක් හිටියා උන් ලාවට වගේ බීලා හිටියේ.කොහොම හරි මං ගෙදර ඇවිත් නිදාගත්තා එදා ඉස්කෝලේ ගියෙත් නැහැ පාන්දර තුනට නිදාගෙනත් මං හත වෙද්දී නැගිට්ටා.


එදා නම් අම්මත් නිදි මොකද අම්මත් මළගෙදර ගිහින් ගෑනුත් එක්ක කෝප්ප හෝදලා රෑ වෙලා ගෙදර ආවේ.වෙනදට අපි නැගිට්ට ගමන් කරන්නේ ගිහිල්ලා තාර කූඩුව ඇරලා උන්ව එලියට දාන එක.එදත් මං නැගිටලා ගිහින් තාර කූඩුව අරින්න යද්දී දොර බාගෙට ඇරලා ඇතුලේ ඉන්නේ මං ආස කරපු තාරා පිරිමි සතායි පාත්ත ගෑනු සතායි දෙන්නගෙම අනිත් දෙන්නා නැහැ.බොහොම කලාතුරකින් මුන් කූඩුවෙන් පනින වෙලාවල් තිබ්බා.ඉතින් මං මුන් දෙන්න පැනලා ඇතියි කියලා හිතලා වත්ත පුරාම හෙව්වා ඒත් උන් දෙන්න නැහැ.මං ටක් ගාලා අම්මව කූද්දලා සිද්දිය කිව්වා.


අම්මත් නැගිටලා හෙව්වා මුන්ව අන්තිමේදී හොයාගන්න නැහැ.අපේ අම්මට අර පර විඥානය ද මොකක්ද එක හොදට තිබ්බා ඉස්සර ඉදන්ම ඒක නිසාද මන්දා අම්මට මොකක් හරි වුනොත් ඉස්සෙල්ලම සැක කරන එකා ටක්කෙටම හරියනවා බොහෝ වෙලාවට එදත් අම්මා කිව්වා සුවර් එකටම එදා මළගෙදර හිටපු උන්ගෙන් එකෙක්ගේ නමක්.ඌ තමා මුන් දෙන්නව උස්සන්න ඇත්තේ කියලා.ඊට පස්සේ අම්මා ගිහින් මුන්ව හොයන්න ඒ සැක කරපු එකාගේ ගෙවල් පැත්තේ.කිසිම සාක්ෂියක් නැති නිසාත් අන්තිමේදී අම්මා නිකන් විස්සෝප වුනා වුනා ළමයි වගේ හදපු සත්තුගෙන් දෙන්නෙක්ට වෙච්ච දේ ගැන.ඊට දවස් දෙහෙකට විතර පස්සේ මං මොකක් හරි එහෙකට අර කිව්ව එකාගේ ගෙදරට ගියා එදා මං දැක්කා උන්ගේ වත්තේ තැනක පිහාටු දෙක තුනක් තියෙනවා සුදු පාට.මට හරියටම සුවර් නැහැ ඒ අපේ තාරාවන්ගේ පිහාටු කියලා ඒත් මගේ හිතටත් හොදටම දැනුනා එදා මළ ගේ දවසෙත් ලාවට බීලා හිටපු මුන් ටික අපේ අහිංසක සත්තු දෙන්නව බයිට් එකට ගන්න ඇති කියලා.
බයිට






කළු තාරාව මේ වගේමයි 
සතියක් විතර යද්දී ඉතුරු වෙච්ච අනිත් දෙන්න එක පවුලක් වුනා,මං හිතන්නේ උන් දෙන්නා බැන්දා. පාත්ත ගැහැණු සතා අර ස්වීට් තාරවගේ බිරිද වුනා.ඊට පස්සේ ගෙනාපු කුකුලන්ට තාරා පිරිමි සතාගේ හයිය අරන්ද මන්දා පාත්ත ගැහැණු සතාත් හරි චන්ඩියෙක් වුනා ඌ කුකුලන්ට කොටනවා ලගට ආවොත්.කොහොම කොහොම හරි අන්තිමට මේ නව යුවල තමන්ගේ පරණ සැමියා හා බිරිද අමතක කරලා බොහොම සතුටෙන්ගොඩාක් කල් අපේ ගෙදර කාලය ගත කළා බිත්තරත් දැම්මා.ඒවා රැක්කුවේ නැති හින්දා බලාගන්න බැරි වුනා තාරා පැටව්ද හිටියේ පාත්ත පැටව්ද කියලා ඒත් තාරාවගේ හැටි මං දන්නවනේ.

38 comments:

  1. අඩේ මාරයිනෙ බන්.. එහෙම තාරාවොයි, පාත්තොයොයි එක වහලක් යටට වෙනවද ?

    පවු වැඩේ බන් අනිත් දෙන්නා.. මහ අසමජ්ජාති මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔව්
      දෙවෙනි එකට උත්තරේ උන්ට නම් හෙන ගහලත් මදි මචන්

      Delete
  2. ලස්සනට පන පිටින් ඉන්න අහිංසක සත්තු, ඇවිදින මස් ගොඩක් වගේ පේන සම-හරක් උන්දැල ගැන නම් කතාකරල වැඩක් නෑ...
    සත්තු ඇති කරන්න මගේ නම් කැමැත්තක් නෑ.. උනුත් ඉන්න තැනක අපි වගේ නිදහසේ සිටිය යුතුයි කියලයි මම නම් හිතන්නෙ. ඔයා සත්තුන්ගෙ චර්යා නිරීක්‍ෂණය කරන්න හරි දක්‍ෂයි වගේ.

    ReplyDelete
    Replies
    1. උන්ට නිදහසේ ඉන්න දුන්නොත් නම් දවසකට වඩා ඉන්න එකක් නැහැ සහෝ අපේම මිනිස්සු නිසා. :)

      Delete
  3. දුක තමා රංජනි බන්..:(

    ReplyDelete
  4. දුක තමා රංජනි බන්..:(

    ReplyDelete
    Replies
    1. අඩේ නයන උබත් දැන් මේ පැත්තේ එනවද?
      සතුටුයි මචෝ!

      Delete
  5. අනේ පවු....
    පෝස්ට් එකේ title එක දැක්කාම මාව කැරකිලා ගියා වගේ හි හි...

    ReplyDelete
    Replies
    1. හිහි මේ ඉන්නේ තව තාරා කෙනෙක්

      Delete
  6. මරු ඕයි මාත් තාරාවො හැදුවා,,, උන් දෙන්න ලොකු උනාට පස්සෙ මම උදේ ඉස්කෝලෙ යද්දි මගෙ පස්සෙන් බස් එක ලගට එනවා.. හවසටත් බස් එක ලඟට ඇවිත් ඉන්නවා... හෙන සිරා .. පිරිමි සතා උබ කියපු හැඩ රුවමයි ගෑනු සතා සුදුයි..

    කොහේ හිටියත් කලු කියල දෙපාර කතාකරද්දි පිරිමි සතා දුවගෙන එනවා.. මාර සිරා තඩි පස්ස වන වන පිහාටු ගගහ දුවගෙන එන්නෙ..... ගෑනු සතානම් එන්නෙ නෑ ,,, ඒකිගෙ හෙන ගැට්ට

    ReplyDelete
    Replies
    1. ගෑනුන්ගේ කොහොමත් ගණන්නේ බන් ගණන් ගන්න එපා.පිරිමි එවුන් එල නේද?.

      Delete
  7. අපේ මාමලගෙ ගෙදර උන්න තාරාවොයි පාත්තයොයි දෙගොල්ලොම...කිකිලියන්ට දීලා තමා එයාලත් තාර බිත්තර රක්කන්නෙ..ඒ කාලෙ චූටි තාරපැටව් ගොඩාක් උන්න කහම කහ පාටයි..වත්ත පහල තිබ්බ පොකුනට එක්කගෙන යනව අපි එයාලව..පීපී..පීපී..පීපී කිය කිය අපි යනකොට එයාල පස්සෙන් එනවා....පාත්තයො නම් මහ වස ජාතිය එලව එලව කොටනවා...

    ඉතින් මොකෝ උනේ..? අර නැති උන දෙන්න ගැන ආරංචියක් හමු උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පැටව් කාලේ කහ පාටයි තමා උන් ලොකු වෙද්දී සුදු පාට වෙනවා.නැහැ නැතිවෙච්ච උන් දෙන්නා අරුන්ගේ බඩට යන්න ඇති සහෝදරි.

      Delete
  8. අනිත් දෙන්න ගැන දුකයි මලයා.. එහෙම මිනිස්සුත් අපි අතරේ ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් දුකයි අයියා :(

      Delete
  9. ඒ මටත් තාරාවො හදන්න හිතුනා බං... ඉදහන්කෝ මාත් ගන්නවා තාරා ජෝඩුවක් :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හදපන් හදපන් හැබැයි හොදට බලපන් උන්ට හරියට වතුර ඕන.
      රාජ සම්පත් කොහෙන්ද බන් අපිට ඒවා ඔක්කොම හාරලානේ :)

      Delete
  10. එක බිත්තරයක්වත් රක්කන් නැතූව උඹ පෙරේතකමට ඔක්කොම. තම්බගෙන කැවානේ.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ සහෝ තාර බිත්තර පොඩි අයගේ පපුවට හොදයි කියලා ඉස්සර ගැහැනු අය එනවා බිත්තර ගෙනියන්න.අපේ අම්මා අහල පහල උන්ට නම් නිකනුත් දීලා තියෙනවා.උන් කුකුල්ලු වගේ දවස ගානේ බිත්තර දන්නේ නැහැ.

      Delete
  11. පව් අප්පා මිනිස්සුන්ගේ අසමජ්ජතිකම් තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. උබලා වගේ අලුගෝසුවෝ තමා ඉතින් :D

      Delete
  12. අනේ පව් අහින්සක සත්තු...තනිවුන දෙන්නගෙ කතාව් හරිම පුදුමයි....
    අනුන් කාලයක් ආදරයෙන් හදන සත්තු, තමන්ගෙ ආහාරය කියලා හිතන ජාතියේ සමහරු ඉන්නවා ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත තමා අක්කා
      සමහර ඔය වගේ වැඩ කරන්නේ ආතල් එකට

      Delete
  13. මොකුත් කියන්නෑ අයියෝ........:/

    ReplyDelete
    Replies
    1. මං තරා නැහැ නංගෝ

      Delete
  14. තරවයි පාත්ත ගැනු සතාගෙයි අනියම් සම්බන්දයක් තිබිලා එක අහුවෙලා අනිත් දෙන්නා සිය දිවි නසාගත්තා වෙන්න බැරිද? :p

    ReplyDelete
    Replies
    1. එහෙම වුනා නම් උන්ගේ ඩෙඩ් බොඩි හම්බෙන්න එපැයි බන් :D උබටත් මාර අදහස් තමා හිතෙන්නේ

      Delete
  15. අරවගේ එවුන් නං උල තියන්න ඕන.
    මාත් හදනව චන්ඩි තාරාවෙක්. ඊට පස්සෙ ගහනව "තාරාවන්ගෙන් ප්‍රවේශම් වෙන්න" කියල.

    ReplyDelete
    Replies
    1. එල ඊට පස්සේ ඌ ගැනත් ලිපියක් දාපන්කෝ :)

      Delete
    2. @රාජ් අන්න අදහස මමත් හදනවා අපේ වැවත් ළඟ !!!

      Delete
  16. බීපු සෙට් එකටනම් හෙන ගහනවා. කැත වැඩේ. හරියට කියල වගේ දෙපැත්තෙන්ම දෙන්නා ගානේ මිස් වෙලා. අන්තිමට ජෝඩුවක්ම ඉතුරු වෙලා.



    අයි බන් කමෙන්ට් දානකොටයි කතාව කියවනකොටයි මේ බ්ලොග් ඒක සෙපරේට් ටැබ් වල ඕපන් වෙන්නේ. ?

    ReplyDelete
    Replies
    1. නැහැ මචන් කියවනකොටයි කොමන්ට් කරනකොටයි නෙමේ එහෙම වෙන්නේ.එහෙම වෙන්නේ ලින්ක් එකක් ක්ලික් කරනකොට විතරයි මං එහෙම කෝඩින් පාරක් දාලා තියෙන්නේ.

      Delete
  17. නිශාන්, පොල්පිත්තක් හේත්තු කරලා පණ පිටින් ඉන්න හරකාගෙ කකුල කපාගෙන අරන් ගිහින් බයිට් හදාගෙන කන උපාසක මහත්තුරු ඉන්න පුණ්‍ය භූමියෙ...
    ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද...?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ආහ් එහෙමත් කතාවක් තියෙනවද සර්?හම්මෝ මාර මිනිස්සුනේ මේ රටේ ඉන්නේ

      Delete
  18. Replies
    1. ඔව් බන් ඒත් අපි මොනා කරන්නද මේ පව්කාරයන්ගේ වැඩවලට
      ??

      Delete
  19. සමා වෙන්න ඕනි,., මා තාරවන්ට වඩා හොදින් කුකුලන් ගැන දනිමී,.,., හෙහ් හෙහ්,., හැබැයි ඉතින් අලුන් දෙන්න මහ අසමජ්ජාති වැඩේ කලේ ඈ,., දුකයි ඉතින්,.,

    ReplyDelete
  20. කවුද මාව යාලුවෙක් ලරගන්න කැමති?

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!