Sunday, July 01, 2012

65 තරුණියකගේ සංවේදී සිතුවිල්ලක් මම විසින් බොඳ කරා!

දිනුෂි පුරහල අසලින් බසයට නැග්ගේ යායුතු ගමනාන්තයෙන් බැසිය යුතු නිසාවෙනි.බසයට නැග ගත් ඇය අසුන් දෙස බැලුවේ අසුන් ගැනීමට හිස් වූ අසුනක් ඇද්දැයි සොයමින් එහෙත් අවාසනාවකට හිස් වූ එකදු අසුනක්වත් බසයේ නොමැති විය එහෙත් ඇයගේ ඇස් නතර වුන තැනක් විය එනම් මැදිවියේ කාන්තාවක් හා ඇය අසලින් වාඩි වී සිටි තරුණයා ඇයගේ පුතු යැයි සිතිය හැක.එහෙත් දිනුෂිගේ ඇස් නතර වීමට හේතුව වූයේ එය නොව එම තරුණයා අත වූ වෝකින් ස්ටික් එකය.




දිනුෂිගේ සිතේ මහත් අනුකම්පාවක් පිරෙන්නට විය 
අනේ පව් ඒ මල්ලි 
සමහර විට ආමි එකේ කොල්ලෙක් වෙන්න ඇති
ඔව් ඒ කොල්ලගේ පෙනුම නම් ආමි එකට තමා ගැලපෙන්නේ.
අපේ රට වෙනුවෙන් යුද්දේ කරලා මොකක් හරි වෙලා වෙන්න ඇති මේ වෝකින් ස්ටික් එකක් තියෙන්නේ.
පව් කකුලක් කපලද දන්නේ නැහැ 
ඇයි දෙයියනේ අහිංසක මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ?
බලන්න ඒ තරුණ ජීවිතයක් නේද?
ඒ මූනේ තියෙන අහිංසක පාට යට මොන තරම් දුකක් ඇද්ද

දහසක් සිතුවිලි එම තරුණයා දෙස බලා දිනුෂි සිතන්නට ගත්තා ය.ඒ අතර බොරු කකුලක්ද දමා සිටින්නේ යැයි ඇය උවමනාවෙන් සොයා බැලිය.එහෙත් ඩෙනිම් කලිසම සපත්තු දෙක දක්වා දික් වීමෙන් කිසිවක් දැකගත නොහැකි විය.ඇයගේ සුපරික්ෂාකාරී බැල්ම එම තරුණයාද දුටුවා.තමාගේ සුපරික්ෂාකාරී බැල්ම ඔහු දුටු බව දිනුෂි ද දැනගත්තා 

එහෙත් ඇය සිතෙන් සිතමින් 
ඒ මල්ලි දැක්කා මං එයා දිහා බලනවා කෝකටත් වැඩිය බලන්න හොඳ නැහැ නැත්තම් එයා හිතාවි මම එයා දිහා අනුකම්පාවෙන් බලනවා කියලා 
ඔව් ගොඩක් ආබාධිත ආමි කොල්ලෝ කැමති නැහැ ඔවුන් දෙස අනුකම්පාවෙන් බලනවට

එලෙස සිතුවත් ඇය නැවත හොරෙන් මෙන් එම තරුණයා දෙස බැලුවේය ඔහු මවත් සමඟ විටින් විට කතා කරන දේවල් වැඩිය පැහැදිලි නැත.එහෙත් දිනුෂි උවමනාවෙන් කතාවට ඇහුම් කන් දෙන්න උත්සහ ගත්තේ ය.

කොල්ලු පිටිය හන්දියෙන් බස් රථය නැවතුවේ බසින අයට බැහැගන්නත් නගින අයට නැගගන්නත්ය එවිට අර තරුණයා අසල සිටි කාන්තාවද නැගිට්ටේ ය ඇය නැගිට අර තරුණයා අත වූ වෝකින් ස්ටිකය ඇයගේ අතට ගෙන ඇය බසයෙන් බහින්නට විය ඇය අසල සිටි තරුණයාද ඇයව අල්ලාගෙන බසයෙන් බැස්සාය.

දිනුෂිගේ සිතේ මැවුනා වූ සියල්ල වැරදුනේ ය වෝකින් ස්ටිකය තරුණයාගේ නොව ඔහුගේ මවගේ ය.

                                                                   -නිර්මාණයක් පමණි
________________________________________________
ප/ලි 
මෙම නිර්මාණයට පාදක වූයේ මම සහ මගේ මව ඇස් වාට්ටුවේ සිට කොල්ලුපිටිය බලා යන අතර අතරමඟදී නැග ගත් තරුණියක් සැරින් සැරේ මගේ මවගේ වෝකින් ස්ටිකය රැගෙන සිටි මා දෙස කිහිප වරක්ම ඉතා උනන්දුවෙන් බැලීම නිසා ය.

එම තරුණිය මා හට මල්ලි යනුවෙන් සිතු බව  මා සිතුවේ  බොහෝ තරුණියන් මාව දුටු සැනින් මට මල්ලි කීම නිසා බවද සලකන්න එහෙත් ඇය එවෙලේ මා දෙස බලා වෙන යම් දෙයක් සිතුවාද යන්න මා නොදනී.ඇයගේ නම සැබෑවටම දිනුෂි නොවන අතර  එය මා විසින් උපකල්පනය කර පරිකල්පනය වී යෙදවුවක් බවද සලකන්න.සැබෑ නම මාද නොදන්නෙමි.

මාගේ මවගේ පාදයේ ආබාදයක් හේතුවෙන් ඇය වෝකින් ස්ටිකයක් දුර ගමන් වලදී භාවිතා කරන බවද සලකන්න!



65 comments:

  1. ලස්සන කථාවක් අස්සෙ උබ නිකන් පොර වෙන්න හදල නේද... අහින්සක මූන.. හමුදා පෙනුම.... එල එල.. කවුරුත් නොකියන එකේ උබම කියාගනින්

    කථාව ලියල තියෙන විදිය මරු ඈ

    ReplyDelete
    Replies
    1. වැදගත්ම දේ අහන්න බැරි උනා.. අම්මට මොකද මචන් උනේ.. මොකද්ද කකුලෙ ආබාදය

      Delete
    2. අඩෝ මම කොහොමත් පොර තමයි බං :D

      ස්ම්මට සුගර් නිසා කකුලේ ඇඟිල්ලක් කැපුවා බං ඒකත් ඩොක්ටර්ස්ලගේ අත්වැරැද්දක් :(

      Delete
    3. පොර වීම සාර්ථකයි :D එල කතාව

      Delete
    4. අනේ නැහැ බං මම පොරක් නෙවේ මම නිකන් කොල්ලෙක්.මට වඩා පොරවල් ඉන්නේ ඕනෑතරම්. :)

      ස්තුතියි මචෝ කමෙන්ටුවට.:)

      Delete
  2. එළ... තමන්ගෙ අත්දැකීමක් අනුන්ගෙ පැත්තෙන් බලපු එක හරි මාරයි.. ඒ කෙල්ල උබට ලයින් එකක් දානවා කියලා නොහිතා ඔහොම දෙයක් හිතුනෙ ඇයි උඹට ?

    ReplyDelete
    Replies
    1. මම ඉතින් අනිත් අය ගැන වැරදියට හිතන්නේ නැහැනේ සහෝ :)

      Delete
  3. අපරාදේ නෙහ් !!!
    දවසක් මටත් ඔහොම සීන් එකක් උනා වැලිසර ගැමුණු කෑම්ප් එක ලඟදි. මතකද මන්දා එක වතාවක් මගේ දනිහ පැන්නා. ඒ දවස්වල කොර ගගහා තමා කොහේ ගියත් ගියේ.

    ඉතින් එදා කෑම්ප් එක ලඟින් බස් එකට නගිනකොට ගෑල්ලමයෙක් මට සීට් එකකුත් දුන්නා.කොණ්ඩෙත් ආමි කට් එක නිසා ආමිකාරයෙක් කියලා හිතුවද මන්දා !!!

    අද මම එක !

    ReplyDelete
    Replies
    1. හෑ මම දන්නා කියන ප්ලේස් එකක් නොවැ ඔය.මම ස්වීමින් ඉගෙන ගත්තේ ඕකේ තමා.
      අයියෝ එක නෙවේ තුන :(

      Delete
    2. මටත් පුස්නේ අහන්ඩ බැරි උනා.
      අම්මට මොකෑ උනේ මලේ ???

      Delete
    3. ඔන්න උඩින් දැම්මා අයියේ..

      Delete
  4. අන්න හරි.. කෙල්ලෙක්ට කොකා පෙන්නලා. කොහොම වුනත් නියමයි. හොඳට ලියලා.

    ReplyDelete
    Replies
    1. කොකා පෙන්නලා? හැබෑට මම එහෙම කරලද? :)

      ලියමන ගැන සඳහන් කරාට ස්තුතියි සහෝ :)

      Delete
  5. ඇත්තට ඉතින් හිතක කොච්චර දේවල් නම් හිතෙනවා ඇත්ද...එ දිනුශි මොනා හිතුවද ඔයා දැන ඔයාගේ මතේ හිතලා ලියලා...එයා වෙනම දෙයක් හිතුවද දන්නෙත් නැ..එයා අදුරන කෙනෙක් හිටියාද දන් නැනේ ඔයා වගේ..ඔය වගේ නානාප්‍රකාර දේවල්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න පැහැදිලි ඊරිසියාව :D

      Delete
  6. හොඳට ලියලා තියෙනවා....
    ඔය වගේ වලිගෙ පාගාගැනීම් කොච්චරනම් වෙනවද මිනිස්සුන්ට......?

    ReplyDelete
    Replies
    1. හෆොයි මටත් ඔය වගේ ඒවා වෙනවා :)

      Delete
  7. කෙල්ලන්ගේ අනුකම්පාව දිනාගන්න කොල්ලෝ මෙහෙම ජාතිත් කරනවලු නේ :D

    ReplyDelete
    Replies
    1. අපෝ මමනම් එහෙම කරේ නැහැ බං

      Delete
  8. මුලින්ම ආදරනීය අම්මට ඉක්මන සුව,.,ප්‍රාර්ථනා කරනවා ,., එල අයි‍යේ කතාවා,.,ඇත්තටම ඔය පෙනුමද අයියට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බෙහෙවින් ස්තුත්යි මලේ.
      ඔව් ඇත්තටම එහෙම පෙනුමක් තමා තියෙන්නේ :)

      Delete
  9. මවට ඉක්මන් සුවය...! හ්ම්ම්ම් එතකොට ඔය වගේ ඇබැද්දි වලින් බේරුනහැකිනෙ !

    ReplyDelete
  10. කණගාටුයි මල්ලි, ඔයාලගෙ අම්මට ඉක්මන්සුව ප්‍රාර්ථනාකරනවා.

    ඔයාට හිතෙන්නෙ නැත්ද කතාව ගලාගෙන යනව ඉක්මන් වැඩියි කියල. ඕක කෙටිකතාවකට හොඳ නිමිත්තක්. තව ටිකක් සිදුවීම ප්‍රාණවත්කරල ලිව්වනම් හොඳයි කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනම් ඇත්ත තමා ඒත් හිතුන දේ වැඩිය ඔපෙ නොදා දැම්මා සහෝ.

      Delete
  11. ෂුවර් එකටම නිෂාන් දිහාද ...බලල තියෙන්නෙ..පොරට එහෙම හිතුනද...?

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මං දිහා තමා බැලුවේ..:)

      Delete
  12. මාතෘකාව දැක්කම හිතුවේ ඇත්ත කතාවක් කියලා....බලද්දි එහෙම්මමත් නෙමේනේ....කොහොම වුනත් ඔයාගේ අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් තමයි අනේ..

      Delete
  13. අම්මට ඉක්මනට සුව වෙන්න කියලා පතනවා.

    අපේ ආච්චිටත් තව පොඩ්ඩෙන් කකුලක් නැති වෙනවා දිය වැඩියාව නිසා.අදුරන ඩොක්ටර් කෙනෙක් කපන්න නොදී ගොඩ දාගත්තා.කෝමාරිකා වලින් තමා ගොඩ දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි අක්කා ප්‍රාර්ථනාවට
      අපේ අම්මගේ තුවාලෙටත් කෝමාරිකා දැම්මා.

      Delete
  14. හි හි .. මගේ තරහ කාරයා.. නැහැ.. :/ මම ඔයාගේ තරහකාරිනේ ..කොහොම උනත් කතාව ලස්සනට ගලපලා හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි ඔය කිව්ව ජාතියේ අයද? හෑ
      ඇයි අපි එහෙම වුනේ?
      හිතාගන්න බැහැ අෆ්ෆා.
      අපි යාලු වෙමුද? :) හ්ම්ම් හ්ම්ම්

      Delete
  15. හොඳට ඇවිදින ලමයි ඉන්න අම්මල තාත්තල සීට් ගන්න ලමයි වඩාගන්නව වගේ.

    ReplyDelete
    Replies
    1. හික්ස් මමනම් එහෙම කරේ නැහැ සහෝ මං වැඩිහිටයෙක් දැක්කොත් අනිවා සීට් එක දෙනවා අම්මා ගැන හිතලා ඒත් කෙල්ලොන්ට නම් සීට් දෙන්න මට බඩේ අමාරුව නැහැ :)

      Delete
  16. ඒ කියන්නෙ නිශාන්ට තියෙන්නෙ ආමි පෙනුමක්...ඒ පෙනුම මොන වගේද දන්නෙ නෑ...

    හි හි හී...සිතුවිල්ලක් කියල ලියල තියෙනවනේ සිතුවිල්ලනම් මරු..නමුත් අම්ම ගැනනම් ගොඩක් දුකයි..දොස්තරල නිසා දුක් විදින්නෙ අහිංසක මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ඒ පෙනුම අන්න අර වගේ අනේ...:D

      හ්ම්ම්ම් දොස්තරලා හරියට බැලුවා නම් මෙහෙම වෙන්නේ නැහැ තමා අක්කා..

      Delete
  17. මිනිස්සු වලිග පාග ගන්න නිසානේ උබට මල්ලි කියන්නෙ හැම එකාම :පී

    අම්මාට මොකද බං? ඉක්මනට හොද වෙයි...

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි බලන් ගියාම හැම එකාම වලිගෙ පාගගෙනනේ :D
      අම්මගේ ඇඟිල්ලක් කපලා බං දැන්නම් හොදයි.

      Delete
  18. හිතාගෙන හිටිපං ආච්චිලත් උඹට මල්ලි කියයි කියලා... :D

    මවුතුමියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. හෑ එහෙම කිව්වොත් නම් මාර සීන් එක බං :D

      ප්‍රාර්ථනාවට ස්තුතියි මචෝ!

      Delete
  19. oya malli kenek kiyala hitanna taram oya echcharatama cutiyda ayye?oyage ammata ikmanatama hoda wenna kiyala prartana karanawa.....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි මම හලීම සූටියි. :)
      ස්තුතියි පැට්ටෝ ප්‍රාර්ථනාවට

      Delete
  20. ලස්සනයි කතාව...:)

    ඔයාගෙ අම්මාට නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරි :)

      Delete
  21. "ඒ කොල්ලගේ පෙනුමනම් ආමී එකටම තමා ගැලපෙන්නේ "

    අප්පට සිරි උබ අමී පෙනුමක් තියෙන එකෙක්ද... එහෙනම් දෙන්න එපෑ දෙකක් එදා දීප්ති අක්කගේ අය්යා ගහන වෙලාවේ...

    ලස්සන කතාව...

    ReplyDelete
    Replies
    1. මං එදා ඉවසුවා බං අරු වැඩිහිටියෙක් නිසා :P

      Delete
  22. සමහර විට සැරයටිය තිබුනේ නැත්තම් දිනුෂි කොල්ල දිහා බලන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒත් බලනවා බං අනිවා :)

      Delete
  23. මටත් හිතෙන්නේ ඒකම තමා.. දිනුෂි ලස්සනද මතං?

    ReplyDelete
    Replies
    1. ලස්සනයි මතං
      උඹලත් අහන ඒවා.

      Delete
  24. ඔය කැරකෙන්නෙ සිකුරා.... නේද අපෙ මල්ලී....

    මල්ලි ඔයාගෙ අම්මා ගැන මට ගොඩක් දුකයි....

    ReplyDelete
    Replies
    1. සිකුරා නෙවේ අක්කා දිනුෂි :)

      Delete
  25. මොනවා වුනත් වෙච්ච සිද්ධිය ලස්සනට හිතින් මවාගෙන තියනවා..ඇත්තටම ඔයාට අර කිව්ව පෙනුම තියනවද..?(හේ..හේ..)

    අම්මිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
    Replies
    1. පෙනුම ගැන සැකයි ද? :)

      Delete
  26. හොඳ නිර්මාණයක් නිශාන්.

    නිශාන් මේ පෝස්ට් එකයි කමෙන්ට්සුයි බැලුවගමන් මට මතක් වුනේ අර "ඉන්සියුලින්" පෝස්ට් එක. ඒකත් මගෙ හිත සසල කල එකක්. මොනවා වෙලාද අර ඩොක්ටස්ලට අත් වැ‍රැද්දක් වුනා කිව්වෙ ඇඟිල්ල කපලා දාන්න?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මුලින්ම ස්තුතියි විමසුවාට
      අම්මගේ මහපට ඇඟිල්ලේ තුවාලයක් ආවා.ඒකට බෙහෙත් කරන්න ගියාම මහපට ඇඟිල්ලෙන් බාගයකුයි යටි පතුලයි හූරලා දැම්මා.අන්තිමට උඩ පැත්තෙනුත් හෑරුවා.තව දශම 5ක් හෑරුවා නම් උඩින් බලද්දී යට විනිවිද පේනවා.එහෙම දෙපාරක් තුන්පාරක් ඒගොල්ලෝ හාරලා මහපට ඇඟිල්ලේ මෙහා පැත්තේ ඇඟිල්ලේ ස්නායු කැපිලා ඒ ඇඟිල්ල නරක් වුනා.අන්තිමට ඒ ඇඟිල්ල කපන්න ඕන කිව්වා.

      මහපට ඇඟිල්ලට බෙහෙත් කරන්න ගිහින් දඹරඇඟිල්ල කපාගෙන එන්න වුනා.ඒ ඇවිල්ලත් අර වල වගේ තුවාල හොඳ වෙන්න අම්මා සැහෙන්න කාලයක් දුක් වින්දා.

      Delete
  27. නිරමානය හොදයි.ඔයාටම වෙච්ච් දෙයක් මේ විදියට කතාව හොදට ලියලා තියේනවා.
    අපිටත් ඔය හා සමානව ටිකක් වෙනස් සිද්දි ඔන තරම් වෙලා තියෙනවා නිශාන්.


    ලන්කාවේ එකම සින්හල වෙබ් අඩවි නාමාවලියට ඔයාගේවෙබ් අඩවියත් එකතු කරන්න කියලා අරාදනා කරනවා.
    http://site.myshouter.com

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලියමුකො සහෝදරයා ඒ වගේ සිදුවීම් ටිකක්.

      Delete
  28. හික්...ම්ම්ම මරු කතාව..

    ReplyDelete
  29. හෆෝයි මචෝ... අම්මිට ඉක්මනින්ම සනීප වෙවී... ඉතින් කොල්ලෝ මටත් ඔය ආමි ලුක් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නේදෝ...
    හරිම වටිනවා...ඇත්තටම රට වෙනුවෙන් බොහෝ දේ කැපකරපු විරුවන්ට සලකන අපේ රටේ කෘතගුණදත් මිනිසුන් ගැන අවන්කවම සතුටු වෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ලුක් එක විතරයි බං මං ආමි නෙවේනේ

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!