Wednesday, September 19, 2012

77 මහා ජනතාව අවදියෙන් නිසා රැයෙහි දුටු දේ - හෙළිදරව්ව!

පියාඹන පීරිසි ගැන කතා,පිටසක්වල ජීවින් ගැන කතා අපි පොඩි කාලේ ගොඩක් අහලා තියෙනවා ඒවා විශ්වාස කරලත් තියෙනවා

Saturday, September 15, 2012

106 ගැලවුණු කරාමය !

ඹ තමයි මේක කඩන්න ඇත්තේ,ඒ මදිවට කඩලා ඉවර වෙලා මෙතන නැහැ කියලමයි කියන්නේ

අනේ නැහැ තාත්තේ මම නෙවෙයි ඕක කැඩුවේ මාත් හවස තමයි දැක්කේ කරාමේ කැඩිලා වතුර ගිහින් 

මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ ඕකම තමා තොටත් කියන්න තියෙන්නෙම,තොට මොකද මම එපෑ දවස තිස්සෙම සුක්කානම කරකෝලා කීය හරි හොයන් ඇවිත් ඕවායේ බිල් ගෙවන්නේ.

රියදුරු රස්සාව කරපු පියල් තම බිරිඳ සුජානි වෙනත් මිනිසෙකු සමඟ තවත් දීගෙක ගිය කල

Tuesday, September 04, 2012

94 වල් ඩොක්ටර් 18+

පොඩි වල් කතාවක් තමයි අද ලියන්න යන්නේ ඒක නිසා වල් කතා අරහං කට්ටිය මේ පෝස්ටුව නොකියවා ඉන්නවා නම් හොඳයි.

Saturday, September 01, 2012

70 යෝධයාගේ උයන!

යෝධයාගේ උයනේ කතාව දන්නවා ඇතිනේ?.මේ ලඟකදී තරියාගේ කෙරුවාවෙත් ලියවිලා තිබ්බා පෙර කතාව එහෙත් අද කාලේට  වඩාත් උචිත යෝධයාගේ උයන වනුයේ දැන් මල් හැලි තණකොළ ගසක් දෙකක් පමණක් සහ ලොකුවට යෝධයාගේ නම සමඟ බෝඩ් කෑල්ලක් ඇති

Monday, August 27, 2012

අහුපෑවත!

මමත් බැට් එක අරන් පිට්ටනියට බැස්සා හැබැයි කව්රුත් මං දිහා බැලුවේ නැහැ.හිමිට තට්ටුව දදා එක ලකුණ එක ලකුණ ගත්තා.බොහෝම හිමිට ගහපු නිසා එකෙක් දෙන්නෙක් වගේ මං දිහා බොහෝම කම්මැලි කමෙන් බලන් හිටියා.සමහරු නැගිටලා ගියා මාත් ඔහේ තට්ටු දදා එක එක ලකුණ වැඩි කරා හැබැයි බලන කට්ටියට පට්ට බෝරිං කියලා මට තේරුණා.

Thursday, August 23, 2012

119 මඩිස්ස + මඩිස්සලේ නිශාන් = ?????


මඩිස්ස කියන්නේ මටමයි මමයි මඩිස්සයි එකක්.මේකේ මට හිතුන දේවල්,මට වුන දේවල් අනන්තවත් ලියවිලා ඇති.ඒත් මේක පීරපු එකෙක්ට මගේ ජීවිතය ගැන
යම් හෝඩුවාවක් හරි අස්සක මුල්ලක තියෙන්න එපැයි.අද මම ලියන්න යන්නේ මගේම කතාවෙන් කොටසක් ඒත් මට මේක හරියට ගලපගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ
මේ ලිපියට මට හිට්ස් ලැබුනත් එකයි නොලැබුනත් එකයි කොමන්ට්ස් වැටුනත් එකයි නොවැටුනත් එකයි මොකද මේක මගේ ජීවිත කතාව.අග මුල මාරු වෙච්ච තැනුත් ඇති.තව දුරටත් කියවනවා නම්
කැමති නම් විතරක් කියවන්න මොකද මේක හැමෝටම මෙලෝ රහක් නැති ලිපියක් වෙන්න පුළුවන්.

Wednesday, August 22, 2012

73 පලපු ගෙඩිය

කට්ටියට මතකද දන්නේ නැහැ මම කලින් ඇස් වාට්ටු සීරියස් එකක් ලිව්වා.
තරුණියකගේ සංවේදී සිතුවිල්ලක් මම විසින් බොඳ කරා!
සහ
පෝලිමේ හිටිය මොඩ් අක්කලා දෙන්නා!
යන පෝස්ට් දෙක.මේ දෙකට හොඳ ප්‍රතිචාර ලැබුනා ඒත් එක්කම මම කට්ටියට කිව්වා මගේ ඇහේ නගනයක් ඇවිත් ඔපරේෂන් කරන්න වෙනවා කියලා.ඉස්සෙල්ලා පාර ක්‍රීම් එකක් දුන්නා ගාන්න කියලා හරිගියේ නැත්තම් එන්න කිව්වා නගනේ වගේ තියෙන ගෙඩිය පළමු කියලා.ක්‍රීම් එක ගාලා බැලුවා බැලුවා හරිගියේ නැහැ.

ඒක නිසා ඊයේ ආයෙත් ගියා මේක පලාගෙන හරි ඉවරයක්‌ කරනවා කියලා.ඒත් ඉතින් අර පරණ පෝස්ට් කියවපු කට්ටියට මතක ඇතිනේ මම ඔය පලන එව්වට බය නැහැ කියලා?.අන්න ඒක නිසා සති දෙකක් බලලා එන්න කිව්වත් මම මාසයක්ම බලලා තවත් මාසයකුත් බලලා අඩුවෙන්නෙම නැති නිසා තමා ගියේ.