මේ ලඟකදී පැලියගොඩ අලුත් පාලම රවුන්ඩ් අබවුට්(ඇනෝනිමස් නිවැරදි කරන ලදී) එක ලඟදි උදේ ට්‍රැෆික් එකට මං ගමනක් යද්දී අහුවුණා.කලර් ලයිට්ස් වලින් කිරිබත්ගොඩ පැත්තට එන වාහන නවත්වලා දෙමටගොඩ පැත්තට යන අපිත් හිර වෙලා.මේ අතරේ ට්‍රැෆික් එකට අහුවෙලා තිබ්බ සිමෙන්ති උර දෙසීයක් පමණ පටවපු ලොරියකුත් තිබුනා.
අලුතෙන් හදන අධිවේගේ පැත්තේ ඉඳන් එකෙක් දුවන් ආවා සිමෙන්ති ලොරියෙන් සිමෙන්ති බෑග් දෙකක් කිහිලි දෙකට ගත්තා පාර පැන්නා දිව්වා.හිතාගන්නවත් වෙලාවක් නැහැ.යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන් ඒත් මේ යකා උර දෙකක්ම අරගෙන දිව්වේ නිකන් උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේනේ.
පෙනුමෙන් නම් තනිකර කුඩු ඩයල් එකක් අනික ඔය හරියේ කුඩු කාරයෝ නැත්තම් තමයි පුදුම.කුඩු ගහන අයට ඔච්චර පවර් එකක් කොහෙන්ද?.ගොඩක් කුඩු කාරයෝ හොරකම් කරලා දුවද්දී පොලිසියේ අයට බැරුව යනවා පස්සෙන් එලවන්න.කුඩු කාරයෝ ඒ තරම් ස්පීඩ්.තාප්ප,බැමි,වැටවල් ඔය මොකක් තිබ්බත් ඕවා උඩින් පැනලා,අස්සෙන් රිංගලා යන එක කුඩු කාරයන්ට හරි සිම්පල් වැඩක්.
අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කුඩු කාරයෝ දෙතුන් දෙනෙක්.අපේ මාමා කෙනෙක් ගෙයක් හදන වැඩකට අල්ලාගෙන තිබ්බ බාසුන්නහෙත් කුඩු කාරයෙක්.මිනිහට වයස තිහක් විතර ඇති වැඩ නම් තිතටම නීට්.වෙලාවකට අලස කමින් වැඩ කරගෙන යද්දී මහත්තයා මන් ටාර් ගාලා එන්නම් කියලා මාරුවෙන මිනිහා පැය බාගෙකට විතර පස්සේ එනවා ඇවිත් පුක කැඩුන කඩියා වගේ වැඩ.
කුඩු කාරයන්ගේ ක්‍රියාශීලී කම ගැන හිතද්දී මට අදහස් කිහිපයක් හිතට ආවා.රටේ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් කම්කරුවන් ගෙන්වනවට වඩා කුඩු පැකට් එකක් දීලා කුඩු කාරයෙක් වැඩට ගත්තා නම් අධිවේග,කාණු පද්ධති,පාරවල් හැදීම් වගේ දේවල් සුටුස් ගාලා සිද්ද වෙයි.එතකොට රටේ රැකියා හිඟය පියවෙනවා.ටවුන් වල කාණු වගේ නෙවේ ගම්වල කාණු ඒවා ටික දවසකින් පස් පිරිලා හිරවෙනවා.තමන්ගේ ගේ ඉස්සරහ කාණුවවත් සුද්ද කරන්න අපේ රටේ මිනිස්සු කම්මැලියි ඉතින් කානු හිරවෙලා වැස්සට පාරවල් යට වෙනවා.අන්න ඔය වගේ දේවල් වලදී කුඩු කාරයෝ වැඩට යොදාගත්තා නම් වැස්ස කාලෙට සිරිලක හරි ලස්සනට තියෙයි.
දුම්රිය හරස් මාර්ගවලදී රේල් ගේට්ටු නැතුව මිනිස්සු කෝච්චියට හැප්පිලා මැරෙනවා මිනිස්සු උද්ඝෝසන කරනවා සල්ලි බර ගානක් වියදම් කරලා ඔන්න හදනවා රේල් ගේට්ටු.එත් ගමේ කුඩු කාරයන්ව ඔය තැන් වලට යෙදෙව්වා නම් මිනිස්සු මැරෙන්නෙත් නැහැ උද්ඝෝසනත් නැහැ සල්ල්ත් ඉතුරුයි.
ඔවුන්ට නිල ඇඳුම් දීලා කොටුව දුම්රිය පල,බස් ස්ටෑන්ඩ් එක,පොදු වැසිකිලි,රෝහල් වගේ දේවල් පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් එතකොට අපේ රට කොච්චර ලස්සන වෙයිද?.දියුණු වෙයිද?
බඩු පොට් නීතිගත කරනවට වඩා කුඩු පොට් නීතිගත කිරීම වැදගත් නැද්ද?.

මේ රටේ කුඩු පොත නීතිගත කීරීම සඳහා මිනිස්සු දෙන්නෙක් මහන්සි වුනා ඒත් උන් දෙන්නගේ අසමගිය නිසා දෙන්නා ගහගෙන එකෙක් මලා අනිකාට දැන් මතකේ නැහැ.ඔය වගේ තවත් උත්තමයන් කිහිප දෙනෙක් අප අතරේ ඉන්නවා.මේ පිලිබඳව ජනාධිපතිවරයා වහා ක්‍රියා මාර්ග ගත යුතුයි.කුඩු පිලිබඳව අමාත්‍යවරයෙක් පත් කල යුතුයි.
- රැකියා අහිමි උපාධිධාරීන් හට කුඩු ලබා දී රැකියා ලබා දිය යුතුයි!
- කුඩු කාරයන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි!
- ඔවුන්ට ගරු කල යුතුයි!
- රැකියා ලබා දී,නිළ ඇඳුම්,ලෙඩ නිවාඩු,නිවාස ණය,අතිකාල දීමනා,බෝනස් හා විශ්‍රාමික වැටුප් ලබාදිය යුතුයි!
- මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්ෂම කල යුතුයි!
- ලිපි කරුවා,වගා කරුවා,පොලිස් කාරයා,මාළු කාරයා,කිරි කාරයා වගේ කුඩු කාරයාවත් සමාජ ගත කල යුතුයි!
මේ සඳහා ඔබේ මත විමසුමද දැනගැනීමට කැමැත්තෙමි.